Untitled Document




~ සුවහස් විදු ජාලය ~

දිය වැඩියා ශබ්දකෝෂය / Diabetic Dictionary

නිර්මාණය: විද්‍යා ව්‍යාප්ති අංශය - මූලික අධ්‍යන ආයතනය මහනුවර
Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

 A

[Ac]  [Ad] [Ag] [Al]  [Am]  [An] [Ap] [ As]  [At]  [ Au ]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAc

a1c
පුද්ගලයෙකුගේ පසුගිය මාස 2, 3 හිදී සාමාන්‍ය රුධිර ග්ලූකේස් මට්ටම මනිනු ලබන පරීක්ෂාවකි. මෙම පරීක්ෂාවේදී පෙන්වන්නේ රතු රුධිර සෛල වලට බැඳුනු ග්ලූකෝස් ප්‍රමාණයය. මෙය රුධිරයේ අඩංගු ග්ලූකෝස් ප්‍රමාණයට සමානුපාතික වේ.

acanthosis nigricans (uh-kan-tho-sis nih-grih-kans)
තද පැහැති ලප ඇති වන සමේ රෝගී තත්වයකි. අග්න්‍යාශයෙන් ස්‍රාවය කෙරෙන ඉන්සියුලින් හි ක්‍රියාකාරීත්වය හරි හැටි ඉටු නොවන බොහෝ පුද්ගලයන්ගේ බොහේ විට මෙම තත්වය ඇති වේ. එලෙසම පුර්ව දියවැඩියාව හා දියවැඩියාව වර්ග 2 රෝගීන්ගේද මෙම ලප දැකිය හැක.

acarbose (ak-er-bose)
දියවැඩියාව 2 වැනි වර්ගය සඳහා මුඛයෙන් ගන්නා ඖෂධයකි. මෙමඟින් පිෂ්ඨය ජීර්ණය කරන එන්සයිම වල ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. ඒ නිසා දිනය පුරාම රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහලයාම අඩු වේ. විශේෂයෙන් ආහාර වේලකට පසු මෙය සිදු වේ. මෙය ග්ලූකෝස් නිශේධකයකි.

ace inhibitor (angiotensin converting enzyme)
රුධිර පීඩනය අඩු කිරීමට මුඛයෙන් ගන්නා ඖෂධයකි. දියවැඩියාව ඇති රෝගීන්,විශේෂයෙන්ම මුත්‍රා වල ඇල්බියුමින් ඇති රෝගීන් හට, වකුගඩු වලට සිදුවන හානිය අවම කිරීම සඳහා මෙය වැදගත් වේ.

acesulfame potassium (a-see-sul-fame puh-tas-ee-um)
ශක්තියක් හෝ පෝෂණයක් නැති ආහාර රස කාරකයකි.

acetohexamide (a-see-toh-heX-uh-myde)
දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා දෙනු ලබන මුඛයෙන් ගන්නා ඖෂධයකි. මෙය රුධිර සීනි මට්ටම අඩු කර අග්න්‍යාශයට වැඩිපුර ඉන්සියුලින් නිපදවීමට ඉඩ සලස්වයි. මේ නිසා ශරීරය තමා නිෂ්පාදනය කරන ඉන්සියුලින් වඩා ඵලදායී ලෙස භාවිතා කරයි. Sulfonylureas යන ඖෂධ කාණ්ඩයට ඇතුලත් වේ.

acute
මෙයින් විස්තර කරන්නේ ක්ෂණිකව කෙටි කාලයකට සීමාවුනු දෙයක් පිළිබඳවයි. මෙය නිදන්ගත යන්නෙහි විරුද්ධ පදයයි.


Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAd

adhesive capsulitis
දියවැඩියාව නිසා උරහිසේ ඇතිවන වේදනාව හෝ උරහිස කිසිම දිශාවකට චලනය කිරීමට නොහැකිවීමේ තත්වයයි.

adult-onset diabetes
දෙවැනි දියවැඩියා වර්ගය හඳුන්වන නමකි.

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAg

ages (a-g-eeZ)- advanced glycosylation end products
ග්ලූකෝස් ප්‍රෝටීන් සමඟ බැඳුනු විට මේවා නිපදවේ. මේවා රුධිර වාහිනී වලට හානි කරන අතර මෙය දියවැඩියාවේ සංකූලතාවයක් ඇති කිරීමට හේතු වේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAl

albuminuria (al-boyoo-mih-noo-ree-uh)
මුත්‍රා වල සාමාන්‍ය තත්වයට වඩා ඇල්බියුමින් නැමැති ප්‍රෝටීනය තිබීමේ තත්වය මෙසේ හඳුන්වයි. මෙය වකුගඩු රෝගයක් වන Nephropathy හිදී දක්නට ලැබෙන ලක්ෂණයකි.

alpha cell
අග්න්‍යාශයේ ඇති සෛල විශේෂයකි. මෙම සෛල ග්ලූකොජන් නැමැති හෝමෝනය නිපදවා මුදා හරී. ශරීරයේ රුධිර සීනි මට්ටම ඉතා අඩු වු විට මොළය විසින් ඇල්ෆා සෛල වලට ග්ලූකොජන් හෝර්මෝනය නිපදවන ලෙසට පණිවිඩයක් එවනු ලබයි. මෙහිදී නිපදවෙන ග්ලූකොජන් අක්මාවට පැමිණ රුධිරයට ග්ලූකෝස් මුදා හැරීමට අවශ්‍ය පසුබිම සකසයි.

alpha-glucosidase inhibitor (al-fa-gloo-koh-sih-days)
මෙය දෙවෙනි වර්ගයේ දියවැඩියා රෝගීන්ට දෙනු ලබන මුඛයෙන් ගන්නා ඖෂධයකි. පිෂ්ඨමය ආහාර ජීර්ණය කරන එන්සයිමයේ ක්‍රියාකාරීත්වය නැවතීමට භාවිතා කරන නිශේධකයකි. මෙමඟින් රුධිරයේ සීනි මට්ටම ඉහල යාම හා ඉහල යාමේ වේගය අඩු වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAm
amylin (am-ih-lin)
අග්න්‍යාශයේ ඇති බීටා සෛල වලින් නිපදවෙන හෝර්මෝනයකි. ඇමයිලීන් රුධිරයට ග්ලූකෝස් මුදාහැරීම පාලනය කරයි.

amyotropy (a-my-ah-truh-fee)
ස්නායු රෝග ආකාරයකි. මෙහිදී මාංශ පේශීන්ගේ වේදනාවක්, දුර්වල වීමක් හෝ ගෙවීමක් සිදු වේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAn

anemia (uh-nee-mee-uh)
සාමාන්‍ය රුධිරාණු ප්‍රමාණයට වඩා අඩු රුධිරාණු (රුධිර සෛල) ප්‍රමාණයක් ඇති විට දැකිය හැකි තත්වයකි. මෙහිදී ශරීරයේ සෛල වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී යයි.
 angiopathy (an-gee-ah-puh-thee)
රුධිර නාල (ශිරා, ධමනි, කේශනාලිකා) හෝ වසා නාල ආශ්‍රිත සියලුම රෝග.

antibodies (an-ti-bod-eez)
බැක්ටීරියා, වයිරස වැනි බාහිරින් ශරීරයට ඇතුල්වන ද්‍රව්‍ය වලින් ශරීරය ආරක්ෂා කර ගැනීමට නිපදවනු ලබන ප්‍රෝටීන වර්ගයකි. මේවා ප්‍රතිදේහ ලෙස හඳුන්වයි. සමහර පුද්ගලයන්ගේ ශරීරයෙහි නිපදවෙන ප්‍රතිදේහ මඟින් ඉන්සියුලින් නිපදවන බීටා සෛල විනාශ කරයි. එවිට ඔවුන්ට පළමු වර්ගයේ දියවැඩියාව ඇති වේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAr

arb (angiotensin receptor blocker)
රුධිර පීඩනය අඩු කිරීමට දෙන මුඛයෙන් ගන්නා ඖෂධ වර්ගයකි.

arteriosclerosis (ar-teer-ee-oh-skluh-ro-sis)
ධමනි වල ඝනවීම.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAs

aspart insulin
ක්ෂණිකව ක්‍රියාකරන ඉන්සියුලින්. මෙම ඖෂධ අඩංගු එන්නත් දී විනාඩි 10 - 20 ක් ගිය විට රුධිර සීනි මට්ටම පහළ බැසීමට පටන් ගනී. උපරිම ක්‍රියාකාරීත්වය ඇත්තේ එන්නත ලබාගන පැය 1 - 3 ක් අතර කාල සීමාවේදීය. නමුත් මෙහි ක්‍රියාකාරීත්වය පැය 3 - 5 දක්වාම පවතී.

aspartame (ass-per-time)
පෝෂණය හා ශක්ති රහිත ආහාර රසකාරකයකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAt

atherosclerosis (ath-uh-rpw-skluh-ro-sis)
විශාල රුධිර නාල හා මධ්‍ය ප්‍රමාණයේ රුධිර නාල ඇහිරීම, කුඩා වීම හා ඝන වීම. මෙම තත්වය හෘදයාබාධ, අක්ෂි ආබාධ, වකුගඩු ආබාධ හා හදිය ආබාධ (Stroke) ඇති වීමට හේතු වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAu

autoimmune disease (aw-toh-ih-myoon)
ප්‍රතිශක්ති කරන පද්ධතියේ ඇතිවන ආබාධයකි. මෙහිදී ප්‍රතිශක්ති කරන පද්ධතිය ශරීරයේ කොටස් ආගන්තුක ද්‍රව්‍ය ලෙස වරදවා හඳුනාගෙන එම කොටස් විනාශ කරයි.

autoimmuni neuropathy (aw-toh-ih-myoon-ik ne-rop-uh-thee)
මෙය නියුරොපති (ස්නායු රෝග) ආකාරයකි. මෙය පෙනහලු, හෘදය, ආමාශය, අන්ත්‍රය, මුත්‍රාශය හෝ ප්‍රජනේන්ද්‍රිය වලට බලපෑම් ඇති කරයි.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

B

[Ba]     [Be]    [Bi]   [Bl]]][Bo]   [ Br] [ Bu]


Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBa

background retinopathy (reh-tih-nop-uh-thee)
දෘෂ්ටි විතානයට හානි වීමකි. මෙය ඇස් වලින් රුධිරය වහනය වීම, ඇස්වල තරල එකතු වීම සහ රුධිර නාල ප්‍රසාරණය නිසා සිදු විය හැක. මෙම තත්වය දියවැඩියාවේ දීද ඇතිවිය හැක.

basal rate
අඩු මට්ටමකින් වැඩි කාල පරාසයක් ඉන්සියුලින් වෑස්සීම. මෙය ඉන්සියුලින් පොම්පයකට සමාන වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBe

beta cell
ඉන්සියුලින් නිපදවන සෛල වර්ගයයි. මෙම සෛල ඇත්තේ අග්න්‍යාශයේය.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBi

biguanide (by-gawah-nide)
දියවැඩියාව 2 සඳහා ගනු ලබන ඖෂධයකි Metformin (මෙට්ෆෝමින්). මෙමඟින් රුධිර සීනි මට්ටම පහත හෙලනු ලබයි. මෙහිදී සිදුවන්නේ අක්මාවෙන් නිපදවෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීමයි. මෙය ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය හොඳින් ඉටු වීමට උපකාරී වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBl

blood glucose
රුධිර ග්ලූකෝස්: රුධිරයේ ඇති ප්‍රධාන සීනි මේ නමින් හඳුන්වයි. මෙය ශරීරය ශක්තිය නිපදවා ගන්නා ප්‍රධානම ශක්ති ප්‍රභවයයි. මෙය රුධිර සීනි ලෙසද හඳුන්වයි.

blood glucose level
දී ඇති රුධිර ප්‍රමාණයක ඇති ග්ලූකෝස් මට්ටමයි. මෙය සාමාන්‍යයෙන් ඩෙසි ලීටරයක ඇති මිලිග්‍රෑම් වලින් පෙන්වයි.

blood glucose meter
රුධිර සීනි මට්ටම මැන ගැනීම සඳහා භාවිතා කරන, පහසුවෙන් රැගෙන යා හැකි උපකරණයකි. විදින කටුව ආචරණය හම සිදුරු කර ලබා ගන්නා රුධිර බිංදුවක් පරීක්ෂා කූරු මත තබා උපකරණයට ඇතුල් කල විට රුධිර ග්ලූකේස් මට්ටම උපකරණයේ දිස් වේ.

blood glucose monitoring
නියම කාල පරාස වලදී රුධිර සීනි මට්ටම මැනීම. මෙය දියවැඩියා පාලනය කිරීමට වැදගත් වේ. බොහෝ විට මේ සඳහා රුධිර සීනි මට්ටම මනින උපකරණ තමා සතුව තිබීම වඩා පහසු වේ.

blood pressure
රුධිරය මඟින් රුධිර නාල මත ඇති කරන තෙරපුමයි. මෙම පීඩනය ප්‍රකාශ කරන්නේ අනුපාතයක් ලෙසයි. (උදා:- 120/80)

blood urea nitrogen (bun)
රුධිර යුරියා: ප්‍රෝටීන් බිඳ වැටීමේදී සෑදෙන අනවශ්‍ය අතුරු ඵලයකි. වකුගඩු මඟින් යුරියා පෙරා ඉවත් කරයි. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වු විට bun මට්ටම ඉහල යයි.

blood vessels
රුධිර නාල: ශරීරයේ කොටස් වලට රුධිරය ගෙන එන හා ඒවායෙන් රුධිරය ගෙන යන නාල මේ නමින් හැඳින්වේ. ප්‍රධාන රුධිර නාල වර්ග වන්නේ ධමනි, ශිරා හා කේශනාලිකාය.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBo

body mass index (bmi)
ශරීර උසට සාපේක්ෂව පුද්ගලයකුගේ ශරීර බර මැනීමය. මේ මිනුම පුද්ගලයෙක් සාමාන්‍ය බරකින් යුක්තද, බර වැඩිද, බර අඩුද යන්න තීරණය කරයි.

bolus
අපේක්ෂිත ග්ලූකෝස් වැඩි වීමක් සඳහා භාවිත කරන අමතර ඉන්සියුලින් ප්‍රමාණයයි. බොහෝ විට පානයක් හෝ සුළු කෑමක් මෙයින් අදහස් කරයි.

borderline diabetes
දියවැඩියා දෙවැනි වර්ගය සඳහා අතීතයේ භාවිතා කල වචනයකි.

 

 

 
Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBr

brittle diabetes
නිතරම රුධිර ග්ලූකෝස් මට්ටම පහල සිට ඉහල යාමත් ඉහල සිට පහල ඒමත් මෙසේ හඳුන්වයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBu

bunion (bun-yun)
මහපට ඇඟිල්ලේ හන්දියේ ඇති වෙන නෙරීමක් මෙසේ හඳුන්වයි. මෙය සම යට ඇති කෝෂයක ඉදිමීමක් නිසා ඇති වේ. මෙම නෙරුම වේදනාකාරී, රතු හා ආසාදන විය හැක.

 

 

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

C

[Ca]    [Ce]    [Ch]    [Ci]   [Co]   [ Cr]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifCa

c-peptidi: "connecting peotidi"
C-peptidi ප්‍රමාණය පරීක්ෂා කිරීම මඟින් ශරීරය නිපදවන ඉන්සියුලින් ප්‍රමාණ තිරණය කර ගත හැක. අග්න්‍යාශය නිකුත් කරන ද්‍රව්‍යයකි. ඉන්සියුලින් වලට ප්‍රමාණයෙන් සම වන ලෙස නිකුත් කරයි.

callus
පීඩනය හෝ පිරිමැදීම නිසා ගොරෝසු හා ඝන වු පාදයේ සමේ කොටසක්.

calore
ආහාර මඟින් ලබාදෙන ශක්තිය මැනීමේ ඒකකය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය හා ඇල්කොහොල් ආහාරයට ශක්තිය සපයයි.

capillary (kap-ih-lar-ee)
කේශනාලිකා: කුඩාම රුධිර නාල වර්ගයයි. ඔක්සිජන් හා ග්ලූකෝස් මෙම කේශනාලිකා හරහා සෛල වලට ඇතුල් වේ. කාබන්ඩයොක්සයිඩ් වැනි අතුරු ඵල සෛල වල සිට ආපසු රුධිරයට ලැබෙනුයේද මෙම කේශනාලිකා හරහාය.

capsaicin (kap-say-ih-sin)
ගම්මිරිස් වල ඇති සංඝටකයකි. මෙයින් සාදන ආලේපන Diadetic Neuropathy වල වේදනාව සමනය කිරීමට භාවිතා කරයි.

carbohydrate (kar-boh-hy-drate)
ආහාර වල ඇති ප්‍රධාන සංඝටක තුනෙන් එකකි.

cardiologist (kar-dee-ah-luh-jist)
හෘදයාබාධ වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා

cardiovascular diseases (kar-dee-oh-vask-yoo-ler)
හෘදයේ හා රුධිර නාල වල ඇතිවන රෝග

cataract (ka-ter-act)
ඇසේ ඇති කාචයේ ඇතිවන වළාකුලක් මෙන් බොඳ වීම.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifCe

cerebrovascular disease
මොළයේ රුධිර නාල වලට හානි වීම. නාල පිපිරීම, රුධිර වහනය, මේද තැන්පත් වීම නිසා නාල අවහිර වීම නිසා නාල වලට හානිවිය හැක. මෙසේ මොළයට රුධිරය සැපයීම අඩාල වු විට මොළයේ සෛල මිය යාම නිසා භයානක ප්‍රතිඵල ඇති වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCh

charcot's foot (shar-kohs)
පාදයේ හන්දි හා මෘදු පටක වලට හානි පැමිණුන විට ඇති වන තත්වයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ස්නායු වලටද හානි පැමිණිය හැක.

chlorpropamide (klor-proh-pah-mide)
දියවැඩියාව වර්ග 2 සඳහා දෙනු ලබන මුඛයෙන් ගන්නා ඖෂධයකි. මෙය අග්න්‍යාශයෙන් නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය වැඩි කිරීම මඟින් රුධිර සීනි මට්ටම අඩු කරයි.

cholesterol (koh-les-ter-all)
අක්මාව මඟින් නිපදවෙන මේද වර්ගයක් වන අතර මෙය රුධිරයේ ඇත. මෙය සමහර ආහාර වර්ග වලද අඩංගුවේ. ශරීරයට අවශ්‍ය හෝමෝන නිපදවීමට හා සෛල බිත්ති සෑදීම සඳහා මෙම කොලොස්ටරෝල් භාවිතා කරයි.

chronic
නිධන්ගත

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCi

circuulation
රුධිර පරිවහනය: රුධිර නාල හා හෘදය ඔස්සේ රුධිරය ගලා යෑම.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCo

coma
යම් පුද්ගලයෙකු සිහිය නොමැතිව නිදා සිටිනවා වැනි අවස්ථාවකි. දියවැඩියාව ඇති පුද්ගලයෙකු රුධිර සීනි මට්ටම අධික වීම හෝ අවම වීම නිසා මෙවැනි තත්වයකට පත්විය හැක.

combination oral medicine
බෙහෙත් පෙත්තක ඖෂධ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩංගුවීම.

combination therapy
එකිනෙකට වෙනස්වු ඹෟෂධ එකවිට භාවිතා කිරීම. දියවැඩියාව වර්ග 2 ඇති පුද්ගලයෙකු ගේ රුධිර සීනි මට්ටම පාලනය කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි.

complications
දියවැඩියාවේ හානිකර ප්‍රතිඵල. උදාහරණ ලෙස දියවැඩියාව නිසා ඇතිවන හෘද ආබාධ, අක්ෂි ආබාධ, රුධිර නාල හානිවීම, ස්නායු ආබාධ, දත් හා විදුරුමහ ආබාධ, සම හා පාද ආබාධ, වකුගඩු ආබාධ දැක්විය හැක. අධ්‍යයනයන් මඟින් හෙලි වී ඇති කරුණු අනුව රුධිර සීනි මට්ටම, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් (lcl) පාලනය කර සාමාන්‍ය මට්ටමට ආසන්නව තබා ගත හැකි නම් මෙම ආකූලතා නැති කරගැනීමට හෝ ඇති වීම කල්දැමීමට පුළුවන.

congenital defects (kum-jen-ih-tul)
උපත් අවස්ථාවේදී ඇති වන ආබාධ හෝ විශේෂ තත්ව.

congestive heart failure
හෘද ස්පන්දන ශක්තිය හීන වීම. මෙය ශරීරයේ තරල වර්ග එකතු වීමට හේතු වේ. විශේෂයෙන් මේ තත්වය ඇති වන්නේ පාද හා පෙනහලි වලයි.

coronary heart disease (kor-uh-ner-ee)
හෘදයට රුධිරය සපයන රුධිර නාල හීනි වීම. හෘදයට රුධිරය සැපයීම ඇනහිටිය විට හෘදයාබාධ ඇති වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCr

 creatinine (kree-at-ih-nin)
ආහාරයේ ඇති ප්‍රෝටීන් වල අතුරු ඵලයකි. ශරීරයෙන් creatinineඉවත් වන්නේ වකුගඩු වලිනි. වකුගඩු ආබාධ ඇති වන විට රුධිරයේ creatinine ප්‍රමාණය ඉහල යයි.

 

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

D

[Da] [De]  [Di]     [ Du ]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDa

d-phenylalanine derivative (dee-fen-nel-al-ah-neen)
දියවැඩියාව 2 වර්ගය සඳහා මුඛයෙන් ලබාගන්නා ඖෂධයකි. මෙමඟින් රුධිර සීනි ප්‍රමාණය පාලනය කරයි. මෙහිදී සිදුවන්නේ අග්න්‍යාශයේ කෑම වේලකට පසු වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමයි.

dawn phenomenon (feh-nah-oeh-nun)
උදෑසන රුධිරයේ (පෙ.ව. 4 - පෙ.ව. 8) සීනි මට්ටම ඉහළ යාම මෙසේ හඳුන්වයි.

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDe

dehydration (dee-hy-dray-shun)
විජලනය: ශරීරයේ ඇති තරල (දියර) වැඩි ප්‍රමාණයක් ශරීරයෙන් බැහැර වීම (මුත්‍රා ලෙස, දහඩිය, පාචනය හා වමනය ලෙස)

dermopathy (dur-oah-puh-thee)
සමේ රෝග

desensitization (dee-sens-ih-tiu-a-shun)
යම් ආසාත්මිකතාවයකට දක්වන ප්‍රතිචාරය අඩු කිරීම හෝ නැති කිරීම. උදා:- යම් ද්‍රව්‍යකට කෙනෙකු ආසාත්මිකතාවයක් දක්වන විට වෛද්‍යවරයා එම ද්‍රව්‍ය පලමුව ඉතා සුළු වශයෙන් (සුළු මාත්‍රාවක්) රෝගියාට දෙයි. මෙහිදී ඔහු තුල දරා ගැනීමේ හැකියාවක් ඇතිවේ. පසුව ක්‍රම ක්‍රමයෙන් එම ඖෂධයේ ප්‍රමාණය වැඩි කර නියමිත මාත්‍රාව දක්වා වැඩි කරයි. මෙය ශරීරයට අවශ්‍ය ඖෂධ ආසාත්මික බවකින් තොරව ලබා දීමට යොදා ගන්නා ක්‍රමයකි.

dextrose (decks-trohss)
රුධිරයේ අඩංගු වන සරල සීනි වර්ගයකි. මෙය ශරීරයට අවශ්‍ය ශක්තිය සපයන ප්‍රධාන ප්‍රභවයකි.

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDi

diabetes insipidus (in-sip-ih-dus)
රුධිර සීනි මට්ටම සාමාන්‍ය අගයක තිබියදී නිතර මුත්‍රා කිරීම, අධික පිපාසය හා ඉතා දුර්වල බවක් දැනීම මෙසේ හඳුන්වයි. මෙම තත්වය ඇතිවන්නේ මොළයේ පිටියුටරි ග්‍රන්ථි වල හෝ වකුගඩු වල ඇති වන ආබාධයක් නිසාය.

diabetes mellitus (mel-ih-tus)
රුධිර සීනි මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීමට බැරි අවස්ථාව මෙසේ හඳුන්වයි. දියවැඩියාව වර්ග 1 දී රුධිර සීනි සෛල වලට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය සඳහා යොදා ගන්නට බැරි වන්නේ අග්න්‍යාශය තවදුරටත් ඉන්සියුලින් නිපදවන්නේ නැති නිසාය. දියවැඩියාව වර්ග 2 හිදී මෙම තත්වය ඇති වන්නේ අග්න්‍යාශය අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් නිෂ්පාදනය නොකිරීම හෝ ශරීරයට නිපදවන ඉනිසියුලින් හරිහැටි භාවිතා කිරීමට නොහැකි වීම නිසාය.

diabetic diarrhea
කුඩා අන්ත්‍රයේහි ජීවත්වන බැක්ටීරියාවන්ගේ අධිවර්ධනයක් නිසා හා දියවැඩියාවෙන් ඇතිවන ස්නායු හානිවීමක් නිසා ඇතිවන තත්වයකි. මෙහිදී බඩ බුරුල්කර යාම හෝ අසුචි පිටවීම ක්‍රමවත් නොවීම හෝ එම තත්ව දෙකම ඇතිවිය හැක.

diabetic ketoacidosis
ඉතාම හදිසි අවස්ථාවකි. මෙහිදී රුධිර සීනි මට්ටම ඉතා ඉහළ මට්ටමක් ගන්නා අතර ඉන්සියුලින් අල්පවීම නිසා සිරුරේ අඩංගු මේදය බිදවැටීම මඟින් ශක්තිය ලබාගනී. මේනිසා රුධිරයේ හා මුත්‍රාවල කීටෝන එකතුවේ. මෙහි රෝග ලක්ෂණ ලෙස එම පුද්ගලයාට ඔක්කාරය, වමනය, බඩේ කැක්කුම, ප්‍රාශ්වාසයේ වෙනස්වු ගන්ධය හා වේගවත් හුස්මවැටිම දැකිය හැක. මෙම තත්වයට නිසි ප්‍රතිකාර නොකලහොත් මුර්ජාව (coma) හෝ මරණයට පවා පත්විය හැක.

diabetic myelopathy (my-eh-lah-puh-thee)
සමහර දියවැඩියා රෝගීන්ගේ දක්නට ලැබෙන කොඳු ඇට පෙළට සිදු වී ඇති හානිය.

diabetic retinopathy (reh-tih-nop-uh-thee)
දියවැඩියා රෝගීන් අතර දක්නට ලැබෙන අක්ෂි රෝගයකි. මෙහිදී කුඩා රුධිර නාල තුවාල වී දෘෂ්ටි විතානයෙන් ලේ ගැලීම සිදු වේ. මෙහිදී පෙනීම අහිමි වීමටද ඉඩ ඇත.

diabetogenic (dy-uh-beh-toh-jen-ic)
දියවැඩියා කාරකය: සමහරක් ඖෂධ ගැනීම නිසා රුධිර සීනි මට්ටම ඉහල ගොස් දියවැඩියාව සෑදේ.

diabetologist (dy-uh-beh-tah-luh-jist)
දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ සුදුසුකම් ලැබූ වෛද්‍යවරයා

diagnosis (dy-ug-no-sis)
රෝග ලක්ෂණ අනුව රෝගය පිළිබඳව නිර්ණය කිරීම.

dialysis (dy-al-ih-sis)
කෘතීමව රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත්කිරීම මෙසේ හඳුන්වයි. සාමාන්‍යයෙන් ශරීරයේ මෙය සිදුවන්නේ වකුගඩු මඟිනි. වකුගඩු මෙම ක්‍රියාව කිරීමට අපොහොසත් වුවහොත් මෙය කෘතීමව සිදු කල යුතුය. මේ සඳහා ව්ශේෂ උපකරණ භාවිතා කරනු ලැබේ. මෙය ආකාර 2කට සිදු කරයි.(hemodialysis & peritoneal dialysis)

dietitian (dy-eh-tih-shun)
පෝෂ්‍යවේදියා: ආහාර සැලසුම්, ශරීර බර පාලන හා පෝෂණය සම්බන්ධ උපදෙස් මොහුගෙන් ලබා ගත හැක.

dilatid eye exam (dy-lay-ted)
අක්ෂි වෛද්‍යවරු විසින් මෙම පරීක්ෂාව සිදු කරනු ලබයි. ඇසේ කළු ඉංගිරියාව මනාව පරීක්ෂා කිරීම සඳහා එය ඖෂධ මඟින් විශාලනය කිරීම මෙසේ හඳුන්වයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDu

dupuytren's contracture (doo-pwee-trenz kon-track-chur)
මෙය දියවැඩියාවේදී ඇති වන තත්වයකි. මෙහිදී ඇඟිලි හා අත්ල ගොරෝසු වන අතර කෙටි වීමක්ද සිදු වේ. ඇඟිලි ඇතුල් පැත්තට වක් වී යයි.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

E

[Ed]    [El]    [En] [Eu]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEd

edema (eh-dee-muh)
වැඩිපුර ශරීරයේ තරල එකතු වීම නිසා ඉදිමීම

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEl

electromyography (emg)
ස්නායු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට සිදු කරන පරීක්ෂණයකි. මෙහිදී පේශි මඟින් ඇති කරන විද්‍යුත් ක්‍රියාකාරීත්වය මනී.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEn

endocrine gland (en-doh-krin)
අන්තරාසර්ග ග්‍රන්ථි- ශිරයට අවශ්‍ය හෝමෝන නිපදවීම සදහා විෂේශිත වු සෛල සහිත ග්‍රන්ථියකි.

endocrinologist (en-doh-krih-nah-luh-jist)
අන්තරාසර්ග ග්‍රන්ථි වල ආබාධ (දියවැඩියාව වැනි) සඳහා සාත්තු කරන වෛද්‍යවරයා

enzyme (en-zime)
රසායනික ප්‍රිතික්‍රියාවක් සිදුකිරීමට ඉවහල් (උත්ප්‍රේරක) වන ශරීරය මඟින් නිපදවන ප්‍රෝටීන වේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEu

euglycemia (you-gly-seem-ee-uh)
සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර සීනි මට්ටම

 

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

F

[Fa]    [Ff]    [Fr

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFa

fasting blood glucose test
පැය 8-12 අතර කාලයක් නිරාහාරව සිටි පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමයි. දියවැඩියා රෝගීන්ගේ රෝගී තත්වය පිළිබඳවත් නිරෝගී අයකුට දියවැඩියාව සෑදීමට ඇති අවධානම පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට මෙම පරීක්ෂාව උපකාරී වේ.

fat
මේදය: ආහාර වල අඩංගු ප්‍රධානතම පෝෂකාංග 3න් එකකි. ශරීරයට අතිරික්ත වන කැලරි මේදය ලෙස තැන්පත් කෙරේ. දේහයට අතිරේකව ශක්තිය අවශ්‍ය වු විට එම ශක්තිය නිපදවීමට මෙම සංචිත මේදය යොදා ගැනේ. මේදය බහුල ආහාර වන්නේ :- බටර් , මාගරින් , තෙල් වර්ග , කජු , මස් වර්ග , මාළු , salad dressing

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFf

ffluorescein angiography (fluh-ress-ee-in an-gee-ah-grah-fee)
ඇසේ රුධිර නාලිකා වල තත්වය සොයා බැලීම පිණිස සිදු කරනු ලබන පරීක්ෂාවකි. මෙහිදී අතේ ශිරාවකින් රුධිරයට ඩයි වර්ගයක් ඇතුළු කර ඇසේ රුධිර නාලිකා තුලින් එම ඩයි වර්ගය ගමන් කිරීමේදී ඡායාරූප ලබා ගනු ලැබේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFr

fructosamine test (frook-toh-sah-meen)
රුධිරයේ අඩංගු ප්‍රෝටීන වලට බැඳී ඇති ග්ලූකෝස් අණු සංඛ්‍යාව සොයා බලන පරීක්ෂාවකි. එමඟින් ඉකුත් සති තුනක කාලය තුල රුධිරයේ සාමාන්‍ය ග්ලූකේස් මට්ටම පිළිබඳව නිගමනය කල හැක.

fructose (frook-tohss)
මී පැණි හා පළතුරු වල බහුලව අඩංගු වන සීනි වර්ගයකි. ෆ්‍රක්ටෝස් ග්රෑම් 1ක ශක්තිය කැලරි 4ක් අඩංගු වේ.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

G

[Ga]    [Ge]    [Gi]    [Gl]  [Gr]   

Ga

gangrene (gang-green)
ශරීරයේ පටක මියයාමයි. පටක වලට ප්‍රමාණවත් තරම් රුධිරය නොලැබීම හෝ පටක ආසාදනයට ලක් වීම නිසා මෙම තත්වය බහුලව ඇති වේ. මෙවිට මැරුණ පටක කොටස් ඉවත් කිරීමටද සිදු විය හැක. (Amputation)

gastroparesis (gas-tro-puh-ree-sis)
උදරයට බලපෑම් ඇති කරන neuropathy ආකාරයකි. මෙහිදී ආහාර ජීර්ණය අක්‍රමවත්ව හා අසම්පුර්ණව සිදු වන අතර මේ හේතුවෙන් ක්ලාන්ත ගතිය , වමනය , බඩ පිපීම වැනි තත්ව ඇති විය හැක. මෙය රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය අපහසු කරයි.

 

 

Ge

gestational diabetes mellitus (gdm) (jes-tay-shun-ul mell-ih-tus)
ගර්භනීමාතාවන්ට ඇති වන දියවැඩියා ආකාරයකි. ගර්භනී අවධියේ පමණක් දක්නට ලැබෙන නමුත් මේ නිසා පසු කාලයකදී දියවැඩියාව ඇති වීමට ඇති අවදානම වැඩි කරයි. ආහාර පාලනය, අතිරේක ක්‍රියාකාරකම් හා ඇතැම් විට ඉන්සියුලින් මඟින් මෙම තත්වය පාලනය කල හැක.

 

Gi

gingivitis (jin-jih-vy-tis)
විදුරු මස ඉදිමීම හා විදුරු මසෙන් ලේ ගැලීම දැක ගත හැකි රෝග තත්වයකි.

 

 

Gl

gland
යම් යම් සංයෝග ස්‍රාවය කරන සෛල එකතුවකි. මේවා වර්ග දෙකකි. 1) අන්තරාසර්ග ග්‍රන්ථි - හෝර්මෝන ස්‍රාවය කරයි. 2) එන්සයිම- ජලය හා ලවණ ස්‍රාවය කරයි.

glargine insulin (glar-jeen)
දිගු කාලීන ක්‍රියාකාරීත්වයක් දක්වන ඉන්සියුලින් ආකාරයකි. එන්නත් කර පැයකට පසුව ක්‍රියාකාරී වන මෙය පැය 24ක් පුරා ඒකාකාරව ක්‍රියා කරයි.

glaucoma (glaw-koh-muh)
ඇසේ අඩංගු දියරයේ පීඩනය වැඩි වීමයි. මේ නිසා ඇස් නොපෙනී යාමටද ඉඩ ඇත.

glimepiride (gly-meh-per-ide)
දියවැඩියා 2 ආකාරයට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධයකි. Sulfonylureasනම් ඖෂධ කාණ්ඩයට අයත් වේ. අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවීම වැඩි කිරීමට හා නිපදවෙන ඉන්සියුලින් කාර්යක්ෂමව භාවිතා කිරීමට ආධාර කිරීම මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරයි.

glipizide (glih-pih-zide)
දියවැඩියා 2 ආකාරයට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධයකි. Sulfonylureas නම් ඖෂධ කාණ්ඩයට අයත් වේ. අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවීම වැඩි කිරීමට හා නිපදවෙන ඉන්සියුලින් කාර්යක්ෂමව භාවිතා කිරීමට ආධාර කිරීම මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරයි. Brand name-Glucotrol , Glucotrol XL

glomerular filtration rate (glo-mehr-yoo-lur)
වකුගඩු වලට අපවෘත්තීය ද්‍රව්‍ය පෙරීමට හා ඉවත් කිරීමට ඇති හැකියාව දක්වන මිනුමකි.

glomerulus (glo-mehr-yoo-lus)
ච්ඡිකාව: වකුගඩු තුල ඇති සියුම් රුධිර වාහිනී ජාල වේ. ශිරා කේශනාලිකා වල සිට රුධිරය වකුගඩු තුලට පෙරීම සිදු වන්නේ මෙම කේශ නාලිකා ජාල හරහාය.

glucagon (gloo-kah-gahn)
අග්න්‍යාශයේ ඇල්ෆා සෛල වලින් නිපදවෙන හෝමෝනයකි. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහල දැමීමට ක්‍රියා කරයි. දරුණු Hypoglycemia තත්ව මැඩලීමට එන්නත් කල හැකි ග්ලූකොජන් ආකාරයක් යොදා ගනී.

glucose
සරලතම සීනි ආකාරයකි.

glucose tablets
Hypoglycemiaතත්ව සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා සපා කෑ හැකි පෙති වර්ගයකි. සංශුද්ධ ග්ලූකෝස් වලින් සාදනු ලැබේ.

glucovance
දියවැඩියා 2 ආකාරයට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ගිලින පෙති වර්ගයකි. මේවා glyburide හා metforminනම් සංයෝග අඩංගු කොට සාදා ඇත.

glyburide (gly-buh-ride)
දියවැඩියා 2 ආකාරයට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධයකි. Sulfonylureas නම් ඖෂධ කාණ්ඩයට අයත් වේ. අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවීම වැඩි කිරීමට හා නිපදවෙන ඉන්සියුලින් කාර්යක්ෂමව භාවිතා කිරීමට ආධාර කිරීම මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරයි. Brand name-DiaBeta, Glynase, PresTab, Micronase

glycemic index (gly-see-mik)
ආහාර වර්ගීකරණයකි. ආහාර වර්ග කර ඇත්තේ ඒවා රුධිරයේ ග්ලූකෝස් මට්ටම කෙරෙහි ඇතිකරන බලපෑම පදනම් කර ගෙනය.

glycogen (gly-koh-jen)
ග්ලූකෝස් Glycogenබවට පරිවර්තනය කර අක්මාවේ හා පේශි තුල තාවකාලිකව ගබඩා කරනු ලැබේ. පසුව මේවා නැවත ග්ලූකෝස් බවට පත් කර ප්‍රයෝජනයට ගත හැක.

glycosuria (gly-koh-soor-ee-ah)
මුත්‍රා සමඟ ග්ලූකෝස් පිටවීම මෙනමින් හැඳින් වේ.

 

Gu

gram
මෙට්‍රික් ක්‍රමයේ බර සඳහා මිනුමයි (ඒකකය). අවුන්සයකට ග්රෑම් 28 ක් ඇතුලත් වේ. දියවැඩියා රෝගීන්ට ආහාර නියම කරනුයේ මෙම ග්රෑම් මට්ටමේ කුඩා ප්‍රමාණ වලිනි.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

H

[Hd]    [He]     [Ho]   [Hu]  [Hy]      

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifHd

hdl cholesterol
 රුධිරයේ අඩංගු අතිරේක කොලෙස්ටරෝල් ඉවත් කිරීම සඳහා අක්මාව වෙත රැගෙන යන්නේ මෙම කොලෙස්ටරෝල් ආකාරය මගිනි.(High density lipoprotein cholesterol) good cholesterol ලෙසද හැඳින්වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHe

heredity
ආවේණිය. දෙමාපියන්ගෙන් දරුවන්ට විශේෂ ලක්ෂණ උරුම වීම මෙනමින් හැඳින්වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHo

honeymoon phase
දියවැඩියා 1 රෝගීන් තුළ කෙටි කලකට තාවකාලිකව ඉන්සියුලින් නිපදවීමක් ඇති විය හැක. නමුත් මෙය මාස කීපයක් වැනි කෙටි කාලයකින් නවතී. මෙම අවධිය Honeymoon phaze ලෙස හඳුන්වයි. එම කාලය තුල Hyperglycemia තත්වයක් ඇති වන්නේ නැත.

hormone
හෝමෝන: ග්‍රන්ථි මගින් රුධිරයට ස්‍රාවය කෙරෙන රසායනික ද්‍රව්‍යයකි. රුධිරය ඔස්සේ නිකුත් කෙරෙන ස්ථානයෙන් ඉවතට ගමන් කර අදාල ස්ථානයේ දී ශරීරයේ ක්‍රියාවන් උත්තේජනය හා පාලනය සිදු කරයි. උදා ඃ- ඉන්සියුලින් - අග්න්‍යාශයේ නිපදවෙන මෙම හෝමෝනය මගින් ශරීරයේ අනෙක් සෛල ග්ලූකෝස් ප්‍රයෝජනයට ගැනීම පාලනය කරයි. ඇතැම් හෝමෝන ඖෂධ ලෙස භාවිතා කිරීම සඳහා කෘතිමව සංස්ලේෂණය කරනු ලැබේ. නමුත් මේවා ශරීරයේ ස්වභාවිකව නිපදවෙන හෝමෝන වලට සමාන හෝ වෙනස් විය හැක.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHu

human leukocyte antigens
සෛල මතුපිට පෘෂඨයේ පිහිටයි. මේවා මගින් ආගන්තුක සෛල හඳුනා ගැනීම සඳහා ප්‍රතිශක්තීකරණ පද්ධතියට ආධාර කරයි. මේවාහි ඇතැම් ආකාර වල පිහිටීම් දියවැඩියාව 1 රෝගී තත්ව ඇතිවීමේ අවධානම පෙන්නුම් කරයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHy

hyperglycemia (hY-per-gly-see-mee-uh)
රුධිරයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ග්ලූකෝස් පැවතීමයි. මෙය ආකාර දෙකකි.
Fasting hyperglycemia : යම් පුද්ගලයෙකු පැය 8 ක් පමණ නිරාහාරව සිටි පසුවද Hyperglycemia තත්වයක් පැවතීම.
Postprandial hyperglycemia : යම් පුද්ගලයෙක් ආහාර ගැනීමෙන් පැය 1-2 කට පසුවද Hyperglycemia තත්වයක් පැවතීම.

hyperinsulinemia (hy-per-in-suh-lih-nee-mee-uh)
සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුධිරයේ ඉන්සියුලින් පැවතීමයි. ශරීරය මගින් වැඩිපුර ඉන්සියුලින් නිපදවීම නිසා මෙම තත්වය ඇති වේ. ඉන්සියුලින් සඳහා ප්‍රතිරෝධය සමඟ සම්බන්ධතාවක් දක්වයි.

hyperlipidemia (hy-per-li-pih-dee-mee-uh)
රුධිරයේ මේදය හා කොලෙස්ටෙරෝල් සාමාන්‍ය මට්ටමට වඩා වැඩිපුර පැවතීමයි.

hyperosmolar hyperglycemic nonketotic syndrome (hhns) (hy-per-oz-moh-lur hy-per-gly-see-mik non-kee-tah-tik)
රුධිරයේ අධික ග්ලූකෝස් සාන්ද්‍රනයක් පවතින අතර රුධිරයේ හෝ මුත්‍රා වල කීටෝන සාන්ද්‍රණය ඉතා අඩු වු විට ඇති වන දරුණු අවස්ථාවකි. වහා ප්‍රතිකාර නොකලහොත් මුර්ඡාව (coma) කෝමා තත්වයක් හෝ මරණය ඇති විය හැක.

hypertension (hy-per-ten-shun)
අත්‍යාතතිය: අධික රුධිර පීඩනය ලෙසද හඳුන්වයි. මෙහිදී රුධිර නාලාකා තුළින් රුධිරය සාමාන්‍ය පීඩනයට වඩා වැඩි පීඩනයකින් රුධිරය ගමන් කිරීම නිසා රුධිර නාලිකා වලට හානි විය හැක. මීට අමතරව හෘදය අධික ලෙස වෙහෙසට පත්වීම නිසා හෘදයාබාධ හා ආඝාත වැනි තත්වත් වකුගඩු ආශ්‍රිත දුබලතාත් ඇතිවී මරණය පවා සිදුවිය හැක.

hypoglycemia (hy-po-gly-see-mee-uh)
යම් පුද්ගලයෙකුගේ රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා (70 mg/dL) අඩු වීම මෙලෙස හඳුන්වයි. කුසගින්න, අසහනකාරී බව, කැරකිල්ල, නිදිබර ගතිය, වෙව්ලීම, පැටලිලි සහගත බව වැනි ලක්ෂණ වලින් මෙය හඳුනා ගත හැක. වහා ප්‍රතිකාර නොකල හොත් සිහිනැති විය හැක. ග්ලූකෝස් පෙති හෝ ග්ලූකෝස් යුෂ හෝ කාබේහයිඩ්‍රේට් අධික ආහාරයක් ලබා දීමෙන් මේ සඳහා ප්‍රතිකාර කළ හැක. ආහාර ගිලීමට නොහැකි තත්වයක පසුවන හෝ සිහිනැති වු රෝගීන්ට ප්‍රතිකාර ලෙස ග්ලූකගන් එන්නත් කරයි.

hypoglycemia unawareness (un-uh-ware-ness)
ඇතැම් රෝගීන්ට හයිපොග්ලයිසීමියා තත්ව ඇති වුවත් එය දරුණු වන තුරු නොදැනීම හෝ නොතේරීම මෙලෙස හඳුන්වයි. නිතර හයිපොග්ලයිසීමියා තත්වයන්ට ලක්වන රෝගීන් තුළ මෙම තත්වය දැකගත හැක.

hypotension (hy-poh-ten-shun)
මන්දාතතිය ලෙස හැඳින්වේ (අවම රුධිර පීඩනය). මෙහිදී රුධිර පීඩනය ක්ෂණිකව අඩු වන නිසා කැරකිල්ල හෝ ක්ලාන්ත ගතියක වැනි තත්ව ඇති වේ. දිගු වේලාවක් වාඩිවී සිටීමෙන් හෝ ඇලවීසිටීමෙන් පසු නැගිටීමේදී මෙවැනි තත්ව ඇති වනු දැක ගත හැක.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

I

[Id]      [Im]    [In]   [Io

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifId

 iddm (insulin-dependent diabetes mellitus)
දියවැඩියාව 1 ආකාරය මෙනමින්ද හඳුන්වයි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIm

immune system (ih-myoon)
ප්‍රතිශක්තීකරණ පද්ධතිය. මෙමඟින් වෛරස, බැක්ටීරියා, හා ආගන්තුක
ද්‍රව්‍ය වලට එරෙහිව ක්‍රියාකරමින් දේහයට ආරක්ෂාව සපයයි.
immunosuppressant (ih-myoon-oh-suh-press-unt)
පටක හෝ ඉන්ද්‍රියය බද්ධ කිරීමකට ලක්වු රෝගීන්හට හෝ ස්වයංප්‍රතිශක්තීකරණ දුබලතා ඇති රෝගීන්ට ලබා දෙන ඖෂධයකි. මෙමගින් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආගන්තුක ද්‍රව්‍ය සඳහා දක්වන ප්‍රතිචාරය යටපත්කරයි. ඒ නිසා බද්ධ කළ ඉන්ද්‍රියය ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවේ.

impaired fasting glucose (ifg)
පැය 8-12ක් නිරාහාරව සිටි පුද්ගලයෙකුගේ රුධිරයේ සාමාන්‍ය ග්ලූකෝස් මට්ටමට වඩා වැඩි ග්ලූකෝස් ප්‍රමාණයක් (110-125 mg/dl) තිබීම යි. මෙය පුර්ව දියවැඩියා තත්වය ලෙසද හැඳින්වේ. මෙම තත්වයෙන් පසුවන බොහෝ පුද්ගලයන්ට දියවැඩියාව 2 වැළඳීමට වැඩි අවධානමක් ඇත.

impaired glucose tolerance (igt)
Oral glucose tolerance පරීක්ෂාව අරඹා පැය 2 කට පසු රුධිරයේ සාමාන්‍ය ග්ලූකෝස් මට්ටමට වඩා වැඩි ග්ලූකෝස් ප්‍රමාණයක් (140-199 mg/dL) තිබීම යි. මෙය පුර්ව දියවැඩියා තත්වය ලෙසද හැඳින්වේ. මෙම තත්වයෙන් පසුවන බොහෝ පුද්ගලයන්ට දියවැඩියාව 2 වැළඳීමට වැඩි අවධානමක් ඇත. මෙම තත්වය පෙරදී borderline, subclinical, chemical, latent diabetes ලෙසද හඳුන්වා ඇත.

implantable insulin pump (im-plan-tuh-bull)
රෝගියා දුරස්ථ පාලකයක් මගින් ලබා දෙන සංඥා වලට අනුකූලව රුධිරයට ඉන්සියුලින් නිදහස් කරන කුඩා පොම්පයකි. මෙය ශරීරය තුළ ස්ථාපනය කර ඇත.

impotence (im-po-tents)
ලිංගික හැසිරීම් වලදී ශිෂ්නය සෘජුකිරීමට අපහසුවීම හෝ එම තත්වයෙන්ම පවත්වා ගෙන යාමට අපහසුවීම

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIn

incidence (in-sih-dints)
මෙය රෝග ඇති වීමේ සුලභතාව දක්වන මිණුමකි. යම් නිශ්චිත කාලයක් තුළ නිශ්චිත පිරිසක් අතර යම් රෝගයක් ඇතිවන අවස්ථා සංඛ්‍යාව මෙමගින් දැක්වේ.

incontinence (in-kon-tih-nents)
මුත්‍රාශයෙහි සහ අන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පාලනය කර ගත නොහැකි වීමයි. මෙහිදී පාලනයකින් තොරව මුත්‍රා සහ මලපහ පිටවේ.

inhaled insulin
දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් ලබා දෙන ආකාරයකි. මෙහිදී අතේ ගෙන යා හැකි උපකරණයක් ආධාරයෙන් ඉන්සියුලින් ආශ්වාස වාතය සමඟ ශරීරගත කෙරේ.

injection (in-jek-shun)
සිරින්ජයක් ආධාරයෙන් ද්‍රව ඖෂධ හෝ පෝෂකාංග ශරීරගත කිරීමයි. දියවැඩියා රෝගීන් මේ ආකාරයෙන් ඉන්සියුලින් ශරීරගත කර ගනී. නමුත් මෙහිදී පේශි තුළට ඉන්සියුලින් යෑම වැලැක්වීමට කෙටි එන්නත් කටු භාවිතා කරන අතර පේශි මඟ හැරෙන පරිදි ඇලව එන්නත් කරනු ලැබේ.

injection site rotation
ශරීරයට ඉන්සියුලින් එන්නත් කරන ස්ථානය වෙනස් කිරීමයි. මෙය lipodystrophies ඇති වීම වළකාලයි.

injection sites
ඉන්සියුලින් එන්නත් කරන ස්ථාන

insulin
ශරීරයට ශක්තිය නිපදවීම සඳහා ග්ලූකෝස් භාවිතා කිරීමට උපකාර වන හෝමෝනයකි. අග්න්‍යාශයේ බීටා සෛල මඟින් නිපදවනු ලැබේ. ශරීරයට අවශ්‍ය තරම් ඉන්සියුලින් නිපදවාගත නොහැකි වු විට එන්නත් මඟින් හෝ ඉන්සියුලින් පොම්පයක් මඟින් එය බාහිරින් ශරීරගත කෙරේ.

insulin adjustment
ආහාර පාලනය, අමතර ක්‍රියාකාරකම් හා රුධිර ග්ලූකෝස් මට්ටම පදනම් කර ගනිමින් රෝගියෙකු ලබා ගන්නා ඉන්සියුලින් ප්‍රමාණය වෙනස් කිරීම.

insulin pen
ඉන්සියුලින් එන්නත් කිරීම සඳහා යොදා ගන්නා උපකරණයකි. තීන්ත පෑනක ආකාරය ගනී. මාරු කල හැකි ඉන්සියුලින් ඇසුරුම් (cartridge) යොදා භාවිතා කල හැකි හා වරක් භාවිතා කර ඉවත දැමිය හැකි ආකාර වලින් ලබා ගත හැක.

insulin pump
ඉන්සියුලින් එන්නත් කිරීම සඳහා යොදා ගන්නා උපකරණයකි. මෙය සාක්කුවේ දමාගෙන යා හැකි හෝ ඉන පටියේ(belt) බැඳගෙන යා හැකි තරම් කුඩාය. මෙම උපකරණය ඉතා සිහින්, නැමෙන සුළු, ප්ලාස්ටික් නලයක් හා එයට සවි කර ඇති සිහින් කටුවකින් රෝගියාගේ ශරීරයට ස්ථිරව සවි කර ඇත. මෙහි කටුව ගසා ඇත්තේ සමේ මතු පිටට ආසන්නවය. රෝගියා උපකරණයට ඇතුලත් කල සැලසුමකට අනුව දවස පුරාම සුළු ප්‍රමාණ වලින්ද ආහාර ගන්නා වේලාවන්ට අනුරූපව වැඩි ප්‍රමාණ වලින්ද ඉන්සියුලින් නිකුත් කරයි.

insulin reaction
රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමටත් වඩා (70 mg/dL හෝ ඊට අඩු) අඩු වීම. මෙය Hypoglycemia ලෙසද හඳුන්වයි.

insulin receptors
රුධිරයේ අඩංගු ඉන්සියුලින් හා බැඳීමට ආධාර වන සෛලයක බාහිරින් පිහිටි විශේෂ ස්ථාන වේ. සෛල තුලට රුධිරයෙන් ග්ලූකෝස් ලබාගත හැකි වන්නේ ඉන්සියුලින් මෙම ස්ථාන වලට බැඳුනු විට පමණි.

insulin resistance
ශරීරයට, නිපදවන ඉන්සියුලින් නිසියාකාරව ප්‍රයෝජනයට ගත නොහැකි වීමයි. තරබාරුබව, අත්‍යාතතිය හා රුධිරයේ අධික ලෙස මේදය අන්තර්ගත වීම මේ සමඟ ඍජුවම සම්බන්ධතාවයක් දක්වයි.

insulin-dependent diabetes mellitus (iddm)
දියවැඩියාව 1 ආකාරය හැඳින්වීමට භාවිතා කල තවත් නාමයකි.

50/50 insulin
කෙටිකාලීන කි්‍රයාකාරී ඉන්සියුලින් හා අතරමැදි ක්‍රියාකාරී ඉන්සියුලින් 50% බැගින් මිශ්‍ර කර සාදන ලද ඉන්සියුලින්.

70/30 insulin
අතරමැදි ක්‍රියාකාරී ඉන්සියුලින් 70% හා කෙටි කාලීන ක්‍රියාකාරී ඉන්සියුලින් මිශ්‍රකර සාදන ලද ඉන්සියුලින්.

insulinoma (in-suh-lih-noh-mah)
අග්න්‍යාශයේ බීටා සෛල තුළ ඇති වන ගෙඩියකි. ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීම මඟින් Hypoglycemia තත්ව ඇති කිරීමට මෙය හේතු වේ.

intensive therapy
අඛණ්ඩව ඉන්සියුලින් ලබා දෙමින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ථ මට්ටමට ඉතා ආසන්නව තබා ගනිමින් දියවැඩියාව සඳහා සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී රෝගීයා නිරතුරුව අධ්‍යයනට ලක් කෙරේ.

intermediate-acting insulin
ඉන්සියුලින් ආකාරයකි. එන්නත් කර පැය 1-2 කාලයකට පසු ක්‍රියාකාරීත්වය අරඹන අතර පැය 6-12 අතර කාලය තුළ උපරිම ක්‍රියාකාරීත්වයක් දක්වයි.

 

intermittent claudication (in-ter-mit-ent claw-dih-kay-shun)
ඇවිදීමේදි හෝ ව්‍යායාම කිරීමේදී පාදයේ මාංශ පේශි තුළ විටින් විට ඇති වන වේදනාව. පාදයේ පේශි වලට ලැබෙන රුධිර සැපයුම ප්‍රමාණවත් නොවීම මේ සඳහා හේතු වේ.

 

intramuscular injection (in-trah-mus-kyoo-lar)
සිරින්ජයක් ආධාරයෙන් මාංශ පේශි වලට ඖෂධ එන්නත් කිරීම. hypoglycemia සඳහා ප්‍රතිකාර ලෙස ග්ලූකජන් එන්නත් කෙරෙන්නේ මේ ආකාරයටයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifIo

islet cell autoantibodies (ica) (eYe-let aw-toe-an-ti-bod-eez) පෙපෙ පෝටීන් ආකාරයකි. රුධිරය තුළ ica තිබීම ප්‍රතිශක්තීකරණ පද්ධතිය මඟින් අග්න්‍යාශයේ බීටා සෛල වලට හානි කරන බව පෙන්නුම් කරයි. දියවැඩියා 1 ආකාරය වැළඳුනු හෝ වැළඳීමට ඉඩ ඇති පුද්ගලයන් තුළ දැකගත හැක.

islet transplantation
ඉන්සියුලින් නිපදවා ගත නොහැකි අක්‍රීය අග්න්‍යාශයක් ඇති රෝගීන්ට ක්‍රියාකාරී අග්න්‍යාශයකින් දීපිකා බද්ධ කිරීම. ඉන්සියුලින් නිපදවන්නේ දීපිකා තුළ පවතින බීටා සෛල මඟිනි.

islets
අග්න්‍යාශයේ පිහිටන, හෝමෝන නිපදවන සෛල සමුහයකි. ලැන්ගර්හැන්ස් දීපිකා ලෙසද හඳුන්වයි. මේ තුළ ඉන්සියුලින් නිපදවන බීටා සෛල හා ග්ලූකජන් නිපදවන ඇල්ෆා සෛල පිහිටයි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

J


 

jet injector (in-jek-tur)
ශරීරයට ඉන්සියුලීන් ඇතුල් කිරීම සඳහා එන්නත් කටුවක් භාවිතා නොකරන උපකරණයකි. මෙහිදී ඉන්සියුලින් අධික පීඩනයකින් විදීමෙන් ශරීර ගත කෙරේ.

juvenile diabetes
දියවැඩියාව 1 ආකාරය හැඳින්වීමට යොදා ගත් තවත් නමකි.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

K

  [Ke]   [Ki]    [Ku]    

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKe

ketone
කීටෝන දේහ නමින්ද හැඳින්වේ. ඉන්සියුලින් ඌනතාවක් පවතින අවස්ථාවල, ශක්තිය නිපදවීමට මේදය බිඳ දැමීමේදී කීටෝන නම් රසායනික සංයෝග නිපදවේ. රුධිරයේ අධික කීටෝන මට්ටමක් පැවතීම ketoacidosis ලෙස හැදින්වේ.

ketonuria (key-toe-nuh-ree-ah)
මුත්‍රා තුළ කීටෝන අන්තර්ගත වීමයි. මෙය තත්වය ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවයි.

ketosis (ke-toe-sis)
රුධිරය තුළ කීටෝන රැස් වීමයි. උදරාබාධ, වමනය, හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇතිවේ. Ketoacidosis තත්වයක් දක්වා වර්ධනය විය හැක.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKi

kidney failure
වකුගඩු අක්‍රීය වීමයි. මේ හේතුවෙන් ශරීරය තුළ විෂ අපද්‍රව්‍ය මෙන්ම අතිරික්ත තරල ප්‍රමාණයක් එකතු වේ. මෙම තත්වයට පත් වන රෝගීන් හට වකුගඩු බද්ධ කිරීමක් හෝ කෘතිමව අපද්‍රව්‍ය ඉවත්කීරීමක් සිදුකළ යුතු වේ. මෙය End-stage renal disease හාESRD ලෙසද හැඳින්වේ.

kidneys
වකුගඩු: රුධිරයෙන් අපද්‍රව්‍ය පෙරා ඉවත් කරන බෝංචි බීජ හැඩැති ඉන්ද්‍රිය යුගලයකි. ඉනට මදක් ඉහලින් ශරීරයේ පිටුපසට වන්නට කශේරුව දෙපසින් පිහිටා ඇත. පෙරනු ලැබූ අපද්‍රව්‍ය මුත්‍රා ලෙස මුත්‍රාශය වෙත යවනු ලැබේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKu

kussmaul breathing (koos-mall)
අධික රුධිර පීඩනය ketoacidosis තත්වයෙන් පසුවන රෝගීන් තුළ දැකගත හැකි ආයාසයෙන්, වේගයෙන් හා ගැඹුරින් හුස්ම ගැනීමයි.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

L

[La]    [Ld]  [Le]  [Li]    [Lo]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLa

lancet
රුධිර ග්ලූකෝස් මට්ටම මැනගැනීම සඳහා සමෙන් රුධිර බිඳුවක් ලබා ගැනීමට යොදා ගන්නා උපකරණයකි. මෙහි සර්පිල දුන්නක් (spring-loaded) මඟින් විදෙන කටුවක් ඇත.

laser surgery treatment
ප්‍රභල ලේසර් කදම්භයක් ආධාරයෙන් හානියට ලක්වු ප්‍රදේශ සඳහා ප්‍රතිකාර කිරීමයි. විශේෂයෙන් දියවැඩියා රෝගීන්ගේ ඇසේ තුවාල වු රුධිර නාළ වසා දැමීමට, ( seal) කිරීමට යොදා ගැනේ.

latent autoimmune diabetes in adults (lada)
වැඩිහිටියන් තුළ දියවැඩියා 1 ආකාරය ගොඩනැගීමට හේතුවන තත්වයකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLd

ldl cholesterol (stands for low-density lipoprotein cholesterol )
(kuh-less-tuh-rawl lip-oh-pro-teen)

ශරීරය පුරා කොලෙස්ටරෝල් සම්ප්‍රේෂණය කිරීමට ආධාර වන රුධිරයේ අඩංගු මේදආකාරයකි. "bad" cholestrol ලෙසද හැඳින්වේ

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLe

lente insulin (len-tay)
අතරමැදි ක්‍රියාකාරී ඉන්සියුලින් වර්ගයකි. සාමාන්‍යයෙන් මෙම ඉන්සියුලින් එන්නත් කර පැය 1-2 අතර කාලයක් තුලදී රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරනු ලබයි. මෙහි ප්‍රභල බලපෑම ඵන්නත් කර පැය 8-12 අතර වන නමුත් එය පැය 18-24 අතර කාලයක් දක්වාද ක්‍රියාකාරීව පවතී. මෙය L  insulin ලෙසද හැඳින් වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLi

limited joint mobility
සන්ධි නැමීමට හා දිගහැරීමීට අපහසු වීමේ තත්වයයි. සන්ධි ඉදිමිම, අතේ සම ගොරෝසු වීම, ඝනවීම හා ඇලෙන සුළු වීම නිසා මෙම තත්වය ඇතිවේ.

lipid(lip-id)
ශරීරයේ ඇති මේද හඳුන්වන වචනයකි. ශරීරය මඟින් ලිපිඩ කුඩා කොටස් වලට බිඳ දමා ශක්තිය ලබාගනී.

lipid profile
ශරීරයේ ඇති මුළු කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ සහ වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන (HDLකොලෙස්ටරෝල්) මැනගැනීම සඳහා කරන රුධිර පරීක්ෂාවකි. මෙහි ප්‍රථිඵල මගින් ශරීරයේ ඇති අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (LDL කොලෙස්ටරෝල්) ප්‍රමානය ගණනය කෙරේ. මෙම පරීක්ෂාව මගින් පුද්ගලයකුට හෘදයේ හා රුධිර නාල වල රෝග ඇති වීමට ඇති අවධානම සොයාගත හැකි වේ.

lipoatrophy(LIP-oh-AT-ruh-fee)
ඉන්සියුලින් එන්නත ශරීරයේ එකම ස්ථානයකට විදීම නිසා ඇතවිය හැකි තත්වයකි. මෙවිට සම යට ඇති මේද ඉවත් වීම නිසා සම මතුපිට කුඩා පළුද්දක්/බීක් ඇති වේ.

lipodystrophy(lip-oh-dih-struh-fee)
සමට යටින් ඇති මේද බිඳවැටීම හෝ ගොඩනැගීම නිසා ඇතිවන දෝෂයකි. මෙහිදී සම මතුපිට ඉදිමීම් හෝ කුඩා එබීම් ඇතිවිය හැක. මෙම තත්වය ඇතිවනුයේ ඉන්සියුලින් එන්නත නිතරම එකම ස්ථානයකට විදීම නිසාය.

lipohypertrophy(lip-oh-hy-per-truh-fee)
සමට යටින් වැඩිපුර මේද සෑදීම නිසා සම මතුපිට ඉදිමීම් ඇතිවීමයි. මෙම තත්වයද ශරීරයේ එකම ස්ථානයට ඉන්සියුලින් එන්නත නිතරම විදීම නිසා ඇතිවිය හැක.

lispro insulin (lyz-proh)
ඉක්මනින් ක්‍රියාකාරී වන ඉන්සියුලින් ය. සාමාන්‍යයෙන් එන්නත ලබාදී මිනිත්තු 5 ක් ඇතුලත රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීම ආරම්භ කරන අතර ප්‍රභල ක්‍රියාකාරීත්වය පවතින්නේ එන්නත ලබාදී මිනිත්තු 30 ත් පැය 1 ත් අතරය. නමුත් එන්නත ලබාදී පැය 3 ක කාලයක් එය ක්‍රියාකාරීව පවතී.

liver
ශරීරයේ ඇති අක්මාව නමැති ඉන්ද්‍රියයි. මෙම ඉන්ද්‍රිය මගින් අප ගන්නා ආහාර ශක්තිය බවට පත් කරයි. මධ්‍යසාර/මත්පැන් සහ විස විග රුධිරයෙන් ඉවත් කරයි. හීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට හා මේද බිඳදැමීමට අවශ්‍ය වන පිත නිපදවයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLo

long-acting insulin

එන්නත විද පැය 4-6 අතර කාලයකදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුකළ හැකි ඉන්සියුලින් වර්ගයකි. මෙහි ප්‍රභල ක්‍රියාකාරීත්වය එන්නතින් පසු පැය 10-18 අතර කාලයක් පවතී

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

M

[Ma]    [Me]   [Mg]    [Mi]    [Mo] [My]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMa

macrosomia (mack-roh-soh-mee-ah)
අසාමාන්‍ය ලෙස විශාලවීම දියවැඩියාවෙන් පෙලෙන කාන්තාවන්ට අසාමාන්‍ය ලෙස විශාල දරුවන් ලැබීමට හැකියාවක් තිබීමේ තත්වය.

macrovascular disease(mack-roh-vask-yoo-ler)
හෘදයේ ඇති රුධිර නාල වැනි විශාල රුධිර නාල වල ඇතිවන රෝගී තත්වයකි. ලිපිඩ, රුධිර කැටිති විශාල රුධිර නාල තුල සෑදීම නිසා රුධිර නාල ඇහිරීම, කුඩාවීම, ඝනවීම, හදවතට රුධිරය සපයන නාල හීනිවීම නිසා හෘදයාබාධ ඇතිවේ.

macula (mack-yoo-la)
ඇසේ දෘෂ්ටි විතානයේ (ඇසේ ඇතුලතම පටලයේ) කොටසකි. මෙය කියවීමට හා සියුම් දේ දැකීමට උදව් වේ.

macular edema(mack-yoo-lur eh-dee-mah)
දෘෂ්ටි විතානයේ කොටසක (macula) ඉදිමුම.

maturity-onset diabetes of the young (mody)
දියවැඩියා ආකාර-2 ඇති රෝගීන්ගෙන් 1%-5% කට පමණ ඇති වන ආකාරයකි. මෙහි වර්ග 6 ක් හඳුනාගෙන ඇති අතර එක් එක් වර්ගය ඇති වන්නේ වර්ණදේහ වල ඇති එක් ජානයක් ක්‍රියානොකිරීම නිසාය.


 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMe

meglitinide(meh-glih-tin-ide)
මුඛයෙන් ලබාදෙන බෙහෙත් වර්ගයකි. මෙය දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙලෙන අයට ලබාදෙන අතර මෙමඟින් ආහාර වේල් වලට පසු අග්න්‍යාශයට වැඩිපුර ඉන්සියුලින් නිපදවීමට උදව් වී රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩු කරයි. (ඹෟෂධ වර්ගයේ නම:repaglinide).

metabolic syndrome
තරබාරු බව, ඉන්සියුලින් ප්‍රතිරෝධී බව, දියවැඩියාව හෝ පුර්ව දියවැඩියාව, අත්‍යාතතිය සහ ලිපිඩ වැඩිවීම වැනි තත්ව කීපයක් එකවිට ඇතිවීමේ හැකියාව.

metabolism
සෛල මගින් ආහාර රසායනිකව වෙනස් කරන ආකාරය හඳුන්වන පදයකි. මෙනිසා ශරීරයට අවශ්‍ය ආහාර තැන්පත් කිරීමට හෝ එමඟින් ශක්තිය ලබාගෙන ප්‍රෝටීන්, මේද, හා සීනි වර්ග සෑදීමට හැකි වේ.

metformin(met-for-min)
මුඛයෙන් ලබාදෙන බෙහෙත් වර්ගයකි. මෙය දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙලෙන අයට ලබාදෙන අතර මෙමගින් අක්මාවෙන් නිපදවන ග්ලූකෝස් ප්‍රමාණය අඩුකර අග්න්‍යාශයෙන් නිපදවන ඉන්සියුලින් වලට ප්‍රතිචාර දැක්වීමට ශරීරයට උදව් කරයි. Biguanides නම් ඖෂධ වර්ගයට අයත් වේ.(brand names: Glucophage, Glucophage XR, an ingredient in Glucovance)

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMg

mg/dL; milligrams(MILL-ih-grams)per deciliter(DESS-ih-lee-tur)
නියත ද්‍රව ප්‍රමාණයක තිබෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය පෙන්වන මිනුමකි. ඇමරිකාවේ, රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය mg/dL වලින් ප්‍රකාශ කරයි. වෙනත් රටවල් හා වෛද්‍ය සඟරා රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය ලීටරයට මිලිමවුල (mmol/L) වලින් ප්‍රකාශ කරයි. (ඩෙසිලීටරයට මිලිග්‍රෑම්=ලීටරයට මිලිමවුල*18)

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMi

microalbumin (my-kro-al-byoo-min)
විශේෂ පරීක්ෂණයකින් හඳුනාගත හැකි මුත්‍රාවල කුඩා ප්‍රමාණ වලින් පවතින ඇල්බියුමින් නම් ප්‍රෝටීනය.

microaneurysm (my-kro-an-yeh-rizm)
ඉතා කුඩා රුධිර නාල වල දෙපැත්තේ ඇතිවන කුඩා ඉදිමුම් වේ. මෙම කුඩා ඉදිමීම් කැඩී යාම නිසා අසල ඇති පටක වලට රුධිරය කාන්දු විය හැක. දියවැඩියා රෝගය ඇති අයගේ ඇස් වල දෘෂ්ටි විතානයේ(ඇස ඇතුලතම ඇති පටලයේ) මෙම තත්වය ඇතිවිය හැක.

microvascular disease (my-kro-vask-yoo-ler)
ඉතාම කුඩා රුධිර නාල වල එනම් ඇස් වල, ස්නායු වල සහ වකුගඩු වල ඇති රුධිර නාල වල ඇතිවන රෝගී තත්වයකි. මෙහිදී රුධිර නාල වල බිත්ති අසාමාන්‍ය ලෙස ඝනවී දුර්වල වේ. මෙනිසා රුධිරය ගැලීම, ප්‍රෝටීන කාන්දු වීම සහ සෛල වලට ලැබෙන රුධිර ධාරාවේ වේගය අඩුවීම සිදුවේ.

miglitol (mig-lih-tall)
දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා මුඛයෙන් ලබාදෙන ඖෂධයකි. මෙයින් ආහාර වල ඇති පිෂ්ඨය ජීර්ණය කරන එන්සයිම ක්‍රියාකිරීම නතර කර රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහලයාමේ වේගය අඩුකරයි. විශේෂයෙන්ම මෙය සිදුවන්නේ ආහාර වේල් වලට පසුවය. මෙය ඇල්ෆා ග්ලූකොසිඩේස් නිශේධක වර්ගයට අයත් වන ඖෂධයකි.

mixed dose
ඉන්සියුලින් වර්ග දෙකක් එකම එන්නතින් ලබාදීමයි. සාමාන්‍යයෙන් මෙහි දිගුකාලීන ඉන්සියුලින් සමග ඉක්මන් ක්‍රියාකාරී ඉන්සියුලින් හෝ අතරමැදි ක්‍රියාකාරී ඉන්සියුලින් යන වර්ග දෙකෙන් ඵකක් මිශ්‍ර කරයි. මෙමඟින් රුධිර ග්ලූකෝස් මට්ටම කෙටිකාලීනව හා දිගුකාලීනව පාලනය කරයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMo

mmol/L
ලීටරයට මිලිමවුල; මෙය නියත ද්‍රව ප්‍රමාණයක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය මනින මිනුමකි. ඇමරිකාවේ හැර අන් රටවල රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම මනිනු ලබන්නේ ලීටරයට මිලිමවුල වලිනි. ඇමරිකාවේ භාවිත වන්නේ ඩෙසිලීටරයට මිලිග්‍රෑම් යන ඒකකයයි(mg/dl). ලීටරයට මිලිමවුල=ඩෙසිලීටරයට මිලිග්‍රෑම්/18

monofilament
දණ්ඩකට සවිකර ඇති, හිසකෙස් පීරන බුරුසුවක කෙන්දක් වැනි, කෙටි නයිලෝන් කෙන්දකි (කෘතිම කෙන්දකි), වෛද්‍යවරුන් විසින් මෙය පාදයේ පහල කොටසේ ස්පර්ශ කිරීම මගින් පාදයේ ස්නායු වල සංවේදීතාවය පරීක්ෂා කරයි.

mononeuropathy (mah-noh-ne-roh-uh-thee)
ඵක් ස්නායුවකට පමනක් බලපාන ස්නායු රෝග තත්වයකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMy

myocardial infarction (my-oh-kar-dee-ul in-fark-shun)
සිහින්වු හෝ අවහිර වු රුධිර නාල නිසා හදවතට රුධිර සැපයුම බාධා වීමයි. මෙයට හෘදයාබාධ යැයි ද කියනු ලැබේ.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

N

    [Na]  [Ne]   [No] [Np]   [Nu]    

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNa

nateglinide (neh-teh-glin -ide)
දියවැඩියාව දෙවන වර්ගය සඳහා මුඛයෙන් ලබා දෙන ඖෂධයකි. මෙමගින් ආහාර වේලකට වහාම පසුව අග්න්‍යාශයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිකර රුධිරයේ ග්ලැකෝස් මට්ටම අඩු කරයි. මෙය D-ෆීනයිල් ඇලනින් වලින් ව්‍යුත්පන්න වන ඖෂධ වර්ගයකි.

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNe

necrobiosis lipoidica diabeticorum (nek-roh-by-oh-sis lih-poy-dik-ah-dy-uh-bet-ih-kor-um)
පාද වල පහල කොටසේ සමෙහි ඇති වන තත්වයකි. තුවාල ඇතිවන අතර ඒවා කුඩා ප්‍රදේශයක හෝ විශාල ප්‍රදේශයක පැතිර පවතින ඒවා විය හැක. ඒවා සාමාන්‍යයෙන් ඉහලට මතුවු, කහ පැහැති සහ ඇලෙන සුළු බවක් පෙන්වයි. ඒවායේ පිටත දාරය දම් පාටය.

neovascularization (nee-oh-vask-yoo-ler-ih-zay-shun)
කුඩා රුධිර නාල අලුතින් වර්ධනය වීමයි. මෙය දෘෂ්ටිවිතානයේ සිදුවු විට පෙනීම අඩු වීමට හෝ අන්ධ වීමටද බලපෑ හැක.

Nephrologist (neh-FRAH-luh-jist)
වකුගඩු ආබාධ ඇති අයට ප්‍රථිකාර කරන වෛද්‍යවරයා.

nephropathy (neh-frop-uh-thee)
වකුගඩු වල රේගී තත්වයකි. අධික රුධිර පීඩනය හා Hypergh නිසා වකුගඩුවලට හානි වීම නිසා මුත්‍රා වලට ප්‍රෝටීන කාන්දු වේ. හානි වු වකුගඩු වලින් තවදුරටත් රුධිරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීම හා රුධිරයේ වැඩිපුර ඇති තරල(දියර) ඉවත් කිරීම සිදු නොවේ.

nerve conduction studies
ස්නායු වලට සිදුවී ඇති හානි මැනීම සඳහා යොදා ගන්නා පරීක්ෂාවකි.

neurologist (ne-rah-luh-jist)
ස්නායු පද්ධතියේ රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරයා

neuropathy (ne-rop-uh-thee)
ස්නායු පද්ධතියේ රෝගයකි. මෙහි ප්‍රධාන කොටස් 3 කි. Autonomic neuropathy, Mononeuropathy (බහුලවම ඇත්තේ පාද වලට හා පතුල් වලට බලපාන) Peripheral neuropathy ය.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNo

 noninsulin-dependent diabetes mellitus (niddm)
දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා භාවිතා වු වචනයකි.

noninvasive blood glucose monitoring (non-in-vay-siv)
රුධිර සාම්පලයක් ගැනීමට ඇඟිල්ල විදීමකින් තොරව රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය මැනීමයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNp

nph insulin
අතරමැදි ක්‍රියාකාරී ඉන්සියුලින්ය; NPH යනු neutral protamine Hagedorn යන්නයි. සාමාන්‍යයෙන් මෙම ඉන්සියුලින් එන්නත් කර පැය 1-2 අතර රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීම අරඹයි. එහි ප්‍රබල ක්‍රියාකාරීත්වය පවතින්නේ එන්නතින් පසු පැය 6-10 අතරය. නමුත් එය පැය 10 ක් පමණ ක්‍රියාකාරීව පවතී. L ඉන්සියුලින් ලෙසද හඳුන්වයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNu

nutritionist (noo-trih-shuh-nist)
පෝෂණය පිළිබඳ පුහුණුවක් ලැබූ පුද්ගලයා; විශේෂිත පුහුණුවක් තිබීමට හෝ නොතිබීමට පුළුවන. (Dietitian බලන්න)

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

O

[Ob]    [Op]    [Or]    [Ov]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOc

obesity
ශරීරය තුල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මේද තිබීමේ තත්වයයි. බර වැඩි කමට වඩා බරපතල තත්වයකි. සාමාන්‍යයෙන් ශරීරයේ උසට අනුව තිබිය යුතු බර නිර්ණය කළ විට ඵම අගය 30හෝ ඊට වැඩි නම් මෙම තත්වය (ස්ථුල) ඇත.

obstetrician (ob-steh-trih-shun)
ගර්භනී කාන්තාවන්ට ප්‍රතිකාර කරන සහ දරු ප්‍රසුතියට ආධාර කරන වෛද්‍යවරයා.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOp

 ophthalmologist(ahf-thal-mah-luh-jist)
ඇසේ රෝග හා ආබාධ සොයාගෙන ප්‍රතිකාර කරන වෛද්‍යවරයා. කණ්නාඩි හා අක්ෂි කාච අවශ්‍ය අවස්ථා වලදී නියම කිරීමද කරයි.

optician (ahlp-ti-shun)
ඇසේ ආබාධ වලට නියමිත කණ්නාඩි සහ කාච නියම කරන්නා. අක්ෂි කාච සෑදීම හා සවි කිරීමද සිදුකරයි.

optometrist(ahp-tah-meh-trist)
ඇස්වල ආරක්ෂාව සඳහා මුලිකව උපදෙස් දෙන සහ කණ්නාඩි, කාච ආදිය නියම කරන තැනැත්තා. මොහුට ඇතැම් නිෂ්චිත ඇසේ රෝගී තත්වයන්ද හඳුනාගෙන ප්‍රතිකාර කළ හැක.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOr

oral glucose tolerance test(ogtt)
පුර්ව  දියවැඩියාව හා දියවැඩියාව හඳුනාගත හැකි පරීක්ෂාවකි. මෙය පෙර දින රාත්‍රියේ පටන් ආහාර නොගෙන සිට කර ගත යුතු පරීක්ෂාවකි. පළමුව රුධිර සාම්පලයක් ගෙන ඉන් පසු වැඩි ග්ලූකෝස් ප්‍රමාණයක් අඩංගු පානයක් රෝගියාට ලබා දෙයි. ඉන්පසු පැය 2-3 කට වරක් රුධිර සාම්පල කීපයක් පරීක්ෂා කරනු ලබයි. මෙමගින් සිරුර කාලයත් සමග ග්ලූකෝස් කෙසේ භාවිතා කරන්නේදැයි සැසදිය හැක.

oral hypoglycemic agents (hy-po-gly-see-mik)

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට ආසන්නව තබාගැනීමට මුඛමාර්ගයෙන් ලබාදෙන බෙහෙත් වර්ගයකි. මෙම ඖෂධය alpha-glucosidase නිශේධක, biguanides, D-phenylalanine ව්‍යුත්පන්න meglitinides, sulfonylureas සහ thiazolidinediones වර්ග වල

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOv

 overweight

සාමාන්‍ය ශරීර බරට වඩා වැඩි බරක් තිබීමේ තත්වයයි.මෙවිට BMI අගය (Body mass index) 2

 

 

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

P

[Pa]    [Pe]    [Ph] [Pi]   [Po]  [Pr

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPa

pancreas (pan-kree-us)
ඉන්සියුලින් හා ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම නිපදවන ඉන්ද්‍රියයි (අග්න්‍යාශය). මෙය උදරයේ පහල කොටසේ පිටුපසින් පිහිටයි. මෙහි ප්‍රමාණය අතක් තරම් වේ.

pancreas transplantation
යම් පරිත්‍යාගශීලියකුගෙන් ලබාගත් නිරෝගී අග්න්‍යාශයක් හෝ ඉන් කොටසක් දියවැඩියා රෝගියකුට ශල්‍යකර්මයක් මඟින් බද්ධ කිරීම.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPe

pediatric endocrinologist(pee-dee-at-rik-en-doh-krih-nah-luh-jist)
අන්තරාසර්ග ග්‍රන්ථි (හෝමොන නිපදවන ග්‍රන්ථි) වල ආබාධ, දියවැඩියාව වැනි රෝග සහිත දරුවන්ට සාත්තු කරන වෛද්‍යවරයා.

pedorthist (ped-or-thist)
ආබාධිත හා අංගවිකලතා ඇති අයට පාවහන් නිපදවන පුද්ගලයා. මොහුට නියමිත ආකාරයට පාවහන් හෝ orthotics (පාවහන් තුලට බහාලන දෙයක්) නිපදවිය හැක.

periodontal disease(per-ee-oh-don-tul)
විදුරුමසේ ඇතිවන රෝගී තත්වයකි.

periodontist (per-ee-oh-don-tist)
විදුරුමසේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂිත වු දන්ත වෛද්‍යවරයා.

peripheral neuropathy (puh-rif-uh-rul-ne-rop-uh-thee)
අත්, පාද හා පතුල්වල ක්‍රියාකාරිත්වයට බලපාන ස්නායු වල සිදු වන හානි වීම්. මේවානිසා හිරිවැටීම්, වේදනාවන් හෝ පුපුරුගැසීම් දැනිය හැක.

peripheral vascular disease (pvd) (puh-rif-uh-rul-vas-kyoo-ler)
අත්වල, පාදවල හා පතුල්වල ඇති විශාල රුධිර නාල වල ඇති වන රෝගයකි. මෙම රෝගය ඇතිවන්නේ අත්, පාද, පතුල් ආදියේ ප්‍රධාන රුධිර නාල අවහිර වී අවශ්‍ය තරම් රුධිරය නොලුබීම නිසාය. මෙම රෝගයේ ලක්ෂණ ලෙස වේදනා, කැක්කුම් සහ පාදයේ ඇති සෙමින් සුවවන තුවාල දැක්විය හැක.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPh

pharmacist(far-mah-sist)
රොගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග සාදන හා ලබාදෙන සෞඛ්‍ය සේවකයා. මොහුට බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරුද ලබාදිය හැක.

photocoagulation (foh-toh-koh-ag-yoo-lay-shun)
දියවැඩියාව නිසා දෘෂ්ටි විතානයේ ඇතිවන රෝග වලට ප්‍රතිකාරයකි. ප්‍රභල ආලෝක කදම්බයක්/දාරාවක් නම් ලේසි කිරන කදම්බයක් මගින් ඇසෙහි රුධිර වහනය වන රුධිරනාල වැසී හා ැහි ඇති අනවහය රුධිරනාල පිලිස්සී.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPi

pioglitazone(py-oh-glit-uh-zone)
2 වන වර්ගයේ දියවැඩියාවට මුඛයෙන් ලබා දෙන බෙහෙත් වර්ගයකි. මෙමඟින් සෛල ඉන්සියුලින් වලට වඩාත් සංවේදී කර, රුධිරයේ ඇති ග්ලූකෝස් අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා සෛල වලට ඇතුළු කිරීම සිදුවේ. මෙය thiazolidinediones ඖෂධ වර්ගයට අයත් වේ. (Brand name:Actos)


 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPo

podiatrist (puh-dy-uh-trist)
පාදයේ ඇතිවන ආබාධ වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා. මෙම වෛද්‍යවරයා විසින් පුද්ගලයන්ට ඔවුන්ගේ පාද නිරෝගීව තබාගැනීම සඳහා විවිධ ප්‍රතිකාර හා පරීක්ෂණ සිදුකරනු ලබයි.

podiatry(puh-dy-uh-try)
පාද වලට කරන ප්‍රතිකාර හා පාද වල ආරක්ෂාව.
point system
ආහාර වල අඩංගු කැලරි ප්‍රමාණය දැනගැනීම සඳහා කරනු ලබන ආහාර වේල් සැලසුම් කිරීමේ ක්‍රමය.

polydipsia(pah-lee-dip-see-uh)
අධික පිපාසය. මෙය දියවැඩියාවේ ලක්ෂණයක් විය හැක.

polyphagia(pah-lee-fay-jee-ah)
දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකි අධික බඩගින්න.

polyuria (pah-lee-yoor-ee-ah)
අධික ලෙස මුත්‍රා කිරීම. මෙය දියවැඩියාවේ ලක්ෂණයක් විය හැක.

postprandial blood glucose (post-pran-dee-ul)
ආහාර ගෙන පැය 1-2 ක් තුල පරීක්ෂා කරනු ලබන රුධිර ග්ලූකෝස් මට්ටම.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPr

pre-diabetes
සාමාන්‍යයෙන් තිබියයුතු මට්ටමට වඩා වැඩි රුධිර ග්ලූකෝස් මට්ටමක් පැවතුනද එය දියවැඩියාව තරමටම අධික මට්ටමක නොපැවතීමයි. මෙම තත්වය ඇති පුද්ගලයන්ට හෘද රෝග, ආඝාතය හා දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් ඇත. මෙම තත්වය impaired glucose tolerance සහ impaired fasting glucose ලෙසද හඳුන්වයි.

premixed insulin
වෙළඳාම සඳහා නිපදවන ලද ඉන්සියුලින් වර්ග 2 ක මිශ්‍රණයකි. (50/50 ඉන්සියුලින් සහ 70/30 ඉන්සියුලින් බලන්න)

        Preprandial blood glucose (pree-pran-dee-ul)
ආහාර ගැනීමට පෙර ගනු ලබන රුධිර ග්ලූකෝස් මට්ටමයි.

prevalence
යම්කිසි ජනගහනයක හෝ කණ්ඩායමක සිටින රෝගයක් ඇති බවට වාර්තා කර ඇති මිනිසුන් ගණන.

Proinsulin (proh-in-suh-lin)
අග්න්‍යාශයේ මුලින්ම නිපදවී, කොටස් කීපයකට කැඩීමෙන් පසු ඉන්සියුලින් බවට පත් වන ද්‍රව්‍යය.

proliferative retinopathy (pro-lih-fur-ah-tiv-reh-tih-nop-uh-thee)
ඇසේ කාච රසයේ හා දෘෂ්ටි විතානයේ අලුතින් දුර්වල රුධිර වාහිනී සෑදීමේ තත්වය.

prosthesis (prahs-thee-sis)
කපා ඉවත්කල අතක් හෝ පාදයක් වෙනුවට යෙදිය හැකි කෘතීමව සෑදූ කොටසක්.

protein(pro-teen)       
ආහාරවල ඇති ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ වලින් එකකි. මේවා ලැබෙන ආහාර වන්නේ මස්, මාළු, චීස්, කිරි, කිරි ආහාර, බිත්තර හා වියලූ ඇට වර්ග ආදියයි. සෛල සෑදීමට, ඉන්සියුලින් වැනි හෝමෝන සෑදීමට හා වෙනත් අවශ්‍යතා වලට, ශරීරයට ප්‍රෝටීන් අවශ්‍ය වේ.

proteinuria (pro-tee-noor-ee-uh)
මුත්‍රා වල ප්‍රෝටීන අඩංගු වීමේ රෝගී තත්වයයි. මෙමඟින් වකුගඩු නියමිත පරිදි ක්‍රියා නොකරන බව දැනගත හැක.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

R

[Ra]    [Re]    [Ri]    [Ro]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifRa

rapid-acting insulin
එන්නතින් පසු විනාඩි 5-10 අතර කාලයකදී රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරන ඉන්සියුලින්. මෙහි ප්‍රභල ක්‍රියාකාරීත්වය එන්නතින් පසු විනාඩි 30 ත් පැය 3 ත් අතර කාලයක් පවතී. මෙය භාවිතා කළ වර්ගය මත රඳා පවතී. (aspart insulin සහ lispro insulin බලන්න.)

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRe

 rebound hyperglycemia (hy-per-gly-see-mee-ah)
රුධිර ග්ලූකෝස් මට්ටම අඩුවෙමින් වැඩිවෙමින් පැවතීමයි. (somogyi effect බලන්න)

recognized diabetes education programs
ඇමරිකානු දියවැඩියා සංගමය මගින් අනුමත කරන ලද දියවැඩියාව තමන් විසින්ම පාලනය කර ගන්නා ආකාරය පිළිබඳව ඉගැන්වීම.

renal (ree-nal)
වකුගඩු මඟින් කළ යුතු කාර්යය. Renal disease- වකුගඩු වල රෝගී තත්වය. Renalfailure-වකුගඩු ක්‍රියා විරහිත වීම.

renal threshold of glucose (thresh-hold)
ග්ලූකෝස් මුත්‍රා සමඟ පිට කිරීම ආරම්භ කිරීමට රුධිරයේ තිබිය යුතු ග්ලූකෝස් සාන්ද්‍රණය.

repaglinide (reh-pag-lih-nide)
දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා මුඛයෙන් ලබාදෙන ඖෂධ වර්ගයකි. මෙය ආහාර වේලකට වහාම පසුව, අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩි කිරීමට උදව්වේ. මෙවිට රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුවේ. මෙම ඖෂධය මෙග්ලිටිනයිඩ්ස් (meglitinides ) ඖෂධ වර්ගයට අයත් වේ. (Brand name:Prandin)

retina (reh-ti-nuh)
ඇසේ ඇතුලත පිහිටන ආලෝක සංවේදී පටක තට්ටුව.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRi

 risk factor
පුද්ගලයෙකුට ඇති රෝගයක් සෑදීමේ හැකියාව වැඩි කරන යම්කිසි සාධකයක්.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRo

rosiglitazone (rose-ee-glih-tuh-zone)
දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා මුඛයෙන් ලබාදෙන ඖෂධයකි. මෙයින් සෛල වල ඉන්සියුලින් සඳහා ඇති සංවේදීතාව වැඩිකර, රුධිරයේ ඇති ග්ලූකෝස් සෛල තුලට ගමන් කර ශක්තිය නිපදවීමට සලස්වයි. thiazolidinediones යන ඖෂධ වර්ගයට අයත් වේ. (Brand name:Avandia)

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

S

[Sa]    [Se]   [Sh]    [Si]   [So] [Sp]   [St]    [Su]    [Sy

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSa

Sacchrin (SAK-ah-rin)
කැලරි හා පෝෂණ අගයක් නොමැති රස කාරකයකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSe

secondary diabetes
සමහර බෙහෙත් වර්ග හෝ රසායන ද්‍රව්‍ය හේ වෙනත් රෝග නිසා ඇතිවන දියවැඩියාව.

self manegement
දියවැඩියාව පාලනය කිරීමට කරගෙන යනු ලබන ක්‍රියා පිළිවෙල. ආහාර පාලනය, ශාරිරික ක්‍රියාකාරිත්වය පාලනය, රුධිර සීනි මට්ටම පාලනය, ඹෟෂධ නියමාකාරයෙන් ගැනීම හා සෑම දෛනික කටයුත්තකදීම දියවැඩියා පාලනය.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSh

sharpes container
භාවිත කරන ලද ඉඳිකටු හා එන්නත් කටු ඉවත් කිරීම සඳහා ඇති භාජනය. මෙය ඝනකම් ප්ලාස්ටික් වලින් සාදා ඇති නිසා ඉඳිකටු වලින් සිදුරු නොවේ.

short-acting insulin
එන්නත් කර විනාඩි 30 ක් තුල රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට කටයුතු කරන ඉන්සියුලින් වර්ගය. මෙහි ප්‍රභල ක්‍රියාකාරීත්වය පැය 2-5 ක් අතර කාලයක් පවතී.
(regular insulin බලන්න)

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSi

 side effects
ඖෂධ වර්ගයකින් ලැබෙන බලාපොරොත්තු නොවු ප්‍රතිඵලය/අතුරු ආබාධය

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSo

 

somogyi effect, also called rebound hyperglycemia (suh-moh-jee)
ඉතා අඩු රුධිර ග්ලූකෝස් මට්ටමේ සිට ඉතා වැඩි රුධිර ග්ලූකෝස් මට්ටමකට වෙනස්වීම මෙසේ හදුන්වයි. මෙය සිදුවන්නේ ප්‍රතිකාර නොකරන ලද රාත්‍රියේ ඇතිවන ඉන්සියුලින් ක්‍රියාවලිය නිසාය. මෙම වෙනස්වීම ඇතිවීමට හේතුවන්නේ ආතති හෝමෝන මුදාහැරීම නිසාය.

sorbitol (sore-bih-tall)
ඵහි 4 කැලරි/ගඔුයට හක්තියක් අඩුගු වේ. දියවැඩියාව ඇති පුද්ගලයන්ගේ සිරුර තුල මෙය නිපදවේ. මෙමගින් ඇස් හා ස්නායු වලට හානි සිදුවිය හැක.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSp

split mixed dose
නියම කරන ලද ඉන්සියුලින් එන්නත, එන්නත් 2 කට හෝ කීපයකට බෙදා දිනය තුල වරින්වර ලබාදීම.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSt

starch
ආහාරයේ ඇති ප්‍රධාන පෝෂක තුනෙන් එකක් වන කාබෝහයිඩ්‍රේට හැඳින්වීමට තවත් නමකි.

stroke
මොළයේ ඇති රුධිර නාල හානි වීම නිසා ඇති වන තත්වයකි. මෙම තත්වය නිසා ශරීර කොටස් චලනය කිරීමට හෝ කතා කිරීමට නොහැකි විය හැක.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSu

Subcutaneous injection (sub-kyoo-TAY-nee-us)
ඉඳිකටුවක් හා සිරිංජයක් ආධාරයෙන් සමට යටින් ඇති පටක තුලට තරලයක්/ධිවයක් ඇතුල් කිරීම.

sucralose
පෝෂණ අගයක් හෝ කැලරි හෝ අඩංගු නොවන, සීනි වලින් සාදනු ලබන රසකාරකයකි.

sucrose
ග්ලූකෝස් හා ෆ්‍රක්ටේස් යන කොටස් දෙකෙන් සෑදුණු සීනි වර්ගයකි සාමාන්‍ය සීනි වර්ගයකි. සාමාන්‍ය සීනි හෝ සුදු සීනි ලෙස හඳුන්වයි. මේවා බීට් වල හා උක් ගස් වල ස්වභාවිකව හමුවෙයි.

sugar
පැණි රසයෙන් යුක්ත කාබේහයිඩ්‍රේට වර්ගයකි. මෙයට ග්ලූකෝස්, ප්‍රක්ටේස්, සස් අයත් වේ. රුධිරයේ ග්ලූකෝස් අඩංගු බව හැඳින්වීමටද යෙදෙන වචනයකි.

sugar alcohols
රුධිර ග්ලූකෝස් මට්ටමේ කුඩා වැඩිවීමක් පමණක් ඇතිකරන රසකාරක වර්ගයකි. මෙහි ග්‍රෑමයකට කැලරි 2 ක් අඩංගු වේ. එරාත්‍රිටෝල් (erythritol ), hydrogenated starch hydrolysates, isomalt, ලැක්ටිටෝල්(lactitol),maltitol, mannitol, sorbitol සහ xylitol අයත් වේ. polyols (PAH-lee-alls) ලෙසද හැඳින් වේ.

sugar diabetes 
රුධිර සීනි මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීමට බැරි අවස්ථාව (diabetes mellitus)හැඳින්වීමට යොදන ලද වචනයකි.

sulfonylurea (sul-fah-nil-yoo-ree-ah)
දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයට මුඛයෙන් ලබාදෙන බෙහෙත් වර්ගයකි. මෙමඟින් වැඩිපුර ඉන්සියුලින් නිපදවීමට අග්න්‍යාශයට උදව් කර, එම ඉන්සියුලින් ශරීරයට ප්‍රයෝජනයට ගැනීමට සලස්වයි. [Generic names:සිටොහෙක්සමයිඩ් (acetohexamide), ක්ලෝප්‍රෝපමයිඩ් (chlorpropamide), glimepiride, glipizide, glyburide, tolazamide, tolbutamide]

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSy

syringe (suh-rinj)
ඖෂධ වර්ග හා වෙනත් දියර වර්ග ශරීර පටක තුලට ඇතුළු කිරීමට යොදා ගන්නා උපකරණයයි ඉන්සියුලින් එන්නත් කිරීමට යොදා ගන්නා සිරිංජය කුහරයක් සහිත ප්ලාස්ටික් කොටසක්, plunger සහ කටුවකින් යුක්ත එකකි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

T

   [Te]    [Th]   [To]   [Tr]  [Ty]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTe
team managemen
වෛද්‍යවරයෙක්, හෙදියක්, දියවැඩියාව පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන්නෙක්, පෝෂණවේදියෙක් සහ තවත් අයගෙන් සැදුම් ලත්, දියවැඩියා රෝගියෙකුගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ක්‍රියා කරන කණ්ඩායමක්. මෙම කණ්ඩායම දියවැඩියා රෝගී පුද්ගලයාට අවශ්‍ය උපදෙස් ලබාදෙයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTh
thiazolidinedione (thigh-uh-zoh-lih-deen-dye-own)
දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයන්ට මුඛයෙන් ලබාදෙන බෙහෙත් වර්ගයකි. ඉන්සියුලින් මඟින් රුධිරයෙන් ග්ලූකෝස් ලබාගෙන ශක්තිය නිපදවීම සඳහා සෛල තුලට යැවීමට, සෛල ඉන්සියුලින් සඳහා වඩා සංවේදී කිරීමක් මෙයින් සිදුවේ. (Generic names:Pioglitazone, Rosiglitazone)

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTo
tolazamide (tohl-ah-zah-mide)
දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා මුඛයෙන් ලබාදෙන බෙහෙත් වර්ගයකි. අග්න්‍යාශයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිකිරීම මඟින්, ශරීරය තුලම නිපදවන ඉන්සියුලින්ම ප්‍රයෝජනයට ගැනීමට සලස්වා රුධිර ග්ලූකෝස් මට්ටම අඩුකරන ඖෂධයකි. Sulfonylureas යන ඖෂධ කාණ්ඩයට අයත් වේ.(Brand names:Tolinase)

 

tolbutamide (tohl-byoo-tah-mide)
දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා මුඛයෙන් ලබාදෙන බෙහෙත් වර්ගයකි. අග්න්‍යාශයෙන් නිපදවන  ඉන්සියුලින් ප්‍රමාණය වැඩිකිරීම මඟින්, ශරීරය තුලම නිපදවන ඉන්සියුලින්ම ප්‍රයෝජනයට ගැනීමට සලස්වා රුධිර ග්ලූකෝස් මට්ටම අඩුකරන ඖෂධයකි. Sulfonylureasයන ඖෂධ කාණ්ඩයට අයත් වේ. (Brand names:Orinase)

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTr
triglyceride (try-gliss-er-ide)
සිරුර තුල මේදය ගබඩා කර තබන්නේ මේ ආකාරයටයි. පාලනය නොකළ දියවැඩියාව අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමක් ඇතිවීමට හේතු වේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTy
type 1 diabetes
නිපදවන මුළු ඉන්සියුලින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා, රුධිර ග්ලූකෝස් මට්ටම ඉහල ගොස් ඇතිවන දියවැඩියා තත්වය. ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය මඟින් අග්න්‍යාශයේ ඇති ඉන්සියුලින් නිපදවන සෛල, එනම් බීටා සෛල විනාශ කිරීම නිසා අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවීම අණහිටීම හෝ ඉන්සියුලින් අඩුවෙන් නිපදවීම නිසා මෙම තත්වය ඇතිවේ. මෙම දියවැඩියා තත්වය තරුණ අයට වැඩිපුර ඇතිවන නමුත් වැඩිහිටියන්ටද ඇතිවිය හැක.
type 2 diabetes
ඉන්සියුලින් කාර්යක්ෂමව භාවිත කිරීමට ශරීරයට නොහැකි වීම නිසා හෝ ඉන්සියුලින් නිපදවීම අඩුවීම නිසා හෝ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහල යාම නිසා ඇතිවන තත්වයකි. මෙය බහුලවම මැදිවයසේ හෝ මහළු වියට පත් වැඩිහිටියන් තුල දක්නට ලැබෙන නමුත් වයසින් අඩු අයටද ඇතිවිය හැක. 

.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

U

[Ul]  [Un]  [Ur]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifUl

ulcer (UL-sur)
සමෙහි කැඩීමක් හෝ ගැඹුරු තුවාලයක්.

ultralente insulin (ul-truh-len-tay)
දීර්ඝ කාලීනව ක්‍රියා කරන ඉන්සියුලින්ය. සාමාන්‍යයෙන් මෙම ඉන්සියුලින් එන්නත් කර පැය 4-6 අතර කාලයකදී රුධිර ග්ලූකෝස් මට්ටම අඩුකිරීම අරඹයි. මෙම එන්නතෙහි ප්‍රභල ක්‍රියාකාරීත්වය එන්නතින් පසු පැය 10-18 ක් පවතින අතර ක්‍රියාකාරීව පවතින කාලය එන්නත් කර පැය 24-28 අතර කාලයකි. U ඉන්සියුලින් ලෙසද හඳුන්වයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifUn

unit of insulin
ඉන්සියුලින් මනිනු ලබන මුලික මිනුමයි. ඉන්සියුලින්U-100 යනු ද්‍රවයේ කියුබික් සෙන්ටිමීටරයට(cc ) හේ මිලිලීටරයට (mL) ඉන්සියුලින් ඒකක 100ක් ඇති බවයි. මේ අවධියේ ඇමරිකාවේ නිපදවන ඉන්සියුලින් බොහෝමයක් U-100 වේ.
 
united kingdom prospective diabetes study (UKPDS)
1977 සිට 1997 දක්වා දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් යොදා ගෙන එංගලන්තයේ කරන ලද අධ්‍යයනයකි. රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කර ගැනීම මඟින් වකුගඩු හා ඇස් ආබාධ වලට ඇති අවධානම අඩුකර ගත හැකි බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙන ලදී. මීට අමතරව දෙවන වර්ගයේ දියවැඩියාව හා අධික රුධිර පීඩනය ඇති පුද්ගලයින් ඔවුන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කර ගත හොත් ඔවුන් ආඝාතය/ඇසේ ආබාද හා දිගු කාලීන රෝග වලින් ඇතිවන රනය සෟහා ගොඬීරුට ඇති අවදානම් තත්ව අඩු කර ගත හැකි බවද පඔකාහ කරන ලදී.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifUr

urea (yoo-ree-uh)
අක්මාව තුල සාමාන්‍යයෙන් සිදුවන ප්‍රෝටීන් බිඳහෙලීමේ ක්‍රියාවලියේදී රුධිරයට එකතුවන අපද්‍රව්‍යයකි. රුධිරයේ ඇති යුරියා වකුගඩු මඟින් ඉවත් කර මුත්‍රා ලෙස ශරීරයෙන් බැහැර කරයි.

uremia (yoo-ree-mee-ah)
වකුගඩු නියමිත පරිදි වැඩ නොකිරීමෙන් රුධිරයේ යුරියා වැඩි වීම නිසා ඇතිවන රෝගී තත්වයකි. ඔක්කාරය, වමනය, ආහාර රුචිය නැතිවීම, දුර්වල බව හා මානසික කලබලකාරී බව රෝග ලක්ෂණ ලෙස දැකිය හැක.

urine
රුධිරයෙන් පෙරාගන්නා ලද ද්‍රවමය අපද්‍රව්‍යයකි. රුධිරයේ සිට මෙම පෙරීම සිදුවන්නේ වකුගඩු වලදීය. ඉන්පසු මෙම ද්‍රවමය අපද්‍රව්‍ය මුත්‍රාශයේ ගබඩා කර තබා මුත්‍රා පහ කිරීම මඟින් ශරීරයෙන් බැහැර කරයි.

urine testing
මුත්‍රා පද්ධතියේ හෝ ශරීරයේ වෙනත් පද්ධතිවල රෝගී තත්ව හඳුනා ගැනීමට මුත්‍රා පරීක්ෂණ සිදු කිරීමයි. රුධිර වහනයන්ගේ ලක්ෂණ පරීක්ෂා කිරීමටත් මුත්‍රා පරීක්ෂණ යොදා ගනී. සමහර පරීක්ෂණ සඳහා එක් මුත්‍රා සාම්පලයක් අවශ්‍ය වන අතර සමහර පරීක්ෂණ සඳහා පැය 24ක් තුල ලබාගත් මුත්‍රා සාම්පල කීපයක් අවශ්‍ය වේ. ඇතැම් විට මුත්‍රා සාම්පල වල සිටින බැක්ටීරියා හඳුනා ගැනීමට ඒවා වර්ධනය වීමට සලස්වයි.

urologist (yoo-rah-luh-jist)
මුත්‍රා මාර්ග පද්ධතියේ ඇති රෝගි තත්වයට ප්‍රතිකාර කරන්නා.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

V

[Va]  [Ve]   [Vi]    [Vo]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVa

vascular
ශරීරයේ රුධිර නාල වලට සම්බන්ධ.

vain
හෘදයට රුධිරය ගෙනයන රුධිර නාල.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVe

very- long acting insulin
එන්නත් කර පැයක් තුල රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට කටයුතු කරන, පැය 24ක් පුරා ක්‍රියාකාරී වන ඉන්සියුලින් ය.

very-low-density lipoprotein (vldl) cholesterol
රුධිරයේ ඇති කොලෙස්ටරෝල් වර්ගයකි. මෙය වැඩිපුර තිබීම හෘදයේ හා රුධිර නාල වල රෝග ඇතිවීමට බලපායි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVi

vitrectomy (vih-trek-tuh-mee)
ඇසේ වළාමය පටකයක් බැදීම නිසා ඇස් පෙනීම දුර්වල වු විට කරනු ලබන සැත්කමයකි. මෙහිදී ඵම පටලය ඉවත් කරනු ලබයි.

vitreous humor (vih-tree-us)
ඇසේ කාචයට පිටුපසින් හා දෘෂ්ටි විතානයට ඉදිරිපසින් පිහිටන පැහැදිළි ජෙලිමය ද්‍රව්‍යයකි. (කාච රසය)

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVo

void
මුත්‍රා පහ කිරීමට; මුත්‍රාශය හිස් කිරීමට

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

W


 

wound care
පාදයේ ඇති තුවාලයක් වැනි දෙයක් නියමිත පරිදි සුවවීම සඳහා ගනු ලබන පියවර. දියවැඩියාවෙන් පෙලෙන අය ඔවුන්ගේ තුවාල ආසාධනය නොවීමට විශේෂ ක්‍රියාමාර්ග ගත යුතුය.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

X     

xylitol (ZY-lih-tall)
    සීනි වෙනුවට යොදාගත හැකි රස කාරකයකි. ශාක තුල හමුවේ. කාබේහයිඩ්‍රේටයකි. ශක්ති ඡනකයකි. සමහර මින්ට් වර්ග සහ chewing gum වල ඇත.