Untitled Document




~ සුවහස් විදු ජාලය ~

රසායන විද්‍යා ශබ්දකෝෂය / Chemistry Dictionary

නිර්මාණය: විද්‍යා ව්‍යාප්ති අංශය - මූලික අධ්‍යන ආයතනය මහනුවර
Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

 A

[Ab]  [Ac]  [Ad] [Ae] [Af]  [Al]  [Am]  [An] [Ap] [Aq] [Ar] [ As]  [At]  [ Au ]  [Av]  [Az]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAb

Abietate: බේට්            
      ඇබෙටික් අම්ලයේ ලවණයක් හෝ එස්ටරයක්

Abietic acid/Sylvic acid: බෙටික් අම්ලය
C20H30O2  : ජලයේ අද්‍රාව්‍ය, කහ පැහැති ස්ඵටිකයකි.  පයින් ශාකයෙන් ලබා ගන්නා රෙසිනයකි.
වානිෂ් හා සබන් සෑදීමේදී භාවිතා වෙයි.   

Abrasive: අවසීරුම් ද්‍රව්‍ය
යම් පෘෂ්ඨයක් මැදීමට හෝ ඇඹරීමට ගන්නා ද්‍රව්‍ය.  උදා :- ඇමරි

Absolute alcohol: විජල මධ්‍යසාරය                                 
1% w/w  වල වඩා අඩු ජල ප්‍රමාණයක් ඇති ඊතයිල් ඇල්කොහොල විජල මධ්‍යසාර නම්වේ. මෙය
සාදාගන්නේ ප්‍රතිශෝධිත මධ්‍යසාර (rectified spirit) දෙහි (Lime)  සමඟ කිහිප දිනක් කකාරවා
(Digestion) නැවත ප්‍රති ආසවනය (redisttilation) කිරීමෙනි

Absolute Entropy (s°)/ Absolute zero: නිරපේක්ෂ එන්ට්‍රෝපිය/ නිරපේක්ෂ ශුන්‍ය
අංශුන් තමන්ගේ මුළු චාලක ශක්තිය මුදා හරින උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්‍ය/ නිරපේක්ෂ එන්ට්‍රෝපිය
ලෙස හඳුන්වයි. නිරපේක්ෂ ශුන්‍ය  - 273.15c° වේ. තර්කාත්මකව/ සෛද්ධ්‍යාන්තිකව (theoriticaly)
ගත් කල මෙම අවස්ථාවේදී අංශුන්ගේ චලනයක් නැත.

Absolute Temperature k°: නිරපේක්ෂ උෂණත්වය
නිරපේක්ෂ උෂණත්වය; c°+ 273.15 =k

Absorption: අවශෝෂණය                                               
එක් ද්‍රව්‍යයක් තුලට තවත් ද්‍රව්‍යයක් කාවැදීමේ(ඇතුල් වී පැතිරීම) ක්‍රියාවලිය අවශෝෂණය නම්වේ.

Absorption spectroscopy: අවශෝෂණය වර්ණාවලිය      
යම් පදාර්ථයක් තුලින් ආලෝකය ගමන් කරන විට එය ආලෝකය විවිධ ප්‍රමාණවලින් අවශේෂණය කරයි.
පදාර්ථය එයට ආවේනික තරංග ආයාමයක් අනුව ආලෝකය අවශෝෂනය කරයි.  අවශෝෂණ ප්‍රමාණය
තරංග ආයාමය අනුව වෙනස්වන ආකාරය අවශෝෂණය වර්ණාවලිය මඟින් පෙන්වයි.

Abundance: සුලබතාව   
යම් මුල ද්‍රව්‍යයක් තවත් මුලද්‍රව්‍යයකට සාපේක්ෂව පවතින ප්‍රමාණය සුලබතාවයයි.
විශ්වයේ ඇති බහුලතම මුලද්‍රව්‍යය හයිඩ්‍රජන් වන අතර දෙවැනි වන්නේ හීලියම්ය.
වායුගෝලයේ ඇති බහුලතම මුලද්‍රව්‍යය නයිට්‍රජන්ය. පෘථවි තලයේ ඇති බහුලතම මුලද්‍ර
ව්‍යය ඔක්ස්ජන්ය.

 එය 49.5% වේ.

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAc

Accelator: ත්වරකය
      යම් ප්‍රතික්‍රියාවක වේගය වැඩිකරන ද්‍රව්‍ය.

Acceptor: ප්‍රතිග්‍රාහක       
යමක් ලබා ගන්නා ප්‍රතිග්‍රාහක වේ.  උදා :- සංගත බන්ධනයකදී  ඉලෙක්ට්‍රෝන යුග්මය ලබා ගන්නා
පරමාණුව හෝ ඛණ්ඩය ප්‍රතිග්‍රාහකයාය.

Accumulator: සංචායකය
ශක්තිය ගබඩා කල හැකි උපකරණයකි. 

Accuracy: නිරවද්‍රතාවය
මනින ලද අගය නිවැරදි අගයට කොතරම් සමීපද යන්න මෙයින් දැක්වේ.

Acetal: සිටැල්     
නිර්ජලීය, අම්ල මාධ්‍යයේ ඇල්කොහොල, ඇල්ඩිහයිඩ් සමඟ ප්‍රතික්‍රියා කල විට ඇස්ටැල් ලැබේ.
R`C(O)H + ROH → R`C(OR)2H  +H2O

Acetaldehyde (Ethanal): සිටැල්ඩිහයිඩ්
CH3CHO. අවර්ණ, අමිහිරි ගන්ධයකින් යුක්ත ද්‍රව්‍යයකි. ජලයේ දියවේ. ඇස්ටික් අම්ල සෑදීමේදී මෙන්ම
රබර් සෑදීමේදී ත්වරකයක් ලෙසත්, ෆනෝලිත රෙසින සෑදීමේදී හා කෘතීම ඖෂධ නිශ්පාදනයේදී ද මෙය
වැදගත් වේ.

Acetamide:සිටමයිඩ්
CH3 CONH2 .  ස්ඵටික රූපී අවර්ණ ඝනයකි.  ජලයේ, මධ්‍යසාර හා ඊතර වල දියවේ.

Acetanilide/ N- phenyl acetamide: ක්ටනිලයිඩ
C6H5 NHCOCH3 : අවර්ණ ස්ඵටිකරූප ඝනයකි.  
C6H5 NH2 + CH3COOHŠC6H5NHCOCH3 + H2O
        ඇනිලින්  ඇස්ටික් අම්ලය
     
Acetic acid Ethanoic acid: සිටික් අම්ලය
CH3COOH :   ජලය, එතනෝල් හා ඊතර සමඟ මිශ්‍ර වේ.  මෙය ද්‍රාවකයක් ලෙසත් ඇස්ටේට්, ඇස්ටෝන්
හා ඇස්ටික් ඇන්හයිඩ්‍රයිඩ සෑදීමේදීත් භාවිතා වේ.  විනාකිරි ලෙස හැඳින්වෙන්නේ 9.6-10% ජලීය
ඇස්ටික් අම්ල මිශ්‍රණයයි.

Acetone: සිටෝන්
CH3COCH3 :  අවර්ණ, කටුක ගන්ධයක් ඇති ද්‍රව්‍යයකි.  B.P. 56°c ජලය, එතනෝල්, ඊතර සමඟ
හොඳින් මිශ්‍රවේ.  එය ඇසිටිලීන්, සෙලියුලෝස් ඇසිටේට්, සඳහා ද්‍රාවකයක් (solvent) ලෙස භාවිතා වේ.

Acetyl Chloride: සිටයිල් ක්ලෝරයිඩ
CH3COCl. වාෂ්පශීලි අවර්ණ ද්‍රව්‍යයකි. ඇසිටයිල්කරණය සඳහා භාවිතා කරයි.

Acetylene: සිටිලීන්
C2H2. ලෝහ පෑස්සීම සඳහා භාවිතා කරන ඔක්සි-ඇසිටලීන් දැල්ල ලබා ගැනීමට උපකාර වේ

Acetylem black (carprene): කාපීන්                               
ඊතේන් පයිරොලිස්යෙන් ලබාගන්නා කාබන් ආකාරයකි.

Achiral: අකයිරැල්
යම් වස්තුවක් එහි දර්පණ ප්‍රතිබිම්බය මත සමපාත වන අතර (සම්පාත කලහැක) එම ප්‍රකාශ අක්‍රිය
සංයෝගවේ.  

Achromatic Indicators: අවර්ණක දර්ශක
අළු පැහැති අනුමාපන අන්ත ලක්ෂයන් ලබාදෙන දර්ශක වේ.  නොපැහැදිලි බොර වු ද්‍රාවණ වල අන්ත
ලක්ෂ මැනීමේදී මෙවැනි දර්ශක වැදගත් වේ.

Acid anhydride: අම්න්හයිඩ්‍රයිඩ
ජලය සමඟ ප්‍රතික්‍රියා කර අම්ල ලබාදෙන ලෝහමය නොවන ඔක්සයිඩ.

Acid- Base: අම්- භෂ්ම 
අම්ල නිල් ලිට්මස් රතු පාටට හරවයි. සාමාන්‍ය උෂ්ණත්වයේදී(25 Co)අම්ල වල pH අගය 7ට වඩා අඩුය.
ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි. බොහෝ අම්ල ද්‍රව අවස්ථාවේ පවතී. නමුත් සාමාන්‍ය තත්ව යටතේදී
ඔක්සැලික්, ටාටරික් වැනි අම්ල ඝන අවස්ථාවේ පවතී.

      ආහිනියස්ට අනුව :
සියලුම අම්ල HX ආකාරවේ. 
මෙම ආකාරය HX ŠH+ + X- ආකාරයට බිඳේ.  ඒ අනුව ආහිනියස් අම්ල වන්නේ HCl, H2SO4, HNO3,
HSO4, H3PO4. 
ඔහු භෂ්ම ලෙස හැඳින්වු සංයෝග MOH ලෙස ලියා දැක්වීය. එය බිඳිය යුත්තේ M++  OH- ලෙසයි.
උදා KOH, Ca(OH)2 හා Al(OH)3. 

බ්‍රොන්ස්ටඩ්- ලෝරී වාදයට අනුව: ප්‍රෝටෝනයක් දීමේ හැකියාව ඇති සංයෝග අම්ල වන අතර ප්‍රෝටෝනයක්
ලබාගැනීමේ හැකියාව ඇති සංයෝග භෂ්ම වේ.
HCl + H2O DH3O+ + Cl-   
අම්ල   භෂ්ම                                                                                         

ලුවිස් වාදයට අනුව: එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් ලබාගන්නා සංයෝග අම්ල වන අතර එකසර ඉලෙක්ට්‍රෝන
යුගලයක් දීමේ හැකියාව ඇති සංයෝග අතර භෂ්ම වේ.
H+      +       NH3  Š NH4+                                                                                                                                       
ලුවිස් අම්ල   ලුවිස් භෂ්ම
  අප එදිනෙදා භාවිතා කරන ප්‍රබල අම්ල:

HClO4       ප ක්ලොරික් අම්ලය
HBr           හයිඩ්‍රොබ්‍රෝමික් අම්ලය
H2SO4       සල්ෆියුරික් අම්ලය
H3O+         හයිඩ්‍රෝනියම් අයනය
HI              හයිඩ්‍රෝඅයඩික් අම්ලය
HCl           හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය
HNO3        නයිට්‍රික් අම්ලය

 

 

Acid Base Indicator: අම්-භෂ්ම දර්ෂක
අම්ලයක් හෝ භෂ්මයක් හමුවේදී වෙනස් වර්ණයක් දෙන සංයෝග වේ.  මේවා බොහෝ විට දුර්වල අම්ල හෝ භෂ්ම වේ.                                              
HIn + H2O ŠH3O++ In-              
HIn හා In- සඳහා එකිනෙක වෙනස් වු වර්ණ ඇත.

Acid dissociation constant: අම් විඝටන නියතය
ජලයෙහිදී අයණීකරණය වන බොහෝ සංයෝග ප්‍රබල අම්ල වේ.  දුබල ආම්ලික සංයෝග ජලයේදී කුඩා ප්‍රමාණ වලින්
අයනීකරණය වෙයි. මෙවැනි අම්ලයකින් H+ ලෙස විඝටනය වන ප්‍රමාණය දක්වන නියතය, අම්ල විඝටන නියතය නම්වේ.          
HX ජලීය(අම්ල) ( H+ජලීය+ X-ජලීය 

ka = අමිල විඝටන නියතය

 

Acid Dyes: අම් සායම්
ස්වභාවික සිල්ක් හා ලෝම වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන ඩයි වර්ගයන්ය.  මේවා බොහේමයක් කාබනික අම්ල
ලවණ වෙයි.

Acid rain: අම් වැසි      
ආම්ලික pH අගයන් සහිත වැහි වතුර සහිත වැසි ආම්ලික වැසි ලෙස හඳුන්වයි. නයිට්‍රජන් ඔක්සයිඩ හා සල්ෆර්
ඩයොක්සයිඩ සහිත වායු මඟින් සිදුවන පරිසර දූෂණයවේ. මෙහිදී එම වායුන් වැසි ජලයෙහි දියවීම නිසා වැසි
ජලය ආම්ලික වේ.

Acidic oxide: ම්ලික ඔක්සයිඩ
ජලයෙහි  දිය වු විට ආම්ලික ද්‍රාවණයක් දෙන සහ සංයුජ ඔක්සයිඩ.

Acidic salt: ම්ලික ලවණ
අයනීකරණය විය හැකි H පරමාණුවක් සහිත ලවණයකි. NaHCO3, NaHSO4

Acidic solution: ම්ලික ද්‍රාවණ
කිසියම් ජලීය ද්‍රාවනයක H+aq සාන්ද්‍රණය OH-aq  සාන්ද්‍රණයට වඩා වැඩිනම් එය ආම්ලික ද්‍රාවණයකි.

Actinides/ !Actinoids: ක්ටිනයිඩ/ක්ටිනෝයිඩ
ආවර්තිතා ව­ගුවේ 90 වන මුලද්‍රව්‍යයේ සිට 103 දක්වා ඇති මුලද්‍රව්‍ය අයත්වේ.

ඇක්ටිනියම් ශ්‍රේණියේ මුලද්‍රව්‍ය 14 අඩංගු­වේ.  මෙම ශ්‍රේණියට අයත් වන්නේ 5f කවචයේ ඉලෙක්ට්‍රෝන පිරෙන මුලද්‍රව්‍ය වේ.
මෙම මුලද්‍රව්‍ය ස්වභාවික පරිසරයක දැකීම විරලය.  බොහෝ විට න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී නිපදවේ. ඇක්ටිනියම් ශ්‍රේණියට
අයත් මුලද්‍රව්‍ය ලෝහමය වේ.  මේවාට විවිධ ඔක්සිකරණ අංක තිබිය හැක. +3, +4, +5, හා +6.  බොහෝවිට මෙම අයන
වර්ණවත් වේ.
U3+(ජලීය) -රතු   ,   U4+(ජලීය)- කොළ  ,    UO2+2(ජලීය) -කහ

Activated !Alumina: සක්‍රිය කලලුමිනා                       
සවිවර පෘෂ්ඨයක් සහිත විජලනය කල ඇලුමිනියම් ඔක්සයිඩ්.  මෙහි සවිවර භාවය නිසා වැඩි මතුපිට පෘෂ්ඨයක් ලැබේ.
මෙවැනි සක්‍රිය කරන ලද ඇලුමිනියම්, වායු වියළීම සඳහා භාවිතා කරයි.

Activation complex: සක්‍රීය සංකීරණය
ප්‍රතික්‍රියාවේ වේගය පාලනය කරන පියවරේදී ප්‍රතික්‍රියක හා ඵල වල අතරමැඳි අවස්ථාව සකස් වී ඇති ආකාරය
(arrangment) සක්‍රියන සංකීර්ණය නමින් හඳුන්වයි.

Activation energy: සක්‍රියන ශක්තිය
යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ඒ සඳහා ශක්තිය අවශ්‍ය වේ.  යම් රසායනික ක්‍රියාවකදී ඵලය සෑදීම සඳහා ප්‍රතික්‍රියක
සඳහා සැපයිය යුතු අවම ශක්තිය සක්‍රියන ශක්තිය වේ.   එනම්  ප්‍රතික්‍රියාවක් සිදුවන විට ඇතිවන සක්‍රීය   සංකීර්ණයේහි
අඩංගු ශක්ති ප්‍රමාණය හා භෞමීක අවස්ථාවේ පවතින ප්‍රතික්‍රීයක වල අඩංගු ශක්ති ප්‍රමාණයෙහි වෙනස.

Active metal: සක්‍රීය ලෝහ
අඩු අයනීකරණ ශක්තියක් ඇති ලෝහ වේ.  මේවා බොහෝම පහසුවෙන් තම ඉලෙක්ට්‍රෝන මුදාහැර කැටායන සාදයි.
පහසුවෙන් ඔක්සිකරණය වේ.

Active Nitrogen:  සක්‍රීය නයිට්‍රජන්
ප්‍රතික්‍රියාකාරිත්වය වැඩිකරනු ලැබූ නයිට්‍රජන්

Activity: සක්‍රීයතාවය      
යම් ද්‍රව්‍යයක සක්‍රියතාවය එහි සාන්ද්‍රණය සලකා අධ්‍යනය කල හැක.         
සමතුලිතතා නියතය k = [C]c [D]d / [A]a [B]b
A,B-  ප්‍රතික්‍රියක
C,D- ඵල

Activity series: සක්‍රියතා ශ්‍රේණිය
ලෝහ ඔක්සිකරණය වීමේ හැකියාව අනුව සාදා ඇති ශ්‍රේණියකි. 
ලෝහ පහසුවෙන් ඔක්සිකරණය වේ. (oxidized)
වේගය අඩුවන දිශාව""

ලෝහය : k  Ca  Na  Mg  Al  Zn  Fe  Ni  Sn  Pb  H2  Cu  Ag  Au          
අයනය : k+  Ca2+   Na+  Mg2+  Al4+     

සක්‍රියතා ශ්‍රේණිය, අම්ල සමඟ ප්‍රතික්‍රියා කරන ආකාරය පහදන අතරම ඔවුනොවුන් අතර ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවද පෙන්වයි.
උදා :-Cu2+ සහිත ද්‍රාවණයකට Zn කැබැල්ලක් දැමුවිට ද්‍රවණයේ Cu2+ සඳහා ආවේණිකව තිබූ නිල් වර්ණය අඩු වී ගොස්
Cu2+ ලෝහය සින්ක් මත තැන්පත් වනු දැකිය හැක.                
Zn  (ඝන)+ Cu2+(ජලීය)ŠZn2+(ජලීය) + Cu (ඝන)     

තඹ සක්‍රියතා ශ්‍රේණියේ පිහිටා ඇති ස්ථානය අනුව එයට ඉලෙක්ට්‍රෝන ලබාගැනීමේ හැකියාව සින්ක් වලට වඩා වැඩි බව පෙන්වයි.  

Actual yield: සත්‍ය ඵලය
දෙන ලද ප්‍රතික්‍රියාවකින් ලැබෙන සංශුද්ධ ඵල ප්‍රමාණය.

Acyclic or open chain: අචක්‍රිය / විවෘත දාම 
චක්‍රිය නොවු කාබනික සංයෝග.  උදා :- සන්තෘප්ත හයිඩ්‍රෝකාබන (මීතේන්, ඊතේන්, ප්‍රොපේන්) හා අසන්තෘප්ත හයිඩ්‍රෝ
කාබන
(එතිලින්, ඇස්ටලින්).

Acyl group: සයිල් කාණ්ඩ
RCO :  කාබනික අම්ලයක -OH කාණ්ඩ ඉවත් කර ලබා ගන්නා සක්‍රීය කාණ්ඩයයි. මෙහි කාබන් හා ඔක්සිජන් පරමාණු
අතර ද්විත්ව බන්ධනයක් හා කාබන් හා R කාණ්ංඩය අතර තනි බන්ධනයකුත් පවතී.

Acyl halide: සයිල් හේලයිඩ
RC(O)X සහිත කාබනික සංයෝග වේ. (x = ක්ලෝරයිඩ, බ්‍රෝමයිඩ, අයඩයිඩ)   
කාබොක්සිල් කාණ්ඩයේ -OH විස්ථාපනය මගින් මෙම හේලයිඩය සාදා ගත හැක.

Acylation: එසයිලීකරණය
RCO කාණ්ඩයක් ඇරොමැටික චක්‍රයකට ආදේශ වීම. ෆ්‍රීඩ්ල් ක්‍රාෆ්ට් ඒසයිල්කරණය නම්වේ.
උදා:-


Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAd

Addition reaction: කලන ප්‍රතික්‍රියා
ආකලන ප්‍රතික්‍රියා සංයෝග දෙකක් එකිනෙක ප්‍රතික්‍රයා කර වෙනත් කිසිඳු සංයෝගයක් මුදා නොහැර තනි නව සංයෝගයක් සාදමින් සිදුවන ප්‍රතික්‍රියාවකි. පරමාණු දෙකක් හෝ පරමාණු කාණ්ඩ 2ක් මවුලයකට එක්වීමේ ප්‍රතික්‍රියාවකි.  මෙම එක්වීම ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධනයක දෙපැත්තක සිදුවේ. සිග්මා බන්ධන ගණන වැඩිවේ. අසන්තෘප්තතාව අඩුවේ. 

CH≡CH + H2    Ni→ CH2═CH2
      ඇස්ටලින්
              CH2═CH2 + H2   Ni→ CH3- CH3       
                    එතිලින්               එතේන්

Adhesive forces: සක්ත බල

ද්‍රවයක් හා පෘෂ්ඨයක් අතර ඇති වන ආකර්ෂණ බල

Adsorption: අධිශෝෂණය
පෘෂ්ඨයක් මත යම් ද්‍රව්‍යයක(Substance)  අංශුවක් ඇලීම අධිශෝෂණය නම්වේ. මෙය ඝන ද්‍රව්‍යය මත ද්‍රව හෝ වායු පටලයක් සාදයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAe

Aerosol: රොසොල්      
වාතයෙහි විසුරුවන (dispersed) ලද ද්‍රවයක් හෝ ඝනයක්.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAf
Agar: ගාර්
මුහුදු පැලැටි මගින් ලබා ගන්නා ජෙලටීනමය ද්‍රවයකි.

Agate: ගේට්                
ඉතා ඝනවු ස්වභාවික සිලිකා වර්ගයකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAl

Alcohol: ල්කොහොල
හයිඩ්‍රොක්සයිල්(-OH) කාණ්ඩයක් සංතෘප්ත කාබන් පරමාණුවකට සම්බන්ධ වී ඇති සංයෝග ඇල්කොහොල නම් වේ. එනම් OH කාණ්ඩය සම්බන්ධව ඇත්තේ ඇරෝමැටික ව්‍යුහයකට නොවේ.

හයිඩ්‍රොක්සයිල් කාණ්ඩයට සම්බන්ධව ඇති කාබන් පරමාණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අනුව  ඇල්කොහොල වර්ග කරයි.
ප්‍රාථමිකල්කොහොල-හයිඩ්‍රොක්සයිල් කාණ්ඩයට සම්බන්ධව ඇති කාබන් පරමාණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව දෙකකි. උදා-CH3CH2OH
ද්වීතිකල්කොහොල-හයිඩ්‍රොක්සයිල් කාණ්ඩයට සම්බන්ධව ඇති කාබන් පරමාණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව එකකි. උදා-CH3CH(OH)CH3
තෘතියකල්කොහොල-හයිඩ්‍රොක්සයිල් කාණ්ඩයට සම්බන්ධව ඇති කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු එකක්වත් සම්බන්ධවී නොමැත. උදා-CH3C(CH3)2OH

ඇල්කොහොල වල අඩංගු OH කාණ්ඩ සංඛ්‍යාව අනුවද ඇල්කොහොල වර්ග කරයි.
OH කාණ්ඩ එකක් සහිත- මොනොහයිඩ්‍රික්
OH කාණ්ඩ දෙකක් සහිත- ඩයිහයිඩ්‍රික්
OH කාණ්ඩ තුනක් සහිත- ට්‍රයිහයිඩ්‍රික්
OH කාණ්ඩ තුනකට වඩා ඇති- පොලිහයිඩ්‍රික්

 

Aldehyde: ල්ඩිහයිඩ            

කාබනිල් කාණ්ඩයක, H පරමාණුවක් හා ඇල්කීල/ඒරයිල් කාණ්ඩයක් සම්බන්ධ සංයෝග. 
ෆෝමැල්ඩිහයිඩ් (මෙතනැල්)-HCHO  
ඇස්ටැල්ඩිහයිඩ් (එතනැල්) -CH3CHO

 

Aliphatic compounds: ලිපැටික සංයේග
විවෘත-දාම කාබනික සංයෝග. ඇලිචක්‍රීය සංයෝගද ඇලිපැටික සංයෝග වේ.

           

Description: Cyclohexene is an alicyclic compound with a double bond.

Alkali Metals: ක්ෂාර ලෝහ   
ආවර්තිතා වගු­වේ I A කාණ්ඩයට අයත් මුලද්‍රව්‍යය. Li, Na, K, Rb, Cs, Fr.                                                                                            ස්වභාවික පරිසරයේ මුලද්‍රව්‍ය ලෙස නොපවති.  සියලුම අලෝහ සමඟ ඉතා සක්‍රියව ප්‍රතික්‍රියා කරයි.  දීප්තිමත්, මෘදු ලෝහ වේ.  මේවාගේ විද්‍යුත් සන්නායකතාවය හා තාප සන්නායකතාවය ඉතා හොඳය. 
ලිතියම්, ඔක්සිහාරක, වායුහාරක හා ගෙන්දගම්හාරක ලෙස කර්මාන්ත ශාලාවල භාවිතා වේ.            
ප්‍රභාවිද්‍යුත් කෝෂ වල සෝඩියම් තීරු භාවිතා කරයි.  සෝඩියම් වීදි ලාම්පු සඳහාද භාවිතා කරයි.

Alkalimetry: ක්ෂාරම්තිය                                                 
ද්‍රාවණයක ඇති ක්ෂාරීයතාව අනුමාපන මගින් නිර්ණය කිරීම.

Alkaline battery: ක්ෂාරීය කෝෂ                                    
KOH විද්‍යුත් විච්ඡේද්‍ය  ලෙස ඇති වියළි කෝෂ.

Alkaline earth metals: ක්ෂාරීය පාංශු ලෝහ                   
Be, Mg, Ca, Sr, Ba, Ra, ආවර්තිතා ව­ගුවේ II A කාණ්ඩයට අයත් මුලද්‍රව්‍ය වේ.  මෙම ලෝහ ක්ෂාර ලෝහ වලට වඩා දැඩිය.

Alkaloids: ල්කලොයිඩ
ඇමීන් කාණ්ඩයට අයත් සංයෝග වන අතර සංකීර්ණ ව්‍යුහ ඇත.  බොහෝ ශාක වල දක්නට ලැබෙන ද්වීතීක පරිවෘත්තික ඵල වේ.
උදා :- ඕපියම්

Alkane: ල්කේන
සංතෘප්ත හයිඩ්‍රොකාබන වේ. සදෘශ ශ්‍රේණිය ලෙසද හැඳින්වේ.
පොදු සූත්‍රය - Cn H(2n+2) 
ඉතා පුළුල් පරාසයක භාවිතා වේ.  මීතේන් ස්වභාවික වායුවක් ලෙස නිවාස තාපක (Home heaters) සහ නිවාස ජල තාපක (Home hot water heaters) වල භාවිතා වේ. 
ප්‍රොපේන් LP වායු (LP gas) හෝ බෝතල් ආකාරය පරිභෝජනය කරනු දැකිය හැක. 
ඇල්කේන හැලජනීකරණය, සැල්ෆොනීකරණය, නයිට්‍රොකරණය හා ඔක්සිකරණ ප්‍රතික්‍රියා වලට භාජනය වේ.  

 

Alkenes: ල්කීන  
ඇල්කීන CnH2n : ද්විත්ව බන්ධන සහිත අසන්තෘප්ත හයිඩ්‍රොකාබන වේ. C2-C4  සහිත ඇල්කීන වායු ලෙසත් C5-C15
ද්‍රව අවස්ථාවේද, C16 වැඩි ඇල්කීන ඝන අවස්ථාවේද පවති.  ද්විත්ව බන්ධනයක් සහිත නිසා මෙම සංයෝග ආකලන ප්‍රතික්‍රියා විශාල සංඛ්‍යාවකට භාජනය විය හැක.  විශේෂිත තත්ව යටතේ ආදේශ ප්‍රතික්‍රියා වලටද භාජනය වේ.
CH2    -  මෙතිලීන්- අස්ථායි                                        
C2H4- එතිලින්                                             

Alkoxide: ල්කොක්සයිඩ් 
ප්‍රබල විද්‍යුත් ධන ලෝහ ඇල්කොහොල සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන සංයෝග.                                        
උදා :-  2C2H5OH + Na →2C2H2ONa + H2↑
සෝඩියම්තොක්සයිඩ්

Alkyl benzene: ල්කයිල් බෙන්සීන
බෙන්සීන් වලයක් හා බැඳුනු ඇල්කයිල කාණ්ඩ සහිත සංයෝගයකි.

Alkyl group: ල්කයිල් කාණ්ඩ                                
කාබන් හා හයිඩ්‍රජන් වලින් සෑදුනු ඛංණ්ඩ වේ. ඇල්කෙනෙයකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් කලවිට සෑදෙන කාණ්ඩයකි (CnH2n+1).
උදා: මිතයිල් (CH3) මිතේන් වලින්ද , ඊතයිල් (C2H5) එතේන් වලින්ද ලැබේ (C2H6).  ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරයි.

Alkynes: ල්කයින 
CnH2n-2  :  ත්‍රිත්ව බන්ධන සහිත වු අසන්තෘප්ත හයිඩ්‍රොකාබන. ලිහිල්ව පවතින ඉලෙක්ට්‍රෝන නිසා, ඉලෙක්ට්‍රෝෆ්ලික ආකලන ප්‍රතික්‍රියා වලට භාජනය වේ.

Allotropes: බහුරූපි  
එකම මුලද්‍රව්‍යයේහි එකම භෞතික අවස්ථා පැවතිය හැකි විවිධ ආකාර බහුරූප ලෙස හඳුන්වයි. උදා: කාබන් (දියමන්ති, මිනිරන්)

Alloying: මිශ්‍ර ලෝහ සෑදීම
ලෝහයක ඇති ලක්ෂණ වෙනස් කිරීම සඳහා වෙනත් ද්‍රව්‍ය (බොහෝ විට ලෝහ) සමඟ මිශ්‍ර කිරීම.

Alpha particals: ල්ෆා අංශු                                    
විකිරණශිීල ක්ෂය වීමේදී විමෝචනය වන කිරණ ආකාර 3 කි. විකිරණශීලී මුලද්‍රව්‍ය ක්ෂය වන විට ස්කන්ධ ක්‍රමාංකය 4 හා ආරෝපණය +2 වන අංශු පිටවේ.  මේවා ඇල්ෆා අංශු ලෙස හඳුන්වයි.  මේවා වේගයෙන් ගමන් කරන හීලියම්  න්‍යෂ්ටි වේ.

Aluminium: ලුමීනියම් 
මෙය සැහැල්ලු ලෝහයකි. සංකේතය Al.

Alums: ලම්           
M + M3 + (SO4)2. 12 H2 O     යන ව්‍යුහ සූත්‍රය සහිත සජල සල්ෆේටයන්.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAm
Amine: මීන          
ඇමීන යනු ඇමෝනියා වල ඇති H පරමාණු වෙනුවට ඇල්කීල් හෝ ඇරිල් කාණ්ඩ සම්බන්ධවී ඇති සංයෝගයි.
උදා-
CH3NH2
C2H5CNC2H5
             (C2H5)3N
නයිට්‍රජන් පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනයකට දීමට ඇති හැකියාව නිසා ඇමීන භාෂ්මිකවේ.
   
Amino acid: මිනෝ අම්                                            
ඇමයිනෝ හා කාබොක්සිල් කාණ්ඩ දෙකම සහිත සංයෝග. ප්‍රෝටීන් හි තැනුම් ඒකකයයි.

Ammonia: මෝනියා    
කටුක ගඳක් ඇති භාෂ්මික වායුවකි(NH3). පොහොර නිෂ්පාදනයට භාවිතා කරයි.

Ammonium Hydroxide: මෝනියම් හයිඩ්‍රොක්සයිඩ්
ඇමෝනියා වායුව ජලයේ දියවීමෙන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්(NH4OH) සෑදේ. මෙය භාෂ්මික ද්‍රාවණයකි.

Ammonium  Sulphate: මෝනියම් සල්ෆේට්
ඇමෝනියා වායුව තනුක සල්ෆියිරික් අම්ලය සමඟ ක්‍රියාකිරීමෙන් ඇමෝනියම් සල්ෆේට්(NH4)2SO4 සාදන අතර එය රසායනික පොහොර ලෙස භාවිතා කරයි.

Amorphous solid: අස්ඵටික ඝන                                     
නියමිත වු ව්‍යුහයන් නොමැති ස්ඵටික නොවන ඝන.

Ampere: ම්පියර           
විද්‍යුත් ධාරාව මනින ඒකකය.

Amphiprotism: උභ ප්‍රෝටෝන දායක කළ හැකි හා ප්‍රෝටෝන
ප්‍රතිග්‍රහනය කළ හැකි වන අතර අම්ල/භෂ්ම ලෙස හැසිරේ. උදාහරණ ලෙස ඇමිනෝ අම්ල, ජලය දැක්විය හැකි.

Amphoteric oxides: උභයගුණී ඔක්සයිඩ                         
මෙම ඔක්සයිඩ ඇතැම්විට ආම්ලික ඔක්සයිඩ ලෙසද ඇතැම්විට භාෂ්මිික ඔක්සයිඩ ලෙසද හැසිරේ.

Amphoteric substance: උභයගුණි ද්‍රව්‍ය                           
අම්ල හෝ භෂ්ම යන ආකාර දෙකටම හැසිරිය හැකි ද්‍රව්‍ය.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAn

Anatase: නටේස්         
ටයිටෙනියම් ඔක්සයිඩයේ ස්වභාවිකව පවතින ස්ඵටිකරෑපී ආකාරයකි.

Analysis: විශ්ලේෂණය
රසායන විද්‍යාවේදී විශ්ලේෂණය, විශ්ලේෂක රසායන විද්‍යාව නම් වේ. මෙහිදී යම් නියැඳියක සංයුතිය හා එහි ව්‍යුහය පිළිබඳව අධ්‍යයනය කරයි. මෙය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව සිදු කරනු ලබයි.

Angstrom (A°): ඇන්ස්ට්‍රම්                                               
දිග මැනීමේ ඒකකයකි.  මෙය 10-8cm / 10-10m  සමාන වේ.

Anhydrides:නිර්ජලක
යම් රසායනික සංයෝගයකින් ජලය ඉවත්වීමෙන් සෑදෙන සංයෝගයකි. බොහෝවිට අම්ල වලින් ජලය ඉවත්වීමෙන් ඇන්හයිඩ්‍රයිඩ සෑදේ.

Aniline: නිලීන්   
ගන්ධයක් සහිත අවර්ණ විෂ සහිත ද්‍රවයකි.  ජලයේ අද්‍රාව්‍යය. එහෙත් කාබනික සංයොග වල ද්‍රාව්‍යය. 
C6H5NH2

Anion: නායනය  
ආරෝපණ සෘණවු අයන                                                                
Cl + e → Cl-
පරමාණුව       සෘණ අයන

Annealing: මෘදු කිරීම     
ඉතා සෙමින් සීතල කිරීමේ ක්‍රියාවලියකි.  මෙම ක්‍රියාවලිය නිසා සිසිල් වීමේදී මවුල අභ්‍යන්තරය වික්‍රියාව (strain) අවම වන ලෙස සැකසේ.

Anode: නෝඩ     
ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය.  කැතෝඩ කිරණ නලයක ඇති ධන ඉලෙක්ට්‍රෝඩය.

Anti oxidants: ප්‍රති-ඔක්සිකාරක                                      
තීන්ත, රබර් හා ප්ලාස්ටික් හි ඔක්ස්කරණ නිසා ඇතිවන හානිය වලක්වා ගැනීම සඳහා භාවිතා කරන ද්‍රව්‍යයි.

Anti-bonding orbital: ප්‍රතිබන්ධන කාක්ෂිකය
මෙය මවුලික කාක්ෂිකයකි.  මෙහි ශක්තිය එම මවුලය සෑදීමේදී  භාවිතා වු පරමාණු කාක්ෂික වලට වඩා වැඩි ශක්ති මට්ටමක් සහිත කාක්ෂිකයකි. 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAp

Apatite: පටයිට්           
Ca2 (PO4)3 F සුපර් පෝස්පේට් සෑදීමට ගන්නා ඛනිජයයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAq

Aqua regia: රාජා අම්ලය                                                 
HCl : 3HNO3  ලෙස සැදුණු මිශ්‍රණයකි.  මෙය ලෙහෙසියෙන් දිය කල නොහැකි ලෝහ(ප්ලුටිනම්, රත්තරන්) දිය කිරීමට භාවිතා කරයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAr

Argon: ගන්                 
ඒක පරමාණුක නිෂ්ක්‍රීය වායුවකි.  වාතයේ 0.94% Ar ඇත.  ද්‍රව වාතය භාගික ආසවනය මගින් Ar වායුව නිෂ්පාදනය කරයි.

Aromatic hydrocarbanes: රොමැටික හයිඩ්‍රොකාබන
බෙනසින් හා එහි ව්‍යුත්පන්න අයත් වන කාණ්ඩය ඇරොමැටික හයිඩ්‍රොකාබන නම්වේ.

Arrhenius Equation: හිනීයස් සමීකරණය  
ප්‍රතික්‍රියාවක වේගය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පිළිබඳ කියැවෙන සූත්‍රය.
K = Ae -Ea / RT
K = ප්‍රතික්‍රියා සීඝ්‍රතා නියතය
Ea = සක්‍රියන ශක්තිය ,  
R = වායු නියතය,  
T = නිරපේක්ෂ උෂ්ණත්වය,  
A = frequency factor
Artificial Transmutation: කෘතීම තත්වාන්තරණය
න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කෘතිමව උත්ප්‍රේරණය කිරීම මෙසේ හඳුන්වයි.  මෙහිදී කුඩා න්‍යෂ්ටි හෝ න්‍යෂ්ටික අංශුන් ගෙන් පහරදීම සිදුකරයි.

Aryl Group: එරයිල් කාණ්ඩ                                            
ඇරොමැටික සංයෝගයකින් H පරමාණුවක් ඉවත්කල විට එම කාණ්ඩ ඒරයිල් කාණ්ඩ ලෙස හඳුන්වයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAs

Ascorbic acid: ස්කෝබික් අම්ලය                                
C6H8O.  සුදු ඝණයකි.  එළවළු හා පළතුරු වල ඇති විටමින් වර්ගයකි.

Associated ions: සංඝටිත අය                                       
විරුද්ධ ලෙස ආරෝපණ අයන සංඝට්ටනයේදී ඇතිවන ඉතා කෙටි ආයු කාලයක් ඇති ආකාර (species) සාදයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAt

Atmosphere: වායුගෝලය                                               
      පෘථිවි පෘෂ්ඨය වටා පවතින වායු මිශ්‍රණය.

Atom: පරමාණුව             
රසායනික සංයෝජනයට සහභාගී විය හැකි මුලද්‍රව්‍යයක ඉතාමත්ම කුඩා කොටස පරමාණුවයි.

Atomic energy levels:    පරමාණුක ශක්ති මට්ටම්  
න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් කිහිපයක්ම පවතී.
K කවචය: පරමාණුවේ පළමු හා පහත්ම ශක්ති මට්ටමය. මෙහි පිහිටිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2යි
L කවචය: පරමාණුවේ දෙවන ශක්ති මට්ටමය. මෙහි පිහිටිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8යි. මෙය s (sharp) හා p(principle) උප ශක්ති මට්ටම් දෙකකින් සමන්විතය. මෙම උප ශක්ති මට්ටම් වල පිහිටිය හැකි උපරීම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් වන්නේ 2 හා 6 යි.
M කවචය: පරමාණුවේ තෙවන ශක්ති මට්ටමය. මෙහි පිහිටිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 18යි. මෙය s,p  හා d(diffuse) නම්වු උප ශක්ති මට්ටම් තුනකින් සමන්විතය. මෙම උප ශක්ති මට්ටම් වල අනුපිළිවෙලින් පිහිටිය හැකි උපරීම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් වන්නේ 2,6 හා 10 යි.
N කවචය: පරමාණුවේ හතරවන ශක්ති මට්ටමය. මෙහි පිහිටිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 32යි. මෙය s,p  හා d නම්වු උප ශක්ති මට්ටම් වලට අමතරව f (fundamental) නමැති තවත් උප ශක්ති මට්ටම්කින් සමන්විතය. මෙම උප ශක්ති මට්ටම් වල අනුපිළිවෙලින් පිහිටිය හැකි උපරීම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් වන්නේ 2,6,10 හා 14 යි.

Atomic mass unit: පරමාණුක ස්කන්ධකකය
ප්‍රෝටෝන 6 හා නියුට්‍රෝන 6 ඇති, ස්කන්ධ ක්‍රමාංකය 12 වු කාබන් සමස්ථානිකයේ පරමාණුවක  12 න් එකක ස්කන්ධය.

Atomic Number: පරමාණුක ක්‍රමාංකය                            
පරමාණුවක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවයි. න්‍යෂ්ටියේ අඩංගු ධන ආරෝපණ සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාව ලෙස හඳුන්වයි.

Atomic particles: පරමාණුක අංශු                                   
පරමාණුවක් තුල අඩංගු ප්‍රධානම අංශු වන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, හා නියුට්‍රෝනයි. මීට අමතරව උප පරමාණුක අංශු ලෙස හැඳින්වෙන පොසිට්‍රෝන, මීසෝන, නියුට්‍රිනෝ වැනි අංශුද පවති. නවතම මතය වී ඇත්තේ මේ සියලූම අංශු සෑදී ඇත්තේ ක්වාර්ක් (quark) නැමති අංශු වලින් බවයි. මෙම ක්වර්ක් අංශු ආකාර හයක් ඇති අතර ඒවා up, down,  strange, charmed, bottom, top ලෙස හැඳින්වේ.

Atomic orbital: පරමාණු කාක්ෂික                                   
ඉලෙක්ට්‍රෝන පැවතිය හැකි සම්භාවිතාවය වැඩි කලාපය/ප්‍රදේශය මෙසේ හැඳින්වේ.

Atomic radius: පරමාණුක අර                                      
පරමාණුවක න්‍යෂ්ටියේ සිට ඉලෙක්ට්‍රෝන පැවතීමේ සමභාවිතාවය ඉහළමවන ප්‍රදේශයට පවතින දුර පරමාණුක අරය නම්වේ. න්‍යෂ්ටිය වටා ඇති ඉලෙක්ට්‍රෝන වලාවේ පැවැත්ම අවිනිෂ්චිත බැවින් පරමාණුක අරය මැනීම සඳහා සහ-සංයුජ අරය, වැන්ඩවාල්ස් අරය, හා ලෝහමය අරය මැනීම මගින් ගණනය කරයි.
සහ-සංයුජ අරය: සම ජාතීය පරමාණු දෙකක් තනි සහ-සංයුජ බන්ධනයකින් බැදී ඇතිවිට පරමාණු න්‍යෂ්ටි අතර දුරෙන් අර්ධය සහ-සංයුජ අරයයි.
වැන්ඩවාල්ස් අරය: එකිනෙකට රසායනිකව බන්ධනය නොවු මුලද්‍රවය පරමාණු දෙකක් ඉතා ලංව පිහිටි විට එම පරමාණු වල න්‍යෂ්ටි දෙක අතර දුරෙන් අර්ධය වැන්ඩවාල්ස් අරයයි.
ලෝහමය අරය: ලෝහ දැළිසක ලෝහ පරමාණු දෙකක් ලෝහක බන්ධනයකින් බැදී ඇතිවිට එම පරමාණු න්‍යෂ්ටි අතර දුරෙන් අර්ධය ලෝහමය අරයයි.

Atomic volume: පරමාණුක පරිමාව                                 
ඝන අවස්ථාවේදී එහි ග්රුම්-පරමාණුක ස්කන්ධයක් ගන්නා පරිමාවයි.

Atomic weight(relative): සාපේක්ෂ පරමාණුක ස්කන්ධය  
මුලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වනාහි,එම මුලද්‍රව්‍යයේ එක් පරමාණුවක මධ්‍යක ස්කන්ධය හා ඔක්ස්ජන් පරමාණුවක ස්කන්ධයෙන් 1/16 ක් අතර අනුපාතය යි. එනොසේ නම් මුලද්‍රව්‍යයේ එක් පරමාණුවක මධ්‍යක ස්කන්ධය හා 12C පරමාණුවක ස්කන්ධයෙන් 1/12 ක් අතර අනුපාතයයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAu

Aufbau principle: අවුෆ්බා නියමය                                  
අවුෆ්බා නියමය "ගොඩනැංවීමේ මුලධර්මය" ලෙසද හඳුන්වයි. ශක්තිය අඩුම කාක්ෂිකයේ (උප ශක්ති මට්ටම) සිට මුලද්‍රව්‍ය වල පරමාණුක කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන ඇතුල්වීමේ වින්‍යාසය වේ.

Auto ionization: ස්වයං අයණිකරණය    
ස්වාභාවිකව අයණිකරණය නොවු තත්වයේ සිට අයණිකරණයවු තත්වයට සවයංක්‍රීයව පත්වීම සවයං අයණිකරණයයි.
H2O(l) + H2O(l) ↔H3O+ (l) +    OH- (l)
                         හයිඩ්‍රෝනියම්                  හයිඩ්‍රෝක්සයිඩ්
                    අයනය               අයනය

 

 Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAv
Avogadro's law: වගඩ්රෝ නියමය                              
ඇවගඩ්රෝ නියමයෙන් දැක්වෙන්නේ එකම උෂ්ණතවයේ හා පීඩන අවස්ථා යටතේ, සියලූම වායුවල සමාන පරිමාවල අඩංගු අණු සංඛ්‍යාව සමාන බවය.

Avogadro's number: වගඩ්රෝ අංකය

ද්‍රව්‍ය මවුලයක ඇති පරමාණු හෝ අංශු ප්‍රමාණය. 6.022 x 10-3 (සංශුද්ධ 12C ග්රෑම් 12 ඇති පරමාණු සංඛ්‍යාව)

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAz
Azide:  සයිඩ
හයිඩ්‍රසොයික් අම්ලය N3H2 (ප්‍රබල අම්ලයක් ලෙස සැලකිය හැකිය) Mg, Zn, Al, වැනි ලේහ සමග අදාළ ඒසයිඩය ලබාදේ.

Azo dye:  සෝ ඩයි
වානිජමය බහුලව බාවිතා ඩයි වර්ග වන මෙම සංයෝග, ඇමයිනෝ වල ව්‍යුත්පන්නවේ.
පොදු සූත්‍රය වන්නේ R-N=N-R' ය. R, R` කාණ්ඩ ඇලිපැටික හෝ අරොමැටික විය හැක.

Description: A typical Azo compound, 4-hydroxyphenylazobenzene, a.k.a. yellow azo dye

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

B

[Ba]     [Be]    [Bi]   [Bl]]][Bo]   [ Br] [ Bu] [ By]


Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBa

Babit metal: බබිට් ලෝහය
ටින් හා ස්වල්ප ප්‍රමාණයක් තඹ හා ඇන්ටිමනි වලින් සමන්විත ලෝහයකි. බෙයාරින් සඳහා භාවිතා වේ.

Bakelite: බෙක්ලයිට්     
ෆිනෝල්-ෆොමැල්ඩිහයිඩ් වලින් සෑදුනු රෙසිනයකි වන මෙය බහු අවයවයකි.

Baking Soda: බේකින් සෝඩා                                                
බේකින් සෝඩා, ආප්ප සෝඩා ලෙස හඳුන්වන, මෙහි රසායනික නාමය සෝඩියම් බයිකාබනේට්ය (NaHCO3).

Balmer series: බාමර් ශ්‍රේණිය                                                
හයිඩ්‍රජන් හි දෘෂ්‍ය වර්ණාවලියකි. ඉහළ ශක්ති මට්ටම් වලට සංක්‍රමණය වු ඉලෙක්ට්‍රෝන නැවත දෙවන ශක්ති මට්ටමට සංක්‍රමණයවීමේදී නිකුත් කරනු ලබන දෘෂ්‍ය විකීරණය මඟින් බාමර් ශ්‍රේණිය ඇතිවේ.


Band: කලාපය              
වර්ණාවලියේ හෝ රේඩියෝ තරංග සංඛ්‍යාතයෙහි කුඩා කොටසක් කලාපයක් ලෙස හඳුන්වයි.

Band spectra: කලාප වර්ණාවලිය                                                
      අවශෝෂණ හෝ විමෝචනය වර්ණාවලිය.

Barium: බේරියම්          
අඩු ද්‍රවාංකයක් හා වැඩි ඝනතත්වයක් සහිත ලෝහයකි. IIA කාණ්ඩයට අයත් මුලද්‍රව්‍යයකි. දැල්ලේ පරිකෂාවේදී කොළ පැහැයක් ලබාදේ.

Barometer: බැරෝමිටරය    
      වයුගෝලීය පීඩනය මනින උපකරණයකි.

Base: භාෂ්ම
හිනියස්ට අනුව :
ඔහු භෂ්ම ලෙස හැඳින්වු සංයෝග MOH ලෙස ලියා දැක්වීය. එය බිඳිය යුත්තේ
M++  OH- ලෙසයි. උදා KOH, Ca(OH)2 හා Al(OH)3. 

බ්‍රෝන්ස්ටඩ්- ලෝරී වාදයට අනුව: ප්‍රෝටෝනයක් දීමේ හැකියාව ඇති සංයෝග අම්ල වන අතර ප්‍රෝටෝනයක් ලබාගැනීමේ හැකියාව ඇති සංයෝග භෂ්ම වේ.                                                                                                                             
HCl + H2O D H3O + Cl-   
අම්ල   භෂ්ම                                                                                         

ලුවිස් වාදයට අනුව: එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් ලබාගන්නා සංයෝග අම්ල වන අතර එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් දීමේ හැකියාව ඇති සංයෝග අතර භෂ්ම වේ.
H+      +       NH3  Š NH4+            
ලුවිස් අම්ල  ලුවිස් භෂ්ම

ප්‍රබල භෂ්ම
KOH                    පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ             
Ba(OH)2              බේරියම් හයිඩ්‍රොක්සයිඩ
CsOH                  සීසියම් හයිඩ්‍රොක්සයිඩ            
NaOH                  සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ
Sr(OH)2               ස්ට්‍රෝන්ටියම් හයිඩ්‍රොක්සයිඩ   
Ca(OH)2              කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ
LiOH                   ලිතියම් හයිඩ්‍රොක්සයිඩ            
RbOH                  රුබීඩියම් හයිඩ්‍රොක්සයිඩ

Basic: භාෂ්මික              
OH- දීමට හැකියාව ඇති සහ pH අගය 7ට වැඩි
ද්‍රාවණ. [OH-]>[H+] වන ද්‍රාවණ

Basic anhydride: භාෂ්මිකන්හයිඩ්‍රයිඩ                                      
      ජලය සමඟ භෂ්මයක් දෙන ලෝහමය ඔක්සයිඩ.

Basic oxides: භාෂමික ඔක්සයිඩ                                            
මෙම ඔක්සයිඩ අම්ල සමඟ ප්‍රතික්‍රියා කළ විට ලවණ සෑදේ. මෙම ඔක්සයිඩ හැමවිටම අයනික සංයෝග වන අතර ජලයේ දියවුවිට භාෂ්මික ද්‍රාවණයක් දෙයි.

Basic salt: භාෂ්මික ලවණ   
      අයණිකරණය විය හැකි OH කාණ්ඩයක් සහිත ලවණ.

Basic solution: භාෂ්මික ද්‍රාවණ                                                    
කිසියම් ජලීය ද්‍රාවනයක OH-ඡලීය සාන්දුණයට වඩා H+ ඡලීය  සාන්දුනය වැඩිනම් එය භාෂ්මික
ද්‍රාවණයකි.

Baslat:
ගිනිකඳු වලින් ඇතිවන පාෂාන වෙයි. ෆෙල්ස්පාර් වලට රසායනිකව සමානවේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBe

Bendict solution: බෙනඩික් ද්‍රාවණය                                            
සොඩියම් කාබනේට්, කොපර් සල්ෆේට් හා සෝඩියම් සිට්රේට් ජලීය ද්‍රාවණයකි. මෙය සරල සීනි(මොනසැකරයිඩ) සමඟ රතු-කහ වර්ණයක්/අවක්ෂේයක් ලබාදේ.
 
Benzine: බෙන්සීන් 
      කාබනික, අවර්ණ, වාෂ්පශීලී ද්‍රව්‍යයකි.

 

Berkelium:
විකීරණශීලි මුලද්‍රව්‍යයකි. ස්ථායිම සමස්ථානිකය 97Bk247 ය. අර්ධ ජීව කාලය අවුරැදු 1400 වේ.

Beryllium: බෙරිලියම්          
      අඵපැහැති ලෝහයකි.

Beta particles: බීටා අංශු  
අධික ශක්තියක් සහිත ඉලෙක්ට්‍රෝන හෝ පොසිට්‍රෝන බීටා අංශු නම් වේ. විකීරණශිලී න්‍යෂ්ටි වලින් විමෝචනය වේ. බීටා අංශු නිපදවන ක්‍රියාවලිය බීටා ක්ෂයවීම නම්වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBi

Bicarbonte: බයිකාබෙනේට්
      හයිඩ්‍රොකාබනේට් සඳහා පොදුවේ භාවිතා වන නමයි.

Bidentate: ද්වී නඛර            
      බන්ධනය වීමට ස්ථාන දෙකක් සහිත වු ලිගන්ඩ්.

Binary compound: ද්ව්‍යාංගි සංයෝග                                           
මුලද්‍රව්‍ය දෙකකින් සමන්විත සංයෝගයකි. මේවා අයනීක හේ සහසංයුජ විය හැක.

Binding energy: බඳන ශක්තිය
ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන වලින් කිසියම් නියුක්ලයිඩයක් සෑදීමේදී පිටවන (මුක්ත) ශක්තිය.

Biochemistry: ජෛවරසායනය
      ජීවී පද්ධති වල රසායනය පිළිබඳ අධ්‍යයනය.

Biodegradation: ජීව-හායනය                                                      
යම් ද්‍රවණයක බැක්ටීරියා/ක්ෂද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය මඟින් සරල ද්‍රව්‍ය බවට පත්වීම.

Biomolecules: ජෛවාණුව  
ජීවය පවත්වාගැනීමට හා නැවත ඇතිකිරීමට(ප්‍රතිජනනය) ක්‍රියාකාරීවන අංශුව.

Bismarck brown or basic brown:
භාෂ්මික ඒසෝඩයි වර්ගයකි. ලෝම වර්ණ ගැන්වීමට භාවිතා කරයි.

Bismuth: බිස්මත්                 
රීදී පැහැති ලෝහයකි. යන්තම් රතුපැහැයක් ගනී ආවර්තිතාවේ V වන ඛංණ්ඩයට අයත්වේ.

Bisulphite: බයිසල්ෆයිට      
      බෝහෝ විට හයිඩ්‍රජන් සල්ෆයිට් හඳුන්වන පොදු නාමයයි.

Bita rays: බීටා(β) කිරණ     
විකීරණශිලී ක්ෂය වීමේදී විමෝචනය වන කිරණයක් වන අතර මෙය ඉතා වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන වේ. මීට අමතරව ඇල්ෆා (α) හා ගැමා (γ) කිරණද විකීරණශීලී
ක්ෂයවීමේදී විමෝචනය වේ.

Bittern: බිටන්
මුහුදූ ජලයෙන් NaCl ස්පටික සෑදූ පසු ඉතිරි වන ද්‍රාවණයයි.

Bivalent elements: ද්විසංයුජ මුලද්‍රව්‍යය
      සංයුජතාවය 2ක් වන මුලද්‍රව්‍යය.
උදා: බෙරලියම්, මැග්නීසියම්, ඔක්සිජන්, සල්ෆර් (ආවර්තිතා වගුවේ දෙවන හා හයවන කාණ්ඩ වල පිහිටා ඇති මුලද්‍රව්‍යය)

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBl

Blasting Gelatin:
ජෙලි වැනි නයිට්‍රෝග්ලයිසීන් හා වෙඩි පුළුන් සහිත මිශ්‍රණයකි. මෙය ඉතා ප්‍රබල පුපුරණ
ව්‍යයකි.

Bleaching powder: විරංජන කුඩු                                                  
      CaOCl2 , විරංජන කුඩු

Blende: බ්ලෙන්ඩ්
ස්වාභාවිකව ඇතිවන සල්ෆයිඩ ආකාරයකි

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBo

Body Center Cubic Crystal(!BCC):      වස්තු කේන්ද්‍ර ඝනක ස්පටික   
ස්පටිකයක ව්‍යුහය හඳුන්වන එක් ආකාරයකි. ඝනයක මුඑ හා හරි මැද, පරමාණු/අයන/ හෝ මවුල පිහිට ඒකක සෛලයකි.

Bohr's Theory: බෝර් වාදය
මෙම වාදය මඟින් ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන විසිරී ඇති ආකාර පිළබඳව පැහැදිලි කරයි.

Boiling point: තාපාංකය                                                        
ද්‍රවයේ වාෂ්ප පීඩනය, වායුගෝලීය පීඩනයට සමාන වන උෂ්ණතවය එම ද්‍රවයේ තාපාංකයයි

Boltzmann constant: බෝල්ට්ස්මාන් නියතය                               
      වායු නියතයකි(k). k= 1.381X10-16 ergs degree-1 mol-1

Bomb calorimeter: බොම්බ කැලරිමීටරය                                     
නියත පරිමාවක් සහිත පද්ධතියක් හා අවට පරිසරය අතර සිදුවන තාප හුවමාරුව මැනීමේ උපකරණය.

Bond energy: බන්ධන ශක්තිය                                                     
250C උෂ්ණත්වයේදී හා වායුගෝල 1 පීඩනයේදී (සම්මත තත්ව යටතේදී) දෙන ලද බන්ධනයක වායු අවස්ථාවේ පවත්නා සංඝටක පරමාණු එකිනෙක අපරිමිත දුරකින් වෙන් කිරීමට අවශ්‍ය ශක්තිය.

Bond order: 
පරමාණු දෙක අතර බන්ධනය සඳහා සහභාගී වන්නාවු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා වෙන් හරි අඩක බන්ධන පෙල ලෙස සලකයි. උදා: තනි බන්ධනයක් සඳහා බන්ධන පෙළ 1
ද්විතව බන්ධනයක් සඳහා බන්ධන පෙළ 2
ත්‍රිතව බන්ධනයක් සඳහා බන්ධන පෙළ 3

Bond length: බන්ධන දිග   
      බන්ධනයට සහභාගි වන පරමාණූ දෙකේ න්‍යෂ්ටි දෙක අතර දුර.

Bond polarity: බන්ධන ධ්‍රැවීයතාව                                               
රසායනික බන්ධනයකට සහභාගී වී ඇති පරමාණු දෙක මඟින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාවන් අතර වෙනස.

Bond(Chemical): රසායනිකබන්ධනය                                        
      සංයෝගයක පරමාණූ දෙකක් එකට රඳවා ගනු ලබන බලය.

Bond dissociation: බන්ධන විච්ඡේදනය
රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන විට බන්ධනයක් සෑදීම හෝ කැඩීම සිදුවේ. බන්ධනය කැඩීම බන්ධන විච්ඡේදනය ලෙස හැදින්වේ. මෙය ආකාර කිහිපයකට සිදුවේ.

  1. සම විච්ඡේදනය: බන්ධනය කැඩීමේදී ඉලෙක්ට්‍රෝන සම සමව වෙන්වේ.

(2) විෂම විච්ඡේදනය: බන්ධනය කැඩීමේදී ඉලෙක්ට්‍රෝන යුගලය බන්ධනය වු පරමාණු අතර අසමානව බෙදී ඉලෙක්ට්‍රෝන දෙකම එක් පරමාණුවකට යයි.

Borax:  බෝරැක්ස්
බෝරැක්ස් යනු සෝඩියම් බෝරේට්ය(Na2B4O7.10H2O). බෝරැක්ස් ස්වල්පයක් රත්කලවිට පබලුවකට සමාන පැහැදිලි ස්පටිකයක් බවට විලීන වෙයි.

Borax bead test: බෝරැක්ස් කැටිති පරික්ෂාව                                
      සමහර ලෝහ හඳුනාගැනීම සඳහා කරන පරික්ෂාවකි.

 

Born-Haber cycle: බෝන්-හාබර් තාප රසායනික චක්‍රය  
හේස් නියමය ප්‍රයෝජනයට ගෙන පරීක්ෂණාත්මක එන්තැල්පි දත්ත වලින් අයනීක ස්ඵටිකයක දෑලිස් ශක්ති ගණනයේදී යෙදා ගන්නා ප්‍රතික්‍රියා ද ඒ සම්බන්ධ එන්තැල්පි විපර්යාස ද හඳුන්වනු ලබන්නේ බෝන්-හාබර් තාප රසායනික චක්‍රය යනුවෙනි.

Boro silicate: බෝරෝ සිලිකේට්    
බෝරෝන් අඩංගු සිලිකේටයකි. CaB2Si2O8. පයිරෙක්ස් වීදුරු සෑදීමට භාවිතා කරයි.

Boron: බෝරෝන්               
මෙය බහුරූප ආකාර 2කට පවති. කාමර උෂ්ණතවයේදී අක්‍රීයව (ප්‍රබල ඔක්සිකාරක වලට හැර) පවතී.

Boyle's law     : බොයිල් නියමය    
උෂ්ණතවය නියතවිට, කිසියම් නියත වායු ස්කන්ධයක පරිමාව පීඩනයට ප්‍රතිලෝම වශෙයෙන් සමානුපාතික වේ
PV=k,    V α 1/P
P= පීඩනය
V= පරිමාව
k= නියතයක්

 

 

 
Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBr

Brady`s reagent:  බ්‍රේඩි ප්‍රතිකාරකය                                      
කාබනික සංයෝග වල C=O කාණ්ඩ හඳූනාගැනීමට භාවිතා කරයි. (ඇල්ඩිහයිඩ හා කීටෝන වල ඇති කාබොනයිල් කාණ්ඩ හඳුනාගැනීම සඳහා භාවිතා කරන ප්‍රතිකාරකයකි. කාබොක්සිලික් අම්ල, ඒමයිඩ හා එස්ටර මෙම ප්‍රතිකාරකය සමග අවක්ෂේප නොසාදයි.
2,4-ඩයිනයිට්‍රෝෆිනයිල්හයිඩ්‍රසීන්, ඇල්කොහොල හෝ තනුක සල්ෆියුරික් අම්ලයේ දිය කිරීමෙන් සාදා ගන්නා ප්‍රතිකාරකයකි.

Bragg's equation: බ්‍රෑග් නියමය     
nλ=2d sinθ
d= අන්තර තල දුර,
λ= තරංග ආයාමය

Brass: පිත්තල                     
      තඹ (70%-80%)හා සින්ක් (20%-30%)සහිත මිශ්‍ර ලෝහයකි.

Breeder reactor: බ්‍රීඩ් ප්‍රතික්‍රියාකාරකය                                        
      න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුකරන ප්‍රතික්‍රියාකාරකය.

Brine: බ්‍රයින් ද්‍රාවණය                                                        
සාන්ද්‍ර  NaCl ජලීය ද්‍රාවණය

Brittle: භංගූර                      
      බලයක් යෙදුවිට ඉතා කුඩා කැබලි වලට බිදීයයි.

Bromide: බ්‍රෝමයිඩ             
බ්‍රෝමීන් සහිත සංයෝග වේ. ලෝහ බ්‍රෝමයිඩ බොහෝ විට ආම්ලික වන අතර ලෝහ බ්‍රෝමයිඩ සහ-සංයුජ වේ.

Bromine: බ්‍රෝමීන්              
ආවර්තිතා වගුවේ VIIA කාණ්ඩයට අයත් තද රතු ද්‍රාවණයකි. ජලයේ මඳ වශයෙන් දියවන අතර මධ්‍යසාර, ඊතර හා කාබන්ඩයි සල්ෆයිඩ වල හොඳින් දියවේ. කාබනික සංස්ලේෂණ වලදී ඔක්සිකාරකයක් ලෙස භාවිතා කරයි.

Bromothyl blue: බ්‍රෝමතයිල් නිල්                                                
pH 6-7.6 පරාසයේදී භාවිතා කල හැකි දර්ෂකයකි. pH 6 දී කහ වර්ණයත් pH 7.6 දී නිල් වර්ණයත් දෙයි.

Bronsted-Lowry acid: බ්‍රොන්ස්ටඩ්-ලෝරී අම්     
      ප්‍රෝටෝනයක් දීමේ හැකියාව ඇති සංයෝග අම්ල වේ.

HCl + H2O DH3O + Cl-   
අම්ල           භෂ්ම                                                                                         

Bronsted-Lowry base:    බ්‍රොන්ස්ටඩ්-ලෝරී භෂ්ම  
      ප්‍රෝටෝනයක් ලබාගැනීමේ හැකියාව ඇති සංයෝග භෂ්ම වේ.

H+      +       NH3  Š NH4+                                                                                                                                       
ලුවිස් අම්ල   ලුවිස් භෂ්ම   

Bronze: බ්‍රොන්ස්                 
      තඹ හා ටින් සහිත මිශ්‍ර ලෝහයකි.

Brownian motion: බ්‍රවුනීය සංචලනය    
ඝන අංශු අවලම්බනයක් සහිත ද්‍රාවණයක ඇති අංශුන් නොකඩවාම ස්ථිර දිශාවක් නොමැතිව ඔබමොබගමන් කරයි. මෙම සංසිද්ධිය පළමුව නිරීක්ෂණය කලේ රොබට් බ්‍රවුන් විසින්ය. ඔහු පරාග කණිකාවක් සහිත ජල බිංදුවක් අණ්වික්ෂයකින් නිරීක්ෂණය කලවිට මේ බව සොයාගන්නාලදී.

 

 

Brown-ring test: දුඹුරු වලයේ පරික්ෂාව                                       
නයිට්ට්‍රේ  සඳහා කරන පරික්ෂාවකි. පරික්ෂාවට ලක් කරනු ලබන ද්‍රාවණයට අලුත සෑදු ෆෙරස් සල්ෆෙට් එකතු කරනු ලබයි. පරීක්ෂණ නලයේ දාරය දීගේ සාන්ද්‍ර
සල්ෆයුරික් අම්ලය එකතු කරනු ලබයි. දුඹුරු පාට වලය ඇති වන්නේ නයිට්‍රෝෆෙරස් සල්ෆේට් (Fe(NO)SO4)සෑදීම නිසාය.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBu

Buchner funnel: බුක්නර් පුනීලය                                          
පෝසිලේන් වලින් සෑදු පැතලි සවිවර පුනීලයකි. චුෂණය(suction) යටතේ පෙරීම සිදුකරන විට භාවිතා වන පුනීලයකි.

Buffer capacity: ස්වාරක්ෂක ධාරිතාව                                    
pH අගයෙහි වෙනසක් නොමැතිව ලබාගත හැකි OH- ප්‍රමාණය හෝ H+ ප්‍රමාණය.

Buffer solution: ස්වාරක්ෂක ද්‍රාවණය     
අම්ලයක්, භෂ්මයක් හෝ ජලය කුඩා ප්‍රමාණයක් එකතු කිරීමේදී pH අගය වෙනස් වීමට ලක්නොවන ද්‍රාවණ. උදා:- සෝඩියම් ඇසිටේට් හා ඇසිටික් අම්ලය ස්වාරක්ෂක ද්‍රාවණ ලෙස හැසිරේ.
සෝඩියම් ඇසිටේට් ප්‍රබල විද්‍යුත් විච්ඡේදකයකි.
CH3COONa  "CH3COO-  + Na+    

      ඇසිටික් අම්ලය දුර්වල අම්ලයකි. මෙය අර්ධ ලෙස අයනීකරණය වේ.  
CH3COOH     " H+ජලීය + CH3COO-ජලීය     

H+ කුඩා ප්‍රමාණයක් ද්‍රාවණයට එක් කළ විට පසුපස ප්‍රතික්‍රියාව සිදුවී පද්ධතිය සමතුලිතාවයට පත්වේ. OH- ද්‍රාවණයට එක් කළවිට එහි ඇති H+ අයන සමඟ ප්‍රතික්‍රියා කරයි මෙවිට ඉදිරි ප්‍රතික්‍රියාව සිදුවීම මඟින් පද්ධතිය නැවත සමතුලිතතාවයට පත්වේ.
ස්වාරක්ෂක ද්‍රාවණ වලට තවත් උදාහරණ ලෙස NH3/NH4Cl ගත හැක.

Bunsen burner:      බන්සන් දාහකය      
පරික්ෂණාගාර වල භාවිතා වන ගෑස් ඉන්ධන ලෙස යොදාගන්නා දාහකයකි. බඳෙහි පිහිටි වාසිදුර/ කර වළල්ල මගින් දැල්ල සඳහා අවශ්‍ය වන වාතය පාලනය කලහැක.

Burrtet: බියුරෙට්ටුව            
පරිමාව මැනීම සඳහා දිග නලයකින් සාදන ලද උපකරණයකි. බොහෝවිට 1ml කොටස් වලින් ක්‍රමාංකනය කර ඇත.

Butanoic acid/ Butyric acid: බියුටනොයික් අම්ලය
C3H7COOH බටර් වල මුඩු සුවඳ ඇතිවන්නේ මෙම අම්ලය නිසාය.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBy

 

By product: අතුරු ඵල         
යම් සංයෝගයක් නිෂ්පාදනයේදී සිදු වෙන ප්‍රතික්‍රියාවේ ඇතිවන අමතර ඵලයන් අතුරු ඵල ලෙස හැඳින්වේ.

බයර් පරික්ෂාව
අසන්තෘප්ත කාබනික සංයෝග හඳුනා ගැනීමේ පරික්ෂාව. දම්පැහැති
ක්ෂාරීය KMnO4  අවර්ණ කරයි.
Description: A typical Azo compound, 4-hydroxyphenylazobenzene, a.k.a. yellow azo dye

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

C

[Ca]    [Ce]    [Ch]    [Ci]   [Cl] [Co]   [ Cr]    [ Cu ]    [Cy]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifCa

Calorie: කැලරි       
ජලය ග්රෑම් 1ක උෂ්ණත්වය 10C ඉහල දැමීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය
      කැලරි 1= 4.184 ජුල්.

Calormeter: කැලරිමීටරය     
පද්ධතිය හා පරිසරය අතර සිදුවන තාප හුවමාරුව මැනීම සදහා භාවිතා කරන උපකරණයකි.

Calcination: භස්මකිරීම/ භාස්මීකරණය
ඔක්සි ලවණය ඉහළ උෂ්ණත්වයකට රත්කිරීමෙන් ඔක්සයිඩ ලබාගැනීම

Canal Ray: නාල කිරණ (ධන කිරණ)                                          
සිදුරක් සහිත විසර්ජන නලයක පීඩනය අඩු විට වර්ණවත් කිරණ වර්ගයක් නිකුත්වන බව ගෝල්ඬ්ස්ටීන් සොයා ගන්නා ලද අතර ඒවා නාල කිරණ ලෙස හැඳින්විය. පසුව මෙය H+ බව සොයා ගන්නා ලදී.

Cannizzaro`s method: කැනිට්සාරෝ ක්‍රමය                                 
මුලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නීර්ණය සඳහා කැනිට්සාරෝ ක්‍රමය භාවිතාවේ.
අණුක ස්කන්ධය= සාපේක්ෂ ඝනතවය x  2

Capillary: කේෂික නලය      
      ඉතාමත් කුඩා සිදුරුක් සහිත නලය

Capillary action: කේෂික ක්‍රියාව/ කේෂාකර්ශනය                       
කේෂික නලයක් තුලින් ද්‍රවයක් ඉහළ නැගීම මෙසේ හඳුන්වයි. මෙය සිදුවීම සඳහා ආසක්ත බල, සංසක්ත බල වලට වඩා විශාල විය යුතුය.

Carbanion: කාබ්ඇනායන    
කාබන් පරමාණුව මත සෘණ ආරෝපනයක් සහිත කාබනික අයනය කාබ්ඇනායන නම්වේ.

Carbohydrate: කාබොහයිඩ්‍රේට්                                                   
කාබන්, ඔක්සිජන් හා හයිඩ්‍රිජන් වලින් සෑදුනු සංයෝගයකි. පොදු සූත්‍රය වන්නේ Cn(H2O)n. සරලම කාබොහයිඩ්‍රේටය මොනසැකරයිඩ් නම්වේ.

Carbon dating: කාබන් වයස් නීර්ණය                                         
ශාකයක් හෝ සත්වයෙක් මිය ගොස් කෙපමණ කල් ගතවී ඇතිදැයි C-14 සමස්ථානිකයේ විකීරණශීලිතාව භාවිතා කර නීර්ණය කරන ක්‍රමයකි.

Carbon dioxide: කාබන් ඩයොක්සයිඩ්                                        
අවර්ණ වායුවකි.  ජලයේ මඳ වශයෙන් දියවී කාබෝනික් අම්ලය සාදයි. මෙය ඝන අවස්ථාවේදී වියළි අයිස් ලෙස හඳුන්වයි.

Carbon cycle: කාබන් චක්‍රය 
පරිසරයට දහනයෙන් හා ජීවීන්ගේ ස්වසනය නිසා කාබන් ඩයොක්සයිඩ් එකතු වන අතර ප්‍රභාසංස්ලේෂණයෙන් කාබන් ඩයොක්සයිඩ් පරිසරයෙන් ඉවත්වේ. මෙය චක්‍රාකාරව සිදුවන අතර කාබන් චක්‍රය ලෙස හදුන්වයි.

Carbon monoxide: කාබන් මොනොක්සයිඩ්                                
අවර්ණ වායුවකි. ඉන්ධන වල අසම්පුරණ දහනය නිසා සෑදෙන විෂ වායුවකි.

Carbonium ion: කාබෝනියම් අය                                            
කාබන් පරමාණුව මත ධන ආරෝපනයක් සහිත කාබනික අයනය

Carbonyl compound: කාබනිල් සංයෝග       
ක්‍රියාකාරී කාණ්ඩය ලෙස කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනය හෙවත් කාබනිල් ඛාණ්ඩය අඩංගු සංයෝග කාබනිල් සංයෝග නම්වේ. උදා: ඇල්ඩිහයිඩ හා කීටෝන
  

Carboxylic acid:     කාබොසිලික් අම්   
කාබොසිලික් අම්ල වල ක්‍රියාකාරී කාණ්ඩය කාබොක්සිලි ඛාණ්ඩය වේ. මෙම කාණ්ඩයෙහි හයඩ්‍රොක්සිල් කාණ්ඩයක් හා කාබනීල් කාණ්ඩයක් අඩංගුවේ.

ඇරොමැටික කාබොසිලික් අම්ල සියල්ල ම කාමර උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතී.

Carcinogen: පිළිකාකාරක දුව්‍යය                                                 

ක්ෂිරපායින්හට පිළිකා ඇතිකළ හැකි හා ඇතිවීම කෙරෙහි බලපෑම් ඇති කරන
ද්‍රව්‍ය.

Catalyst: උත්ප්‍රේරක             
රසායනික ප්‍රතික්‍රියාවක ශීඝත්‍රාවය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි
ද්‍රව්‍යයක් උත්පේරකයක් ලෙස හැඳින්වේ. බොහෝවිට මෙය රසායනික ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරන ද්‍රව්‍යයකි. ප්‍රතික්‍රියා වේගය අඩු කරන උත්පේරකයකද ඇත. මේවා පිළිවෙලින් ධන උත්පේරක හා සෘණ උත්පේරක (ප්‍රති- උත්පේරක) ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් උත්පේරකයක් ප්‍රතික්‍රියාවට සහභාගි නොවේ.

Catenation: දාමීකරණය       
දාමයක් හෝ චක්‍රයක් සේ එකම මුලද්‍රව්‍යයේ පරමාණු එකිනෙකට බන්ධනය වීමයි.

Cathode: කැතෝඩය            
ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය

Cathode Rays: කැතෝඩ කිරණ                                                   
විසර්ජන නලයක් තුල පීඩනය අඩු කරන විට කැතෝඩයේ සිට ඇනෝඩය දෙසට කිරණ කදම්බයක් විමෝචනය වේ. මෙය කැතෝඩ කිරණ ලෙස හඳුන්වන අතර එහි ඉලෙක්ට්‍රෝන අඩංගුවේ.

කැතෝඩ කිරණ නාලය

 

 

a

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifCe

Cell potential: කෝෂයක විභවය                                                
ඔක්සිහරණය හා ඔක්සිකරණය වන අර්ධ කෝෂ අතර විභව අන්තරය

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCh

Chain isomers: දාම සමාවයවික                                                  
එකම අණුක සූත්‍රය,එකම ක්‍රියාකාරී ඛාණ්ඩ එහෙත් දාමයේ/සැකිල්ලේ වෙනසක් ඇති සංයෝග

Chain reaction: දාම ප්‍රතික්‍රයා                                                      
දාම ප්‍රතික්‍රියාවක, ආරම්භයක්, ව්‍යාප්තියක්(ප්‍රචාරණය)හා අවසානයක් ඇත. බොහෝ විට මුක්ත ඛණ්ඩ මෙවැනි ප්‍රතික්‍රියා වලට සහභාගීවේ.

Charele's law: චාල්ස් නයමය                                                     
පීඩනය නියතව තිබියදී කිසියම් නියත වායු ස්කන්ධයක් රත් කලවිට හෝ සිසිල් කලවිට පරිමාවේ සිදුවන භාගික වැඩිවීම/අඩුවීම මෙමගින් පහදා දෙයි.

  1. උෂ්ණත්වය 10 C  කින් වෙනස් කලවිට පරිමාව 00 C  දී එම වායුව දරන පරිමාව මෙන් 1/273 ගුණයකින් වෙනස්වේ.
  2. නියත පීඩනයේ ඇති ස්ථීර වායු ස්කන්ධයක පරිමාව, වායුවේ නිරපේ
  3. ෂ උෂ්ණ

වයට අනුලෝමව සමානුපාතිකවේ.

Vt = V0(1 + α t) 
Vt = t උෂ්ණත්වයේදී (0 C) පරිමාව
V0 = උෂ්ණත්වය 00 C යේදී  පරිමාව
α= පරිමා සංගුණකය =1/273
t = උෂ්ණත්වය (0 C)

Chemial change: රසායනික විපර්්‍යාසය
නව ද්‍රව්‍යයක් සෑදීමේදී ඇතිවන වෙනස/ යම් ද්‍රව්‍යයක් වෙනස් රසායනික ගුණ ඇති
ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය බවට පත්වීම

Chemical bonds: රාසායනික බන්ධන
මුලද්‍රව්‍යයක හෝ සංයෝගයක පරමාණු බැද තබා ගන්නා ආකර්ෂණ බලය

Chemical energy:  රසායනික ශක්තිය                                   
ද්‍රවයවල රසායනික ඝටනාව නිසා එම ද්‍රව්‍ය තුල ගැබ්වී ඇති ශක්තිය

Chemical equation:  රසායනික සමීකරණය                         
යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන ආකාරය ලියා දැක්වීමේ සූත්‍රයයි. මෙහිදී සමීකරණයේ වම් පැත්තේ ප්‍රතික්‍රියාවට භාජනය වන ප්‍රභේද(ප්‍රතික්‍රීයක) හා දකුණූ පැත්තේ ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ප්‍රභේද (ඵල) දක්වයි.

Chemical equlilbrium:  රසායනික සමතුලිතතාවය
රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වන පද්ධතියක ඇති විවිධ සංඝටකයන්හි සාන්ද්‍රනය කාලයත් සමග වෙනස් නොවන්නේ නම් එම පද්ධතිය රසායනික සමතුලිතතාවයට පත්වී ඇත.

Chemical formular:  රසායනික සූත්‍රය     
සංයෝගයක් පහසුවෙන් හැඳින්වීමට හා නිරූපනය කිරීමට රසායනික සංකේත සහිතව ලියන අකාරය රසායනික සූත්‍රය නම්වේ. රසායනික සූත්‍රයේ මුලද්‍රව්‍යයේ සංකේතයත් සමගම පහලින් සදහන් වන අංකයෙන් පෙන්වන්නේ අණුවක ඇති එම මුලද්‍රව්‍යයේ පරමාණු සංඛ්‍යාවයි.
උදා; H2O මෙහි H පරමාණු දෙකක් හා O පරමාණු 1 අඩංගුවේ. 

Chemical kinetics:  රසායනික චාලනය                                
රසායනික ප්‍රතික්‍රියාවල වේගය හා රඳා පවත්නා සාධක පිළිබඳ අධ්‍යයනය රසායනික චාලනය නම්වේ.

Chemical property:  රසායනික ලක්ෂණ                               
යම් ද්‍රව්‍යයක් රසායනික වෙනස්වීමකට භාජනය වීමේදී එම ද්‍රව්‍යය හැසිරෙන ආකාරය විස්තර කරන ලක්ෂණය රසායනික ලක්ෂණ නම්වේ.

Chemical reaction:  රසායනික ප්‍රතික්‍රියා  
සංයෝජන,වියෝජන හෝ ප්‍රතිසංවිධානය වෙමින් සිදුවන රසයනික වෙනස්වීම් රසායනික ප්‍රතික්‍රියා නම්වේ. එනම් ඝටනා ගුණ වල වෙනස්වීමක් ඇති කරන විපර්යාසයක් රසායනික ප්‍රතික්‍රියා නම්වේ.
සංයෝජන ප්‍රතික්‍රියා; වෙනස් ද්‍රව්‍යය දෙකක් එකතුවෙමින් සිදුවෙන ප්‍රතික්‍රියා     
වියෝජන ප්‍රතික්‍රියා; එක් ද්‍රව්‍යයක් වෙනත් ද්‍රව්‍යය දෙකක් හෝ වැඩිගණනක් ලබා දෙමින් සිදුවන ප්‍රතික්‍රියා     
ප්‍රතිසංවිධාන ප්‍රතික්‍රියා; එක් ද්‍රව්‍යයකින් හාත්පසින්ම වෙනස්වු ද්‍රව්‍යයක් බවට පත්වන ප්‍රතික්‍රියා

Chemistry:  රසායන විද්‍යාව
පදාර්ථයේ සංයුතිය, ව්‍යුහය හා එම සංයුතින්, ව්‍යුහයන් වෙනස් වෙමින් සිදුවන ක්‍රියාවලියන් පිළිබඳවත් කරනු ලබන අධ්‍යයනය රසායන විද්‍යාවයි.

Chlorine:  ක්ලෝරීන්     
කහපාටට හුරු වායුවකි(Cl2). විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරයි. විරංජන කුඩු, හයිඩ්‍රක්ලෝරික් අම්ලය නිපදවීමට භාවිතා කරයි.

 

Chromyle chloride test: ක්‍රෝමයිල් ක්ළේරයිඩ් පරීක්ෂාව
ක්ලේරයිඩ් අයන හඳුනාගැනීමේ පරීක්ෂාවකි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCi

Cis:  සිස්     
ජ්‍යාමිතික සමාවයවිකයකි. සිස් ට්‍රාන්ස් සමායවිකතාවය (Cis-trans isomerism) බලන්න.

Cis-trans isomerism:  සිස් ට්‍රාන්ස් සමායවික                                
එකම අණුක සූතයක් හා පරමාණු එකම අනු පිළිවෙලකට සම්බන්ධ වී ඇති නමුත් අවකාශයේ ත්‍රිමාන ලෙස පිහිටා ඇති ආකාරය වෙනස් වු සංයෝග ජ්‍යාමිතික සමාවයවික වේ. මෙහිදී,  කාණ්ඩ අවකාශයේ නිදහසේ භ්‍රමණයවීම ද්විත්ව බන්ධනය මඟින් අවහිර කරයි. උදා: සිස්-ට්‍රාන්ස් සමාවයවික
Description: Cis-2-butene
සිස් සමායවිකය (සමාන කාණ්ඩ තලයේ එකම පැත්තේ)
Description: Trans-2-butene
ට්‍රාන්ස් සමායවිකය (සමාන කාණ්ඩ තලයේ දෙපැත්තේ)

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCl

Clay:  මැටි  
සිලිකේට් හා ඇලුමීනියම් සිලිකේට් යන ඛනිජ වලින් සෑදුනු පැතිලි තහඩු ආකාරයේ ව්‍යුහ සහිත ද්‍රව්‍යයකි. මෙයට විශාල ජල ප්‍රමාණයක් උරාගෙන රදාවාගැනීමේ හැකියාවක් ඇත.

Clorie:  කැලරි                      
ශක්තිය මනින ඒකකයකි. ජලය 1gm ක් උෂ්ණත්වය 1OC කින් ඉහල නැංවීමට අවශය වන ශක්තිය කැලරි 1ක් වේ.

Closed system:  සංවෘත පද්ධති                                              
පරිසරය සමඟ ද්‍රව්‍ය හුවමාරුවකට භාජනය නොවන පද්ධති, සංවෘත පද්ධතිවේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCo

Coefficient of expansion:  ප්‍රසාරණ සංගුණකය
උෂ්ණතවය වෙනස්වීම නිසා දිගෙහි හෝ පරිමාවේ සිදුවන වෙනස දක්වන අනුපාතයකි.

Cohesive forces:  සංසක්ත බලය                                                 
      ද්‍රව අංශු අතර පැවතිය හැකි සියලූම බන්ධන/බල

Coke:  කෝක්
පෙට්ට්‍රෝලියම් හෝ ගල් අඟුරු විච්ජේදක ආසවනයේදී (destructive distllation) සෑදෙන අතුරු ඵලයකි. මෙය අසංශුද්ධ කාබන්වේ.

Combustion:  දහනය
තාප ශක්තියත් ආලෝක ශක්තියත් පිට කරමින් සිදුවන රසායනික ක්‍රියාවලියකි.

Colligative properties: සංග්‍රහණ ගුණ                                         
ද්‍රාවණයක, ද්‍රාවක අංශු ආකාරය(වර්ගය) මත රදා නොපවතින එහෙත් අංශු ප්‍රමාණය මත රදා පවතින භෞතීක ලක්ෂණ, උදා; වාෂ්ප පීඩනපාතනය, තාපාංක ආරෝහණය, ආස්‍රති පීඩනය

Collision theory:  සංඝට්ටන වාදය                                              
ප්‍රතික්‍රයාවක සීඝ්‍රතාවය පිළිබඳව කියැවෙන නියමය; ප්‍රතික්‍රියාවක් සිදුවීමට නම් ප්‍රතික්‍රීයක මවුල අතර ප්‍රතිඵලදායක ගැටීම් සිදුවිය යුතුය.

Colloid:  කලිල                     
මෙය විෂමජාතීය පද්ධතියක් වන අතර එහි ඇති ද්‍රාව්‍ය අංශුන් ද්‍රාවණයෙහි පතුලෙහි තැන්පත් නොවේ.

Combination reaction:  සංයෝජන ප්‍රතික්‍රියා                               
ද්‍රව්‍ය (මුලද්‍රව්‍ය/සංයෝග) දෙකක් එකට ප්‍රතික්‍රියා කර එක් සංයෝගයක් සාඳන ප්‍රතික්‍රියා

Combustion reaction:  දාහක ප්‍රතික්‍රියාව                                      
ප්‍රබලව ඇතිවන තාපදායක, ඔක්සිකරණ/ඔක්සිහරණ ප්‍රතික්‍රියා, උදා; කාබනික සංයෝග හා ඔක්සිජන් අතර ඇතිවන ප්‍රතික්‍රියා

Common ion effect:  පොදු අයචරණය                          
දුර්වල විද්‍යුත් විච්ඡේදක අයණීකරණයවීම, එම ද්‍රාවණයේම ඇති ප්‍රබල විද්‍යුත් විච්ඡේදක නිසා මැඩ පැවැත්විය හැක. මෙහිදී සිදුවන්නේ දුර්වල විද්‍යුත් විච්ඡේදකයේ ඇති අයන වලට සමාන අයනයක් හෝ අයන කිහිපයක් ප්‍රබල විද්්‍යුත් විච්ඡේදක මගින් ද්‍රාවනයට සැපයීම නිසා දුර්වල විද්‍යුත් විච්ඡේදක අයණීකරණයවීම වැලකීමයි.

Complex ions:  සංකීරණ අය
සරල අයන හා වෙනත් අයන/අණු අතර සංගත, සහසංයුජ බන්ධන ඇතිවීම නිසා සෑදෙන සංකීරණ ව්‍යුහ.

Compound:  සංයෝග    
මුලද්‍රව්‍ය දෙකකින් හේ ඊට වැඩි ප්‍රමාණයක් නියත අනුපායකට එකතුවී සෑදෙන ද්‍රව්‍ය

Compressed gas: සම්පීඩිත වායු
වැඩි පීඩනයක් යොදා ගබඩාකර ඇති යම් වායුවක්/ වායු මිශ්‍රණක් මෙසේ හදුන්වයි.

Concentration:  සාන්ද්‍රණය  
     
ද්‍රාවණ පරිමා එකක අඩංගු ද්‍රාව්‍ය ප්‍රමාණය සාන්ද්‍රණය නම්වේ.

Concentration cell:  සාන්ද්‍රණය කෝෂ
මෙය වෝල්ටීය කෝෂයකි. අර්ධ කෝෂ දෙක එකිනෙකට සමාන වන අතර ව්ද්‍යුත් විච්ඡේදක ද්‍රාවණයේ සාන්ද්‍රනයන් පමණක් වෙනස්වේ.

Condensation: ඝනීභවනය   
යම් වායුවක් සිසිල් කරන විට වායු අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වේ. මෙම කලාප/භෞතික විපර්‍යාසය ඝනීභවනය නම්වේ.

 

Condensed phases:  ඝනීභූත කලාප                                            
      අංශූන් අතර ප්‍රබල අන්තර්ක්‍රියා ඇති ද්‍රව හෝ ඝන කලාප

Condensed states of matter:  පදාර්ථයේ සංගත අවස්ථා
ද්‍රව හෝ ඝන අවස්ථා
     

Condis: කොන්ඩිස්               
      පොටෑසියම් පර්මැංගනේට් සාමන්‍යයෙන් හඳුන්වන්වන නාමයයි.

Conformations:  සංන්‍යාසය 
යම් බන්ධනයක් වටා භ්‍රමණය වන ප්‍රමාණයන්හි වෙනස නිසා එකම සංයෝගයේ විවිධ ව්‍යුහ සංන්‍යාස නම්වේ.

Conjugate acid:  සංයුග්මක අම්                                               
      භෂ්මයකට ප්‍රෝටීනයක් එකතුවී සෑදෙන සංයෝගය

Conjugate acid-base pair:  සංයුග්මක අම්-භෂ්ම යුගල
      ප්‍රෝටෝන-දායකය හා ප්‍රෝටෝන-ප්‍රතිග්‍රාහක සංයෝග
උදා: ඇසිටික් අම්ලය (ප්‍රෝටෝන-දායකය) හා ඇසිටේට් (ප්‍රෝටෝන-ප්‍රතිග්‍රාහකය)

Conjugate base:  සංයුග්මක භෂ්ම                                               
      අම්ලයකින් ප්‍රෝටෝනයක් ඉවත්වුවිට ඉතිරි වන කොටස

Conjugated double bonds:  සංයුග්මක ද්විත්ව බන්ධන
      තනි බන්ධන වලින් වෙන්වු ද්විත්ව බන්ධන

Conical flask:  කේතු ප්ලාස්කුව                                                  
පරිමාමිතික විෂ්ලේෂණයේදී භාවිතා කරන කේතු ආකාර ප්ලාස්කුව

Constant boiling mixturesස්ථිර තාපාංක මිශ්‍රණ
ඇතැම් මිශ්‍රණ සංශුද්ධ ද්‍රව මෙන් නියත උෂ්ණණත්වයක නටන අතර එවැනි මිශ්‍රණ ස්ථිර තාපාංක මිශ්‍රණ නම්වේ. ඒවායේ සංය්‍රතිය පීඩනය අනුව වෙනස්වේ.

Continuous spectrum:  සන්තත වර්ණාවලිය                               
විද්‍යුත් චුම්බක වර්ණාවලියේ යම් කලාපයකට අයත්වන සියලූම තරංග ආයාම

Co-ordinate bond:  දායක හෙවත් සංගත බන්ධන                        
බන්ධනයක් සෑදීමට අවශය ඉලෙක්ට්‍රෝන් දෙකම ලැබෙන්නේ බන්ධනයට සහභාගි වන පරමාණූ දෙකින් එක් පරමාණුවකිනි.ඉලෙක්ට්‍රෝන යුග්මයම සපයන පරමාණුව- දායක ඉලෙක්ට්‍රෝන යුග්මය ලබන පරමාණුව- ප්‍රතිග්‍රාහක

Coordination compound/complex:  සංගත සංයෝග/ සංකීරණ
      සංගත බන්ධන සහිත සංයෝග

Coordination number:  සංගත අංකය    
සංගත බන්ධනයක් සෑදීම සදහා සහභාගීවන ප්‍රතිග්‍රාහි පරමාණුව හා දායක පරමාණුව හෝ වටා ඇතිවන සම්පුර්ණ ඉලෙක්ට්‍රෝන යුග්ම සංඛ්‍යාව එම පරමාණුවේ සංගත අංකයයි.
ඒවාගේම මුලද්‍රව්‍යයක හෝ සංයෝගයක හෝ ස්පටිකයක හෝ පරමාණුවක හෝ අයනයක වටා ඇති ආසන්නම පරමාණු සංඛ්‍යාවටද සංගත අංකය යැයි කියනු ලැබේ.

Copper sulphate:  කොපර් සල්ෆේට් (පල්මානික්කම්)
      CuSO4. නිල් පාට සජල ස්පටික වේ.

Corrosion:  ලේහ විඛාදනය  
බෝහෝ ලෝහ වාතයට නිරාවරණය වුවිට එය මත විවිධ රසායනික වෙනස්කම් සිදුවේ. මෙය විද්‍යුත් රසායනික ක්‍රියාවලියකි. උදා: යකඩ මලබැදීම

Coulomb:  කූලෝම්              
      විද්‍යුත් ආරෝපණය මනින ඒකකය

Covalence/!Contravalance:  සහ-සංයුජතාවය                            
එක් එක් පරමාණුව සමාන වියුග්ම ඉලෙක්ට්‍රෝන සපයමින් පරමාණු අතර ඉලෙක්ට්‍රෝන, යුග්ම එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හවුල්වීමෙන් ඇතිවන රසායනික සංයෝජනය සහ-සංයුජතාවය නම්වේ.

Co-valent bond:  සහ-සංයුජ බන්ධනය                                  
අණුව සෑදීමේදී සහභාගිවන පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන හවුල් කරගැනීමෙන් සහ-සංයුජ බන්ධනයක් සෑදේ. අයනික බන්ධන මෙන් නොව මෙම බන්ධනයක් අවකාශයේ නිශ්චිත දිශාවකට පිහිටයි. තනි බන්ධන, බහු බන්ධන ලෙස සහ-සංයුජ බන්ධන වර්ග ඇත. සහ-සංයුජ බන්ධන සහිත ද්‍රව්‍ය හැදින්වෙන්නේ සහසංයුජ සංයෝග ලෙසය.

Covalent compounds:  සහ-සංයුජ සංයෝග                                
              සහ-සංයුජ බන්ධන වැඩි සංඛාවකින් සමන්විත සංයෝග

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCr

 Critical point:  අවිධි ලක්ෂය                                                      
යම් ද්‍රව්‍යයක අවධි උෂ්ණත්වයේ හා අවධි පීඩනයේ සම්මිශ්‍රණයකි

Critical pressure:  අවිධි පිඩනය                                           
අවධි උෂ්ණත්වයේදී ද්‍රව්‍යක් වාෂ්ප කිරීම සඳහා අවශ්‍ය පීඩනය

Critical temperature:  අවිධි උෂ්ණත්වය                                     
පීඩනය කුමක් වුවත් මෙම උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයකදී වායුවක්
ද්‍රව කල නොහැක

Criticl mass:  අවිධි ස්කන්ධය                                                      
විකිරණශීලී දාම ප්‍රතික්‍රියාවක, ප්‍රතික්‍රියාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍යවන අවම විකීරණශීලි ද්‍රව්‍ය ප්‍රමාණය

Crystal field theory:  ස්පටික ක්ෂෙත්‍ර වාදය                                 
මධ්‍ය පරමාණුව හා ඒවටා ඇති ඛාණ්ඩ(ලිගන්ඩ්) අතර ඇති බන්ධන ස්ථිති විද්‍යුත් බන්ධන යැයි උපකල්පනය කරයි. මෙම වාදය සංකීරණ සංයෝග වල චුම්බක  හා වර්ණාවලික ගුණ පැහැදිලි කරයි .

Crystal lattice: ස්ඵටික දැලිස                                                
ස්පටිකයක අංශුන් ත්‍රිමානව සැකසී ඇති ආකාරය ස්ඵටික දැලිස නම්වේ.

Crystal lattice energy: ස්ඵටික දැලිස ශක්තිය                              
      ස්පටික එකිනෙක හා බැදී පැවතීමට අවශ්‍ය ශක්තිය

Crystal Systems:  ස්පටික පද්ධති

  1. විශාල ස්පටික වර්ග සංඛ්‍යාවක් තිබුනද ඒවා සියල්ලම ප්‍රධාන ස්පටික පද්ධති හතකට අයත්වේ.

Cubic crystal system: මුහුනත් ගණන 6, සියල්ලම සමචතුරස්‍ර වේ.
eg: pyrite, silver, gold, diamond, garnet, galena, halite (rock salt), spinel, fluorite

                    Description: Cubic, simple simple cubic

                    Description: Cubic, body-centered Body centered cubic                                 
Description: Cubic, face-centered!Face-centered cubic

  1.  

Tetragonal crystal system
මුහුනත් ගණන 6 වන අතර ඉන් හතරක් සෘජුකෝණාස්‍ර වන අතර ඉතිරිය සමචතුරස්‍රවේ. උදා: සර්කෝන්

              Description: Tetragonal, simplesimple tetragonal
Description: Tetragonal, body-centeredbody_centered tetragonal

 

  1.  

Orthombic crystal system
මුහුනත් ගණන 6 වන අතර සියල්ලම සෘජුකෝණාස්‍රවේ. උදා: ටොපෑස්, එප්සොනයිට්,

              Description: Orthohombic, simplesimple Orthombic
Description: Orthohombic, base-centeredbase centered-Orthorombic
Description: Orthohombic, body-centered body-centered Orthombic
Description: Orthohombic, face-centered face-centerd Orthombic

  1.  

Hexagonal crystal system
මුහුනත් ගණන 8 වන අතර දෙකක් ෂඩ්‍රස්‍රාකාර වන අතර ඉතිරි හය සෘජුකෝණ්‍රස්‍රවේ. උදා: අයිස්, එම්රාල්ඬ්, ක්වාට්ස්, හීමටයිට්

              Description: Hexagonal Hexagonal

  1.  

Monoclinic crystal system
මුහුනත් ගණන 6. උදා: ජිප්සම්,

              Description: Monoclinic, simple simple Monoclinic
Description: Monoclinic, centered centered Monoclinic

  1.  

Triclinic crystal system
මුහුනත් ගණන 6. උදා: turquoise

  1.           Description: Triclinic

Rhombohedral crystal system
මුහුනත් ගණන 6. උදා: කැල්සිට්

      Description: Rhombohedral

Crysyalline solid:  ස්පටිකරූපී ඝන                                       
බාහිර හැඩය මෙන්ම අභ්‍යන්තර සැකැස්මේත් නියමිත ක්‍රමවත්බවක් ඇති ඝනවේ. මේවාට නිෂ්චිත ද්‍රාවාංක ඇත.

Crystalisation:  ස්පටිකීකරණය                                            
රත්වු සංතෘප්ත ද්‍රාවණයක් සිසිල් කිරීමෙන් ස්පටික ආකාරයෙන් සංශුද්ධ
ද්‍රව්‍යයක් වෙන් කිරීමේ ක්‍රියාවලිය

 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCu

Cupramonium compund: කියුප්‍රමේනියම් සංයෝග
කොපර් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට ඇමෝනියා දැමුවිට. දියවීමෙන් සෑදෙන සංකීරණ ලවණයකි

Curie[ci]:  කියුරි            
නියැදියක විකිරණශීලිභාවයේ තීව්‍රතාවය විස්තර කරන ඒකකයකි

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCy

Cyclotorn:  සයික්ලට්‍රෝනය 
සර්පිලාකාර පථයක ගමන් කරන ආරෝපිත අංශුන්වලට ත්වරණයක් ලබාදෙන උපකරණයකි

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

D

[Da] [De]  [Do] [Dp]   [ Dr] [ Dt]    [ Du ]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDa

D block elementsd ගොනුවේ මුලද්‍රව්‍ය
d ගොනුවේ මුලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතින උප ශක්ති මට්ටම්ය. ඉහළ විද්‍යුත් හා තාප සන්නායකතාවයක් පෙන්වයි. ඉහළ ද්‍රවාංක හා තාපාංක ඇත.

D-Orbitals: D-කාක්ෂික 
S හා P උප කවච වලට ඉහලින් පිහිටි මෙය, තුන්වන ශක්ති මට්ටමයි. මෙම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 10 පිරීමේ හැකියාව ඇත.

 

Daltons' low of partial pressure: ආංශික පීඩනය පිළිබඳ  ඩෝල්ටන් වාදය    
භාජනයක ඇති වායු මිශ්‍රණයක මුළු පීඩනය ඒ ඒ වායු වලින් ඇතිකරන පීඩනවල එකතුවට සමානවේ

Dalton's law Partial pressure (Law of Partial pressure): ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය
වායු මිශ්‍රණයක මුළු පීඩනය එහි ඇති එක් එක් වායුන්ගේ ආංශික පීඩන වල එකතුවට සමානවේ.

 

Daniell Cell: ඩැනියෙල් කෝෂය    

මෙහි වෝල්ටීයතාවය 1.1 පමණ වන අතර එහි සිදුවන රසායනික ක්‍රියාවලිය පහත අයුරුවේ.
Zn (ඝන) + Cu2+ (ඡලීය) → Zn2+(ඡලීය) + Cu(ඝන)

 Daughter Nuclide: දුහිතෘ නියුක්ලයිඩ                            
න්‍යෂ්ටික ක්ෂයවීමේදී සෑදෙන නියුක්ලයිඩ

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDe

Debye: ඩෙබ්යෙ    
      ද්විධ්‍රැව ඝූර්ණය මනින ඒකකය

Degenerated Orbital:පිරිහුණු කාක්ෂිකය 
එකම ශක්ති මට්ටමක පිහිටා ඇති කාක්ෂික වේ. මෙම ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරිමට ඇති හැකියාව එක හා සමානවේ.

 Degree of dissociation: විඝටන ප්‍රමාණය                                   
මුලද්‍රව්‍යයක අණුවකින් විඝටනය වී ඇති භාගය

 Deliquescent:        අවද්‍රාවක 
වාතයේ ඇති තෙතමනය උරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සෙමින් දියවන
ද්‍රවය
උදා: NaOH, CaCl2

Delocalization: අස්තානගතවීම      
ඉලෙක්ට්‍රෝන ස්ථානගත නොවී යම් ප්‍රදේශයකට පොදුවේ පැවතීමේ සංසිද්ධිය

Denaturation: විස්ස්වාභාවීකරණය                                 
ප්‍රෝටීනයක ත්‍රිමාන ව්‍යුහය බිදීමි, මේ නිසා ප්‍රෝටීනයේ ක්‍රියාකාරි
වය නැතිවී යයි

 Density: ඝන ද්‍රවය
ඒකක පරිමාවක ස්කන්ධයයි.

Deoxy ribonucleic acid(DNA):  ඩිඔක්සි රයිබො නියුක්ලෙයික් අම්ලය
විශාල නියුක්ලියෝටයිඩ මහේ අණුවකි. මෙහි ප්‍රධාන කාර්‍යයන් වන්නේ ප්‍රෝටීන් සංස්ලේෂණය හා ජාන පිළබඳ තොරතුරු ගබඩා කිරීම හා ප්‍රවාහනයයි

 Deposition: නිධිය/අවසාදනය 
යම් වායුවක්, ද්‍රව අවස්ථාවකින් තොරව ඝන අවස්ථාවට කෙලින්ම පත්වීම. මෙය ඌර්ධවපාතනයේ ප්‍රති විරුද්ධ සංසිද්ධියයි.

 Depolarizing agents: විධ්‍රැවණ කාරක     
ධ්‍රැවණය වැළැක්වීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය විධ්‍රැවණ කාරක නම්වේ.
උදා: වියළි කෝෂයක, ධ්‍රැවණය වැළැක්වීම සඳහා, විධ්‍රැවණ කාරකය ලෙස මැංගනීස් ඩයොක්සයිඩ් භාවිතා කෙරේ.

 Depolymerization: බහුඅවයවීකරණය                      
බහුඅවයවීකරණය වු සංකීරණ අණුවක් සරල අණු බවට නැවත හැරවීම

 Derivative: ව්‍යුත්පන්න   
සංයෝගයකින් සාදන තවත් සංයෝගයක් වන අතර එහි පොදු ව්‍යුහය සමානවේ.
උදා: ෆිනෝල් බෙන්සීන් වල ව්‍යුත්පන්නයකි.

 Dermal toxicity                                                       
යම් ද්‍රව්‍යයක් සමෙහි ස්පර්ෂවීමේදී ඇතිවන අහිතකර සෞඛ්‍ය තත්වයකි.

 Detergent: ක්ෂාලකය       
සබන් වැනි තෛලොදකයක් වන අතර කුණු ඉවත් කරන ද්‍රව්‍යයකි.

 Deuterium: ඩියුටීරියම්      
බර හයිඩ්‍රජන් ලෙසද හඳුන්වයි. හයිඩ්‍රජන් වල ස්වභාවිකව පවතින සමස්ථානිකයකි. රසායනික ප්‍රතික්‍රියාශීලිතාවය හයිඩ්‍රජන් වලය වඩා අඩුය

 Dextrose: ඩෙක්ස්ට්‍රෝස්           
සුදු ස්පටිකරෑපී රසයක් සහිත ඝනවේ. ප්‍රකාශ සක්‍රීය, දක්ෂිණභ්‍රමක සංයෝග වේ.

Dextrorotatory: දක්ෂිණභ්‍රමක  
ධ්‍රැවිත ආලෝකය දක්ෂිණාවර්තව භ්‍රමණය කිරීමට හැකියාව ඇති ප්‍රකාශ සක්‍රීය සංයෝග.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDi

Dialysis: කාන්දු පෙරීම             
පටලයක් තුලින් විසරණයවීමට සැලසීමෙන් දාවණය කළ
ද්‍රව්‍ය, කලිල කෙරෙන් වෙන් කරන ක්‍රමයකි.

Diamagnetism: පාරචුම්බක      
බාහිර චුම්බක ක්ෂෙත්‍රයක බලපෑම නිසා යම් සංයේගයක් දක්වන චුම්කත්වයකි

Diamond: දියමන්ති
කාබන් වල බහුරූපී අවස්ථාවකි. මධ්‍ය කාබන් පරමාණුව, චතුස්තලීයව පිහිටි තවත් කාබන් පරමාණු හතරකට බැදී පවතී.
ද්‍රවාංකය 7350O C. ස්වභාවිකව පවතින දෘඩම ද්‍රව්‍යවේ. මේ නිසා විවිධ දැඩි ද්‍රව්‍ය කැපීම සඳහා භාවිතා කරයි. දියමන්ති වල පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවේ. සාමාන්‍යයෙන් අවර්ණ වන අතර අපද්‍රව්‍ය ඇතිවිට වර්ණවත්වේ.

 Diatomic molecule: ද්විපරමාණුක අණු                          
පරමාණු දෙකකින් සෑදුනූ අණුවකි

 Diasteroisomers: පාර-ත්‍රිමාන සමායවික                         
ප්‍රතිරූප සමායවික නොවන ප්‍රකාශ සමායවික

 Dilution: තනුකකරණය/තනුකතාව                          
යම් ද්‍රාවණයක සාන්ද්‍රණය, ද්‍රාවකය එකතු කිරීම මගින් අඩුකිරීම

 Dimer: ද්විඅණු     
එකම වර්ගයේ අණු දෙකකින් සෑදුනු සංයෝගයකි

 Dinitrogen tryoxide:  ඩයිනයිට්‍රජන් ට්‍රයොක්සයිඩ්
N2O3. ලා නිල් පාට ද්‍රවයක්  ලෙස ඇත. N2O. ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙසද ක්‍රියාකරයි. ජලයේ දියවී දුබල අම්ල සාදයි.

 Dinitrogen pentoxide:  ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්
N2O5. සුදු පාට ඝනයකි. ඉතා ප්‍රබල ඔක්සිකාරකයකි. NO2 හා O2 වලට පහසුවෙන් ඌර්ධවපාතනය වේ.

Dipole: ද්වීධ්‍රැවය   
සහ-සංයුජ බන්ධන වල විද්‍යුත් සෘණතාවයේ වෙනස නිසා සිදුවන ආරෝපන බෙදීම

Dipole moment: ද්වීධ්‍රැව ඝූර්ණය                                     
බන්ධනයක් ධ්‍රැවීකරණය වී ඇති ප්‍රමාණය ද්වි ධ්‍රැව ඝූර්ණය ලෙස හැදින්වේ. මේ සඳහා දිශාවක් හා විශාලත්වයක් ඇත.

Dipole-Dipole Interactions: ද්විධ්‍රැව-ද්විධ්‍රැව ආකර්ෂණ
ද්විධ්‍රැවක අණු අතර ඇති ධන හා සෘණ ධ්‍රැව අන්තර් ක්‍රියා කිරීමෙන් ඇතිවෙන ආකර්ෂණ

Disaccharide: ඩයිසැකරයිඩ     
මොනසැකරයිඩ දෙකක් ග්ලුකොසයිඩ් මඟින් බන්ධනය වී සෑදුනු සීනි වර්ගයකි.

Dispersed phase: අපකිරණ කලාව 
කලිල පද්ධතිය (කලිල අංශූ) ව්‍යාප්ත වී ඇති  ප්‍රදේශය. කලිල අංශු වල විෂ්කම්බය 10-5 cm සිට 10-7 cm වේ.

Dispersion medium: අපකිරණ මාධ්‍යය                           
කලිල අංශු විසිරී ඇති මාධ්‍යය

Displacement exactions: විස්ථාපන ප්‍රතික්‍රයාව                
සංයෝගයක එක් මුලද්‍රව්‍යයක් තවත් මුලද්‍රව්‍යයක් විස්ථාපනය කරමින් සිදුවන ප්‍රතික්‍රියා

Disproportionation Reactions:      ද්විධාකරණ ප්‍රතික්‍රියාව     
එකම ද්‍රව්‍යයේ ඔක්සිකරණ හා ඔක්සිහරණ ප්‍රතික්‍රියා ඇතිවන රෙඩොක්ස් ප්‍රතික්‍රියා
2H2O2 D 2H2O + O2
Dissociation: විඝටනය             
ජලීය මාධ්‍යයකදී, අයනික ඝන සංයෝග එහි අයන බවට පත්වන ප්‍රතික්‍රියා

 Dissociation Constant: විඝටන නියතය
යම් ප්‍රතික්‍රියාවක් ගත් කල එය පහත ලෙස විඝටනය වන්නේ නම්,
Description: \mathrm{A}_{x}\mathrm{B}_{y} \leftrightarrow x\mathrm{A} + y\mathrm{B}
AxBy විඝටනය සඳහා විඝටන නියතය දැක්වීමට පහත සමීකරණය ලිවිය හැක

Description: K_d = \frac{[A]^x \times [B]^y}{[A_x B_y]}

[A], [B], සහ [AxBy] යනු අනුපිළිිවෙලින්  A, B, හා AxBy, හි සාන්ද්‍රණය වේ.

 Distilland                                
ආසවනයට භාජනය කරනු ලබන ද්‍රව්‍යය

 Distillate: ස්‍රතය
ආසවනය කර වෙන් කරගන්නා ලද ද්‍රව්‍යය

 Distillation: සවනය
වාෂ්පීකරණයෙන් පසු ඝනීභවනය කිරීම ආසවනයයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDo

Double bond: ද්විත්ව බන්ධන
පරමාණු 2 අතර ඉලෙක්ට්‍රෝන හතරක් හවුලේ තබා ගනිමින් සාදන ද්විතව සහසංයුජ බන්ධනය මෙය σ බන්ධනයක් හා π බන්ධනයකින් යුක්ත වේ.

Double Salt: ද්විත්ව ලවණ       
සහ-ස්පටිකීකරණය වු ලවණ දෙකකින් සමන්විතවු ඝනයකි. උදා: ඇලම්. පොටෑසියම් සෝඩියම්  ටාටරේට්

Doublet: යුග්මය    
වර්ණාවලියක සමාන තීවෘතාවයක් සහිතව එකිනෙකට ආසන්නව ඇති නෙරුම් (peak)

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDp

 DP number: DP අග             
බහූ අවයවයක ඇති මුලික අවයව සංඛ්‍යාවේ සාමන්‍යය

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDr

Dry Cell battery: වියළි කෝෂ 
ඔර්ලෝසු, රේඩියෝ, ගණක යන්ත්‍ර ආදියෙහි භාවිතා වන කෝෂ. මෙහි විද්‍යුත් විච්ඡේදය ඝනයකි.

Dry ice: වියළි අයිස්                  

ඝන කාබන් ඩයොක්සයිඩ් වියළි අයිස් ලෙස හඳුන්වයි. ශිත කල පාන සඳහා යොදා ගනී

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDt

D-Transition elements: න්තරික මුලද්‍රව්‍ය                    
අසම්පුරණ ලෙස පිරී ඇති d උප මට්ටමක් ඇති මුලද්‍රව්‍ය

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDu

Dulong and Petit law: ඩූලෝන් හා පෙටී නියමය            
ඝන මුලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේත් විශිෂ්ට තාපයේත් ගුණිතය, ආසන්න ලෙස සමානබවත්, ඝන මුලද්‍රව්‍යවල මවුල එකක උෂ්ණතවය කෙල්වින් අංශක එකකින් වැඩිකිරීම සඳහා අවශ්‍ය තාප ශක්තිය ජුල් 26 බවත් මෙම නියමෙන් අදහස් කෙරේ.

 Dumas Method: ඩූමා ක්‍රමය  
වාශ්පශීලි මුලද්‍රව්‍යය වල අණූක භාරය සොයන ක්‍රමයකි

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

E

[Ed]    [Ef]    [El]    [Em]   [En] [Eq]   [ Es]   [Et]    [Eu] [Ev] [Ex]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEd

EDTA( Ethyl diamine tetracetic acid

මෙය බොහෝ විට ලෝහ අයන බැද තබා (chealate) ගැනීමට භාවිතා කරයි.

 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEf

Effective nuclear charge:  සඵල න්‍යෂ්ටික ආරෝපණය
ඉලෙක්ට්‍රෝනයක් මත න්‍යෂ්ටිය මඟින් අති කරනු ලබන ශුද්ධ න්‍යෂ්ටික ආරෝපනය සඵල න්‍යෂ්ටික ආරෝපණය ලෙස හඳුන්වයි. මුළු න්‍යෂ්ටික ආරෝපණයත් නිවාරණ ආචරණයත් ප්‍රතිවිරුද්ධ බල ලෙස ක්‍රියා කරන බැවින් එම බල වල සංප්‍රයුක්තය සඵල න්‍යෂ්ටික ආරෝපණයයි.

 Effusion : නිස්සාරණය
පීඩනය යටතේ භාජනයක් තුළ රදවා ඇති වායුවක් එම භාජනයේ කුඩා සිදුරක් තුලින් පිටවීමේ ක්‍රියාවලිය
නිස්සරණ සාපේක්ෂ සීඝ්‍රතාවය α 1/අණුක භාරය

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEl

Electrical Conductivity: විද්‍යුත් සන්නායකතාවය
විද්යුතය සන්නයනය කිරීමට ඇති හැකියාව

Electrochemical series:විද්‍යුත් රසායනික ශ්‍රේණිය
ඉලෙක්ට්‍රෝඩ වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය අනුපිළිවෙලට සකස්කිරීමෙන් ලෝහවල විද්යුත් රසායනික ශ්‍රේණිය සාදා ඇත.

 

සමතුලිතතාවය

E° (volts)

-3.03

-2.92

-2.87

-2.71

-2.37

-1.66

-0.76

-0.44

-0.13

0

+0.34

+0.80

+1.50

Electrochemistry: විද්යුත් රසායනය
විද්‍යුතය  මගින් සිදුකරන රසායනික විපර්‍යාස පිළිබඳ අධ්‍යයනය

 Electrode Potentials:    ඉලෙක්ට්‍රෝඩ විභවය
ලෝහ කූරක් එහි අයන අඩංගු ද්‍රාවණයක ගිල් වුවිට ලෝහ කූරත් ද්‍රාවණයත් අතර ආරෝපණ වෙන් වීම නිසා ලෝහ කූර මත විද්‍යුත් විභවයක් ඇතිවේ. මෙම විද්‍යුත් විභවය එම ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝඩ විභවයයි

 Electrodes: ඉලෙක්ට්‍රෝඩ
විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිකරණ හා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා සිදුවන පෘෂ්ඨ ඉලෙක්ටෝඩ ලෙස හඳුන්වයි

Electrolysis: විද්‍යුත් විච්ඡේදනය
විද්‍යුත් විච්ඡේදක කෝෂයක සිදුවන ක්‍රියාවලිය. මෙහිදී ඉබේ සිදුනොවෙන රසායනික ක්‍රියාවලියක් ඇති කිරීමට ධාරාවක් කෝෂය හරහා යවනු ලුබේ.


Electrolyte: විද්‍යුත් විච්ඡේද්‍ය
විද්‍යුතය සන්නයනය කල හැකි ජලීය ද්‍රාවණ සෑදිය හැකි ද්‍රව්‍යය

Electrolytic Cells: විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ
විද්‍යුත් ශක්තිය භාවිතයෙන්, සවයංසිද්ධිව සිදුනොවන රෙඩොක්ස් ප්‍රතික්‍රියා ඇතිවන විද්්‍යුත් රසායනික කෝෂ

 Electrolytic Solution:   විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණය
විද්‍යුතය සන්නයනය කළ හැකි ද්‍රාවණයකි.
ප්‍රබල විද්‍යුත් විච්ඡේදය ද්‍රාවණ: මෙම ද්‍රාවණ වල ඇත්තේ ආරෝපිත අයන පමණි.
NaCl  →Na+ + Cl-
දුබල විද්‍යුත් විච්ඡේදය ද්‍රාවණ: විද්‍යුත් විච්ඡේදය ජලය තුල අර්ධ ලෙස අයනීකරණය වේ.
CH3COOH DCH3COO- + H+

Electrolytic Conduction: විද්‍යුත් විච්ඡේද්‍ය සන්නයනය
සංශුද්ධ ද්‍රාවණයක හෝ මිශ්‍රණයක අයන මගින් විද්‍යුත් සන්නයනය

Electromagnetic Radiation:  විද්‍යුත් චුම්බක විකිරණ
තරංග ආකාර හැසිරීමක් දක්වන මෙම විකිරණ ශක්තිය රික්තකය හරහා ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කරයි.
Electromagnetic Spectrum:  විද්‍යුත් චුම්බක වර්ණාවලිය
සියළුම විද්‍යුත් චුම්බක විකිරණ මෙයට ඇතුලත් වේ.
 

Electromotive force:      විද්‍යුත්ගාමක බලය
කෝෂයක ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විභව අන්තරය විද්‍යුත්ගාමක බලය ලෙස හැදින්වේ. 
Ecell  = ER- EL 

Electroscope: විද්‍යුත් දර්ශකය
වස්තුවක විද්‍යුත් ආරෝපනයක් තිබේදැයි සොයා බැලීමට භාවිතා කරන උපකරණය උදා: ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය

Electron: ඉලෙක්ට්‍රෝන
පරමාණුවක ඇති මූලික අංශුවකි. එය ස පරමාණුඉව වන හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයෙන් 1/1840 පමණ වේ. එහි ස්කන්ධය 9.11X10-28 g. මෙය - ලෙස ආරෝපිතයි. ඉලෙක්ටෝන, වලාවක් ලෙස පරමාණුවේ න්‍යෂ්ටිය වටා පවතී.

Electron affinity: ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය
වායුමය පරමාණුවක් පිටතින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන වායුමය ඇනායනයක් සාදන විට මුක්ත වන ශක්ති ප්‍රමාණය එම මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය

 Electron configuration: ලෙක්ට්‍රෝන වින්‍යාසය
පරමාණුවක එක් එක් ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා වෙන් වෙන් වශයෙන් ලියා දක්වන ආකාරය
උදා: කැඩ්මියම්(පරමාණුක ක්‍රමාංකය 48):
1s2 2s2 2p6 3s2 3p6 4s2 3d10 4p6 5s2 4d10

 

 Electron delocalisation: ඉලෙක්ට්‍රෝන අස්ථානගතවීම
ඉලෙක්ට්‍රෝන ස්ථානගත නොවී යම් ප්‍රදේශයකට පොදුවේ පැවතීමේ සංසිද්ධිය ඉලෙක්ට්‍රෝන අස්ථානගතවීමයි
උදා- බෙන්සීන්

 Electron orbits:     කාක්ෂික
පරමාණුවක ඉලෙක්ට්‍රෝන පැවතීමේ සම්භාවිතාව උපරීම වන අවකාශ ප්‍රදේශය කාක්ෂික ලෙස හැඳින්වේ.

Electronegativity: විද්‍යුත් සෘණතාවය
අණුවක ඇති පරමාණුවක් වෙතට බන්ධන සාදන ඉලෙක්ට්‍රෝන ඇදගැනීමේ බලය පරමාණුවේ විද්‍යුත් සෘනතවය නම්වේ

Electrophilic reagent:    ඉලෙක්ට්‍රෝෆිලික/ඉලෙක්ට්‍රෝනකාමී ප්‍රතිකාරක
ඉලෙක්ට්‍රෝන යුගලයක් ලබා ගෙන නව සහසංයුජයන් සෑදිය හැකි ප්‍රතිකාර ඉලෙක්ටෝන ඌන ප්‍රතිකාරක වේ.
උදා- H+, +NO2, AlCl3

 

 Element:        මුලද්‍රව්‍යය
ආරම්භක ද්‍රව්‍යයට වඩා තවත් සරල ද්‍රව්‍යයක් බවට පත් කල නොහැකි පදාර්ථය මුලද්‍රව්‍ය නම්වේ. දැනට මුලද්‍රව්‍යය 106 පමණ හඳුනාගෙන ඇති අතර එයින් 92 ස්වභාවිකව පවතී. අනිත් මුලද්‍රව්‍යය න්‍යෂ්ටි විපර්‍යාසයන් නිසා ඇතිවන ඒවා වේ.

 Elimination reaction:   ඉවත්වීමේ ප්‍රතික්‍රියා
මෙහිදී අදාළ පරමාණුවේ මුහුම්කරණය වෙනස් වන අතර පහත දක්වා ඇති ආකාරයට ප්‍රතික්‍රියාව සිදුවේ. අසන්තෘප්තතාවය වැඩිවේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEm

Emission spectrum:        විමෝචන වර්ණාවලිය
රත් කිරීමෙන් හෝ විද්‍යුතය මගින් හෝ පරමාණු උත්තේජනය කිරීමෙන් විමෝචනය වන විකිරණයේ වර්ණාවලිය විමෝචන වර්ණාවලියයි

Empirical formula:      අණුභවික සූත්‍රය
සංයෝගයක ඇති විවිධ පරමාණුවල සරලම අනුපාතය දැක්වේ

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEn

Emulsions: තෙලෝදය
එක් ද්‍රවයක තවත් ද්‍රවයක් විසිරී ඇතිවිට එය තෙලෝදයක් ලෙස හඳුන්වයි.

Enantiomer:   ප්‍රතිරූප අවයව
ප්‍රකාශ සක්‍රීය සංයෝග යුගලයකි. තල ධ්‍රැවිත ආලෝක කිරණයක් පතිත වු විට එහි තලයේ වෙනසක් ඇති කලහැකි සංයෝග ප්‍රකාශ සක්‍රීය සංයෝගවේ. ධ්‍රැවණ තලය දක්ෂිණවර්තව කරකවන සංයෝග d හෝ (+) ලෙස හඳුන්වයි. ධ්‍රැවණ තලය වමාවර්තව භ්‍රමණය කරවන සංයෝග l හෝ (-) ලෙස හඳුන්වයි. d හා l ප්‍රතිරූප අවයවවේ.

 End point:     අන් ලක්ෂය
දර්ෂකයක් මඟින් වර්ණ විපර්‍යාසයක් සිදුවන අවස්ථාව අන්ත ලක්ෂය නමින් හැඳින්වේ. අම්ල-භෂ්ම අනුමාපන වලදී සමකතා ලක්ෂය අන්ත ලක්ෂයට සාමාන වේ.
 Endothermic compounds:     තාපාවශෝෂක සංයෝග
තාපය අවශෝෂනය කර ගනිමින් තම සංඝටක මුලද්‍රව්‍යවලින් සෑදුණු සංයෝග
 Endothermic reactions:        තාපාවශෝෂක ප්‍රතික්‍රියා
අවට පරිසරයෙන් තාපය අවශෝෂනය කර ගනිමින් සිදුවන ප්‍රතික්‍රියා. මෙහිදී තාප ශක්තිය රසායනික ශක්තිය බවට හැරේ
Energy:   ශක්තිය
කාර්යය කිරීමේ හැකියාවයි (පදාර්ථයේ විපර්‍යාසයක් කිරීමට ඇති හැකියාව)

Enthalpy:        එන්තැල්පිය
නියත පීඩනයක් යටතේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක , ප්‍රතික්‍රියාව හා සම්බන්ධ තාපශක්ති විපර්යාසය එම පද්ධතියේ ඇති ගුණයකි. මෙය එන්තැල්පිය නම් වේ. එන්තැල්පි අගය පද්ධතියක ගැබ්වු සම්පුරණ ශක්තිය ලෙස දල වශයෙන් ගත හැක. එහෙත් එය මැනීම අපහසුය.
 Entropy: එන්ට්‍රෝපිය
යම් පද්ධතියක ඇති අවුල්භාවය/කැළඹීම මනින ආකාරයකි. මෙය S අකුරෙන් හැඳින්වෙන අතර ස්ථාවර පද්ධති වල එන්ටට්‍රෝපිය අඩුය.
Enzyme:  එන්සයිම
ජෛව රසායනික ක්‍රියාවලියක උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන ප්‍රෝටීන විශේෂයකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEq

Equation of State:  අවස්ථා සමීකරණය
දී ඇති භෞතික තත්වයන් යටතේ යම් පදාර්ථයක් අවස්ථාව විස්තර කරන සමීකරණ, අවස්ථා සමීකරණ නම්වේ. මෙය සඳහා සරල උදාහරණයක් ලෙස පරිපුර්ණ වායු සමීකරණය ගත හැක.

Equilibrium:  සමතුලිතතාවය
කිසියම් පද්ධතියක මහෙ
ෂීය ගුණ (මැනිය හැකි ගුණ) කාලය සමඟ වෙනස් නොවේනම් එම පද්ධතිය සමතුලිතතාවයේ ඇත

Equilibrium  constant:   සමතුලිතතා නියතය
ගතික සමතුලිත පද්ධතියක  ඵලවල සාන්ද්‍රණය හා ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය ඇසුරෙන් සමතුලිතතා නියතය ප්‍රමාණාත්මකව දැක්විය හැක.
aA+bB DmM+nN

 

Equilibrium  point:        සමතුලිතා ලක්ෂ්‍යය
ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවයකට එළඹුනවිට නොවෙනස්ව පවතින ප්‍රතික්‍රියා සහ ඵල සාන්ද්‍රණ වලින් සමතුලිතා ලක්ෂය අර්ථ දැක්වේ.

 Equivalent point: සමකතා ලක්ෂය
අම්ල-භස්ම ප්‍රතික්‍රියාවකදී එම ප්‍රතික්‍රියාව සම්පුර්ණ වන ලක්ෂය සමකතා ලක්ෂය ලෙස හඳුන්වයි. මෙම ලක්ෂය නීර්ණය කර ගැනීම සඳහා අම්ල-භස්ම අනුමාපන වල දර්ෂකයක් භාවිතා කරයි (ප්‍රතික්‍රීයක හා ජලය අවර්ණ බැවින්).
Equivalent weight: සංයෝජන/ සමක භාරාංකය
මුලද්‍රව්‍යයක සමක ස්කන්ධය(සංයේජන ස්කනධය) හයිඩ්‍රජන්වල ස්කන්ධයෙන් කොටස් 1ක් හෝ ඔක්සිජන්වල ස්කන්ධයෙන්  කොටස් 8ක් හෝ විස්ථාපනය කරන්නා වු නැතහොත් ඒ සමග සංයේජනය වන්නා වු එකී  මුලද්‍රව්‍ය ස්කන්ධයේ කොටස් ගණන යි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifEs

Essential Oil: සගන්ධ තෙල්
සුවඳක් හේ රසකින් යුක්තවු ශාක වලින් නිස්සාරණය කරන තෙල් වර්ග

Ester: එස්ටර
පොදු සුත්‍රය R-C-O-R' වන ( R,R` සමාන හෝ වෙනස්) ඇරොමැටික හෝ ඇලිපැටික සංයෝග

Esterification:        එස්ටරීකරණය
කාබොක්සිලික් අම්ලයක් හා ඇල්කොහොලයක් ඛනිජ අම්ල හා උත්ප්‍රේරක සමඟ රත් කලවිට එස්ටර සැදේ. මෙය ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifEt

Ethanol( Ethyl Alchol): එතනෝල්

C2H5OH. අවර්ණ දියරයකි. ජලයෙහි දියවේ. ඊතර, එස්ටර, ක්ලෝරෆෝම් නිෂ්පාදනයේදී භාවිතා කරන අතර ද්‍රාවකයක් ලෙසද භාවිතා වේ.

 Ethene ( Ethylene):      එතලීන්
C2H4 . බොරතෙල් වල අතුරැ ඵලයකි. අසංතෘප්ත සංයෝගයකි. පොලිතින් වල තැනුම් ඒකකයයි.

Ether:     ඊතර
පොදු සූත්‍රය R-O-R` වන සංයේග. R, R` ඛංණ්ඩ ඒරයිල් හෝ ඇල්කයිල් විය හැක.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifEu

Eutropication:        සුපෝෂණය
ජලාශ වල ශාක පෝෂණ ද්‍රව්‍ය අධිකවීම නිසා ඇතිවන අධි පෝෂිත තත්වයකි.

 

 Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifEv

Evaporation:  වාෂ්පීකරණය
යම් ද්‍රව්‍යයක් රත්කරනවිට ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වේ. මෙම කලාප විපර්යාසය වාෂ්පීකරණය නම්වේ.

Evaporation rate:   වාෂ්පීකරණ සීඝ්‍රතාවය
යම් ද්‍රව්‍යයක් වාෂ්පීකරණය වන වේගය. මෙය ගිනි ගැනීම් පිළිබඳව හා සෞඛ්‍යමය කටයුතු සදහා වැදගත් වේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifEx

Excited State: උත්තේජිත අවස්ථාව
පරමාණුවක හෝ අණුවක භූමි අවස්ථාව හැර පැවතිය හැකි අනිකුත් ශක්ති මට්ටම්

Exothermic compounds:        තාපදායක සංයෝග
තාපය පිට කරමින් තම සංඝටක මුලද්‍රව්‍යවලින් සෑදුණු සංයෝග

 Exothermic reactions:  තාපදායක ප්‍රතික්‍රියා
තාපය පිට කරමින් සිදුවන ප්‍රතික්‍රියා, තාපදායක ප්‍රතික්‍රියා නම්වේ. මෙහිදී ඵලවල රසායනික ශක්තිය ප්‍රතික්‍රියා වල ශක්තියට වඩා අඩුවේ

Extensive Property:       විත්ති ගුණ 
පදාර්ථයේ ප්‍රමාණය මත රඳාපවතින ගුණ විත්ති ගුණ නම්වේ.

 

 

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

F

[Fa]    [Fe]    [Fi]  [Fl]  [Fo]   [Fr]   [Fu]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFa

Fallopian tube (fa-LO-pee-in):    පැලෝපීය නාලය;

ඩිම්බ කෝෂයේ සිට ගර්භාෂය වෙතට ඩිම්බ රැඟෙන යනු ලබන නාලය.  ඩිම්බ කෝෂයකට එක බැගින් පැලෝපීය නාල දෙකක් ඇත.

 

false positive:   

යම්කිසි රෝග තත්ත්වයක් වැළඳී ඇති බවට වැරදියට පෙන්වන පරීක්ෂණ ප්‍රතිඵලයක් මෙනමින් හඳුන්වනු ලුබේ.

 

familial adenomatous polyposis (FAP) (ad-in-O-mut-us pah-li-PO-sis):   

මෙම ප්‍රවේණික තත්ත්වයක් වන අතර මෙහිදී අදාල පුද්ගලයාගේ අන්ත්‍රයේ කුඩා වැඩීම් (polyps) සිය ගණනක් පමණ සිදුවේ.  මෙයට පිළියම් නොකළහොත් මෙම තත්ත්වය සෑම විටකම අන්ත්‍රයේ පිළිකාවක් බවට පෙරැළේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFe

Fehling solution:ෆෙලිං ද්‍රාවණය
ඇල්ඩිහයිඩ් හා කීටෝන හඳුනා ගැනීමට මෙම ප්‍රතිකාරකය යොදාගත හැක. භාෂ්මික කොපර් ටාටරේට් ද්‍රාවණයක් ෆේලිං ප්‍රතිකාරකය ලෙස හැදින්වේ. ඇල්ඩිහයිඩ් හා කීටෝන මෙම ප්‍රතිකාරකය සමඟ රත් කලවිට රතු අවක්ෂේපයක් දෙයි. මුත්‍රා වල ග්ලූකෝස් ඇතිද යන්න පරික්ෂා කිරීම සඳහා මෙය යොදා ගනී.

Ferromagnetism:   අයශ්චුම්බකත්වය
යම් ද්‍රව්‍යයක් බාහිර චුම්භක කෙෂ්ත්‍රයකට ලක්කල විට ස්ථිර චුම්භකයක් බවට පත්වීමට ඇති හැකියාව

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFi

Filtration:       පරිශ්‍රාවනය
පෙරනයක් භාවිතා කර යාන්ත්‍රිකව මිශ්‍රණයක්  පෙරා වෙන් කිරීම

 First Law of Thermodynamics:    තාපගති විද්‍යාවේ පළමුවන නියමය
ශක්ති සංස්ථිති නියමිය ලෙසද හැඳින්වේ. මෙහි සරලම අදහස වන්නේ ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි බවයි. එනම් විශ්ව ශක්තිය නියත බවයි.

First order reaction:      පළමු පෙළ ප්‍රතික්‍රියා
යම් ප්‍රතික්‍රියාවක, ප්‍රතික්‍රියා සාන්ද්‍රණය දෙගුණ කලවිට ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය දෙගුණ වන ප්‍රතික්‍රියා පළමු පෙළ ප්‍රතික්‍රියාවේ

Fission:   විඛණ්ඩනය
නියුට්‍රෝන පහරදීමක් මඟින් බරින් වැඩි න්‍යෂ්ටියක් අඩු බරුති න්‍යෂ්ටි දෙකකට බිඳීමේ ක්‍රියාවලිය

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFl

Flame test: පහන්සිළු පරීක්ෂාව
s-ගොනුවේ මුලද්‍රව්‍ය හදුනාගැනීමට මෙම පරික්ෂාව යොදා ගැනේ.
ලිතියම්-රතු, 
සීසියම්-නිල්,
සෝඩියම්-කහ,
කැල්සියම්-තැඹිලිපාට,
පොටෑසියම්-දම්,
ස්ට්‍රෙන්ටියම්-ක්‍රිම්සන්,
රුබීඩියම්-තද දම්,
බේරියම්-කොළ

Fluids:    දියර
නිදහසේ ගලායන ද්‍රව්‍යය, උදා: ද්‍රව හා වායු

Fluorescence:ප්‍රතිදීප්තිය
ද්‍රව්‍යයක් මඟින් ශක්තිය වැඩි කිරණ අවශෝෂනය කර ගෙන පසුව  දෘෂ්‍ය ආලෝකය පිට කිරීම

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFo

 Foam:පෙණ
ද්‍රවයක ඇති වායුමය කලිල ද්‍රාවණය

Formalin:ෆෝමලීන්
37% ෆෝමැල්ඩිහයිඩ(මෙතනැල්) ජලීය ද්‍රාවණයකි. ජෛව නිදර්ෂක කල්තබා ගැනීමට භාවිතා කරයි

Formal charge:      නිශ්චිත ආරෝපණය
ලුවිස් ව්‍යුහය නිවැරදිව ලියුවිට එක් එක් පරමණුවට අයත්වන ආරෝපණය නිශ්චිත ආරෝපණය ලෙස හඳුන්වයි.

Formic acid:   ෆෝමික් අම්ලය
HCOOH. අවර්ණ වන අතර ඉතා සැර ගන්ධයකින් යුක්තවේ. දිමියන්ගේ හා ශාකවල ස්වභාවිකව පවතී. මිය ගිය ජීවීන් කල්තබා ගැනීමට භාවිතා කරයි.

Formula:සූත්‍රය
යම් ද්‍රව්‍යයක රසායනික සංයුතිය සංකේතාත්මකව දක්වන ආකාරයකි

Formula weight:    සූත්‍ර භාරය
යම් සංයෝගයක රසායනික සූත්‍රයට අනුරූප සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඓක්‍යය

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFr

Fractional distillation:  භාගික ආසවනය
සංයෝග මිශ්‍රණයකින් එම සංයෝග ඒවායේ තාපාංක වලට අනුකූලව ඉහළ උෂ්ණත්ව වලට රත් කර වෙන් කිරීම භාගික ආසවනයයි.

 Friedl`s Craft Reaction:       ෆීඩ්ල් කාෆ්ට් ප්‍රතික්‍රියාව
බෙන්සීන් න්‍යෂ්ටියට ඇල්කයිල් හෝ එසයිල් ඛාණ්ඩයක් ආදේෂ කරන ක්‍රමයකි

 

Free  energy:  යෝජ්‍ය ශක්තිය
නියත උෂ්ණත්වයේදී හා පීඩනයේදී, කාර්‍යයක් කිරීම සඳහා යම් පද්ධතියක් සතු ශක්තියයි. මෙය තාපගති විද්‍යාවේදී භාවිතා වන මිනුමකි

Free radical:  මුක්ත ඛණ්ඩ
යුග්ම නොවු ඉලෙක්ට්‍රෝනයක් සහිත ප්‍රතිකාරකවේ. මේවා ඉතා ප්‍රතික්‍රියාශීලීවේ.

Freezing point depression:    හිමාංකපාතනය
ද්‍රාව්‍යය නිසා ද්‍රාවකයක හිමාංකය පහත වැටීම

Freon:     ෆියෝන්
ශිතකරණවල එයරසෝලයක් ලෙස භාවිතා කරයි. මෙම සංයෝගය ඕසෝන් ස්ථරය තුනීකිරීමට හේතුවන බව සොයා ගෙන ඇත

Frequency:  සංඛ්‍යාතය
තත්පරයකදී යම් දී ඇති ලක්ෂයක් පසු කර යන තරංගයක ශිර්ෂ සංඛ්‍යාව

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFu

Fuel cells:      දහන කෝෂ
අනිකුත් විද්‍යුත් කෝෂ වල මෙන් මෙම කොෂයේද රසායනික ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්තනය වේ. මේ සඳහා වායුන් දහනය කිරීමක් සිදුවේ.
උදා: හයිඩ්‍රජන් දහන කෝෂ වල හයිඩ්‍රජන් වායුව ඇනෝඩය ලෙසත් ඔක්සිජන් කැතෝඩය ලෙසත් ක්‍රියා කරයි.

 

Functional group:  ක්‍රියාකාරී කාණ්ඩය
කාබනික සංයෝගයක සක්‍රීය ස්ථානයේ පිහිටි පරමාණු සමුහය, ක්‍රියාකාරී කාණ්ඩය ලෙස හඳුන්වයි. මෙම කොටස මඟින් සංයෝගයේ ලාක්ෂණික ගුණ ඇති කරයි.

Fueller`s earth:      ෆුලර කුඩු
තෙල් සහ ග්‍රීස් උරාගැනීමට හැකි මැටි වර්ගයකි. මැග්නීසියම්, කැල්සියම්, ඇලුමීනියම් වැනි ලෝහ වල සජල සිලිකේට වලින් මෙය සෑදී ඇත.

Functional group isomers:    ක්‍රියාකාරී ඛාණ්ඩ සමාවයවික
එකම අණුක සූත්‍රය තිබෙන නමුත් ක්‍රියාකාරී ඛාංණ්ඩය වෙනස්වු සංයෝග
උදා:

Fusion:   විලයනය
සැහැල්ලු න්‍යෂ්ටි දෙකක් හාවී බරින් වැඩි ස්ථායි න්‍යෂ්ටියක් සෑදීමේ ක්‍රියාවලිය

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

G

[Ga]    [Ge]    [Gl]    [Gr]  [Gu]   

Ga

Galvanic cell:  ගැල්වානි කෝෂ
්වයංසිද්ධිව සිදුවන ඔක්සිකරණ-ඔක්සිහරණ ක්‍රියාවලි හරහා රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හැරවීම. මෙම ශක්තිය යම් කාර්‍යයක් කිරීම සඳහා භාවිතා කල හැක.

 

Galvanizing:  ගැල්වනයිස් කිරීම
විඛාදනය වැලැක්වීම සදහා යකඩ මත සින්ක් ආලේප කිරීමේ ක්‍රියාවලිය

Gamma Ray:  ගැමා කිරණ
විකිරණශීල මුලද්‍රව්‍ය ක්ෂය වන විට අධික ශක්තියක් ඇති ප්‍රෝටෝන ගැමා කිරණ නම් වේ. විනිවිදයාමේ බලය ඉතාමත් ඉහල වන අතර විද්‍යුත් චුම්බක කිරණයකි. විකිරණශීලි ක්ෂය වීමේදී විමෝචනය වන කිරණ අනෙකුත් ආකාර  වන්නේ බීටා හා අල්ෆා කිරණයි. 
 
Gas:  වායු
පදාර්ථය පැවතිය හැකි එක් අවස්ථාවකි. නිශ්චිත හැඩයක් හෝ පරිමාවක් නැත.

Gas constant:  වායු නියතය
සාර්වත්‍ර වායු නියතය ලෙස ද හඳුන්වයි. පරිපුරණ වායු නියමයේදී භාවිතාවේ.
R=8.314 Jmol-1 k-1

Gay-Lussac's law:  ගේ-ලුසැක් නියම     
වායු ප්‍රතික්‍රියා කරන කල ඒවායේ පරිමා, එකම උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ මැනගත් විට එකිනෙකට සරල අනුපාතයක් පෙන්වන අතර සෑදෙන ඵල වායුමය නම් ඒවායේ පරිමා සමඟද සරල අනුපාතයක් පෙන්වයි.

 

 

 

Ge

Geiger counter :  ගයිගර්-මුල ගණකය
විකිරණශීලි ක්‍රියාවලියකදී විමෝචනය වන අංශු පහසුවෙන් ගණන් කිරීම සඳහා භාවිතා කරන උපකරණයකි.

Gel:  ජෙල්
ද්‍රවයක විසිරී ඇති ඝන අංශුන් ගෙන් සමන්විත කලිල ද්‍රාවණයකි

Gem-dimethyl group: 
එකම කාබන් පරමාණුවට සම්බන්ධ මෙතිල් කාණ්ඩ දෙකක්

Geo- Chemistry:  භූ රසායන විද්‍යාව
පෘථිවියේ රසායනික සංයුතියද එහි කලින් සිදුවී ඇත්තාවුත් දැනට සිදුවන්නාවුත් රසායනික විපර්යාසද පිළිබඳව අධ්‍යයනයන්ට සීමාවු රසායන විද්‍යාව


Geometrical Isomers:  ජ්‍යාමිතික සමාවයවික
එකම අණුක සූතයක් හා පරමාණු එකම අනු පිළිවෙලකට සම්බන්ධ වී ඇති නමුත් අවකාශයේ ත්‍රිමාන ලෙස පිහිටා ඇති ආකාරය වෙනස් වු සංයෝගවේ. මෙහිදී කාණ්ඩ අවකාශයේ නිදහසේ භ්‍රමණයවීම අවහිරය. උදා: සිස්-ට්‍රාන්ස් සමාවයවික

 

 

 

Gr

Glass:  වීදුරු
විනිවිද පෙනෙන අස්පටිකයකි. ක්ෂණිකව ඝන තත්වයට පත් කරන ලද
ද්‍රවයෙකි.

Graham's Law: ග්‍රේහැම් නියමය
ෙවායුන්ගේ නිස්සරණ වේගය එම වායුන්ගේ අණුක ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකවේ.

R=  වායුන්ගේ නිස්සරණ වේගය
M= අණුක ස්කන්ධෙ

Granite:  ග්‍රනැයිට්
මයිකා, ෆෙල්ස්පාර් හා ක්වාට්ස් වැනි ඛනිජ වලින් සෑදුනු ඉතා ඝන පාෂානයකි.

 Graphite: ග්‍රැෆයිට්
කාබන් වලින් සෑදුනූ පැතලි ස්තර සහිත දැලිසකි. පැතලි ස්තර වල ෂඩස්‍රාකාරව බැදුණු කාබන් පරමාණු ඇත. ග්‍රැෆයිට් හොද විද්‍යුත් හා තාප සන්නායකයකි. ඉහළ තාපාංක හා
ද්‍රාවාංක ඇත. ස්ථර අතර ඇති දුබල වැන්ඩවාල්ස් බල නිසා ස්තර වලට සාපේක්ෂව චලනය විය හැකි නිසා සනේහක ලක්ෂණ පෙන්වයි.

 

Gravimetric analysis:  භාරමිතික විශ්ලේෂණය
අවක්ෂේප කිරීමෙන් කෙරෙන ප්‍රමාණාත්මක විශ්ලේෂණයයි.

Green house effect:  හරිතාගාර ආචරණය
පෘථිවි පෘෂ්ඨයේහි තාපය හිරවීම නිසා මෙය සිදුවේ. වායුගොලයේ ඇති ජල වාෂ්ප, කාබන් ඩයෙක්සයිඩ්, මීතේන් හා නයිට්‍රස්ඔක්සයිඩ් වැනි වායු නිසා වායුගොලීය උෂ්ණත්වය වැඩිවේ.

Grignard reagents:  ග්‍රීනාඩ් ප්‍රතිකාරකය
ග්‍රීනාඩ් ප්‍රතිකාරකය යනු RMgX ලෙස දැක්විය හැකි සංයෝග විශේෂයකි
R- ඇල්කිල්/ ඇරිල්
Mg- මැග්නීසියම්
X-හැලජනයක් (Cl, Br, I)
ල්කිල් හෝ ඇරිල් හේලයිඩයක් ලෝහමය මැග්නීසියම් සමඟ වියළි ඊතර මාධ්‍යයේ ප්‍රතික්‍රියා කිරීමෙන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ලැබේ. මෙම ප්‍රතිකාරකයේ C හා Mg අතර ඉතා ධ්‍රැවීය බන්ධනයක් ඇත. මේ නිසා R ඛංඩය නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරේ.

 

Ground state:  භෞම අවස්ථාව
පරමාණු, අණු හා අයන වල අවම ශක්ති මට්ටමයි. මෙය එම අංශුන්ගේ ඉතාම ස්ථායි අවස්ථාවයි.

Group:  කාණ්ඩය
වර්තිතා වගුවේ සමරූපී මුලද්‍රව්‍ය පිහිටි සිරස් තීරු කාණ්ඩ නම්වේ.

 

Gu

Gun salt:  වෙඩි ලුණු
පෙටෑසියම් නයිට්‍රේට් මේ නමින් හැදින්වේ. වෙඩි බෙහෙත් සෑදීමට ගනී.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

H

[Ha]    [He]     [Ho]   [Hy]      

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifHa

Haber Process:  හෙබර් ක්‍රියාවලිය
ඇමෝනියා කාර්මිකව නිෂ්පාදනය කරන ක්‍රියාවලියයි.
N2(වායු) + 3H2(වායු) D2NH3(වායු)
 Half reaction:  අර් ප්‍රතික්‍රියා
රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක අර්ධ ක්‍රියාවලිය එනම් ඔක්සිකරණ හෝ ඔක්සිහරණ ක්‍රියාවලිය

Half-cell:  අර්ධ කෝෂය
වෝල්ටීය කෝෂයක ඔක්සිකරණ/ඔක්සිහරණ ක්‍රියාවලිය සිදුවන කුටීරයයි

Half-life:  අර්ධ ආයු කාලය
විකීරණශීලී පරමාණු සංඛ්‍යාව එයින් හරි අඩක්වීමට ගතවන කාලය අර්ධ ආයු කාලයයි. මෙය ආරම්භක පරමාණු සංඛ්‍යාව මත රඳා නොපවති.

Halogens:  හැලජන
ආවර්තිතාවේ VIIA ඛංණ්ඩයට අයත් මුලද්‍රව්‍ය
F  කහ පැහැති වායුවකි,
Cl කහ කොළපාට වායුවකි,
Br රතු දුඹුරැ දියරයකි,
I තද දම්පාට ඝනයකි

Hard water:  කඨින ජලය
Fe3+, Ca2+ හා Mg2+ අයන වැඩි සාන්ද්‍රණයක් සහිත ජලයයි. තාවකාලික කඨින ජලය හා ස්ථීර කඨින ජලය ලෙස කාණ්ඩ දෙකකට බෙදිය හැකී. තාවකාලික කඨින ජලය නැටවීමෙන් කඨිනත්වය ඉවත් කල හැකි අතර Ca2+ හා Mg2+ කාබනේට ලෙස අවක්ෂේපනය වෙයි. එනමුත් ස්ථීර කඨින ජලයේ ඇති ක්ලෝරයිඩ හෝ සල්ෆේට නැටවීමෙන් අවක්ෂේපනය කළ නොහැක. සියොලයිට් හරහා යැවීමෙන් මෙහි කඨින
ද්‍රවය ඉවත් කල හැක.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHe

Heat:  තාපය
යම් ද්‍රව්‍ය දෙකක් හරහා ශක්තිය ගලා යන ආකාරයකි. මෙය සිදුවන්නේ එම
ද්‍රව්‍ය දෙක අතර ඇති උෂ්ණත්ව වෙනස නිසාය.

Heat capacity:  තාප ධාරිතාව
යම් වස්තුවක උෂ්ණත්වය 10C කින් නැංවීම සඳහා අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය

Heat of combustion:  දහන තාපය
දෙන ලද ද්‍රව්‍යයක දහන තාපය වන්නේ ඒ ද්‍රව්‍යයේ ග්රැම් පරමාණුවක් මුළුමනින්ම දහනය වීමේදී හටගන්නා තාප ශක්ති විපර්යාසයයි.

Heat of Condensation:  ඝනීභවන තාපය
උෂ්ණත්ව විපර්‍යාසයකට භාජනය නොවී, වාෂ්ප ග්‍රෑම් එකක් ඝනීභවනය වීම සඳහා ඉවත් කල යුතු තාපයයි.

Heat of Crystallization:  ස්පටිකීකරණ තාපය
උෂ්ණත්ව විපර්‍යාසයකට භාජනය නොවී (එහි හිමාංකයේදී), යම් ද්‍රව ග්‍රෑම් එකක් අයිස් බවට පත් කිරීම සඳහා ඉවත් කල යුතු තාපය

Heat of dilution:  තණුකකරණතාපය
ද්‍රව්‍ය මවුලයක් සහිත ද්‍රාවණ පරිමාවක් දෙන ලද තත්ව යටතේදී වෙනත් දෙන ලද පරිමාවකට තණුකකරණයේදී සිදුවන තාප විපර්යාසයයි

Heat of dissociation:  විඝටන තාපය
ද්‍රව්‍යයේ එක් මවුලයක් විඝටනය වීමේදී (එහි සංඝටක මුලද්‍රව්‍යය වල පරමාණු සෑදීමට) ඇතිවන තාප විපර්යාසය

Heat of formation:  උත්පාදන තාපය
සංයෝග මවුලයක් එහි සංඝටක මුලද්‍රව්‍ය වලින් උත්පාදනයේදී ඇතිවන තාප විපර්‍යාසය

Heat of Fusion:  විලයන තාපය
උෂ්ණත්ව විපර්‍යාසයකට භාජනය නොවී (එහි ද්‍රවාංකයේදී), යම් ද්‍රව්‍යයක ග්‍රෑම් එකක් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්කිරීම සඳහා ඉවත් කල යුතු තාපය

Heat of Neutralization:  උදාසීනකරණ තාපය
අම්ලයක(භෂ්මයක) ග්රෑම් සමකයක් භෂ්මයක (අම්ලයක්) ග්රෑම් සමකයක් මඟින් උදාසීනිකරණයේදී මෝචනය වන තාපයයි

 Heat of solution:  ද්‍රාවණ තාපය
දෙන ලද තත්ව යටතේ දෙන ලද ජල මවුල සංඛ්‍යාවක් තුල ද්‍රාව්‍යයේ මවුලයක්
ද්‍රාවණය කරනු ලැබූවිට හට ගන්නා තාප විපර්යාසය

Heat of Vaporization:  වාෂ්පීකරණ තාපය
උෂ්ණත්ව විපර්‍යාසයකට භාජනය නොවී (එහි තාපාංකයේදී), යම් ද්‍රව්‍යයක ග්‍රෑම් එකක්
ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්කිරීම සඳහා ඉවත් කල යුතු තාපය

Heating/cooling curve:  උණුසුම් / සිසලන වක්‍රය
යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී/ සිසිල් කිරීමේදී අවශෝෂිත තාපය ප්‍රමාණය සමග එම ද්‍රව්‍යයේ උෂ්ණත්වය වෙනස්වන ආකාරය දක්වන වක්‍රය
උදා: ජලයේ උණුසුම් / සිසලන වක්‍රය


A: අයිස් තාපය උරා ගනිමින් එහි උෂ්ණත්වය වැඩිවීම.
B: අයිස් ද්‍රව ජලය බවට පත්වීම.
C: ද්‍රව ජලය තාපය උරා ගනිමින් එහි උෂ්ණත්වය වැඩිවීම.
D: ද්‍රව ජලය වාෂ්ප බවට පත්වීම.
E: ජල වාෂ්ප තාපය උරා ගනිමින් එහි උෂ්ණත්වය වැඩිවීම .

Heavy water:  බැර ජලය
ඩියුටීරියම් සහිත ජලය.
ඩියුටීරියම් යනු හයිඩ්‍රජන්හි ස්කන්ධයෙන් වැඩි සමස්ථානිකයකි.

තාපාංකය: 101.4ංC,
ද්‍රවාංකය: 3.8ංC

Heavy metal:  බැර ලෝහ
විශිෂ්ට ගුරුත්වය 4 හෝ ඊට වඩා වැඩිවු හෝ ලෝහයක්

Heisenberg uncertainty principle:  හයිසන්බර්ග් අවිනිශ්චිතතා නියමය
ඉලෙක්ට්‍රෝනයක ප්‍රවේගය හා ස්ථානය යන දෙකම එකවරම නිශ්චිතව කිව නොහැක.

Helium:  හිලියම්
අලෝහමය ගුණ වැඩිම මුලද්‍රව්‍යයි. පළමුවන ආවර්තයේ අටවන කාණ්ඩයේ පිහිටා ඇති නිෂ්ක්‍රීය මුලද්‍රව්‍යයකි.

Hemoglobin:  හිමොග්ලොබින්
රුධිරයෙහි ඔක්සිජන් ප්‍රවාහනය සිදුකරන යකඩ අඩංගු ප්‍රෝටීනයකි.
හීමෝ කාණ්ඩය:

Description: Heme group

 Henry's law:  හෙන්රි නියමය
වායුවක් යම් ද්‍රවයක දියවීමට ඇති හැකියාව පිළිබඳ නියමයකි. දියවන වායුවේ ප්‍රමාණය, ද්‍රාවණයට ඉහලින් ඇති එම වායුවේ ආංශික පීඩනයට අනුලෝමව සමානුපාතිකවේ.

P=kC

P= වායුවේ ආංශික පීඩනය
k= හෙන්රි නියමයේ නියතය
C= වායුවේ ද්‍රාව්‍යතාවය

Herbicide: පැලෑටිනාශක
පැලෑටි නැසීමට භාවිතා කරන සංයෝගයකි

Hess's law/  Hess's law of Summation:  හේස් නියමය
පද්ධතියක් ආරම්භක අවස්ථාවෙන් අවසාන අවස්ථාව කරා වෙනස්වීම් සමඟ ඇතිවන එන්තැල්පි විපර්යාසය ආරම්භක අවස්ථාවෙන් අවසාන අවස්ථාව කරා එලඹි මාර්ග වලින් ස්වයායක්තය.

Heterogeneous catalyst:  විෂමජාතීය උත්ප්‍රේරක
උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියා මිශ්‍රණය අඩංගු කලාපයට වඩා වෙනස්වු කලාපයක පවතීනම් ඒවා විෂමජාතීය උත්ප්‍රේරක ලෙස හඳුන්වයි. බොහෝවිට මේවා ඝන කලාපයේ පවතී.
උදා; Fe/Pt/Ni/V2O5 

Heterogeneous Equilibria:  විෂමජාතීය සමතුලිතතාව
කලාප එකකට වඩා වැඩි සංඛ්‍යාවක් අතර පවතින සමතුලිතතාව

Heterogeneous Mixture:  විෂමජාතීය මිශ්‍රණය
මිශ්‍රණයේ සංයුතිය මුළු මිශ්‍රණය තුලම ඒකාකාර නොවේ

Heterogeneous reaction:  විෂමජාතීය ප්‍රතික්‍රියා
එකිනෙකට වෙනස් වු කලාප වල පිහිටි ද්‍රව්‍යය අතර සිදුවන ප්‍රතික්‍රියා. උදා: වායුවක්
ද්‍රවයක් සමඟ සිදුවන ප්‍රතික්‍රියාවක්

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHo

Homogeneous catalysis:  සමජාතීය උත්ප්‍රේරෙක
උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියා මිශ්‍රණය අඩංගු කලාපයේම පැවතෙමින් ප්‍රතික්‍රියාව උත්පේ‍ර්රණය කරන විට එය සමජාතීය උත්ප්‍රේරන ලෙස හඳුන්වය

Homogeneous Catalyst:  සමජාතීය උත්ප්‍රේරක
උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රිය්‍රා මිශ්‍රණය අඩංගු කලාපයේහිම පවතීනම් ඒවා සමජාතීය උත්ප්‍රේරක ලෙස හඳුන්වය

Homogeneous Equilibria:  සමජාතීය සමතුලිතතාව
එකම කලාපයේ අඩංගු දුව්‍යය අතර සමතුලිතතාවය ඇතිවිට එය සමජාතීය සමතුලිතතාව නම්වේ.
උදා: වායු මිශ්‍රණ,
ද්‍රාවණ,
එස්ටරීකරණ ප්‍රතික්‍රියා මිශ්‍රණ

Homogeneous mixture:  සමජාතීය මිශ්‍රණය
මිශ්‍රණයේ සංයුතිය මුළු මිශ්‍රණය තුලම ඒකාකාරවේ. උදා- ලුණු ද්‍රාවණය. 
සමජාතීය මිශ්‍රණ ඝන තත්වයේද පැවතිය හැක.
උදා- මිශ්‍ර ලෝහ-පිත්තල    

Homologous Series:  සදෘශ ශ්‍රේණිය/ සමප්‍රභව ශ්‍රේණිය
එකම පොදු සූත්‍රය සහිත කාබනික සංයෝග සමුහයක් වන අතර සැමට පොදු වු ක්‍රියාකාරී කාණ්ඩයක් ඇත.
උදා: ඇල්කොහොල
පොදු සූත්‍රය: CnH2n+1OH

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHy

Hybridization:  මුහුම්කරණය
ශක්තියෙන් හා හැඩයෙන් අසමාන පරමාණුක කාක්ෂික  මිශ්‍රවීමෙන් මුහුම් කාක්ෂික සෑදීමේ ක්‍රියාවලිය මුහුම්කරණය ලෙස හැඳින්වේ. මෙහිදී සෑදෙන මුහුම් කාක්ෂික ශක්තියෙන් හා හැඩයෙන් සමානවේ.

උදා- (1)sp3 මුහුම්කරණය
s කාක්ෂිකය හා PxPyPz කාක්ෂික තුනක් මුහුන්වීමෙන් sp3 කාක්ෂික ලැබේ.

  1. sp3 මුහුම්කරණය සහිත අණු ප්‍රධාන වශයෙන් ගන්නා හැඩ තුනකි.
  2. චතුස්තලීය උදා: CH4
  3. පිරමිඩාකාර උදා: NH3

කෝණික උදා: H2O

(2)sp2 මුහුම්කරණය
s කාක්ෂිකය හා P කාක්ෂික දෙකක් මුහුන්වීමෙන් sp2 කාක්ෂික ලැබේ.
හැඩයෙන් sp3 කාක්ෂික වලට සමානවේ.
උදා: BF3- තලීය ත්‍රිකෝණාකාර

(3)sp මුහුම්කරණය
s කාක්ෂිකය හා P කාක්ෂිකයක් මුහුන්වීමෙන් sp කාක්ෂික ලැබේ.
උදා: BeCl2- රේඛීය

විද්‍යුත් සෘණතාවය වෙනස් වන අනුපිළිවෙල;
SP3 < SP2 < SP

Hydrate:  හයිඩ්‍රේට්
නියත අනුපාතයකට බැදී ඇති ජලය සහිත ඝන සංයෝග

Hydration:  සජලනය
යම් ද්‍රවයක් ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීම එනොසේ නම් ජලය සමඟ යම් ද්‍රව්‍යයක් එකතුවී නව සංයෝගයක් සෑදීම
උදා: නිර්ජලීය CuSO4 + ජලය→සජල CuSO4 [CuSO4.4H2O]

 Hydration Energy:  සජලන ශක්තිය
සජලන ක්‍රියාවලියේදී ඇතිවන එන්තැල්පි වෙනස

Hydrazine:  හයිඩ්‍රසීන්
H2N-NH2. මෙය ඉතා ප්‍රතික්‍රියාශීලී වන අතර හෙඳ ඔක්සිහාරකයකි.

Hydrids:  හයිඩ්‍රයිඩ
හයිඩ්‍රජන්, වෙනත් මුලද්‍රව්‍යයක් සමඟ සංයෝජනය වීමෙන් සෑදෙන ද්වයංගි සංයෝගය හයිඩ්රයිඩයකි.

Hydrocarbons:හයිඩ්රොකාබන්
කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගවේ. උදා: ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, බෙන්සීන්

Hydrochloric acid:  හයිඩ්‍රොක්ලෝරික් අම්ල
යිඩ්‍රොක්ලෝරික් වායුව ජලයේ දිය කලවිට සෑදේ. ප්‍රබල අම්ලයකි.
HCl + H2O → H+ + Cl

 Hydrogen bonding:  හයිඩ්‍රජන් බන්ධන
හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව ඔක්සිජන් පරමාණුව වඩාත් විද්‍යුත් සෘණ මුලද්‍රව්‍යයකි. ඒ නිසා ඔක්සිජන් පරමාණුව මත කුඩා සෘණ ආරෝපණයක් (δ- ) ද හයිඩ්‍රජන් පරමාණුව මත (δ+ ) ආරෝපණයක්ද ඇතිවේ. මේ නිසා අණු අතර අන්තර් අණුක බල ඇතිවේ. මෙහිදී  δ- ආරෝපණයක් සහිත ඔක්සිජන් පරමාණුවක් යාබඳ අණුවක (δ+) ආරෝපණයක් සහිත හයිඩ්‍රජන් පරමාණුව සමග ආකර්ෂණ බලයක්ව ඇති කර ගනී. මෙම හයිඩ්‍රජන් බන්ධන වල ප්‍රබලතාවයන් පරාසයක පවතී (1-2 kJ mol−1 සිට ප්‍රබල 40 kJ mol−1).

 Hydrogenation:  හයිඩ්‍රජනීකරණය
ද්විත්ව හේ ත්‍රිත්ත්ව බන්ධන හරහා සංයෝගයකට හයිඩ්‍රජන් එකතුවීම

 Hydrogen-Oxygen Fuel Cell:  හයිඩ්‍රජන්-ඔක්සිජන් දහන කෝෂ
හයිඩ්‍රජන්-ඔක්සිජන් දහන කෝෂ වල හයිඩ්‍රජන් වායුව ඇනෝඩය ලෙසත් ඔක්සිජන් කැතෝඩය ලෙසත් ක්‍රියා කරයි. අනිකුත් විද්්‍යුත් කෝෂ වල මෙන් මෙම කොෂයේද රසායනික ශක්තිය විද්්‍යුත් ශක්තියට පරිවර්තනය වේ. මේ සඳහා වායුන් දහනය කිරීමක් සිදුවේ.

 Hydrolysis:  ජල විච්ඡේදනය
සංයෝගයක් ජලයත් සමග ප්‍රතික්‍රියා කර කොටස් දෙකකට බෙදේ. මෙය සජලනයට වඩා වෙනස්ය. සජලනයේදී ජල අණු සංයෝගය සමඟ බැදේ. උදා:

 Hydrolysis constant:  ජල විච්ඡේදනය නියතය
ජල විච්ඡේදනය සඳහා වන සමතුලිතතා නියතය

 Hydrometer: 
වමානය

වයක විශිෂ්ට ගුරැ
වය මනින උපකරණය

 Hydronium ion:  හයිඩේ‍ර
නියම් අයනය
H3O+ අයන, ජල අණු හයිඩ්‍රජන් අයනයක් ග්‍රහණය කර ගැනීමෙන් මෙම අයනය සෑදේ. මෙය H2O හි සංයුග්මක අම්ලයයි.

 Hydrophilic :  ජලකාමී
ජලය සමඟ හයිඩ්‍රන් බන්ධන සෑදිය හැකි ධ්‍රැවීය අණු හෝ කාණ්ඩ

 Hydrophobic:  ජලභීතික
ජලය සමඟ බන්ධන සෑදීමට හැකියාව අඩු නිර්ධ්‍රැවීය අණු හෝ කාණ්ඩ

 Hydroscopic:  ජලාකර්ෂක
වාතයෙහි ඇති ජලය උරා ගන්නා
ව්‍යය

 Hydroxonium ion:  හයිඩේ‍රාක්සෝනියම් අයනය
H3O+; හයිඩේ‍ර
නියම් අයනයට තවත් නමකි. ජල අණු හයිඩ්‍රජන් අයනයක් ග්‍රහණය කර ගැනීමෙන් මෙම අයනය සෑදේ.

 Hypothesis:  කල්පිතය
උපකල්පන එකක් හෝ කිහිපයක් පදනම්කර ගෙන යම් සිද්ධියක් පැහැදිලි කිරීම කල්පිතයක් ලෙස හදුන්වයි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

I

[Id]    [Ig]    [Im]    [In]   [Io]  [Ir]  [Is

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifId

 Ideal gas: පරිපුර්ණ වායුව
අන්තර් ආකර්ෂණ බල නොමැති, අණු එකිනෙකට ස්වයාක්තව ක්‍රියාකරන, ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ථවන, වායුවේ පරිමාවට සාපේක්ෂව ශුන්‍ය පරිමාවක් ඇති අංශු අඩංගු වායුවක් පරිපුර්ණ වායුවක් ලෙස හඳුන්වයි.

Ideal gas Law: පරිපුර්ණ වායු නියමය
PV=nRT 
R= සර්වත්‍ර වායු නියතය,
P=පිඩනය,
V=පරිමාව,
T= උෂ්ණත්වය

 Ideal Solution: පරිපුරණ ද්‍රාවණ
රවුල් නියමයට අනූකූලව හැසිරෙන ද්‍රාවණ. ද්‍රාවණයේ අන්තර් ගත අණු අතර ක්‍රියාත්මකවන අන්තර් අණුක ආකර්ෂණ බල එක හා සමානවන ද්‍රාවණ පරිපුර්ණ ද්‍රාවණවේ.
උදා: බෙන්සීන්/ටොලුව්න්,
n-හෙක්සේන්/ n-හෙප්ටේන්,
එතනෝල්/මෙතනොල්

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIg

Igneous rocks: ගනේය පාෂාන
ද්‍රව මැග්මා ඝනීභවනයෙන් සෑදුනු පාෂාණ

Ignition point: ජ්වලන අංකය
යම් ද්‍රව්‍යයක ගිනි ගැනීම ආරම්භ වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ජ්වලන අංකයයි . ජ්වලන අංකය අඩු ඉන්ධන පහසුවෙන් ගිනි ගනී.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIm

Immiscible: අමිශ්‍ර
එකිනෙක මිශ්‍ර නොවෙන්නාවු ද්‍රව්‍ය

 

Indicators: දර්ශක
යම් පද්ධතියක හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය අනුව වර්ණ විපර්‍යාසයක් දක්වන
ද්‍රව්‍යයක් දර්ශකයක් නම්වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIn

Inductive effect:ප්‍රේරක ආචරණය
ඉලෙක්ට්‍රෝන ආකර්ෂනය කරන හෝ ඉලෙක්ට්‍රෝන විකර්ෂනය කරන කාණ්ඩයක් විසින් කාබන් දාමයක දිගේ ඉලෙක්ට්‍රෝන විස්ථානගත කිරීම.

 

 Inert electrode: නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ
ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාවලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝඩ. මෙවැනි ඉලෙක්ට්‍රෝඩ විද්‍යුත් විච්ඡේදන වලදී යොදාගනී.
උදා: ප්ලැටිනම්/කාබන්

 Inert gases: නිෂ්ක්‍රීය මුලද්‍රව්‍යය
වර්තිතාවේ 0 කාංණ්ඩයට අයත් මුලද්‍රව්‍ය
He,Ne,Ar,Kr,Xe,Rn

 Inhibitory catalyst: නිශේධක උත්ප්‍රේරක
යම් ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය අඩු කරන උත්ප්‍රේරක

Inert s-pair Effect:
බාහිර කවචයේ ඇති S ඉලෙක්ට්‍රෝනය අයනීකරණය නොවී හෝ සංයෝග සෑදීමට සහභාගී නොවීම.

 Insoluble Compound: අද්‍රාව්‍ය සංයෝග
ඉතා සුළු වශයෙන් දියවන සංයෝග.

Insulator: පරිවාරක
දුර්වල විද්‍යුත් හා තාප සන්නායකතාවයක් ඇති සංයෝග පරිවාරක නම්වේ.

Intermolecular forces: අන්තර්-අණුක බල

ද්‍රව අවස්ථාවේදී අණු අතර තිබිය හැකි අණුක බල වන අතර මේවා වර්ග 3 කි.
(1) හයිඩ්‍රජන් බන්ධන: මෙය ද්විධ්‍රැව-ද්විධ්‍රැව බන්ධන හා වැන්ඩවාල්ස් බල වලට වඩා ප්‍රබලය.
(2) ද්විධ්‍රැව-ද්විධ්‍රැව බන්ධන; ධ්‍රැවීය-සහ සංයුජ බන්ධන ඇති සංයෝග අතර මෙම ආකර්ෂණ බල ඇතිවේ වැන්ඩවාල්ස් බල වලට වඩා ප්‍රබලය.
(3) වැන්ඩවාල්ස් බල

Intermolecular space: අන්තර් අණුක අවකාශය
අණු අතර ඇති අවකාශයයි. සංශුද්ධ ද්‍රව්‍ය වල මෙම අවකාශය හිස්ය. ඝන වල මෙම අවකාශය අවම වන අතර ද්‍රව වල මෙම අවකාශය තරමක් වැඩිය.

Internal energy: අභ්‍යන්තර ශක්තිය
අණු වල චලනය (උත්තාරණය, භ්‍රමණය, කම්පනය) නිසා ඇතිවන මුළු චාලක ශක්තියෙත් අණු තුල අඩංගු විභව ශක්තියෙත් එකතුව අභ්‍යන්තර ශක්තිය නම්වේ. (සියළුම රසායනික බන්ධන වල ශක්තින් හා ලෝහ වල නිදහස් ඉලෙක්ට්‍රෝන වල ශක්තියත් මෙයට ඇතුලත්වේ.)
නිරවද්‍යව අභ්‍යන්තර ශක්තිය මැනීම අපහසු වන අතර එය මැනිය හැක්කේ ශක්ති වෙනසක් ලෙස පමණි.

Intramolecular forces:අන්තඃඅණුක බල
අණුවක් ඇති පරමාණු එකිනෙක බැද තබා ගන්නා ආකර්ෂණ හෝ විකර්ෂණ බල අන්තඃඅණුක බල ලෙස හැදින්වේ.  
අන්තඃඅණුක බල පුධාන ආකාර තුනකි.

  1. අයනික බන්ධන  
  2. සහසංයුජ බන්ධන
ලෝහක බන්ධන

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifIo

Iodine: අයඩීන්
දිලිසෙන කලු ඝනයකි.
වර්තිතා වගුවේ හත්වන කාණ්ඩයට අයත් මුලද්‍රව්‍යයකි.

Ion: අය
ධන හෝ සෘණ ආරෝපිත මුලද්‍රව්‍ය අංශු අයන නම්වේ.

Ion product of water: ජලයේ අයනික ගුණිතය
ජලයේ අයනීකරණය සඳහා ඇති අයනීක ගුණිතය
Kw=[H3O+][OH]=1.0x10-14  (250C)

Ionic bond: අයනික බන්ධන
ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ඇතිවන බන්ධන අයනික බන්ධන නම් වේ. විද්‍යුත් සෘණතාවයේ වෙනෙස 2.1 හෝ ඊට වැඩිනම් ඒවා අයනීක බන්ධනවේ. ස්ථීති විද්‍යුත්  බන්ධන වලින් ඉතාම වැදගත් වන්නේ අයනීක බන්ධනයි. මෙසේ සෑදෙන අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල නිසා අණු එකිනෙක වෙන්කිරීම අපහසුයි.
මෙය විද්‍යුත් සංයුජතා බන්ධන ලෙස හඳුන්වයි.

Ionic charge: අයනීක ආරෝපණය
යම් අයනයක් සතු මුළු ආරෝපණය

Ionic compounds: අයනික සංයෝග
අයනීක බන්ධන සහිත සංයේග. අයනීක සංයෝග  ඝන ස්පටික ලෙස පවති. අයනීක සංයෝග වල තාපාංක හා ද්‍රවංක ඉහළ අගයක් ගනී. අයනීක සංයෝග භංගූරවේ. ඝන අවස්ථාවේදී අයනීක සංයෝග තුල චලනය විය හැකි ඉලෙක්ට්‍රෝන නොමැති නිසා විදුලිය සන්නයනය නොකරයි. අයනීක සංයෝග වල ජලීය ද්‍රාවණ විදුලිය සන්නයනය කරයි.

Description: The crystal structure of NaCl, a typical ionic compound

Ionic Crystals:  අයනීක ස්පටික
අයනික සංයෝග ස්පටික සාදන අතර එහි තැනුම් එකකය වන්නේ අයනයි.

Ionic equilibrium:අයනික සමතුලිතතාවය
රසායනික සමතුලිතතාවයකි. එම ක්‍රියාවලියට සහභාගීවන විවිධ සංඝටකයන්ගේ සාන්ද්‍රනය කාලයත් සමඟ නොවෙනස්ව පවති. මෙහිදී ඇති විශේෂත්වය වන්නේ රසායනික විශේෂ වලට අමතරව ඉලෙක්ට්‍රෝනද ක්‍රියාවලියට සහභාගිවීමයි.
Zn(ඝන) + Cu2+ (ඡලීය)  DCu(ඝන) +Zn3+ (ඡලීය) 
Ionic Geometry: අයනීක ජ්‍යාමිතිය
බහුපරමාණුක අයනයක, මධ්‍ය පරමාණුව වටා පරමාණු සැකසී ඇති ආකාරය

Ionic oxides: ම්ලික ඔක්සයිඩ
මෙම ඔක්සයිඩ භස්ම සමඟ ප්‍රතික්‍රියා කළ විට ලවණ සෑදේ. ජලයේ දියවී ඔක්සි අම්ල ලබාදේ. අලෝහ ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන සංයෝග වේ. මෙම ඔක්සයිඩ ප්‍රධාන වශයෙන් සහ-සංයුජ වේ.

Ionic solid: අයනීක ඝන
අයන එකතුවී සෑදුණු ඝනවේ, අයනීක බන්ධන වලින් මෙම අයන එකට බැදී පවතී.
Ionic Solvent: අයණීකාරක ද්‍රාවණ
ද්‍රාවකයක් අයණීකරණය සිදු කිරීමට සමත් ද්‍රාවකයක්

Ionization: අයනීකරණය
පරමාණුවක් හෝ අණුවක්, ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන හෝ ඉවත්කර විද්‍යුත් ආරොපණයක් සහිත පරමාණුවක් හෝ අණුවක් බවට පත්වීම අයනීකරණයයි.

 Ionization constant: අයණීකරණ නියතය
දුර්වල විද්‍යුත් විච්ඡේදයක අයනීකරණය සඳහා ලිවිය හැකි සමතුලිතතා නියතය

Ionization energy: අයණීකරණ ශක්තිය
ඉලෙක්ට්‍රෝනයක් පරමාණුක න්‍යෂ්ටියේ ආකර්ශනයෙන් සම්පුරණයෙන්ම ඉවත් කරගැනීමට අවශ්‍ය ශක්තිය පරමාණුවේ අයනීකරණ ශක්තියයි.
අයණීකරණ ශක්තිය α 1/පරමාණුක අරය

Ionization isomers: අයණීකරණ සමායවික
එකම අණූක සූත්‍රය ඇති එහෙත් වෙනස් අයණීකරණ ආකාර පැවතීම.

Ion-product : අයනීක ගුණිතය
ද්‍රාවණයක OH- හා H+ අයන අතර අනූපාතයයි.
උදා;:
ජලයේ අයනීකරණය සඳහා ඇති අයනීක ගුණිතය
Kw=[H3O+][OH]=1.0x10-14  (250C)

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifIr

Irreversible reaction: අප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියා
ප්‍රත්‍රික්‍රීයක එකක් හෝ කීපයක් අවසන් වනතුරුම සිදුවන ප්‍රතික්‍රියා.
උදා: H2 + Cl2 →HCl

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifIs

Isobars: සමභාරික
එකම ස්කන්ධ ක්‍රමාංකය ඇති එහෙත් වෙනස් පරමාණුක ක්‍රමාංක ඇති නියුක්ලයිඩ.

 Isoelectric: සමවිද්‍යුත් අංකය
සමාන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය (සමාන ඉලෙක්ට්‍රෝන) සහිත.
උදා: N2 හා C2H2; O2 හා C2H4

Isomers:සමාවයවික
එකම අණුක සූත්‍රය ඇති එහෙත් ව්‍යුහයෙන් හෝ අවකාශයේ විසිරීමෙන් වෙනස් සංයෝග සමායවික ලෙස හඳුන්වයි. සමාවයවික ආකාර දෙකකි.
1. ව්‍යුහ සමාවයවික (structural isomers)
2. ත්‍රිමාන සමාවයවික
(stereo isomers)

 Isomorphous: සමරූපී
සමාන පරමාණුක ඇහිරීම සහිත ස්පටික.
උදා:         සෝඩියම් නයිට්ට්‍රේට් හා කැල්සියම් සල්ෆේට්
                බේරියම්, ස්ට්‍රොන්ටියම් හා ලෙඩ් හී සල්ෆේටයන්

 Isotopes: සමස්ථානික
එකම පරමාණුක ක්‍රමාංකය ඇතත් වෙනස්වු ස්කන්ධයන් ඇති පරමාණු මෙසේ හැඳින්වේ. එනම් පරමාණුවල සමාන ප්‍රෝටෝන සංඛ්‍යා පවතින අතර නියුට්‍රෝන ගණන අසමානවේ.
උදා:
11H (හයිඩ්‍රජන්), 21H (ඩියුටීරියම්), 31H (ට්‍රීටියම්)

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

J


Jo

Joule: ජුල්
කාර්‍යය හා ශක්තිය මැනීමේ ඒකකයයි

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

K

[Ka]  [Ke]   [Ki]    [Kj]    

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKa

Kakule structure of benzne: කෙකුල් ව්‍යුහ
        බෙන්සීන් හී සරලම ව්‍යුහ දෙකකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKe

Ketone: කීටෝන
කාබොනයිල් ඛාංඩයක්, කාබන් පරමාණු දෙකකට සම්බන්ධවු කාබනික සංයෝග

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKi

Kinetic energy: චාලක ශක්තිය
වස්තුවක චලිතය නිසා ඇතිවන ශක්තිය
චාලක ශක්තිය = 1/2 mv2

 Kinetic-molecular theory: චාලක-අණුක වාදය
පදාර්ථය සෑදී ඇති අංශුවල චලනය පිළිබඳ අධ්‍යයනය අණුක චාලක වාදය නම් වේ. මෙය චාලක අණුක ආකෘතිය පදනම් කර ගෙන ඇත. පොදු වායුවක් තැනී ඇති ආකාරය හා වායුවේ හැසිරීම මේ මඟින් විස්තර කෙරේ. 

N=මුළු අණු ගණන
v= භාජනයේ පරිමාව
= වායු අණු වල වර්ග මධ්‍යයන ප්‍රවේගය
p= වායු අණු මඟින් ඇති කරන පීඩන

 Kipp's apparatus: කිප් උපකරණය
හයිඩ්‍රජන් හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායු විද්‍යාගාරයේදී නිපදවා ගැනීමට භාවිතා කරන උපකරණයකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKj

 Kjeldahl's Method: කෙල්ඩාල් ක්‍රමය
කාබනික සංයෝගයක ඇති නයිට්‍රජන් ප්‍රමාණය නීර්නය කරනු ලබන පරිමාමිතික ක්‍රමයකි

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

L

[La]    [Le]    [Li]    [Lo]   [Lu]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLa

Lactic acid: ලැක්ටික් අම්ලය
CH3-CH(OH)(COOH). කිරි අඹුල් වීමේදී මෙය සෑදේ. නිර්වායු ස්වසනයේදී මිනිස් පේශී සෛල තුළද නිපදවේ.

Lanthanides: ලැන්තනයිඩ (විරල පාංශු ලෝහ)
ලැන්තනම් වලට පසු ආවර්තිතාවේ ඇති (පරමාණුක ක්‍රමාංකය 58-71 දක්වා වු) මුලද්‍රව්‍ය අයත් වේ.

Lanthanide contraction: ලැන්තනයිඩ සංකෝචනය
ලැන්තනයිඩ ශ්‍රේණියේ ආවර්තය දිගේ යනවිට පරමාණුක ක්‍රමාංකය වැඩීමත් සමඟ පරමාණුක අරය සුළු වශයෙන් අඩුවේ. මෙම සංසිද්ධි ලැන්තනයිඩ සංකෝචනය නම්වේ. මෙය විරල පාංශු ලෝහ වල දැකිය හැක.

Lanthanide series: ලැන්තනයිඩ් ශ්‍රේණියෙ
ලැන්තනම් වලට පසු ආවර්තිතාවේ ඇති (පරමාණුක ක්‍රමාංකය 58-71 දක්වා වු) මුලද්‍රව්‍ය අයත් වේ. මෙය ලැන්තනයිඩ් ‍ශ්‍රේණිය නම්වේ.

Lattice: දැළිස
අයනික සංයෝග ස්පටිකයක + හා - අයන විශාල සංඛ්‍යාවක් නියත රටාවක් අනුව සැකසී ඇත. මෙහි + හා - අයන අතර ආකර්ෂණ බලය ඉතා වැඩිය. අයන මෙලස පිළියෙළවීමෙන් සෑදෙන රටාව දැලිසක් නම්වේ.

Lattice energy: දැලිස් ශක්තිය
වායු අවස්ථාවේ ඇති + හා - අයන මඟින් ඝන අවස්ථාවේ පවතින අයනීක දැළිස් මවුලයක් සාදන විට පිට කරන ශක්තිය. අයන වල ආරෝපණය වැඩිවන විට දැළිස් ශක්තිය වැඩිවන අතර අයන වල ආරෝපණය අඩුවන විට දැළිස් ශක්තිය අඩුවේ.

Latent heat: ගුප්ත තාපය
උෂ්ණත්ව වෙනසක් නොමැතිව යම් ද්‍රව්‍යයක් එහි තාපාංකයේදී හෝ ද්‍රවාංකයේදී ලබා ගන්නා තාපය.

Latent heat of evaporation: වාෂ්පීකරණයේ ගුප්ත තාපය
උෂ්ණත්ව වෙනසක් නොමැතිව යම් ද්‍රව්‍යයක් එහි තාපාංකයේදී ලබා ගන්නා තාපය වාෂ්පීකරණයේ ගුප්ත තාපයයි.

Latent heat of fusion: විලයනයේ ගුප්ත තාපය
උෂ්ණත්ව වෙනසක් නොමැතිව යම් ද්‍රව්‍යයක් එහි  ද්‍රවාංකයේදී ලබා ගන්නා තාපය විලයනයේ ගුප්ත තාපයයි.

 Law of chemical equilibrium (law of mass action): ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක, ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය හා ආපසු ප්‍රතික්‍රියාවේ වේගය අතර අනුපාතය සැමවිටම නියතවේ.

Law of combination volumes/Gay-Lussac`s  Law): ගේ-ලුසැක් නියම, සංයෝජන පරිමා නියමය
වායු ප්‍රතික්‍රියා කරන කල ඒවායේ පරිමා, එක ම උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ මැනගත් විට එකිනෙකට සරල අනුපාතයක් පෙන්වන අතර සෑදෙන ඵල වායුමය නම් ඒවායේ පරිමා සමඟ ද සරල අනුපාතයක් පෙන්වයි.

Law of conservation energy: ශක්ති සංස්ථිති නියමය
ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැක. එනමුත් ශක්තිය, එක් ශක්ති ආකාරයකින් තවත් ශක්ති ආකාරයකට පරිවර්තනය කළහැකිය.

 Law of conservation of mass: ස්කන්ධ සංස්තිථි නියමය
ස්කන්ධය මැවීමට හෝ විනාශ කිරීමට නොහැක. එනමුත් ස්කන්ධය, එක් ආකාරයකින් තවත් ආකාරයකට පරිවර්තනය කළහැකිය.

Law of conservation of matter:
රසායනික විපර්යාසයක් මඟින් පදාර්ථය, මැවීමට හේ නැසීමට හේ නොහැකිය.

Law of conservation of matter and energy: ස්කන්ධ හා ශක්ති සංස්තිථි නියමය
විශ්වයේ ඇති මුළු ස්කන්ධ ප්‍රමාණය හා ශක්ති ප්‍රමාණය නියතවේ.

Law of constant/definite  proportions: ස්ථීර සමානුපාත නියමය
එකම රසායනික සංයෝගයක් කිනම් අයුරින් පිලියෙල කළත් එහි සංශුද්ධ නියැදි හැම‍ එකම මුලද්‍රව්‍ය, ස්කන්ධය අනුව එකම අනුපාතයකින් අඩංගු වෙයි.

 Law of mass action: ස්කක්ධ ක්‍රියා නියමය
ද්‍රවයක් ප්‍රතික්‍රියා වන සීඝ්‍රතාවය එහි සක්‍රීය ස්කන්ධයට (සාන්ද්‍රනයට) සමානුපාතිකයැයි දක්වන නියමය.

Law of multiple proportions: ගුණානුපාත නියමය
සංයෝග එකකට වැඩි ගණනක් සාදන පරිදි A,B මුලද්‍රව්‍ය දෙකක් සංයෝජනය වනවිට A මුලද්‍රව්‍යයේ අචල බරක් සමඟ සංයෝජනය වන B මුලද්‍රව්‍යයේ බර ප්‍රමාණය සරල සංඛ්‍යාත්මකව සමනුපතකවේ.

Law of Partial pressure (Dalton's law): ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය
වායු මිශ්‍රණයක මුළු පීඩනය එහි ඇති එක් එක් වායුන්ගේ ආංශික පීඩන වල එකතුවට සමානවේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLe

Le Chatelier`s Principle: ලේචැටලියර් මුලධර්මය
කිසියම් සමතුලිත පද්ධතියකට බාහිර බලපෑමක් සිදුකල විට එම බලපෑම ඉවත් කරන අන්දමට සමතූලිතතාවය යලි සකස්වේ.

Lead storage battery
මෙය ද්වීතීක කෝෂයකි. මෙහි ඇනෝඩය ඊයම්(ලෙඩ්) වන අතර කැතෝඩය ඊයම් තවරන ලද ලෙඩ් ඔක්සයිඩවේ. සල්ෆියුරික් අම්ලය විද්‍යුත් විච්ඡෙද්‍යය ලෙස ක්‍රියා කරයි. රථවාහන වල මෙම කෝෂ භාවිතා කරනු ලැබේ.

 

 Leclanche cell: ලෙක්ලාන්ච් කෝෂය

(+) ඉලෙක්ට්‍රෝඩය කාබන් වන අතර (-) ඉලෙක්ට්‍රෝඩය සින්ක් වේ. විධ්‍රැවණකාරකය ලෙස ක්‍රියා කරන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්ය.

Leveling effect:
ප්‍රබල භෂ්මයක් හෝ අම්ලයක් දියවීමේදී එහි බලපෑම මැඩපැවැත්වීමට ද්‍රාවකය සතු ගුණයයි.
උදා: HA-අම්ලය
HA + H2O DA- + H3O+
අම්ලය ජලයේ දියවීමේදී H+  අයනය H3O+ බවට පත්වේ. එමනිසා කිසිම අම්ලයකට ජලයේදී H3O+ වඩා ප්‍රබල විය නොහැක.

Levo rotatory compounds: වාමාභ්‍රමක සංයෝග
ධ්‍රැවිත ආලෝකය වාමාවර්තව භ්‍රමණය කිරීමට හැකියාව ඇති ප්‍රකාශ සක්‍රීය සංයෝග.

Lewis acid: ලුවිස් අම්ල
එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් ලබාගන්නා සංයෝග අම්ල වේ. එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් දීමේ හැකියාව ඇති සංයෝග අතර භෂ්ම වේ.
H+      +       NH3  Š NH4+                                                                                                                                       
ලුවිස් අම්ල   ලුවිස් භෂ්ම
උදා: BeCl3, BF3, AlCl3

Lewis base: ලුවිස් භෂ්ම
එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් දීමේ හැකියාව ඇති සංයෝග අතර භෂ්ම වේ.
H+      +       NH3  Š NH4+                                                                                                                                       
ලුවිස් භෂ්ම
උදා: NH3

Lewis dot formula(electron dot formula):ලුවිස් තිත්-කතිර සටහන
අණුවේ ව්‍යුහය දැක්වීමේදී සංයුජතා ඉලෙක්ට්‍රෝන තිත්/ කතිර ආකාරයට නිරූපණය කරයි. එක පරමාණුවක සංයුජතා ඉලෙක්ට්‍රෝන තිත් ලෙස සලකුණු කලවිට යාබඳ පරමාණුවේ සංයුජතා ඉලෙක්ට්‍රෝන කතිර ලෙස සලකුණු කරනු ලුබේ.
තනි බන්ධන: පරමාණු අතර තිත්/කතිර යුගලයකින් දක්වයි
ද්විත්ව බන්ධන: පරමාණු අතර තිත්/ කතිර යුගල දෙකකින් දක්වයි
නිර් බන්ධන ඉලෙක්ට්‍රෝන: පරමාණුව අසල තිත්/ කතිර යුගලයකින් දක්වයි

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLi

Ligand: ලිගන්ඩ්
ඉලෙක්ටෝන යුගලයක් ප්‍රදානය කරමින් දායක බන්ධනයක් සෑදිය හැකි අණුවක් හෝ අයනයක් ලිගන්ඩ් ලෙස හඳුන්වයි.

 L.P. Gas (liquid petrolium gas): ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව
මෙය ප්‍රොපේන් හා බියුටේන් වායු මිශ්‍රණයකි

 Lime-soda process
කඨින ජලය මෘදු කිරීමේ ක්‍රියාවලියකි. මෙහිදී Ca2+ හා Mg2+ ඉවත් කිරීමක් සිදුකරයි. මේ සඳහා ජලයට Ca(OH)2 හා Na2CO3 එකතු කරයි.

Limestone: හුණුගල්
ස්වභාවික කැල්සියම් කාබනේට්

Lime water: හුණු දියර
කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකෙ

Limiting reactant: සීමාකාරී ප්‍රතික්‍රියක
සෑදෙන ඵල ප්‍රමාණය ස්ටොයිකියොමිතිකව සීමාකරන්නාවු ප්‍රතික්‍රියක

Line spectrum: රේඛා වර්ණාවලිය
යම් විශේෂිත වු තරංග ආයාමයන් සඳහා වන වර්ණාවලියක්
උදා: හයිඩ්‍රජන් වර්ණාවලිය

 Linear accelerator: රේඛීය ත්වරකය
රේඛීය ඉලෙක්ට්‍රොනයකට, ප්‍රෝටෝනයකට හෝ අයනයකට සරල රේඛීය ත්වරණයක් ලබා දෙන උපකරණය

Linkage isomers: බන්ධන සමායවික
එකම පරමාණුක සැකැසුම ඇති මෙම සමායවිකයන්ගේ අදාළ ලිගන්ඩ්(බන්ධ කාංණ්ඩ) ලෝහ අයනයට සම්බන්ධ වන්නේ වෙනස්වු දායක පරමාණු හරහාය.
උදා:
දම් පැහැති[(NH3)5Co-SCN]2+ හා තැඹිලි පැහැති [(NH3)5Co-NCS]2+.

 

Lipids: ලිපිඩ
ජලයේ අද්‍රාව්‍ය මේද, තෙල්, ඉටි, හා ට්‍රයිග්ලිසරයිඩි ලිපිඩ යටතේ ගැනෙන අතර කාබනික
ද්‍රාවක වල දියවේ. ජීවී සෛල සඳහා අත්‍යවශය තැනුම් එකකයකි.

Liquid aerosol
වාතයෙහි විසිරුණු ද්‍රවයක කලිලමය අවලම්බනය

Liquid petrolium gas( LP gas): ද්‍රව පෙට්ටෝලියම් වායුව
මෙහි බෙහෙවින්ම අඩංගු වන්නේ ප්‍රොපේන් හා බියුටේන්යෙ

Liquids: ද්‍රව
පදාර්ථයේ එක් අවස්ථාවකි. නියත පරිමාවක් ඇති නමුත් නියත හැඩයක් නැත.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLo

London forces: ලන්ඩන් බල
උදාසීන පරමාණු අතර දැකිය හැකි බන්ධන වර්ගයකි (උදා; හීලියම්). නිෂ්ක්‍රීය වායු අතර මෙම බන්ධන නොපැවතුනි නම් එම වායූන් ද්‍රව අවස්ථාවට පත් කල නොහැක. නයිට්‍රජන්. මීතේන් වැනි නිර්ධ්‍රැවීය අණු අතර ද මෙම බන්ධන පවතීග මෙම බන්ධන හයිඩ්‍රජන් බන්ධන හෝ ස්ථීර ද්විධ්‍රැව-ද්විධ්‍රැව ආකර්ෂණ බලවලට වඩා දුර්වලවේ.
 Lone electron pair: එකසර ඉලෙක්ට්‍රෝන යුගල
බන්ධන සෑදීමට සම්බන්ධ නොවී පරමාණුවක් මත ස්ථාන ගතවී ඇති ඉලෙක්ට්‍රෝන යුගලයකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifLu

Lucas test: ලූකස් පරික්ෂාව
ප්‍රාථමික, ද්වීතීයක හා තෘතීයක ඇල්කොහොල වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කරයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifLy

Lyman series: ලයිමාන් ශ්‍රේණිය
ඉහළ ශක්ති මට්ටම් වලට සංක්‍රමණය වු ඉලෙක්ට්‍රෝන නැවත පළමු ශක්ති මට්ටමට සංක්‍රමණයවීමේදී නිකුත් කරනු ලබන පාරජම්බුල විකීරණ මඟින් ලයිමාන් ශ්‍රේණිය ඇතිවේ.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

M

[Ma]    [Me]    [Mi]    [Mo]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMa

Magma:මැග්මා/ ලාවා
අධික උෂ්ණත්වයක් හා පීඩනයක් සහිත ද්‍රව පාෂාණ

Marconicoph lawමාකොනිකොෆ් නියමය
මෙම නියමයට අනුව ද්විත්ව බන්ධනයට සම්බන්ධ වු කාබන් පරමාණු දෙක අසමමිතික ලෙස ආදේශවී ඇතිවිට හයිඩ්‍රජන් හේලයිඩයේ ප්‍රෝටෝනය සම්බන්ධ වන්නේ හයිඩ්‍රජන් පරමාණූ වැඩියෙන් ඇති කාබන් පරමාණුවටය

Manometer:මැනොමීටරය, පීඩනමානය
ද්‍රව හා වායුන්ගේ පීඩනය මනින උපකරණයකි.

 Mass:  ස්කන්ධය
කිසියම් වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය

 Mass number:  ස්කන්ධ ක්‍රමාංකය
පරමාණුක න්‍යෂ්ටියේ ඇති මුළු නියුක්ලියෝන(ප්‍රෝටෝන + නියුට්‍රෝන) ප්‍රමාණයයි.

Mass spectrometer:  ස්කන්ධ වර්ණාවලිමානය
ආරෝපිත අංශුවක ආරෝපණය/ස්කන්ධය අතර අනුපාතය ගණනය කල හැකි උපකරණයකි.

 Matter: පදාර්ථය
අවකාශයේ ඉඩ අවුරන ඕනෑම දෙයක්වේ නම් එය පදාර්ථය ලෙස හඳුන්වයි. මෙය පරමාණුවල හෝ අණුවල සාමුහික එකතුවකි.

Magma:මැග්මා/ ලාවා
අධික උෂ්ණත්වයක් හා පීඩනයක් සහිත ද්‍රව පාෂාණ

Marconicoph law:  මාකොනිකොෆ් නියමය
මෙම නියමයට අනුව ද්විත්ව බන්ධනයට සම්බන්ධ වු කාබන් පරමාණු දෙක අසමමිතික ලෙස ආදේශවී ඇතිවිට හයිඩ්‍රජන් හේලයිඩයේ ප්‍රෝටෝනය සම්බන්ධ වන්නේ හයිඩ්‍රජන් පරමාණූ වැඩියෙන් ඇති කාබන් පරමාණුවටය

Manometer:මැනොමීටරය, පීඩනමානය
ද්‍රව හා වායුන්ගේ පීඩනය මනින උපකරණයකි.

 Mass:ස්කන්ධය
කිසියම් වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය

 Mass number:  ස්කන්ධ ක්‍රමාංකය
පරමාණුක න්‍යෂ්ටියේ ඇති මුළු නියුක්ලියෝන(ප්‍රෝටෝන + නියුට්‍රෝන) ප්‍රමාණයයි.

Mass spectrometer:  ස්කන්ධ වර්ණාවලිමානය
ආරෝපිත අංශුවක ආරෝපණය/ස්කන්ධය අතර අනුපාතය ගණනය කල හැකි උපකරණයකි.

Matter: පදාර්ථය
අවකාශයේ ඉඩ අවුරන ඕනෑම දෙයක්වේ නම් එය පදාර්ථය ලෙස හඳුන්වයි. මෙය පරමාණුවල හෝ අණුවල සාමුහික එකතුවකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMe

Mean square speed: වර්ග මධ්‍යන මුල ප්‍රවේගය 
එක් එක් අණුවෙහි ප්‍රවේගයේ වර්ගයෙහි සාමාන්‍ය අගය වර්ග මධ්‍යාන ප්‍රවේගයයි. මෙහි වර්ග මුලය වර්ග මධ්‍යන මුල ප්‍රවේගයයි.

 Mechanism:  යාන්ත්‍රණය
ප්‍රතික්‍රියක ඵල බවට පරිවර්තනය වන පියවර කිහිපයකින් යුක්තවන ක්‍රියාවලිය

Melamine: මෙලමයින්
සුදු ස්පටිකරූපී ද්‍රව්‍යයකි. ට්‍රයිඇමීනෝට්‍රයිඇසීන් (C3H6N6). ෆෝමැල්ඩිහයිඩ් සමග බහුඅවයවීකරණය වී තාපසුවිකාර්‍යය රෙසින සාදයි.

 Melting point: ද්‍රවාංකය
ද්‍රව හා ඝන අවස්ථා අතර සමතුලිතතාවය ඇතිවන උෂ්ණත්වය

Meniscus: මාවකය
සිලින්ඩරාකාර බඳුනක ද්‍රව පෘෂ්ඨය පිහිටා ඇති ආකාරය

Metal:  ලෝහ
කැටායන සෑදීමට නැඹුරුතාවයක් දක්වන මුලද්‍රව්‍ය වේ. සාමාන්‍යයෙන් අඩු අයනීකරණ ශක්ති ඇත. හොද විද්‍යුත් හා තාප සන්නායකවේ.

Metallic bond:  ලෝහක බන්ධන:
ලෝහ අංශූන් අතර ඇති බන්ධනයි. ලෝහ පරමාණු තම අවසාන කවචයේ පවතින සංයුජතා ඉලෙක්ට්‍රෝන ඉවත්කර ධන අයන සාදයි. මෙම ඉවත් වන ඉලෙක්ට්‍රෝන ධන අයනයට ස්ථිරව සම්බන්ධවී නැති අතර ඒවා ත්‍රිමානව ආකර්ෂණය කරයි. මෙසේ ඇතිවන බන්ධන ලෝහක බන්ධන නම්වේ. එමනිසා ලෝහයක ඇත්තේ සචල ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලී පවතින ධන අයන දැලිසකි.



Metalloids: ලෝහාලෝහය
ලෝහ හා අලෝහ ගුණවල අතරමැදි අවස්ථාවක් පෙන්වයි
B, Al, Si, Ge, As, Sb, Te, Po, At

 Metallurgy:  ලෝහ විද්‍යාව/ලෝහකර්මය
ලෝපස් වලින් ලෝහ වෙන්කර ගැනීමේ කර්මාන්තය

Metastable:  මිතස්ථායි
ස්ථායි තත්වය හෝ අස්ථායි තත්වයට හෝ පහසුවෙන් පෙරලිය හැකි අතරමැදි අවස්ථාවකි

Metathesis reactions: හුවමාරු ප්‍රතික්‍රියා
සංයෝග දෙකක් එකිනෙක ප්‍රතික්‍රියා කර නව සංයෝග දෙකක් සාදන ප්‍රතික්‍රියාවේ. මෙහිදී ඔක්සිකරණ අංකවල වෙනසක් සිදුනොවේ.
NaCl+ AgNO3 = AgCl + NaNO3

Methane: මීතේන්
මෙම වායුව වගුරු වායුව ලෙස හැදින්වේ. වගුරුබිම්වල පොල්ලෙලි වැනි දේ පල්වීමේදී මෙම වායුව සෑදේ. ජීව වායුවේ අඩංගු ප්‍රධාන වායුවයි.

 Methanoic acid(Formic acid):  HCOOH
ෆෝමික් අම්ලයට තවත් නමකි.

Method of initial rate:ප්‍රතික්‍රියාවක වේග නියතය නීර්ණය කරන ක්‍රමයකි. මෙහිදී ආරම්භක සාන්ද්‍රනයන් වෙනස් කරමින් ප්‍රතික්‍රියාවේදී එම සාන්ද්‍රනයන්ට සිදුවන වෙනස්කම් අධ්‍යයනය කරයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMi

Mica: මයිකා
ස්තරීය සිලිකා ඛනිජයකි. 3Al2O3.K2O.6SiO2.2H2O සූත්‍රය ඇති සජලීය සිලිකේටයිකි.

 Microwaves: මයික්‍රොවේව්ස්/ ක්ෂුද්‍ර තරංග
සංඛ්‍යාතය 1010-1012 Hz වන විද්‍යුත්චුම්බක විකිරණ

 Minerals: ඛනිජ
ස්වාභාවික ලෙස පවතින, රසායනික සංයුතියක් සහිත අකාබනික, ස්පටිකරූපි ද්‍රව්‍ය ඛනිජ නම්වේ.

Miscibility: මිශ්‍රතාවය
එක් ද්‍රවයක් තවත් ද්‍රවයක දියවීමට ඇති හැකියාව

Mixture: මිශ්‍රණය
මුලද්‍රව්‍යයක් හෝ සංයෝග දෙකක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඕනෑම අනුපාතයකින් භෞතීක වශයෙන් මිශ්‍රකර ලබා ගන්නා දෙයකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMo

Moderator:  ප්‍රමානකය
ඝට්ටනයේදී නිය්‍රට්‍රෝන වල වේගය අඩු කළහැකි ද්‍රව්‍ය, උදා: හයිඩ්‍රජන්, ඩියුටීරියම්, ඔක්සිජන්, පැරෆින්. මේවා න්‍යෂ්ටික බලාගාරවල ප්‍රමානක ලෙස භාවිතා කරයි.

Molality:  මවුලීයතාවය
ද්‍රාවක කිලෝග්රෑමයක අඩංගු ද්‍රව්‍යයේ මවුල සංඛ්‍යාවයි.
මවුලීයතාවය= ද්‍රාව්‍යයේ මවුල සංඛ්‍යාව/ ද්‍රාවණ කිලෝග්රෑම් සංඛ්‍යාව

 Molar heat of fusion:
ඝන ද්‍රව්‍ය මවුලයක් ද්‍රව කිරීම සඳහා අවශ්‍ය ශක්තිය

Molar heat of vaporization
ද්‍රව මවුලයක් වාෂ්ප කිරීම සඳහා අවශ්‍ය ශක්තිය

Molar mass: මවුලීක ස්කන්ධය
සංයෝග මවුලයක බර ග්‍රෑම් වලින් (gmol-1)

 Molar solubility: අණුක ද්‍රාව්‍යතාවය
සන්තෘප්ත ද්‍රාවණ ලිටරයක් සෑදීම සඳහා අවශ්‍ය වන ද්‍රාව්‍ය මවුල ගණන

Molar volume: මවුලීක පරිමාව
00C දී හා වායුගෝල 1ක පීඩනයේදී වායු මවුල එකක් දරන පරිමාව

Molarity: මවුලීයතාවය
ද්‍රාවණයේ ලීටර 1ක අඩංගු මවුල සංඛ්‍යාවයි.
මවුලීයතාවය= ද්‍රාව්‍යයේ මවුල සංඛ්‍යාව/ ද්‍රාවණ ලීටර සංඛ්‍යාව

Molecular equation: අණුක සමීකරණ
මෙය රසායනික සමීකරණයකි. එහි විශේෂත්වය වන්නේ සියළුම සංඝටකයන් අණුවීමයි.උදා:
CaCO3(ඝන)+ 2HCl(ජලීය) ®CaCl2(ජලීය)+ H2O(ද්‍ර)+ CO2(වායු)

Molecular formula: අණුක සූත්‍රය
සංයෝග එක් අණුවක අඩංගු එක් එක් මුලද්‍රව්‍යයේ පරමාණු සංඛ්‍යාව, අණුක සූත්‍රය නම් වේ.
අණුක සුත්‍රය=(අණුභවික සුත්‍රය)n

Molecular geometry: අණුක ජ්‍යාමිතය
අණුවක හෝ බහුපරමාණුක අයනයක, මධ්‍ය පරමාණුව වටා අනෙකුත් පරමාණු සැකසී ඇති අන්දම

Molecular Kinetic theory: අණුක චාලක වාදය
පදාර්ථය සෑදී ඇති අංශුවල චලනය පිළිබඳ අධ්‍යයනය අණුක චාලක වාදය නම් වේ. මෙය චාලක අණූක ආකෘතිය පදනම් කර ගෙන ඇත. පොදු වායුවක් තැනී ඇති ආකාරය හා වායුවේ හැසිරීම මේ මඟින් විස්තර කෙරේ. 

N=මුළු අණු ගණන
v= භාජනයේ පරිමාව
= වායු අණු වල වර්ග මධ්‍යයන ප්‍රවේගය
p= වායු අණු මඟින් ඇති කරන පීඩනය

Molecular orbital: අණුක කවච
වෙනස්වු පරමාණු වල පරමාණුක කවච අතිච්ඡාදනය හෝ මිශ්‍ර වීමෙන් සෑදෙන කවච අණුක කවච නම්වේ.

 

 Molecular orbital theory
අණුක කවච අනුසාරයෙන් රසායනික බන්ධන විස්තර කරනු ලබන වාදයකි. මෙම වාදයට අනුව මුලද්‍රව්‍ය පරමාණු වල වියුග්ම ඉලෙක්ට්‍රෝන අඩංගු පරමාණුක කාක්ෂික එකිනෙක අන්තර් ක්‍රියාකර/ අතිච්ඡාදනය වීමෙන් අණු කාක්ෂික ඇතිවීම මගින් බන්ධන නිර්මානයවේ. පරමාණුක කාක්ෂික වලට වඩා අණූක කාක්ෂික වල ශක්තිය අඩුවන අතර ස්ථායිතාවය ඉහළවේ.

Molecular structure: අණුක ව්‍යුහය
අණුවක ඇති පරමාණු වල ත්‍රිමාණ විසිරීම

Molecular weight: අණුක භාරය
අණුවක ඇති සියලූම පරමාණු වල පරමාණුක ස්කන්ධ වල එකතුව

Molecular weight(relative):  සාපේක්ෂ අණුක ස්කන්ධය
මුලද්‍රව්‍යයක හේ සංයෝගයක හේ සාපේක්ෂ අණුක ස්කන්ධය යනු, එක් අණුවක මධ්‍යක ස්කන්ධයත් ඔක්සිජන් පරමාණුවක ස්කන්ධයෙන් 1/16 කුත් අතර අනුපාතය යි. නොඑසේ නමි එක් අණුවක මධ්‍යක ස්කන්ධයත් 12C පරමාණුවක ස්කන්ධයෙන් 1/12 ක් අතර අනුපාතයයි.

 Molecule:  අණු
මුලද්‍රව්‍යයක හෝ සංයෝගයක, නිදහසේ තිබිය හැකි කුඩාම ප්‍රමාණය අණුවයි.
O2, H2, H2O

Mole-fraction: මවුල භාගය
කිසියම් ද්‍රව්‍යයක අඩංගු මවුල සංඛ්‍යාවත් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය සියල්ලේම මුළු මවුල සංඛ්‍යාවත් අතර අනුපාතය මවුල භාගයයි.

Monoprotic acid:
අයනීකරණය විය හැකි හයිඩ්‍රජන් පරමාණු එකක් සහිත අම්ල.

Monosaccharide:  මොනසැකරයිඩ
සරල සීනි වන අතර මේවා තවදුරටත් ජලවිඡ්ඡේදනය කල නොහැක.

Monotropic:  කාවර්තක
එකම ස්ථායි ස්පටිකරූපී ආකාරයකින් පිහිටන

Mother nuclide:  මව් න්‍යෂ්ටිය
න්‍යෂ්ටික විඛණ්ඩනයට භාජනය වන නියුක්ලයිඩය.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

N

    [Na]  [Ne]  [Ni]   [No] [Nu]     

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNa

Natural gas:  භූමි/ ස්වභාවික වායු
වායුමය හයිඩ්‍රෝකාබන් මිශ්‍රණයකි. වැඩිපුරම පවතින්නේ මීතේන්ය.

Natural radioactivity:  ස්වභාවික විකිරණශිලීතාවය
විනිවිද යෑමේ බලය හා අයනීකාරක බලය ඇති කිරණ ස්වයංසිද්ධිව/ ස්වභාවිකව ඇතැම් මුලද්‍රව්‍යය වලින් මුක්තවීම ස්වභාවික විකිරණශිලීතාවයයි

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNe

Nernst equation:  නනස්ට් සමීකරණය

Description: E^{0'} = E^0 - \frac{RT}{nF} \ln\frac{\gamma_{\mbox{Red}}}{\gamma_{\mbox{Ox}}}

R =සාර්වත්‍ර වාය්‍ර නියමය(8.314510 J K-1 mol-1)
T = උෂ්ණතවය කෙල්වින් වලින්
F = ෆැරඩේ නියතය (9.6485309*104 C mol-1 )
n = අර්ධ ප්‍රතික්‍රියාවට සහභාගීවු ඉලෙක්ට්‍රෝන ගණන
[Red] = ඔක්සිහරණය වු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය
[Ox] = ඔක්සිහරණය වු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය
E0' is the formal electrode potential
γ = සක්‍රියතා සංගුණකය

Net ionic equation
මෙය පහදාදීමට පහත සමීකරණය සලකා බලමු.
CaCl2(ජලීය) + 2AgNO3(ජලීය)→ Ca(NO3)2(ජලීය) + 2AgCl(ඝන)
ඉහත රසායනික සමීකරණයෙහි ඇතුලත් අයනීක සමීකරණය වන්:
Ca2+ + 2Cl- + 2Ag+ + 2NO3- → Ca2+ + 2NO3- + 2AgCl(ඝන)
එමෙන්ම මෙහි දළ අයනික සමීකරණය පහත ආකාරයට ලියා දැක්විය හැකි.
2Cl- + 2Ag+ → 2AgCl(ඝන)

 

Network solid
මෙහි පරමාණු එකිනෙක බැදී පවතින්නේ සහ-සංයුජ බන්ධන වලිනි. මේ සදහා දිය හැකි හොදම උදාහරණ වන්නේ කාබන් පරමාණු වලින් සෑදුනු දියමන්ති සහ සිලිකන් ඩයොක්සයිඩ් වලින් සෑදුනු ක්වාට්ස්ය.

 

Neutral Oxides:  උදාසීන ඔක්සයිඩ
මෙම ඔක්සයිඩ අම්ල හෝ භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ලවණ සෑදීමට නැඹුරුතාවයක් නොදක්වයි. උදා: කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ, නයිට්‍රික් ඔක්සයිඩ්

Neutralization: උදාසීනීකරණය
අම්ලයක් භෂ්මයක් සමඟ ප්‍රතික්‍රියාකර ලවණයක් හා ජලය සාදමින් උදාසීනවීම උදාසීණිකරණය නම්වේ.

Neutralization reaction
උදාසීනකරණ ප්‍රතික්‍රියාව ලෙස හඳුන්වන්නේ අම්ලයක් හා භෂ්මයක් ප්‍රතික්‍රියා කර ලවණ සාදන ප්‍රතික්‍රියාවන්ය. මෙය ජලය සාදන ප්‍රතික්‍රියා ලෙසද හඳුන්වයි.

H+(ජලීය) + OH−(ජලීය) → H2O(ද්‍ර)

 Neutron:  නියුට්‍රෝන
ප්‍රෝටෝන ස්කන්ධයට සමාන මුලික අංශුවක් වන මෙයට ආරෝපනයක් නොමැත

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNi

Nickel-cadmium cell: නිකල් කැඩ්මියම් කෝෂ
මෙය ද්වීතික කෝෂයකි. නිකල් (+) අග්‍රය වන අතර (-) අග්‍රය වන්නේ කැඩ්මියමය.
2 NiO(OH) + Cd + 2 H2O "2 Ni(OH)2 + Cd(OH)2

Nitre:  නයිට (වෙඩි ලුණු)
පෙටෑසියම් නයිට්ට්‍රෙට් මේ නමින් හැදින්වේ. වෙඩි බෙහෙත් සෑදීමට ගනී.

 Nitric acid:නයිට්‍රික් අම්ලය
HNO3 , කහ පාටට හුරැ දුඹුරු පාට අම්ලයකි. එය ප්‍රබල ඔක්සිකාරකයකි. බොහෝ ලෝහ සමඟ ක්‍රියා කර නයිට්ට්‍රේ සාදයි.

 Nitric oxide: නයිට්‍රික් ඔක්සයිඩ්
NO. අවර්ණ වායුවකි. උදාසීන ඔක්සයිඩයකි. ඔක්සිකාරකයක් මෙනම ඔක්සිහාරකයක්  ලෙසද ක්‍රියාකරයි.

Nitrogen:  නයිට්‍රජන්
වායුගෝලයේ වැඩිපුරම ඇති වායුවයි. නයිට්‍රජන් හි අණුක සූත්‍රය N2.

 

 

Nitrogen cycle: නයිට්‍රජන් චක්‍රය
නයිට්‍රජන් සංකීර්ණ ප්‍රතික්‍රියා රාශියකට  භාජනය වෙමින් වායුගෝලය, ජල ගෝලය හා ශිලාගෝල හරහා චක්‍රයක ආකාරය නොනැවති පරිවර්තනය වීම

Nitrogenases:  නයිට්‍රජනේස්
රනිල ශාක වල මුල ගැටිති වල නයිට්‍රජන් තිර කිරීමට හැකියාවක් ඇති බැක්ටීරියා වර්ගයකි. ඔවුන් වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියා බවට පත් කරයි.

 Nitrous oxide: නයිට්‍රස් ඔක්සයිඩ
N2O. අවර්ණ වායුවකි. උදාසීන ඔක්සයිඩයකි. ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙසද ක්‍රියාකරයි

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNo

  Noble gases:  නිෂ්ක්‍රීය මුලද්‍රව්‍යය
ආවර්තිතාවේ 0 ඛංණ්ඩයට අයත් මුලද්‍රව්‍ය He,Ne,Ar,Kr,Xe,Rn

Nodal plane:නිශ්පන්ද තලය
ඉලෙක්ට්‍රෝනයක් හමුවීමේ සම්භාවිතාවය ශූන්‍ය වන තලය නිශ්පන්ද තලය ලෙස හඳුන්වයි.

 Nonbonding electrons:  නිර්බන්ධන ඉලෙක්ට්‍රෝන
බන්ධන සෑදීමට සහභාගී නොවන, පරමාණු මත ස්ථානගතව පවතින ඉලෙක්ටෝනයි. මේවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල ලෙස හැඳින්වේ.

Non-electrolyte:  විද්‍යුත් අවිච්ඡේදක
විද්‍යුතය සන්නයනය නොකරන ජලීය ද්‍රාවණ සාදන ද්‍රව්‍ය

Nonmetal: ලෝහ
අලෝහ වලින් සෑදෙන ඔක්සයිඩ ආම්ලික වේ. ආවර්තිතා වගුවේ දකුණූ පසට වන්නට පිහිටු ඇත.

Nonpolar bond:  නිර්ධ්‍රැවීය බන්ධන
ඉලෙක්ට්‍රෝන ඝනත්වය (විද්‍යුත් සෘණතා වෙනසක් නැති) සමමිතික ලෙස විසිරී ඇති සහසංයුජ බන්ධන

Normal boiling point:  සාමාන්‍ය තාපාංකය
ද්‍රවයක තාපාංකය වන්නේ එහි වාෂ්ප පිඩනය එම ද්‍රවයට ඉහළින් ඇති වායුවේ පීඩනයට සමවන අවස්ථාවේදී ද්‍රවයේ උෂ්ණත්වයයි. සාමාන්‍ය තාපාංකය වන්නේ එහි වාෂ්ප පීඩනය වායුහෝල පීඩනය 1 වන අවස්ථාවේදී ද්‍රවයේ උෂ්ණත්වයයි. බොහෝවිට මෙම අගයන් දෙක සමාන වන අතර අප ද්‍රව්‍ය පවතින විට වෙනස් අගයක් ගනී.

 Normal melting/freezing point:  ද්‍රවාංකය/ හිමාංකය
සංශුද්ධ ද්‍රව්‍යයේ ඝන හා ද්‍රව අවස්ථා අතර සමතුලිතාවය පෙන්වන උෂ්ණත්වය එම
ද්‍රව්‍යයේ ද්‍රාවාංකයයි. බොහෝවිට ද්‍රවාංකය හා හිමාංකය එකම අගයක් ගනී.
ද්‍රවයක හිමාංකය වෙනස් අගයක් ගන්නේ එම ද්‍රවය එකිනෙකට වෙනස් ස්පටික සාදනවිට හා එම ද්‍රවයේ අප ද්‍රව්‍ය අඩංගු වනවිටයි.
Normality:  සමකත්වය
ද්‍රාවණයේ ලීටර 1ක අඩංගු ද්‍රාව්‍යයේ සමක සංඛ්‍යාවයි  
සමකත්වය= ද්‍රාව්‍යයේ සමක සංඛ්‍යාව/ ද්‍රාවණ ලීටර සංඛ්‍යාව

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNo

Nuclear binding energy:  න්‍යෂ්ටික බන්ධන ශක්තිය
පරමාණුවක ඇති ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන වෙන්කිරීම සඳහා අවශ්‍ය වන ශක්තිය

Nuclear fission:  න්‍යෂ්ටික විඛණ්ඩනය
පරමාණුක න්‍යෂ්ටියක් දළ වශයෙන් එක සමාන  කොටස් දෙකකට කැඩීයාම

 Nuclear reaction:  න්‍යෂ්ටික ප්‍රතික්‍රියා
පරමාණුක න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන හෝ නිය්‍රට්‍රෝන ප්‍රමාණය වෙනස්කරමින් සිදුවන ප්‍රතික්‍රියාවේ. මෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ප්‍රධාන ආකාර දෙකකි.
1. න්‍යෂ්ටික විඛණ්ඩනය: විශාල න්‍යෂ්ටි කුඩා න්‍යෂ්ටි බවට පත්වීම
2. න්‍යෂ්ටික විලයන: කුඩා න්‍යෂ්ටි හාවීමෙන් විශාල න්‍යෂ්ටි බවට පත්වීම
Nuclear reactor:  න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය
න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදු කරනු ලබන උපකරණය.

Nuclear transformation:  න්‍යෂ්ටික පරිනාමනය
න්‍යෂ්ටික ක්ෂයවීමේදී, යම් මුලද්‍රව්‍යයක න්‍යෂ්ටියක් කිරණ නිකුත් කරමින් තවත් මුලද්‍රව්‍යයක් බවට පත්වේ. මෙය  න්‍යෂ්ටික පරිනාමනය නමින් හැදීන්වේ.
උදා: 226/88Ra 4/2He + 222/86Rn

Nucleons:  නියුක්ලියෝන
න්‍යෂ්ටියේ ඇති අංශු මේ නමින් හැදින්වේ.

Nucleophilic reactions:  නියුක්ලියෝෆිලික /න්‍යෂ්ටකාමී ප්‍රතික්‍රියා
Nuc: + R-LG → R-Nuc + LG:

නියුක්ලියෝෆයිල්:(Nuc), ඉලෙක්ට්‍රෝන යුගලය(:), 
උපස්ථරය(R-LG),
ඉවත්ව යන කාණ්ඩය(LG),  එලය (R-Nuc)

උදා: ඇල්කයිල් බ්‍රෝමයිඩ ජල විච්ඡේදනය:
R-Br + OH− → R-OH + Br−

Nucleophilic reagents:  නියුක්ලියෝෆයිල /න්‍යෂ්ටිකාමී ප්‍රතිකාරක
අලුතින් සහ-සංයුජ බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝන යුගලයක් ප්‍රදානය කළ හැකි ප්‍රතිකාරක ඉලෙක්ට්‍රෝන බහුල ප්‍රතිකාරකවේ
උදා- HO-, H2O:, H3N:

 Nucleus: න්‍යෂ්ටිය
පරමාණුවක ධන ආරෝපිත කොටස වේ. පරමාණුවට ස්කන්ධය ලබාදෙන කොටස මෙය වන අතර මෙය ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් සමන්විතවේ

 Nuclide:  නියු්‍රක්ලයිඩ
පරමාණුවක් එහි පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය හා ශක්ති මට්ටම දක්වා ඇති ආකාරයකි. නියුක්ලයිඩ විකීරණශීලී ක්ෂයවීමට භාජනය වන අතර ඒවා ස්ථායි හෝ අස්ථායිවේ. දැනට නියුක්ලයිඩ 1700 පමණ හඳුනාගෙන ඇත. මින් 300 පමණ ස්ථායි නියුක්ලයිඩ වන අතර ඉතිරිය විකිරණශීලී වේ.  
Nuclide symbol:  නියුක්ලයිඩ සංකේත
A/Z E,
මෙහි
E - මුලද්‍රව්‍යය සඳහා සංකේතය
Z- පරමාණුක ක්‍රමාංකය
A- ස්කන්ධ ක්‍රමාංකය

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

O

[Oc]    [Op]    [Or]    [Os]   [Ou]  [Os]  [Ox

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOc

Octahedral: අෂ්ටතලීය
අණුවක හැඩය ගැන විස්තර කිරීමේදී භාවිතාවේ. මෙහිදී මධ්‍ය පරමාණුව වටා කොන් හයක තව පරමාණු හයක් පිහිටා ඇත.

Description: A generic octahedral molecule.

 Octane number:  ඔක්ටේන් අංකය
ඉන්ධන වල සුමට දහනයේ කාරක්ෂමතාවය ප්‍රකාශ කරනු ලබන අංකයයි. මෙහිදී හෙප්ටේන් සඳහා එහි අගය 0 වන අතර 100 අගය ලුබෙන්නේ 2,2,4-ට්‍රයිමෙතිල්පෙන්ටේන්ය.

 Octet rule:   අෂ්ටක නියමය
හයිඩ්‍රජන් හැර ඕනෑම පරමාණුවක් බන්ධන සාදන විට එම පරමාණුව වටා සංයුජතා ඉලෙක්ට්‍රෝන අටක් තබා ගැනීමට සැමවිටම උත්සහ කරයි.
උදා: CO2
C 1s2 2s2 2p2
O 1s2 2s2 2p4
Description: The bonding in carbon dioxide

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOp

 Open sextet
මධ්‍ය පරමාණුවේ ඉහලම ශක්ති මට්ටමේ පවතිනිනේ ඉලෙක්ට්‍රෝන හයක් පමණි.

Open system:  විවෘත පද්ධති
පරිසරය සමඟ ද්‍රව්‍ය ශක්තිය හුවමාරුවකට භාජනය වන පද්ධති

Optical activite compound:  ප්‍රකාශ සක්‍රීය සංයෝග
තල ධ්‍රැවිත ආලෝක කිරණයක් පතිත වු විට එහි තලයේ වෙනසක් ඇති කලහැකි සංයෝග ප්‍රකාශ සක්‍රීය සංයෝගවේ. ධ්‍රැවණ තලය දක්ෂිණවර්තව කරකවන සංයෝග d හෝ (+) ලෙස හඳුන්වයි. ධ්‍රැවණ තලය වමාවර්තව භ්‍රමණය කරවන සංයෝග l හෝ (-) ලෙස හඳුන්වයි.

Optical activity:  ප්‍රකාශ සක්‍රීයතාවය
තල ධ්‍රැවිත ආලෝකය ප්‍රකාශ සක්‍රීය සමායවික මඟින් භ්‍රමණය කිරීම

Optical inactivite compound:  ප්‍රකාශ අක්‍රීය සංයෝග
තල ධ්‍රැවිත ආලෝක කිරණය ධ්‍රැවණ තලයේ භ්‍රමණයක් සිදු නොකරන සංයෝග ප්‍රකාශ අක්‍රීය සංයෝග

Optical isomer:  ප්‍රකාශ සමායවිකතාවය
එකම ව්‍යුහ සූත්‍රයක් ඇති නමුත් කේන්ද්‍රීය කාබන් පරමාණුවට බන්ධනය වී ඇත්තේ එකිනෙකට වෙනස් කාණ්ඩ හතරකි. එමනිසා ත්‍රිමාණයේ අසමාන ලෙස සම්බන්ධ වු ව්‍යුහ දෙකක් ලැබේ. ඒවා ප්‍රතිරූප අවයව නම්වේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOr

Orbital:  කාක්ෂික
කිසියම් ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටිය වටා පැවතීමේ සම්බාවිතාබවය 95% ඉක්මවන ත්‍රිමාණ අවකාෂය කාෂිකයක් නම්වේ.
1. පරමාණුක කාෂික:

2. අණුක කාෂික:

පරමාණුක කාෂික වල ශක්තියට වඩා අණුක කාෂික වල ශක්තිය අඩුවන අතර ස්ථායිතාවයෙන් වැඩිය.

 

 Orbital Overlapping:  කාෂික අතිච්ඡාදනය
කාන්ෂික එකිනෙක අතර සිදුවෙන අතිපිහිතවීම අතිච්ඡාදනය නම්වේ.

  1. තිර්‍යයක්(රේඛීය) අතිච්ඡාදනය

අතිච්ඡාදනය සිදුවන්නේ න්‍යෂ්ටිය පවතින අක්ෂය ඔස්සේ අතිච්ඡාදනය  සඳහා මුළු කා
ෂිකයම සහභාගිවේ. එමනිසා මෙම අතිච්ඡාදනය ප්‍රබල වේ. මෙහිදී ඇතිවන්නේ σ බන්ධනයකි.

(2)පාර්ශ්වික අතිච්ඡාදනය
අතිච්ඡාදනය සිදුවන්නේ න්‍යෂ්ටිය පවතින අක්ෂයට ලම්භකවයි. මෙහිදී අතිච්ඡාදනයට කාක්ෂික වලින් අඩක් සහභාගිවේ. එමනිසා මෙම අතිච්ඡාදනය ප්‍රබලතාවයෙන් අඩුවේ. මෙහිදී ඇතිවන්නේ π බන්ධනයකි.

 Ore:  ලෝපස
ලෝහමය සංයෝග පොළවෙහි පවතින ආකාරය ලෝපස නම්වේ. හීමටයිට් (Fe2O3) මැග්නටයිට් බෝක්සයිට්(Al2O3)  යනාදිය ලෝපස් ආකාර වේ.

Organic acid:  කාබනික අම්ල
කාබොක්සිල් අම්ල කාණ්ඩයක් (COOH) සහිත කාබනික සංයෝග කාබනික අම්ල ලෙස හඳුන්වයි. උදා: බෙන්සොයික් අම්ලය, මැලික් අම්ලය

Organic chemistry:  කාබනික රසායනය               
කාබන්-හයිඩ්‍රජන් බන්ධන සහිත සංයෝග පිලිබඳ රසායනය

Organic compounds:  කාබනික සංයෝග
කාබන් අඩංගු සංයෝග කාබනික සංයෝග නම්වේ. එනමුත් කාබනේට වැනි සංයෝග වල කාබන් අඩංගු වුනත් ඒවා අකාබනික සංයෝග ලෙස සලකයි.

Organometallic compound: 
කාබන් පරමාණුවට කෙලින්ම ලෝහ සම්බන්ධ වී ඇති කාබනික සංයෝග

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOs

 Osmosisස්‍රැතිය
ද්‍රාවණයක නැතහොත් ද්‍රාවණයක් අර්ධ පාරගම්‍ය පටලයක් මගින් එහි තවත් ද්‍රාවණයකින් වෙන් කලවිට සාන්ද්‍රනය අඩු ද්‍රාවණයේ සිට සාන්ද්‍රනය වැඩි ද්‍රාවණයට ද්‍රාවකය ගමන් කිරීම

 Osmotic pressureස්‍රැති පිඩනය
ද්‍රාවණයකුත් එහි ශුද්ධ ද්‍රාව්‍යයක් වෙන් කරන අර්ධ පාරගම්‍ය පටලයක් මැදින් ද්‍රාව්‍යය ගමන් කිරීම වැළැක්වීම සඳහා ද්‍රාවණයට යෙදිය යුතු අඩුම පීඩනය

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOu

Outer Orbital complex
ලෝහ සංගත සංකීරණයේ, සංගත බන්ධනය සෑදිමේදී d අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන මුහුම්කරණය සදහා සහභාගි වී ඇති විට මෙම නමින් හැඳින්වේ.


 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOx

Oxidation:  ඔක්සිකරණය
පරමාණුවක්, අණුවක් හෝ අයනයකින් ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් ඉවත්වීම ඔක්සිකරණය නම්වේ. 
Zn→Zn2+ + 2e
ඔක්සිකරණය අංකය ඉහළ ගියවිට ඔක්සිකරණය සිදුවී ඇත.

 Oxidation numbers:  ඔක්සිකරණ අංකය
පරමාණුවකට/අයනයකට එහි සාපේක්ෂ ඔක්සිකරණ/ ඔක්සිහරණ තත්වය විස්තර කිරීම සඳහා එම අංශුවට දෙන අංකය එහි ඔක්සිකරණය අංකයයි. එය + හෝ - අගයක් ගනී. මෙහිදී පරමාණුවක්/අයනයක් පිට කරන/ලබා ගන්නා හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛාවයි.

Oxidation reaction:  ඔක්සිකරණ ප්‍රතික්‍රියා
ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් සිදුවන ප්‍රතික්‍රියාවේ.
2H+ +2e→H2

Oxidation stateඔක්සිකරණ තත්වය
සංයෝගයක අඩංගු පරමාණු වල ඔක්සිකරණ හැකියාව මනින ආකාරයයි. මෙහිදී ඔක්සිකරණ හැකියාව  දැක්වීම සඳහා +,- හා අංක භාවිතා කරයි.

Oxidation-reduction reactions:  ඔක්සිකරණ- ඔක්සිහරණ ප්‍රතික්‍රියා
ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියා රේඩොක්ස් ප්‍රතික්‍රියා නම්වේ. මෙම ප්‍රතික්‍රියාව ද්‍රව්‍ය දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් ලෙස හැඳන්විය හැක.
2Ag+ +2e         → Ag
Zn        → Zn2+  +2e
2Ag+ +Zn        →2Ag + Zn2+

Oxides:  ඔක්සයිඩ
මූලද්‍රව්‍ය බෝහෝමයක් ඔක්සයිඩ එකකට වඩා වැඩි ගණනක් සාදන බැවින් ඔක්සයිඩ විශාල සංඛ්‍යාවක් පවතී. මේ නිසා පහසුව සඳහා අම්ල-භස්ම ගුණ පදනම් කර ගෙන ඔක්සයිඩ වර්ග කරයි.
(1)ආම්ලික ඔක්සයිඩ,
උදා: SiO2, SO3,P2O5,Cl2O7,CO2,Mn2O7,CrO3
(2)භාෂ්මික ඔක්සයිඩ,
උදා: Na2O,MgO,MnO,FeO,CaO
(3)උභයගුණී ඔක්සයිඩ,
උදා: Al2O3,ZnO,PbO,PbO2,SnO,SnO2
(4)උදාසීන ඔක්සයිඩ,
උදා: N2O, NO, CO

Oxidizing agent (Oxidant):  ඔක්සිකාරක
යම් ද්‍රව්‍යයක් ඔක්සිකරණය කරන්නේ ඔක්සිකාරක මඟිනි. එනම් මෙම ක්‍රියාවලියේදී ඔක්සිකාරකය ඔක්සිහරණය වෙයි. ඔක්සිකාරකය යනු ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ද්‍රව්‍යයයි.
උදා: O2 , O3, F2, Cl2, I2, Br2, ClO−, ClO3− , HNO3, CrO42−, Cr2O72−, MnO4−, H2O2

Oxyacid:  ඔක්සි අම්ල
ආම්ලික ප්‍රෝටෝනය ඔක්සිජන් පරමාණුවට සම්බන්ධ අම්ල
උදා: සල්ෆිය්‍රරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, ෆොස්ෆරික් අම්ලය

Oxy acetylene flame:  ඔක්සි ඇසිටලින් දැල්ල
ඔක්සිජන් හා ඇසිටලීන් වායු මිශ්‍රණයකි. මෙම මිශ්‍රණය දහනයේදී ලැබෙන දැල්ල අධික උෂ්ණතවයකින් යුක්තවේ. ලෝහ පෑස්සීමේදී මෙම දැල්ල භාවිතා කරයි.

 Oxygen:  ඔක්සිජන්

පෘථිවි කබොලේ බහූලතම මූලද්‍රව්‍යය වන අතර පෘථිවියේ බහූලතාවයෙන් දෙවැනි මූලද්‍රව්‍යයි. එමෙන්ම විශ්වයෙහි ඇති මූලද්‍රව්‍ය වලින් බහුලතාවයෙන් දෙවැනිවන්නේ යකඩ වලට පමණි

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOz

Ozone:  ඕසෝන්
O3 . වඩාත් ප්‍රබල ඔක්සිකාරකයකි. වායුගෝලයේ වියනක් ලෙස ඉහළින් ඕසෝන් ස්තරයක් ඇත.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

P

[Pa]    [Pe]    [Ph] [Pi]    [Pl]    [Po]  [Pr]  [Pu]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPa

Paschen series:  පාෂන් ශ්‍රේණිය
ඉහළ ශක්ති මට්ටම් වලට සංක්‍රමණය වු ඉලෙක්ට්‍රෝන නැවත තෙවන ශක්ති මට්ටමට සංක්‍රමණයවීමේදී නිකුත් කරනු ලබන අධෝරක්ත විකීරණය මඟින් පාෂන් ශ්‍රේණිය ඇතිවේ.

 Pairing:  යුගලනය
යුග්මයක් ලෙස සැකසීමේ ක්‍රියාවලිය

 P-block elements:  P-ගොනුවේ මූලද්‍රව්‍ය
P කවචය පිරෙමින් පවතින මූලද්‍රව්‍ය අයත්වේ. එනම් IIIA,IVA, VA, VIA, VIIA හා 0.

Paramagnetism:  අණුක්ෂේත්‍ර චුම්භකත්වය
බාහිර චුම්බක ක්ෂෙත්‍රයක බලපෑම් නිසා යම් සංයේගයක් දක්වන චුම්භකත්වයකි. මෙය ඇති වන්නේ නිර්යුග්මක ඉලෙක්ට්‍රෝන නිසාය, මෙය පාරචුම්භකත්වයට වඩා ප්‍රබල වුවත් අයශ්චුම්භකත්වයට වඩා දුබලවේ.

Partial pressure:  ංශික පීඩනය
වායු මිශ්‍රණයක ඇති එක් එක් වායුව දී ඇති පරිමාවේ තනිව විසිරී ඇතිවිට එම වායුව මගින් ඇති කරන පීඩනය එම වායුවේ ආංශික පීඩනයයි.

Particulate matter
වාතයේ අවලම්බනය වී ඇති ද්‍රව බිදිති හෝ ඝන අංශූන්. මෙම අංශූන් පිළිබඳව බොහෝවිට වාතය දූෂණයේදී සාකච්ඡාවේ.

Pascal:  පැස්කල්
පීඩනය මනිනු ලබන ඒකකයකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPe

Percent by mass:  ස්කන්ධ ප්‍රතිශතය
සත්‍ය ඵලයේ ස්කන්ධය හා සෛද්ධ්‍යාන්තික ඵලයේ ස්කන්ධය අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කල විට එය ස්කන්ධ ප්‍රතිශතය ලෙස හැඳින්වේ.

Percent composition:  ස්කනධ සංයෝජනය (සංයුතිය)
සංයෝගයක ඇති මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත අතර පවතින අනුපාතය

 Percent Purity:  සංශුද්ධ ප්‍රතිශතය
සංශුද්ධ නොවු නියැඳියක යම් සංයෝගයක් පවතින ප්‍රතිශතය

Percent yield:  ඵල ප්‍රතිශතය
රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන ඵල ප්‍රමාණය එම ප්‍රතික්‍රියාවේ ඵලයයි. මෙය සාමන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ සාපේක්ෂ ඵලය (සත්‍ය ඵලය හා සෛද්ධ්‍යන්තික ඵලය අතර අනුපාතය) ලෙසයි. මෙය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කල විට එය ඵල ප්‍රතිශතය ලෙස හැඳින්වේ.

Percentage ionization:අයනීකරණ ප්‍රතිශතය
දී ඇති සාන්ද්‍රනයකදී දුර්වල විද්‍යුත් විච්ඡේදකයක් ද්‍රාවණයක අයණීකරණය වන ප්‍රතිශතය.


Period:  වර්තය
ආවර්තිතා වගුවේ ඇති තිරස් පේළි. එහි ආවර්ත 7 ඇත. ආවර්තයක් දිගේ පරමාණුක ක්‍රමාංකය එක බැගින් වැඩිවන ආකාරයට මූලද්‍රව්‍ය පිහිටා ඇත.

 Periodic law:  වර්තිතා නියමය
මූලද්‍රව්‍ය, ඒවායේ සාපේක්ෂ පරමාණුක ක්‍රමාංකයට අනුව සැකසූවිට ඒ සැලස්මේ ඕනෑම මුලද්‍රව්‍යයක ගුණ ඉන් අටක් ඔබ්බෙන් හා මොබ්න් ඇති මුලද්‍රව්‍යවල ගුණවලට සමානවේ.

 Periodic table:  වර්තිතා වගුව
මුලද්‍රව්‍ය ඒවායේ පරමාණ්‍රක ක්‍රමාංක වල ආරෝහණ පිළිවලට හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව සකස් කලවිට ලැබෙන මුලද්‍රව්‍ය වගුව ආවර්තිතා වගුව ලෙස හඳුන්වයි.

 Periodicity:  වර්තිතාව
මුලද්‍රව්‍ය ඒවායේ පරමාණුක ක්‍රමාංක වල ආරෝහණ පිළිවලට සකස් කලවිට, මුලද්‍රව්‍ය යම්කිසි සංඛ්‍යාවකට පසුව නැවත නැවතත් සමාන ගුණ පෙන්වයි. මෙම ලක්ෂණ ආවර්තිතාව නම්වේ.

 Peroxide:  පෙරොක්සයිඩ්
සහ-සංයුජ බන්ධනයකින් එකිනෙක සම්බන්ධවු ඔක්සිජන් පරමාණු දෙකක් අඩංගු සංයෝග පෙරොක්සයිඩ නම්වේ. මෙම සංයෝග විරංජන කාරක හා ඔක්සිකාරක ලෙස වැදගත්වේ.

 

 Petroleum:  පෙට්ට්‍රෝලියම්
ශාක කොටස් අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ වියෝජනය වීමෙන් සෑදුනු හයිඩ්‍රෝකාබන් මිශ්‍රණයකි

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPh

pHpH අගය
හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයෙහි සංඛ්‍යාත්මක අගයේ 10 පාදයේ සෘණ ලඝු අගයවේ.
pH= -log10[H(aq)]
pH අගය අඩුවන විට ආම්ලිකතාවය වැඩිවේ.
pH අගය වැඩි වනවිට භාෂ්මිකතාවය වැඩිවේ
pH අගය 7 වන විට උදාසීනවේ.

 Phase:  කලාප
භෞතීක වශයෙන් හා රසායනික වශයෙන් සමජාතීය වන පදාර්ථයේ අවස්ථාවකි. මෙය ඝන, ද්‍රව, වායු ලෙස අවස්ථා තුනකි.

 Phase diagram:   කලාප සටහන

 Phase equilibrium:  කලාප සමතුලිතතාවය
විවිධ කලාප අතර ඇතිවන සමතුලිතතා, කලාප සමතුලිතතාවය නම්වේ.

 Phenol:  ෆිනෝල්
බෙන්සීන් වලයට OH ඛංඩයක් සම්බන්ධවු සංයෝගයකි.

 

 Phenyl group:  ෆීනයිල් කාණ්ඩය
බෙන්සීන් න්‍යෂ්ටියෙන් H පරමාණුවක් ඉවත් කළවිට ලැබෙන කාණ්ඩය ෆීනයිල් කාණ්ඩය නමින් හඳුන්වයි.-[C6H5] ක්‍රියාකාරී කාණ්ඩය සහිත කොටස ෆීනයිල් කාණ්ඩය ලෙස හඳුන්වයි. ෆීනයිල් කාණ්ඩය අඩංගු සරල සංයෝගයක් ලෙස ෆිනෝල් හැඳින්විය හැකි.

 Phospherous:  ෆොස්ෆරස්
බහුරූපී ආකාර තුනකි. සුදු ෆොස්ෆරස්, රතු ෆොස්ෆරස්, කළු ෆොස්ෆරස්

 Photochemistry:  ප්‍රකාශ රසායන විද්‍යාව
ආලෝකයත් රසායන විද්‍යාවත් අතර වන අන්තර් සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනය

Photochemical oxidants:ප්‍රකාශ-රසායනික ඔක්සිකාරක
ආලෝකය හමුවේ සිදුවන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකට සහභාගීවන රසායනික සංයෝග මෙසේ හඳුන්වයි.

 Photoelectric effect:  ප්‍රකාශ-විද්‍යුත් ආචරණය
ලෝහයක් මත ආලෝකය පතිතවුවිට ඉලෙක්ට්‍රෝන විමෝචනයවීම ප්‍රකාශ-විද්‍යුත් ආචරණය නම්වේ.

 Photon:  ෆෝටෝන
විද්‍යුත්ගාමක කිරණ පකැට්ටුවක් ෆෝටෝනයක් ලෙස හඳුන්වයි. ෆෝටෝන වලට ස්ක
ධයක් හෝ ආරෝපනයක් නොමැති අතර ඉතාමත් දිගු ආයු කාලයක් ඇත.

 Physical change:  භෞතීක විපර්්‍යාසය
යම් ද්‍රව්‍යයක රසායන සංයුතියේ වෙනස්වීමක් සිදුනොවී පවතින ස්වභාවයෙහි පමණක් වෙනසක් ඇතිවීම භෞතික විපර්‍යාසයකි
උදා:         අයිස් දියවීම
දර කොටයක් කැබලි වලට කැපීම
ද්‍රව ජලය වාෂ්පවීම

 Physical property:  භෞතීක ගුණ
පදාර්ථයක ප්‍රමාණය අනුව වෙනස් නොවන ගුණ වන අතර මේවා විත්ති ගූණ ලෙසද හඳුන්වයි. උදා-තාපාංකය, ද්‍රවාංකය, ඝනත්වය

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPi

Pi (π) bonds:  ෆයි බන්ධන
P කාක්ෂික පාර්ශවිකව අතිච්ඡාදනය සිදුවීමෙන් ඇතිවන බන්ධන ෆයි බන්ධන නම්වේ. මෙය පාර්ශවික අතිච්ඡාදන නමින් හැදින්වේ. මෙහිදී බන්ධනය ඇතිවන්නේ කක්ෂයේ අක්ෂය දිගේ නොව අක්ෂයට ලම්බකවයි. මෙම බන්ධන සිග්මා බන්ධන තරම්ම ශක්තිමත් නොවේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPl

Plan polarized light:  තල ධ්‍රැවිත ආලෝකය
එකම තලයක පමණක් ගමන් කරන ආලෝකය

 Plank`s Constant:  ප්ලාන්ක් නියතය
ෆෝටෝනයක ශක්තිය හා එහි සංඛ්‍යාතය අතර සම්බන්ධතාවයේදී භාවිතා කරන අනුලෝම නියතයයි.
h= 6.626 x 10-34 තත්පර ජුල්

 Plasma:  ප්ලාස්මාව
වායුමය අවස්ථාවෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය දැක්වියහැකී. වායුවක් රත් කරන විට එයින් ඉලෙක්ට්‍රෝන මුදාහරින අවස්ථාව ප්ලාස්ම අවස්ථාව ලෙස හඳුන්වයි. මෙම අවස්ථාව සූර්‍යයාගේ සහ අනෙකත් තාරකාවල ස්වභාවිකව දැකිය හැක. මෙය කෘත්‍රීමව අපට දැක ගතහැකි වන්නේ ප්‍රතිදීප්ත ආලෝකයෙහිය.

Plaster of  Paris:  පැරිස් බදාමය
ජිප්සම් (CaSO4.2H2O) තදින් රත් කලවිට පැරිස් බදාමය (2CaSO4.H2O) සෑදේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPo

Polar bond:  ධ්‍රැවීය බන්ධන
විද්‍යුත් සෘණතාවයෙහි වෙනස නිසා ඉලෙක්ට්‍රෝන වලාව ධ්‍රැවීකරණය වු බන්ධනයක් ධ්‍රැවීය බන්ධනයක් වේ.

 Polar covalent bond:  ධ්‍රැවීය සහසංයුජබන්ධන
විද්‍යුත් සෘණතාවයෙහි වෙනස නිසා ධ්‍රැවීකරණය වු සහ සංයුජ බන්ධනයක් ධ්‍රැවීය සහ සංයුජ බන්ධනයකි.

 Polar molecule:  ධ්‍රැවීය අණුව
ස්ථිර ද්වීධ්‍රැව ඝූර්ණයක් සහිත අණු

 Polarimeter:  ධ්‍රැවමානය
තල ධ්‍රැවිත ආලෝකය, ප්‍රකාශ සක්‍රීය මාධ්‍යයක් හරහා ගමන් කරන විට සිදුවන භ්‍රමණය මැනිය හැකි උපකරණයකි

 Polarity:  ධ්‍රැවීයතාවය
යම් වස්තුවක ධ්‍රැවීයතාවය ලෙස හඳුන්වන්නේ එහි ඇති පරමාණු වල දිශානතියයි. මේ නිසා අප ධන, සෘණ අග්‍ර පිළිබඳව කතා කරයි.
උදා: බැටරි හා චුම්බක

 Polarization:  ධ්‍රැවණය/ධ්‍රැවීකරණය
විද්‍යුත් සෘණතාවයෙහි වෙනස නිසා සහ සංයුජ බන්ධන වල ආරෝපන විභේදනයවීම ධ්‍රැවීකරණය වේ. ධ්‍රැවනයට බලපාන සාධක කිහිපයකි. ධන/සෘණ අයනයේ අරය, අයනයේ ආරෝපණය.
Hδ+-F δ-

 Polyatomic ion:  බහුපරමාණුක අයන
පරමාණු කිහිපයක් එක්වී සෑදුනු අයන. උදා: SO42-, NO3-NH4+

 Polydentate: 
යම් ලිගන්ඩ් කාණ්ඩයක් මධ්‍ය ලේහ අයනයට සම්බන්ධ වී ඇත්තේ දායක පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් මඟිනි.

 

 Polyene: 
එක් මවුලයක ද්විත්ව බන්ධන එකකට වඩා පවතින සංයෝග.

 Polymer:  බහුඅවයවික
කුඩා තැනුම් ඒකක එකතුවී සෑදෙන මහෝ අණුය. ප්ලාස්ටික් අප නිතර දකින කෘත්‍රිමව සංස්ලේෂණය කරන ලද බහුඅවයවික. ප්‍රෝටීන ස්වභාවිකව පවතින බහුඅවයවිකයකි. 

Polymerization:බහුඅවයවීකරණය
තැනුම් ඒකක එකතතුවී බහුඅවයවික සෑදීම බහුඅවයවීකරණය නම්වේ.
උදා: පොලිප්‍රෝලීන්, රිජිෆෝම්, පොලිස්ටයිරීන්


polymorphous:  බහුරූපතාවය
එකම සංයෝගයකට ස්පටික ආකාර කිහිපයක් තිබීම බහුරූපතාවය නම්වේ.

 Polyprotic acid:  බහුප්‍රෝටෝනික අම්ල
ආම්ලික ප්‍රෝටෝන එකකට වඩා අඩංගු අම්ල. අම්ලය විඝටනය වන්නේ පියවර කිහිපයකිනි. උදා: H2SO4, H2S, H3PO4

 Potash:  පොටෑෂ් (බඳුන් අළු)
පොටෑසියම් කාබනේට් හඳුන්වන තවත් නාමයකි.

 Position isomers:  ස්ථාන සමාවයවික
එකම ව්‍යුහ සූත්‍රය හා එකම සැකිල්ල සහිත එහෙත් ක්‍රියාකාරී කාණ්ඩය සම්බන්ධ වන ස්ථානය වෙනස්වීමෙන් ඇතිවන සමාවයවික

Positive rays:ධන කිරණ
සිදුරු සහිත කැතෝඩයක් භාවිතා කර අඩු පීඩනයක් යටතේ අති වායුවක් ඉහළ විභව අන්තරයකට ලක්කල විට කැතෝඩයේ සිදුරු තුලින් ඉවතට කිරණ වර්ගයක් විමෝචනයවේ. මේවා ධන කිරන නම්වේ. මෙය නාළ කිරණ ලෙසද හඳුන්වයි.

 

 
 Positron:  පොසිට්‍රෝන
ඉලෙක්ට්‍රෝනයක ප්‍රති අංශුව පොසිට්‍රෝනය ලෙස හඳුන්වයි. පොසිට්‍රෝනයක් සතුව +1 විද්‍යුත් ආරෝපනයක් හා බැමුම 1/2 වන අතර ස්කන්ධය ඉලෙක්ටෝනයක ස්කන්ධයට සමානවේ.

 Potassium Agentocyanite:  පොටෑසියම් ආජෙන්ටෝසයනයිට්
පොටෑසියම් ආජෙන්ටෝසයනයිට්;KAg(CN)2
ෙරිදී ආලේපනයේදී විද්‍යුත් විච්ඡේදය ලෙස භාවිතා කරයි.

 

 Potential energy:  විභව ශක්තිය
වස්තුවක් තිබෙන ස්ථානය හෝ පවතින අවස්ථාව හෝ සංයුතිය නිසා වස්තුවට ඇතිවන ශක්තිය

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPr

Precipitate:  අවක්ෂේපය/අවක්ෂේප කිරීම
රසායනික ප්‍රතික්‍රියාවකදී ඝනයක් සෑදීම අවක්ෂේපනය  නම්වේ. මෙහිදී සෑදෙන ඝනය අවක්ෂේපය ලෙස හඳුන්වයි. මෙයට අමතරව මිශ්‍රණයක යම් සංඝටකයක් දියවීමේදී එය අධිසංතෘප්ත වුවිටද එම අමතර සංඝටකය අවක්ෂේපනය වේ. එය ස්පටිකීකරණය නම් විශේෂ අවස්ථාවයි.

 Precipitation reaction:  අවක්ෂේපන ප්‍රතික්‍රියා
ප්‍රතික්‍රියාවකදී අද්‍රාව්‍ය ඵල සෑදෙන ප්‍රතික්‍රියා අවක්ෂේපන ප්‍රතික්‍රියා නම්වේ. මෙහිදී එම ද්‍රව්‍ය ඝනයක් ලෙස ද්‍රාවණයෙන් ඉවත්වේ.

 Primary alcohol:  ප්‍රාථමික ඇල්කොහොල
ඇල්කොහොල (alcohol) බලන්න

 

Primary standard:  ප්‍රාථමික ප්‍රමාණික
ඉතා සංශුද්ධ වු, ස්ථායි, නිර්ජලීය සංයෝග වේ.
උදා:
සෝඩියම් කාබනේට්- Na2CO3,
(අණුක භාරය=105.99 g/mol)

ට්‍රිස්-හයිඩ්‍රොක්සිමීතයිල් ඇමිනෝමීතේන්-(TRIS or THAM): (CH2OH)3CNH2,  (අණුක භාරය= 121.14 g/mol)

සෝඩියම් හයිඩ්‍රජන් තැලේට්;(KHP): KHC8H4O4,
(අණුක භාරය== 204.23 g/mol)

පොටෑසියම් හයිඩ්‍රජන් අයඩේට්: KH(IO3)2, 
(අණුක භාරය= = 389.92 g/mol )

පොටෑසියම් ඩයික්‍රෝමේට්: K2Cr2O7,
(අණුක භාරය= = 294.19 g/mol)

 Primary Voltaic cells:  ප්‍රාථම්ක වෝල්ටීය කෝෂ
කෝෂයේ ඇති ප්‍රතික්‍රියක අවසන්වු පසු එහි ක්‍රියාකාරිත්වය නවතී. නැවත ආරෝපනය කළ නොහැක.

 Product:  ඵල
රසායනික ප්‍රතික්‍රීයාවක් සිදුවීමෙන් සෑදෙන අලුත් ද්‍රව්‍යය

 Protein:  ප්‍රෝටීන
ඇමයිනෝ අම්ල වලින් සෑදුනු ස්වභාවික බහුඅවයවිකයකි.

 Proton:  ප්‍රෝටෝන
පරමාණුවක ඇති මුලික අංශුවකි. එහි ස්කන්ධය 1.672x10-24 g වන අතර එය හයිඩ්‍රජන් පරමාණුවක න්‍යෂ්ටියට සමාන වේ. ධන ලෙස ආරෝපිතයි

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPu

 
Pure substance:  සංශුද්ධ ද්‍රව්‍ය
නියත සංයුතියක් ඇති  ද්‍රව්‍ය

 

Pyrogallol:  පයිරොගැලෝල්
සුදු ස්පටිකරූපී ඝනයකි. ප්‍රබල ඔක්සිහාරකයකි. මෙහි ක්ෂාරීය ද්‍රාවණ, ඔක්සිජන්  ක්ෂණිකව අවශෝෂනය කරයි. ඡයාරූපකරණයේදී හා ඔක්සිජන් ප්‍රමාණාත්මක විෂ්ලේෂණයේදී භාවිතාවේ.

 Pyruvic acid:  පයිරුවික් අම්ලය
සතුන්ගේ හා මිනිසාගේ ශරීරයේ කාබොහයිඩ්‍රේට් බිදීමේදී පයිරුවික් අම්ලය සෑදේ.
CH3-C(O)-COOH

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

R

[Ra]    [Re]    [Ro]    [Ru]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifRa

Radiation:  විකිරණය
න්‍යෂ්ටික ක්ෂයවීමකදී කිරණ හෝ අධි ශක්ති අංශු පිටවීමේ ක්‍රියාවලිය

  Radical:  ඛංණ්ඩකය
නිර්යුග්මක ඉලෙකට්‍රෝන එකක් හෝ කිහිපයක් සහිත පරමාණුවක් හෝ පරමාණු කාණ්ඩයක්

  Radioactive dating:  විකීරණශීලී වයස් නීර්ණය
ශාකයක් හෝ සත්වයෙක් මිය ගොස් කෙපමණ කල් ගතවී ඇතිදැයි C-14 සමස්ථානිකයේ
විකීරණශීලිතාව භාවිතා කර වයස් නීර්ණය කරන ක්‍රමයකි.

  Radioactive decay:  විකිරණශිලී ක්ෂයවීම
කිසියම් ද්‍රව්‍යයක විකිරණශීලිතාවය අඩුවීම

Radioactivity:  විකිරණශිලතාවය
ද්‍රවය වලින් විකිරණ පිටවීමේ සංසිද්ධිය විකිරණශීලිතාවයයි. පරමාණුක ක්‍රමාංකය 83 වැඩි
හා ස්කන්ධ ක්‍රමාංකය 209 වඩා වැඩි මුලද්‍රව්‍ය විකිරණශිලතාවය පෙන්වයි.

  Radiocarbon dating:  විකීරණශීලී  කාබන් වයස් නීර්ණය
කාබන්-14 සමස්ථානිකය යෙදා ගනිමීන් පැරණි ලී, රෙදි, පිගන් භාණ්ඩ පොසිල වැනි
දෑ වල  වයස් නීර්ණය

Radiotracer/   Radioactive Tracer:  විකීරණශීලී අනවශේෂ
රෝග විනිෂ්චය සඳහා විකිරණශීලි සමස්ථානික ජීවීන් ගේ පද්ධතිවලට ඇතුල්කර
ඒවා සිරුර තුල ගමන් කරන ආකාරය විශේෂ උපකරණ මඟින් අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවේ.

  Random error:  සසම්භාවී දෝෂය
සංඛ්‍යාතියේදී පමණක් උපකල්පනය කරනු ලබන දෝෂයකි.

  Raoult's law:  රවුල් නියමය
පරිපුරණ ද්‍රාවණයක, ද්‍රාවකයේ වාෂ්ප පීඩනය  එහි මවුල භාගය අඩුවනවිට අඩුවේ.
වාෂ්ප පීඩනය α මවුල  භාගය

  Rate of decay:ක්ෂයවීමේ සීඝ්‍රතාවය
ඒකක කාලයකදී නියැඳියක ඇති විකීරණශීලී න්‍යෂ්ටි වල ක්ෂ්‍යවීමේ වෙනස

  Rate of reaction:  ප්‍රතික්‍රියා වේගය/ සීඝ්‍රතාවය
ඒකක කාලයකදී ප්‍රතික්‍රීයක හෝ ඵලවල සාන්ද්‍රණය වෙනස්වීම

  Rate-determining step:  ප්‍රතික්‍රියා වේග නීර්නක පියවර
ප්‍රතික්‍රියාවක වේගය පාලනය වන්නේ එහි අඩුම වේගයෙන් ප්‍රතික්‍රියාව සිදුවන පියවර මතයි.

  Rate-law expression:  ප්‍රතික්‍රියා සීඝ්‍රතා නියමය
යම් ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය දක්වනු ලබන සමීකරණයයි. මෙය ප්‍රතික්‍රියක වල
සන්ද්‍රණය  හා ප්‍රතික්‍රියාවේ වේග නියතය අතර සම්බන්ධතාවය ඉදිරිපත් කරයි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRe

       Reactants:  ප්‍රතික්‍රියක
යම් රසායනික ප්‍රතික්‍රීයාවකදී විපර්‍යාසයකට භාජනය වන ද්‍රව්‍යය

 Reaction conditions:  ප්‍රතික්‍රියා තත්ව
ප්‍රතික්‍රියාවක් සිදුවීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා/තත්ව

  Reaction intermediates:  අතරමැදි සංයෝග
ප්‍රතික්‍රියාවක් ඇතිවීමේදී ඇතිවන අතරමැදි සංයෝගයි. එහෙත් මේවා ප්‍රතික්‍රියාව අවසානයේදී  ඉතිරි නොවේ. නමුත් විශේෂ හිතකර තත්ව යටතේදී මේවා වෙන් කර හඳුනාගත හැක.

  Reaction mechanism:  ප්‍රතික්‍රියා යාන්ත්‍රණය
බහු පියවර ප්‍රතික්‍රියාවක් සිදුවන ආකාරය ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය නම්වේ.

  Reaction product:  ප්‍රතික්‍රීයා ඵල
රසායනික ප්‍රතික්‍රීයාවකට භාජනය වෙමින් සෑදෙන අලුත් ද්‍රව්‍යය

  Reaction rate:  ප්‍රතික්‍රියා ශිඝ්‍රතාවය
ප්‍රතික්‍රියාවක් සිදුවන වේගය ප්‍රතික්‍රියාවේ ශිඝ්‍රතාවය නම්වේ.
ප්‍රතික්‍රියා ශිඝ්‍රතාවය α (සාන්ද්‍රණය)n
n= 0,1,2 වැනි අගයකි

  Reaction order:  ප්‍රතික්‍රියා  පෙළ
ප්‍රතික්‍රියාවක රසායනික චාලනය ගැන සැලකීමේදී ප්‍රතික්‍රියා පෙළ භාවිතාවේ.
පහත ප්‍රතික්‍රයාව ගැන සලකා බැලීමේදී:
A+2B → C
ප්‍රතික්‍රියා ශිඝ්‍රතාවය=k[A]1[B]2
මෙහි ප්‍රතික්‍රියා පෙළ A වලට සාපේක්ෂව එකවන අතර B වලට සාපේක්ෂව දෙකවේ.
ප්‍රතික්‍රියා සමස්ත පෙළ වන්නේ තුනකි(1+2).

  Reaction stoichiometry:  ප්‍රතික්‍රියා ස්ටොයිකියෝමිතිය
යම් රසායනික ප්‍රතික්‍රියාවක, ප්‍රතික්‍රියක හා ඵල අතර සම්බන්ධතාවය පරිමාමිතිකව මැනිය
හැකි ආකාරය ස්ටොයිකියෝමිතිය නම්වේ.

 Reagent: ප්‍රතිකාරකය
රසායනික ප්‍රතික්‍රියාවක් විෂ්ලේශණයේදී (ද්‍රව්‍ය හඳුනාගැනීමට, මැනීමට, පරික්ෂාකිරීමට) හෝ සංස්ලේෂණයේදී භාවිතා කරනු ලබන සංයේගයකි

 Rearrangement reactions:  ප්‍රතිසංවිධාන ප්‍රතික්‍රියා
මෙහිදී කාබනික අණුවේ ඇති පරමාණුවක් හෝ කාණ්ඩයක් හෝ අණුවේ එක්
ස්ථානයක සිට එම අණුවේම වෙනත් ස්ථානයකට සංක්‍රමණය වේ.

RC1-C2-C3 → C1-RC2-C3

  Reactor core:  න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක කේන්ද්‍රය
න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ න්‍යෂ්ටික ප්‍රතක්‍රියාව සිදුවන කොටස

  Rectified spirit:  රෙක්ටිෆයිඩ් ස්ප්‍රිතු/වයින් ස්ප්‍රිතු
අධි සාන්ද්‍ර  ආසවනය කරන ලද ඇල්කොහොල

 Redox reaction:  රෙඩොක්ස් ප්‍රතික්‍රියාව
මෙම ප්‍රතික්‍රියාව ද්‍රව්‍ය දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් ලෙස හැඳන්වියහැක.
ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියා රේඩාක්ස් ප්‍රතික්‍රියා නම්වේ.
2Ag+ +2e  → Ag
           Zn   → Zn2+  +2e 
2Ag+ +Zn  →2Ag + Zn2+

  Reducing agent:  ඔක්සිහාරක
යම ද්‍රව්‍යයක් ඔක්සිහරණය කරන්නේ ඔක්සිහාරක මඟිනි. එනම් මෙම ක්‍රියාවලියේදී
ඔක්සිහාරකය ඔක්සිකරණය වෙයි. ඔක්සිහාරක යනු ඉලෙක්ට්‍රෝනදායක වේ. පහත
ප්‍රතික්‍රියාවේ Mg ඔක්සිහාරකයවේ.
2Mg(ඝන) + O2 → 2Mg2+(ඝන) + 2O2-

  Reduction:  ඔක්සිහරණ
පරමාණුවක්, අණුවක් හෝ අයනයක් ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් ලබා ගැනී
ඔක්සිහරණය නම්වේ.
Fe2+ +2e → Fe
ඔක්සිකරණ අංකය පහළ ගිය විට ඔක්සිහරණය සිදුවේ.

  Reduction reaction:  ඔක්සිහරණ ප්‍රතික්‍රියා
ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා ප්‍රතික්‍රියා ඔක්සිහරණ ක්‍රියාවේ.
Fe2+ +2e → Fe

  Resonance:  සම්ප්‍රයුක්තතාවය
එකම සංයෝගයේ ඉලෙක්ට්‍රෝන විසිරීම වෙනස්වන නිසා වෙනස්වු ව්‍යුහ පිහිටීම
සම්ප්‍රයුක්තතාවයයි. මෙම ව්‍යුහ ඉතා ස්ථායි වන අතර එක් ව්‍යුහයකින් විස්තර කිරීමට
අපහසුය.

  Reverse Osmosis:  ප්‍රති-ආස්‍රැතිය
යම් මිශ්‍රණයක ඇති ද්‍රාවක අණු අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ඉවත් කර ගැනීම ප්‍රති-ආස්‍රැතියයි.
මේ ක්‍රියාවලිය සඳහා බාහිර බලයක් යෙදීම අත්‍යවශ්‍යවේ.


 Reversible reaction:  ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා
ඉදිරි ප්‍රතික්‍රියාව මෙන්ම ආපසු ප්‍රතික්‍රියාව සිදුවේ. මෙහිදී ඉදිරි ප්‍රතික්‍රියාවේ ඵල
ආපසු ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක වන අතර ආපසු ප්‍රතික්‍රියාවේ ඵල ඉදිරි ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකවේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRo

Rock salt:  කර ලුණු 
ස්පටිකරෑපී NaCl

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRu

 Rubber:  රබර් 
රබර් යනු සිස්- බහු අයිසොප්‍රීන්වේ. තැනුම් ඒකකය වන්නේ අයිසොප්‍රීන්ය.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

Q


ප්‍රමාණාත්මක විශ්ලේෂණය
යම් ද්‍රව්‍යයක අඩංගු සංඝටක වල ප්‍රමාණයන් නීර්ණය කිරීම, ප්‍රමාණාත්මක විශ්ලේෂණය නම් වේ. මෙය ආකාර දෙකකට සිදුකල හැකිය. ඒවා නම් පරිමාමිතික විශ්ලේෂණය, අනුමාපනමිතික විශ්ලේෂණයි.

  Quantitative analysis:  ගුණාත්මක විශ්ලේෂණය
දී ඇති යම් ද්‍රව්‍යයක අන්තර්ගත රසායනික කොටස් සොයාගැනීමට(හඳුනාගැනීමට) කරනු ලබන පරීක්ෂණ

  Quantum Mechanics:  ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යනු පරමාණු හා අණු-පරමාණුක (subatomic particles) අංශුන් වැනි ඉතා කුඩා පරිමාණයේ පවතින පදාර්ථ හා තරංග වල හැසිරීම විස්තර කරනු ලබන භෞතික විද්‍යාවකි. මෙයට අමතරව මෙමගින් තාරකා හා චක්‍රාවාට වැනි ඉතා විශාල වස්තූන් හා මහ පිපුරැම (big-bang) වැනි සිද්ධීන් අවබෝධ කරගැනීමට පදනමක් සාදයි.

  Quantum number:  ක්වොන්ටම් අංකය
පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන වල ශක්ති මට්ටම් විස්තර කිරීම සඳහා ක්වොන්ටම් අංක භාවිතාවේ.

 

නම

සංකේතය

අගයෙහි පරාසය

අගයන්ට උදාහරණ

principal quantum number
කවච මට්ටම සලකා බලයි

Description: n \

Description: 1 \le n \,\!

Description: n=1,2,3...\,\!

azimuthal quantum number උප කවච මට්ටම සලකා බලයි

Description: \ell \

Description: 0 \le \ell \le n-1 \

Description: n=3\,\!:
Description: \ell=0,1,2\,(s, p, d) \

magnetic quantum number ශක්ති වෙනස සලකා බලයි

Description: m_\ell \

Description: -\ell \le m_\ell \le \ell \

Description: \ell=2 \:
Description: m_\ell=-2,-1,0,1,2\,\!

spin quantum number බැමුම සලකා බලයි

Description: m_s\,\!

Description: - \begin{matrix} \frac{1}{2} \end{matrix} , \begin{matrix} \frac{1}{2} \end{matrix} \

Description: - \begin{matrix} \frac{1}{2} \end{matrix} , \begin{matrix} \frac{1}{2} \end{matrix} \

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

S

[Sa]    [Sc]    [Se]   [Sh]    [Si]   [So] [Sq] [Sq]   [St]    [Su]    [Sy

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSa

S block element:  S ගොනුවේ මුලද්‍රව්‍ය
S ගොනුවේ මුලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන පිරීම අවසාන S කවචයේ සිදුවේ. ආවර්තිතා වගුවේ IA හා IIA කාණ්ඩයේ මුලද්‍රව්‍ය S ගොනුවට අයත්වේ. H හැර සියලූම මුලද්‍රව්‍ය ලෝහ වේ. ඉතා ප්‍රතික්‍රියාශීලී මුලද්‍රව්‍යවේ. සාදනු ලබන හයිඩ්‍රයිඩ, හයිඩ්‍රොක්සයිඩ, හා ඔක්සයිඩ භාෂ්මිකවේ.  S ගොනුවේ සියළුම කැටායන අවර්ණය.

Sal ammoniac:  සැල් ඇමොනික්
ඇමෝනියම් ක්ලෝරයිඩ් වලට යෙදෙන තවත් නමකි. මෙය වියළි කෝෂ වළ විද්‍යුත් විච්ඡේදය ලෙස භාවිතා කරයි

  Salt:  ලවණ
අම්ලයක හා භස්මයක් ප්‍රතික්‍රියා කර ලවණයක් හා ජලය ලබාදේ. අම්ලයක ඇති හයිඩ්‍රජන්, ලෝහයක්/ ඇමෝනියම් මඟින් විස්ථාපනය කරමින් සෑදෙන සංයෝග.
උදා; සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් බයිකාබනේට්, සිල්වර් නයිට්ට්‍රේට්, ඇමෝනියම් ක්ලෝරයිඩ්

  Salt bridge:  ලවණ සේතුව
විද්‍යුත්ගාමක කෝෂයක අර්ධ කෝෂ එකිනෙක සම්බන්ධ කරන කොටසයි. ලවණ සේතුව හරහා ද්‍රාවණය ගමන් නොකරයි. එනමුත් එය හරහා අයන පමණක් ගමන් කරමින් පරිපථය සම්පුරණ කරයි. U-හැඩති නලයක් වන මෙය විද්‍යුත්විච්ඡේදයෙන් පිරී පවතී. ලවණ සේතුවට යෙදා ගන්නා ද්‍රාවණය දෙපැත්තේ ඇති ද්‍රාවණ වල සාන්ද්‍රණයට වඩා වැඩිය. උදා: KNO3, KCl

  Sand bath:  වැලි තාපකය
ඒකාකාර උෂ්ණත්වයක් ලබා ගැනීමට අවශ්‍ය වුවිට භාජනය හෝ උපකරණ හෝ තබා රත්කරීම සඳහා භාවිතා කරනු ලබන වැලි පුරවු භාජනය

  Saponification:  සැපොනීකරණය
ප්‍රබල භෂ්ම හමුවේ එස්ටර ජලවිච්ඡේදනය
උදා:

 Saturated hydrocarbon:  සන්තෘප්ත හයිඩ්රොකාබන
හයිඩ්රොකාබන අණුවේ කාබන් පරමාණු n සංඛ්‍යාවක් ඇතිනම් එහි ඇති හයිඩ්‍රජන් පරමාණුවල මුළු සංඛ්‍යාව සෑමවිටම 2n+2වේ. එමනිසා සන්තෘප්ත හයිඩ්රොකාබන වල පෙදු සූත්‍රය CnH2(n+2) වේ. සන්තෘප්ත හයිඩ්රොකාබන පැරපීන හෙවත් ඇල්කේන වශයෙන් හැදින්වේ

 Saturated solution:  සංතෘප්ත ද්‍රවාණ
යම් ද්‍රාවණයක දියවිය හැකි උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය දියවී ඇත්නම් එම ද්‍රාවණය 'සන්තෘප්ත
ද්‍රාවණයක් නම්වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSc

       Science:  විද්‍යාව
අප අවට ඇති ලෝකය ගැන තේරුම් ගැනීමට ගන්නා උත්සහයකි. මෙහිදී නිරී
ෂණයෙන් හා පරීක්ෂණයෙන් මිනිසා ලබා ගන්නා දැනුම විද්‍යාව ලෙස හැඳින්විය හැකි.

  Scientific method:  විද්‍යාත්මක ක්‍රමය
විද්‍යාත්මක ක්‍රමය යනු; ගැටලුව හඳුනාගැනීම, තොරතුරු රුස්කිරීම, කල්පිතයක් ගොඩ නැගීම, පරීක්ෂණ හා නිරීක්ෂණ කිරීම, හා එමගින් නිගමනයකට එළබීමයි.

  Scientific notation:  විද්‍යාත්මක අංකනය
විශාල හා ඉතා කුඩා අංක ලිවිය හැකි පහසු ක්‍රමයකි.

  Scintillation counter: 
අයනීකරණය වු කිරණ හා සම්බන්ධ මිනුම් සිදු කරයි. විනිවිද පෙනෙන ස්පටිකයක් හෝ කාබනික ද්‍රවයක් scintillator ලෙස ක්‍රියා කරන අතර එය මත අයනීකරණය වු කිරණ  පතිත වනවිට එය විෂ්ලේශනය කරයි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSe

Second law of thermodynamics:  තාපගති විද්‍යාවේ දෙවන නියමය
විශ්වයේ එන්ට්‍රෝපිය දිගින් දිගටම වැඩිවේ.

 

  Secondary alcohol:  ද්වීතීයක ඇල්කොහොල
හයිඩ්‍රොක්සයිල්(-OH) කාංඩයක් සංතෘප්ත කාබන් පරමාණුවකට සම්බන්ධ වී ඇති සංයෝග ඇල්කොහොල නම් වේ. ද්වීතික ඇල්කොහොල යනු හයිඩොක්සයිල් කාණ්ඩයට සම්බන්ධව ඇති කාබන් පරමාණුවේ ඇති හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව එකකි.
උදා-CH3CH(OH)CH3

  Secondary standard:  ද්වීතික ප්‍රමාණික
යම් විෂ්ලේෂණයක් සඳහා විද්‍යාගාරයේදී සාදනු ලබන අතර ප්‍රාථමික ප්‍රමානික භාවිතා කර ප්‍රමානික කරගනු ලබයි.

 

  Secondary voltaic cells:  ද්වීතික වෝල්ටීය කෝෂ
නැවත ආරෝපණය කල හැකි කෝෂවේ. මෙහිදී ධාරාව ප්‍රතිවිරුද්ධ දිශාවට සැපයීමෙන් නැවත ප්‍රතික්‍රියක සෑදේ.

  Semiconductor:  අර් සන්නායක
විදුලි සන්නයනයේදී සන්නායක හා පරිවාරක ද්‍රවය වලට අතරමැදි ගුණ පෙන්වයි.
උදා: සිලිකන්, ජර්මේනියම්
සූර්‍ය කෝෂ හා ට්‍රාන්සිස්ටර නිෂ්පාදනයේදී භාවිතා කරයි.

  Semipermable membrane:  අර් පාරගම්‍ය පටල
සමහර අංශූන් වලට පමණක් පටලය හරහා ගමන් කිරීමට ඉඩ දෙනු ලබන, ද්‍රාවන දෙකක් අතර පිහිටින ඉතා තූනී පටලයකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSh

Shielding effect:  නිවාරක ආචරණය

ඉලෙක්ට්‍රෝනයක් මත න්‍යෂ්ටිය මඟින් අති කරනු ලබන න්‍යෂ්ටික ආරෝපනය (නිවාරණය) අඩු කරනු ලබන බලයකි. ඉලෙක්ට්‍රෝනයක් කෙරෙහි අනිකුත් ඉලෙක්ටෝන මගින් ඇති කරනු ලබන විකර්ෂණ බලය නිවාරණ ආචරණය ලෙස හඳුන්වයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSi

 SI units:  SI ඒකක
මෙට්ට්‍රික් ක්‍රමය මත පදනම්වු අන්තර් ජාතිකව භාවිතා කරන මිනුම් ක්‍රමයයි

Sigma bonds:සිග්මා බන්ධන
කාක්ෂික වල ප්‍රධාන අක්ෂය දිගේ රේඛීයව අතිච්ඡාදනය සිදුවීමෙන් ඇතිවන බන්ධන සිග්මා බන්ධන නම්වේ. මෙය ආක්ෂික අතිච්ඡාදන නමින් හැදින්වේ.

  Sigma orbital:  සිග්මා කවචය
පරමාණුක කවච ආක්ෂක (රේඛීය) අතිච්ඡාදනයෙන් සෑදෙන අණුක කවචය සිග්මා කවචයයි

  Silica:  සිලිකා
Si-O සහිත අනුභවික සූත්‍රය SiO2  වු සංයෝග වේ. ක්වාට්ස් හා වැලි වර්ග උදාහරණ ලෙස ගත හැක. යෝධ අණු ලෙස ඇත.

!Silican:  සිලිකන්
පෘථිවි කබොලේ බහූලතාවයෙන් දෙවැනි මූලද්‍රව්‍යයි.

  Silicates:  සිලිකේට
පෂාණ වල දැකිය හැකි ප්‍රධාන ඛනිජයයි. සිලිකේට සෑදී ඇත්තේ සිලිකන්, ඔක්සිජන්, හා පොටෑසියම්/ සෝඩියම්/ කැල්සියම් වැනි මූලද්‍රව්‍ය අධික උෂ්ණත්ව හා පීඩනයන්ට භාජනය වීමෙනි. පෘථිවි කබොල්ලෙන් 1/4 පමණ සෑදී ඇත්තේ සිලිකේට වලිනි.

  Silicones:  සිලිකෝන
බහුඅවයවීකරණය වූ කාබනික සිලිකා සහිත සංයෝගයි.

  Single bond:  තනි බන්ධන
පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රොන යුගලයක් හවුලේ තබාගනිමීන් සාදන සහසංයුජ බන්ධනය තනි බන්ධනයි.

 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSo

 

Soda ash:  සෝඩා අළු
සෝඩියම් කාබනේට් වෙළද නාමයයි

  Soda lime:  සෝඩා ලයිම්
අළු පැහැති ඝනයක් වන මෙය Ca(OH)2 හා NaOH වල මිශ්‍රණයකි. විජල කාරකයක් හා CO2 අවශෝෂකයක් ලෙස භාවිතා කරයි.

  Solar cell:  සූර්‍යය කෝෂ
ආලෝක ශක්තිය විද්යුත් ශක්තිය බවට පරිවර්තනය කරන කෝෂ සූර්‍යය කෝෂ නම්වේ.

 

  Solid:  ඝන
පදාර්ථයේ එක් අවස්ථාවකි. නියත හැඩයක් හා නියත පරිමාවක් ඇත.

  Solubility:  ද්‍රාව්‍යතාවය
දී ඇති උෂ්ණත්වයකදී දී ඇති ද්‍රාවක පරිමාවක යම් ද්‍රව්‍යයක් දියවෙන ප්‍රමාණය

Solubility product /  Solubility product constant:  ද්‍රව්‍යතා ගුණිතය/ ද්‍රව්‍යතා ගුණිත නියතය (Ksp)
මඳ වශයෙන් ද්‍රාව්‍ය සංයෝග වල ද්‍රවණය සඳහා වන සමතුලිතා නියතයයි.

  Solute:  ද්‍රාව්‍යය

ද්‍රාවණයක් සෑදීමට ද්‍රාවකයේ දිය කරනු ලබන ද්‍රව්‍යය. ද්‍රාවණයේ වැඩිම සංඝටකය ද්‍රාවකයයි. අඩුවෙන් ඇත්තේ ද්‍රාව්‍යයයි.

  Solution:  ද්‍රාවණය
යම්කිසි ද්‍රව්‍යයක්, ද්‍රාවකයක දිය කිරීමෙන් හෝ දියවීමෙන් සෑදෙන දේ ද්‍රාවණයක් නම්වේ. එනම් ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ප්‍රමාණය එකතුවීමෙන් සෑදුනු සමජාතීය මිශ්‍රණය උදා- සීනි
ද්‍රාවණය, සිනි+වතුර

ද්‍රාවණ විද්‍යුතය සන්නයනය කිරීමේ හැකියාව අනුව විද්‍යුත් විච්ඡේදක (විද්‍යුතය සන්නයන කරන) විද්‍යුත් අවිච්ඡේදක (විද්‍යුතය සන්නයන නොකරන) ලෙස වර්ග කරයි.

  Solvation:  සද්‍රවණය

ද්‍රාව්‍ය අණු වටා ද්‍රාවක අණු එක්රුස්වීම හා එකිනෙක අතර ආකර්ශන ඇතිවීමේ ක්‍රියාවලිය සද්‍රවණයයි.

 

  Solvation energy:  සද්‍රවණ තාපය
ද්‍රාව්‍ය මවුලයකින් අනන්ත තනුක ද්‍රාවණයක් සෑදීමේදී සිදුවන තාප විපර්‍යාසය එම
ද්‍රව්‍යයේ ද්‍රාවණ තාපයයි.

  Solvent:  ද්‍රාවකය

ද්‍රාවණයක් සෑදීමට යම් දෙයක් දිය කරන ද්‍රව්‍යය. ද්‍රාවණයේ වැඩිපුර ඇති සංඝටකය ද්‍රාවකයයි.

  Solvolysis:  ද්‍රාවීවිච්ඡේදනය
දියවීමේදී ද්‍රාවකය සමඟ ද්‍රවයය සිදුකරන ප්‍රතික්‍රියාව

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSp

Specific gravity:  විශිෂ්ඨ ගුරුත්වය
යම් ද්‍රව්‍යයක ඝනත්වය හා ජලයේ ඝනත්වය අතර අනුපාතය

Specific heat capacity/   Specific heat:  විශිෂ්ඨ තාපය
යම් ද්‍රව්‍යයක ග්රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය ශක්තිය

Specific rate constant:  පරික්ෂණාත්මකව ගණනය කරනු ලබන වේග නියතය.

Spectator ions:  ප්‍රේෂක අයන
සෘජුව ප්‍රතික්‍රියාවට සහභාගී නොවන එහෙත් එම ද්‍රාවණයේම ඇති අයන

  Spectral line:  වර්ණාවලි රේඛාව
නිශ්චිත තරංග ආයාමයකින් යුක්ත පරමාණුක විමොචන වර්ණාවලියකි. එකිනෙකින් වෙන්වුනු දීප්තිමත් හා අඳුරුවර්ණාවලි රේඛා දැකිය හැක.

  Spectrochemical series:  වර්ණාවලි රසායනික ශ්‍රේණිය
ලිගන්ඩ ක්ෂෙත්‍ර බලය වැඩිවන ආකාරයට සැකසු ලිගන්ඩ් ශ්‍රේණිය
I- < Br- < S2- < SCN- < Cl- < NO3- < N3- < F- < OH- < C2O42- < H2O < NCS- < CH3CN < py (පිරිඩීන්)< NH3 < en (එතලීන්ඩයිඇමීන්) < bipy (2,2'-බයිපිරිඩීන්) < phen (1,10-ෆිනැන්ත්‍රලීන්) < NO2- < PPh3 < CN- < CO

  Spectrum:  වර්ණාවලි
තරංග ආයාමය හෝ සංඛ්‍යාතයට  අනුකූලව‍ විද්‍යුත් චුම්බක විකිරණය සැකසීම වර්ණාවලියයි. ද්‍රෘෂ්‍ය වර්ණාවලිය මින් එක් කොටසකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSq

Square planar: 
අණු හා බහුපරමාණුක අයන වල හැඩය විස්තර කරනු ලබන ආකාරයකි. මෙහිදී එක් පරමාණුවක් කේන්ද්‍රයේද තවත් පරමාණුවක් චතුරස්‍රයක කොන් වලද පිහිටයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSt

Standard atmosphere pressure:  සම්මත වායුගෝලීය පීඩනය
මෙය රසදීය 760mm හෝ 101,325 Pa වේ

Standard atomisation energy:  සම්මත පරමාණුකරණ තාපය
සම්මත තත්ව යටතේ, මූලද්‍රව්‍යයෙන් වායුමය පරමාණු මවුල එකක් සෑදෙනවිට සිදුවන එන්තැල්පි විපර්‍යාසය

  Standard electrode potential:  සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය
කිසියම් සම්මත ඉලෙක්ට්‍රෝඩයක් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සමඟ සම්බන්ධකර සාදාගත් කොෂයෙහි විද්‍යුත්ගාමක බලය එම ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයයි

  Standard Entropy:  සම්මත එන්ට්‍රෝපිය
සම්මත තත්ව යටතේදී යම් ද්‍රව්‍යයක නිරපේක්ෂ එන්ට්‍රෝපිය

 Standard Heat of combustion: සම්මත දහන තාපය
සම්මත තත්ව යටතේ මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක මවුලයක් වැඩිපුර ඔක්සිජන් වායුව තුල මුළුමනින්ම දහනය වීමේදී හටගන්නා තාප ශක්ති විපර්යාසයයි.

 Standard Heat of dissociation:  සම්මත විඝටන තාපය
සම්මත තත්ව යටතේ ඇති, මූලද්‍රව්‍යයේ වායුමය අවස්ථාවේ ඇති පරමාණු මවුලයක් බවට විඝටනය වීමේදී (එහි සංඝටක මූලද්‍රව්‍යය වල පරමාණු සෑදීමට) ඇතිවන තාප විපර්යාසය

Standarded Heat of formation:සම්මත උත්පාදන තාපය
සම්මත තත්ව යටතේ ඇති, දෙන ලද සංයෝග මවුලයක් සම්මත තත්ව යටතේ පවතින එහි සංඝටක මුලද්‍රව්‍ය වලින් උත්පාදනයේදී ඇතිවන තාප විපර්‍යාසය

Standard Heat of Neutralization:  සම්මත උදාසීනකරණ තාපය
අම්ලයක සම්මත උදාසීනකරණ තාපය. සම්මත තත්ව යටතේදී අම්ලයක මවුලයක්  ප්‍රබල භෂ්මයක් මඟින් උදාසීනිකරණයේදී මෝචනය වන තාපයයි. භෂ්මයක සම්මත උදාසීනකරණ තාපය සම්මත තත්ව යටතේදී භෂ්මයක මවුලයක් අම්ලයක් මඟින් උදාසීනිකරණයේදී මෝචනය වන තාපයයි

Standard Hydrogen electrode:  සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය
250C හි පවතින 1.0moldm-3 ජලීය අයන ද්‍රාවණයක ප්ලැටිනම් ලෝහ තහඩුවක් ගිල්වා එම ද්‍රාවනය තුලින් 1.0 atm හි පවතින වායුව බුබුලනය කිරීමෙන් සාදාගන්නා ඉලෙක්ට්‍රෝඩය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයයි

  Standard lattice energy:  සම්මත දැළිස් ශක්තිය
සම්මත අවස්ථාවේ පවතින වායුමය ධන හා සෘණ අයන වලින් ඝන අවස්ථාවේ පවතින අයනීක සංයෝගයෙහි මවුල 1ක් උත්පාදනයවීමට අදාළ එන්තැල්පි විපර්‍යාසයයි.

Standard molar enthalpy of formation:  සම්මත උත්පාදන එන්තැල්පිය
සම්මත තත්ව යටතේදී යම් ද්‍රව්‍යයක මවුලයක් එහි සංඝටක මූලද්‍රවය වලින් සෑදීමේදී විමෝචනය වන හෝ අවශෝෂණය වන තාපය එහි සමම්ත උත්පාදන තාපයයි.

  Standard molar volume:  සම්මත මවුලීක පරිමාව
පරිපුරණ වායුවක් සම්මත තත්ව යටතේදී ගන්නා ඉඩ ප්‍රමාණය (ලීටර 22.4)

  Standard pressure: සම්මත පීඩනය
        පීඩනය, වායුගෝලීය පීඩනය 1atm.

  Standard solutuion:  ප්‍රමාණික ද්‍රාවණ
සාන්ද්‍රනය නිරවද  ලෙස දන්නා ද්‍රාවනයක්. සාමන්‍යයෙන් අනුමාන කටයුතු සඳහා භාවිතා කරයි.

  Standard temperature:  සම්මත උෂ්ණත්වය
බොහෝ විට උෂ්ණත්වය 25°C හෝ කෙල්වින් 298 ලෙස භාවිතා කරයි. එනමුත් උෂ්ණත්වය 0°C හෝ කෙල්වින් 273 ලෙස ගන්නා අවස්ථාද ඇත.

  Standardisation:  ප්‍රමාණකරණය
කිසියම් සම්මත ප්‍රමාණයක් හා සැසදීම

  State function:  අවස්ථාවේ ශ්‍රිතයකි
පියවර මත රදා නොපවතින ලක්ෂණ

  States of matter:  පදාර්ථයේ අවස්ථා
පදාර්ථය පැවතිය හැකි ආකාර 3කි.
ඒවා ඝන, ද්‍රව, වායු

  Static Equlibrium:  ගතික සමතුලිතතාවය
ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාව හා ආපසු ප්‍රතික්‍රියාව එකම වේගයෙන් සිදුවන විට එම අවස්ථාව ගතික සමතුලිතතාවය නම්වේ.

  Steam Distillation:  හුමාල ආසවනය
යම් වාෂ්පශීලී ද්‍රව්‍යයක් සංශුද්ධ කිරීමට භාවිතා කරන ක්‍රමයකි.

  Stereoisomeres:  ත්‍රිමාන සමාවයවික
එකම අණුක සූත්‍රයක් හා පරමාණු එකම අණු පිළිවෙලකට සම්බන්ධ වී ඇති නමුත් අවකාශයේ ත්‍රිමාන ලෙස පිහිටා ඇති ආකාරය වෙනස් වු සංයෝග ත්‍රිමාන සමාවයවිකවේ. ත්‍රිමාන සමාවයවික ප්‍රකාශ සමාවයවික හා ජ්‍යාමිතික සමාවයවික ලෙස කාණ්ඩ දෙකකට බෙදේ.

  Steriod:  ස්ටෙරොයිඩ
කාබන් පරමාණු 17 හා වළලු හතරකින් සමන්විත මෙම කාබනික සංයෝග මේදයෙහි දියවේ.
Description: Steroid skeleton. Carbons 18 and above can be absent.

 

 

  Stoichiometry:  ස්ටොයිකියොමිතිය
රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය වන පරමාණු, අණු, අයන හා ඉලෙක්ට්‍රෝන අතර ඇතිවන සංඛ්‍යාත්මක සම්බන්ධතාවය සංඛ්‍යා රසායනය හෙවත් ස්ටොයිකියොමිතියයි.

  Strong acid:  ප්‍රබල අම්ල
සම්පුර්ණයෙන්ම විඝටනය(අයණීකරණය) වී H+ හා සංයුග්මක භෂ්මය සාදන අම්ල. උදා: HCl

  Strong base:  ප්‍රබල භෂ්ම
ජලයේදී සම්පුර්ණයෙන්ම විඝටනය(අයණීකරණය) වන ලෝහ හයිඩ්‍රොක්සයිඩ. උදා: NaOH

  Strong electrolyte:  ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය
ජලයේදී සම්පුර්ණයෙන්ම විඝටනය(අයණීකරණය) වී විද්‍යුතය හොඳින් සන්නයනය කරන
ද්‍රව්‍යය

  Structural formula:  ව්‍යුහ සූත්‍රය
අණුවක ඇති මූලද්‍රව්‍ය පරමාණු එකිනෙකට බැදී ඇති ආකාරය නිරූපනය කරන්නේ ව්‍යුහ සූත්‍රයෙනි. පරමාණු වල සංයුඡතා සපුරන ආකාරයට තනි බන්ධන, ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන වලින් අණුවේ ඇති පරමාණු එකිනෙක බැඳී ඇති ආකාරය මෙහිදී නිරූපනය කරයි.

Structural isomers:ව්‍යුහ සමාවයවික
එකම අණුක සූත්‍රය ඇති එහෙත් පරමාණු එකිනෙකට බන්ධනය වී ඇති පිළිවෙළ වෙනස්වු සංයෝග ව්‍යුහ සමාවයවික නම්වේ. මේවා ආකාර 3 කට වර්ග කළහැක.

1.දාම සමාවයවික(chain isomers)එකම අණුක සූත්‍රය,එකම ක්‍රියාකාරී ඛාංඩ එහෙත් දාමයේ/සැකිල්ලේ වෙනසක් ඇති සංයෝග
2. ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික (functional group isomers) එකම අණුක සූත්‍රය තිබෙන නමුත් ක්‍රියාකාරී කාණ්ඩය වෙනස්වු සංයෝග
3.ස්ථාන සමාවයවික(position isomers)එකම ව්‍යුහ සූත්‍රය හා එකම සැකිල්ල සහිත එහෙත් ක්‍රියාකාරී ඛාංඩය සම්බන්ධ වන ස්ථානය වෙනස්වීමෙන් ඇතිවන සමාවයවික

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSu

Subcritical reactions: 
න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවකදි දාම-ප්‍රතික්‍රියාවක් සිදුවිමට නම් පළමු ප්‍රතික්‍රියාවේ සෑදෙන නියුට්‍රෝන ඊලග ප්‍රතික්‍රියාව ආරම්භ කරයි. එනමුත් පළමු ප්‍රතික්‍රියාවේ සෑදෙන නියුට්‍රෝන ප්‍රමාණය ඊලග ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට ප්‍රමාණවත් නොවුවිට දාම ප්‍රතික්‍රියාව නවතී. මෙවැනි ප්‍රතික්‍රියා Subcritical reactions ලෙස හැදින්වේ.

  Sublimation:  ර්ධවපාතනය
යම් ඝනයක් රත් කරීමේදී ද්‍රව අවස්ථාවට පත් නොවී වායු අවස්ථාවට පත්විය හැක. මෙය ඌර්ධවපාතනය නම්වේ.
ඝන අයඩීන් ස්පටික අයඩීන් වාෂ්ප
සියළුම ඇමෝනියම් ලවණ අයනික වුනත් රත් කලවිට ඌර්ධවපාතනයවේ. මීට හේතුව වන්නේ රත් කලවිට NH4 හි ඇති දුබල දායක බන්ධන පහසුවෙන් කැඩී යාමයි.
NH4Cl(s) NH3(g) + HCl(g)

  Substance:  ද්‍රව්‍යය
සමාන රසායනික සංයුතියක් හා සමාන භෞතීක ලක්ෂණ සහිත ඕනෑම ආකාරයේ පදාර්ථයක්

  Substitution reaction:  දේශ ප්‍රතික්‍රියා
සංයෝගයේ ඇති පරමාණුවක් හෝ කාණ්ඩයක් විස්ථාපනය වී වෙනත් කාණ්ඩයක් සම්බන්ධ වේ.

  Surface tension:  පෘෂ්ඨික ආතතිය

ද්‍රව පෘෂ්ඨයේ වර්ගඵලය වැඩිවීම වැළැක්වීමට ද්‍රව පෘෂ්ඨය මත ඇතිවන බලයයි.

  Super cool liquidsඅධි ශිතන ද්‍රව
යම් ද්‍රවයක්, ඝනයක් බවට පත් නොවෙන ලෙස එහි ද්‍රවාංකයට වඩා අඩු උෂ්ණත්වයකට සිසිල් කිරීම

  Supercritical fluid: 
අවධි උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක පවතින ද්‍රව්‍යය

Supercritical reaction: 
න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවකදි සෑදෙන නියුට්‍රෝන තවත් විඛණ්ඩන ප්‍රතික්‍රියා වලට හේතුවන අතර එම ප්‍රතික්‍රියා ක්ෂණිකව සිදුවී විශාල පිපුරුම් ඇති කරයි.

  Superheating: 
යම් ද්‍රවයක්, නැටීමකින් තොරව එහි තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කිරීම

  Supersaturated solution:  අධිසංතෘප්ත ද්‍රාවණය
සාමාන්‍ය තත්ව යටතේදී දියවීමට හැකි ප්‍රමාණයට වඩා වැඩි යම් ද්‍රව්‍යයක් දියවී ඇති
ද්‍රාවණ අධිසංතෘප්ත ද්‍රාවණ නම්වේ.

  Suspension:  අවලම්බනය/අවලම්බිතය
යම් ද්‍රව්‍යයන් දෙකක මිශ්‍රණයක් වන අතර ම්න් අංශූන් ඉතා කුඩා වන ද්‍රව්‍යය අනිකෙහි විසිරී පවතී. අවලම්බන, කලිල හා ද්‍රාවණ වලින් වෙනස් වේ. අවලම්බනයක පාවෙන අංශූන් කලිල හා ද්‍රාවණ වල අංශන්ට වඩා විශාලවේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSy

 Systematic error: 
එකම දිශාවක් ඔස්සේ ඇතිවන දෝෂ

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

T

   [Te]    [Th]   [Ti] [To]   [Tr]  [Ty]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTe
Temperature:  උෂ්ණත්වය
වස්තුවක උණුසුම්බාවය නැතහොත් ශිතලභාවය. මෙය වස්තුවක ඇති ගුණයකි.

  Temperature of combustion:  දහන උෂ්ණත්වය
දහනය පටන් ගැනීමි සඳහා අවශ්‍ය උෂ්ණත්වය

  Ternary acid:  ත්‍රියංගී අම්ල
H, O සහ තවත් මුලද්‍රව්‍යයක් (බොහෝවිට අලෝහ) අඩංගු සංයෝගයකි.

 Ternary compound:  ත්‍රියංගි සංයෝග
මුලද්‍රව්‍ය තුනකින් සමන්විත සංයෝගක් වන අතර අයනීක හෝ සහසංයුජ වේ.

  Tertiary alcohol:  තෘතීයක ඇල්කොහොල
හයිඩ්‍රොක්සයිල්(-OH) කාණ්ඩයක් සංතෘප්ත කාබන් පරමාණුවකට සම්බන්ධ වී ඇති සංයෝග ඇල්කොහොල නම් වේ. තෘතියක ඇල්කොහොල යනු හයිඩ්‍රොක්සයිල් කාණ්ඩයට කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු එකක්වත් සම්බන්ධවී නොමැති ඇල්කොහොලයි. උදා-CH3C(CH3)2OH

 Tetrahedral:  චතුෂ්තලීය/චතුස්තල
අණුවක හැඩ විස්තර කරන ආකාරයකි. මෙහිදී  මධ්‍ය පරමාණුවක් හා චතුස්තලයක කොන් වල පරමාණු 4ක් පිහිටයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTh
Theoretical yield:  සෛද්ධාන්තික ඵලය
දී ඇති ප්‍රතික්‍රීයක වලින් ලබා ගත හැකි උපරීම ඵල ප්‍රමාණය.

  Theory:  වාදය/සිද්ධාන්තය
නිරීක්ෂණය කරන ලද සංසිද්ධියක් පැහැදිලි කිරීම සඳහා උපකල්පන එකතුවක්

  Thermal cracking:
නිර්වායු තත්වයක් යටතේ උත්ප්‍රේක හමුවේ යම් ද්‍රව්‍යයක් රත් කිරීමෙන් වියෝජනය කිරීම

  Thermo-chemical reaction:  තාප රසායනික ප්‍රතිකියා
ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පරිසරය සමඟ තාප හුවමාරුවීමක් වන ප්‍රතික්‍රියා මෙසේ හඳුන්වයි. මෙවැනි ප්‍රතික්‍රියා තාප අවශෝෂක හෝ තාප විමෝචක ප්‍රතික්‍රියාවේ

  Thermodynamics:  තාපගති විද්‍යාව
භෞතික හා රසායනික ක්‍රියාවලියන් හා සම්බන්ධ ශක්ති හුවමාරු පිළිබඳ අධය්‍යනය

  Thermonuclear energy:  තාපන්‍යෂ්ටික ශක්තිය
න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකට සහභාගීවන ශක්තිය

Third low of thermodynamics:  තාපගති විද්‍යාවේ තුන්වන නියමය
0K උෂ්ණත්වයේදී කල්පිත ස්පටිකරූපී, සංශුද්ධ ද්‍රව්‍යයක එන්ට්‍රෝපිය ශුන්‍යවේ

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTi
Titration:  අනුමාපන
එක් ද්‍රාවණයක් උපයෝගී කරගෙන තවත් ද්‍රාවණයක් විෂ්ලේශණය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමයකි

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTo
Total ionic equation:  පුර්ණ අයනීක සමීකරණය
ජලීය ද්‍රාවණයකදී තිබිය හැකි ප්‍රධාන අයන/අණු ආකාර සහිතව යම් ප්‍රතික්‍රියාවක් සඳහා ලිවිය හැකි රසායනික ප්‍රතික්‍රියාව
මෙය පහදාදීමට පහත සමීකරණය සලකා බලමු.
CaCl2(ඡලීය) + 2AgNO3(ඡලීය) → Ca(NO3)2(ඡලීය) + 2AgCl(ඝන)

ඉහත රසායනික සමීකරණයෙහි ඇතුලත් පුර්ණ අයනීක සමීකරණය වන්නේ:
Ca2+ + 2Cl- + 2Ag+ + 2NO3- → Ca2+ + 2NO3- + 2AgCl(ඝන)

එමෙන්ම මෙහි දළ අයනික සමීකරණය පහත ආකාරයට ලියා දැක්විය හැකි.
2Cl- + 2Ag+ → 2AgCl(ඝන)

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTr
Trace elements:  අන්වේෂී / අංශුමාත්‍ර මුලද්‍රව්‍යය
යම් පද්ධතියක ඉතාම අල්ප ප්‍රමාණයෙන් පවතින ලෝහ මෙසේ හඳුන්වයි.

Trans isomerism:  ට්‍රාන්ස් සමායවිකතාවය
සිස් ට්‍රාන්ස් සමායවිකතාවය (Cis-trans isomerism) බලන්න.

  Transition elements:  න්තරික මුලද්‍රව්‍ය
ආවර්තිතාවේ d කාණ්ඩයට අයත් මුලද්‍රව්‍ය. විචල්‍යය සංයුජතා දැක්වීම, වර්ණවත් ජලීය අයන සෑදීම, උත්ප්‍රෙරක ගුණ දැක්වීම, සංගත සංකීර්ණ සෑදීම, මෙම මුලද්‍රව්‍යවල වැදගත් පොදු ලක්ෂණවේ.

 

 

  Transition state theory:  සංක්‍රමණ අවස්ථා නියමය
ශක්තිය වැඩි සංක්‍රමණ අවස්ථා සහිත ප්‍රතික්‍රියා සඳහා සීඝ්‍රතා නියත සඳහාවු නියමය

Translation:උත්තාරණය
යම් ද්‍රව්‍යයක් ද්‍රව හෝ වායුමය අවස්ථාවේ ඇතිවිට එහි අණුවලට ද්‍රව්‍ය පරිමාව පුරාම චලනය වීමට ඇති හැකියාව උත්තාරණයයි.

  Transuranium element:  ට්‍රාන්ස් යුරේනියම් මුලද්‍රව්‍ය
පරමාණුක ක්‍රමාංකය යුරේනියම්(92) වලට වඩා වැඩිවු මූලද්‍රව්‍යයවේ. මෙම මූලද්‍රව්‍ය විකීරණශීලී වන අතර තත්පර ගණනාවකදී ක්ෂයවී යන නිසා ස්වභාවිකව දැකීම විරලය.


Triple bond:  ත්‍රිත්ව බන්ධන
පරමාණු දෙකක් අතර σ බන්ධනයක් π බන්ධන දෙකක් වශයෙන් බන්ධන තුනක් ඇති බන්ධන ත්‍රිත්ව බන්ධන නම් වේ.

  Trivalent elements:  ත්‍රිසංයුජ මූලද්‍රව්‍ය
සංයුජතාවය 3 ක් වන මුලද්‍රව්‍ය.
උදා; ඇල්‍රමීනියම්, බෝරෝන, නයිට්‍රජන්, පොස්ෆරස් (ආවර්තිතා වගුවේ තුන්වන හා පස්වන කාණ්ඩයේ පිහිටි මුලද්‍රව්‍යය)

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTy
Tyndall effect:
කලිල අංශු මගින් ආලෝකය ප්‍රකීරණය කිරීම

.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

U

[Ul]  [Un]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifUl

Ultracentrifuge: 
ඉතා කුඩා අංශූන් අධි වේගී කේන්ද්‍රාපසාරක බලයකින් භාවිතා කර වෙන් කර ගැනීම

Ultrafiltration:  අතිපරිස්‍රාවනය
අති පිරිසිදු ජලය ලබා ගැනීමට භාවිතා කරන පෙරීමේ ක්‍රමයකි. ජලයේ ඇති මයික්‍රෝන 0.01  වඩා විශාල අංශූන් මේ මඟින් ඉවත් කළ හැක. මෙහිදී පරාග කණිකා, ඇල්ගී, බැක්ටීරියා, වයිරස, වැනිදෑ පවා ඉවත් කර ගත හැක.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifUn

Universal indicator: 
දර්ශකයන් කිහිපයකින් සමන්විත මිශ්‍රණයකි. අම්ල-භෂ්ම අනුමාපන වල අන්තලක්ෂය නීර්නයට බාවිතා කරයි.

  Unpaired Electrons:  නිර්යුග්මක ඉලෙක්ට්‍රෝන
නිර්යුග්මක (සංයුජතා කවචයේ යුග්ම නොවු) ඉලෙක්ට්‍රෝන අඩංගු ආරෝපනයක් නොමැති පරමාණුවක් හෝ පරමාණු සමුහයක් වේ. නිර්යුග්මක ඉලෙක්ට්‍රෝනය යුග්මවීමට වැඩි නැඹුරුතාවයක් දක්වන නිසා ඉතා ප්‍රතික්‍රියාශීලී වේ.

  Universal gas constant:  සාර්වත්‍ර වායු නියතය
වායු නියතය ලෙස ද හඳුන්වයි. පරිපුරණ වායු නියමයේදී භාවිතාවේ.
R=8.314 Jmol-1 k-1

  Unsaturated hydrocarbons:  අසන්තෘප්ත හයිඩේ‍රාකාබන්
ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන සහිත හයිඩ්‍රොකාබන. උදා: ඇල්කීන හා ඇල්කයින

  Unsaturated solution:  අසංතෘප්ත ද්‍රාවණ
දියවී ඇති ප්‍රමාණයට අමතරව තවත් ද්‍රාව්‍ය අංශුන් දිය කලහැකි ද්‍රාවණ

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

V

[Va]    [Vi]    [Vo]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVa

Vacuum Distilation: 
අඩු පිඩනයක් යටතේ ද්‍රවයන් ආසවනය කරයි. මෙහිදී පීඩනය අඩුවීම නිසා තාපාංකය පහළ බසී. ද්‍රවාංකය ඉතා ඉහළ අගයක් ගන්නා ද්‍රවයන්, රත් කල විට වියෝජනය වන
වයන්, රත් කිරීමේදී ද්‍රවාංකය අසළදී වෙනත් රසායනික ප්‍රතික්‍රියා වලට භාජනය වන
ද්‍රවයන් මෙම ක්‍රමය මගින් ආසවනය කරනු ලබයි.

  Valance bond theory:  සංයුජතා බන්ධන වාදය
වෙනස් පරමාණු වල පරමාණුක කවච එකිනෙක අතිච්ඡාදනය වීමෙන් හා ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සංයුජතා බන්ධන සෑදෙන බව මෙම වාදයෙන් උපකල්පනය කරයි.

  Valancy:  සංයුජතාවය
        කිසියම් මුලද්‍රව්‍ය පරමාණුවක් සමඟ සංයෝජනය වන හෝ මුලද්‍රව්‍ය පරමාණුවක් මඟින් විස්තාපනය කරන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව එම මුලද්‍රව්‍යයේ සංයුජතාවයයි.

  Van der  Waals forceවැන්ඩවාල්ස් බල
පරමාණු අතර හෝ නිර්ධ්‍රැවීය අණු එකිනෙකට ආසන්නවීමේදී එක් කාණ්ඩයක ඇති ඉලෙක්ට්‍රෝන වලාව තාවකාලිකව අසමමිතිකවේ. එවිට එයට ආසන්න කාණ්ඩයේද
ඉලෙක්ට්‍රෝන වලාව තාවකාලිකව අසමමිතිකවේ. එසේ වන්නේ ආකර්ශන බල ඇතිවන ආකාරයටයි. ඒවා තාවකාලිකව ඇතිවී නැතිවී ප්‍රතිවිරැද්ධ විය හැකි බලයන්ය. 

  Valance electrons:  සංයුජතා ඉලෙක්ට්‍රෝන
මුලද්‍රවයක පිටතම කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන. මේවා බොහෝවිට බන්ධන සෑදීමට සහභාගීවේ.

  Valance shell electron pair repulsion theory: 
යම් අණුවක ඇති පරමාණුවක් වටා ව්‍යුහය සැකසෙන්නේ එහි ඉලෙක්ට්‍රෝන යුගලයන් අතර විකර්ෂණය අවම වන පරදි බව මෙම අකෘතියෙන් උපකල්පනය කරයි.

  Valancy:  සංයුජතාවය  
විවිධ පරමාණුවලට ඇති සාපේක්ෂ සංයෝජන බලයයි
H-1, N-5/3 

  Van der  Waal's gas law:  වැන්ඩවාල්ස් වායු නියමය 
තාත්වික වායුන් පරිපුර්ණ හැසිරීමෙන් අපගමනයන් දක්වයි.
මෙම සමීකරණයේදී තාත්වික වායුන් වල හැසිරීම් දැක්වීම සඳහා වායු අණුවල නිෂ්චිත තරම හා වායු අණූ අතර පවතින අන්තර් ක්‍රියා සැලකීමට ගෙන පරිපුර්ණ වායු සමීකරණයට තවත් පදයක් එක් කර ඇත.

Description: D:\dictionaries\Chemestry Dic\v_files\image006.gif
n=මවුල සංඛ්‍යාව, n=m/M                       
m=වායු v පරිමාවක ස්කන්ධය
M=මවුලික ස්කන්ධය                      
V=වායු පරිමාව
P=පිඩනය

  Vapor:  වාෂ්ප
ද්‍රවයක් වාෂ්පීකරණයෙන් හෝ නැටවීමෙන් සෑදෙන වායුව

  Vapor pressure:  වාෂ්ප පීඩනය
වාෂ්පය මගින් එය සමතුලිතතාවයේ පවත්වාගනු ලබන ද්‍රවය කලාපය මත ඇති කරන පීඩනය.

  Vaporization:  වාෂ්පීකරණය
ද්‍රවයක් වාෂ්ප බවට පත්වීමේ ක්‍රියාවලියයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVi

Viscosity:  දුස්ස්‍රාවිතාව

ද්‍රවයක් ගලා යෑමට දක්වන ප්‍රතිරෝධය

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVo

Volt:  වෝල්ට්
විභවය මනින ඒකකයයි.

  Voltage:  වෝල්ටීයතාවය
ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර විභව අන්තරය.

  Voltaic cell/Galvanic Cell:  වෝල්ටීය කෝෂ
ස්වයංසිද්ධිව සිදුවන ඔක්සිකරණ-ඔක්සිහරණ ක්‍රියාවලි හරහා රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හැරවීම. මෙම ශක්තිය යම් කාර්‍යයක් කිරීම සඳහා භාවිතා කල හැක.

  Volumetric analysis:  පරිමාමිතික විශ්්ලේෂණ
ප්‍රමාණාත්මක විශ්ලේෂණය සිදුකරන ඒක් ආකාරයකි. මෙහිදී පරිමාවන් මැනීම සිදු කරයි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

W

[Wa]    [We]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifWa

Water:  ජලය
ඔක්සිජන් හා හයිඩුජන් වල විද්‍යුත් සෘණතාවයේ පරතරය හා ජල අණුවේ ව්‍යුහය නිසා එයට ඉහළ ද්විධ්‍රැව ඝූර්ණයක්ද H- බන්ධන  සෑදීමේ ප්‍රබල හැකියාවක්ද ඇත. මේ නිසා ජලය හොද ද්‍රාවකයක්, ප්‍රවාහකයෙක්, හා උත්ප්‍රේකයකි.

 

  Water cycle/ Hydrologic cycle:  ජල චක්‍රය
පෘථිවිතලයෙන් වායුගෝලයටත් ආපසු පෘතුවියටත් ජලය සංසරණය හැඳින්වෙන්නේ ජල චක්‍රය නමිනි.

  Washing powder:  දෙවුම් සෝඩා
රෙදි සේදීමට ගත හැකි සෝඩා වර්ගයකි. මෙහි රසායනික නාමය සෝඩියම් කාබනේට්ය. (Na2CO3)

  Wavelength:  තරංගයාමය
තරංගයක ශිර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර තරංග ආයාමය නම්වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifWe

Weak acid:  දුර්වල අම්ල
ජලීය මාධ්‍යයේදී අල්ප වශයෙන් විඝටනය වන අම්ල

  Weak base:  දුර්වල භෂ්ම
ජලීය මාධ්‍යයේදී අල්ප වශයෙන් විඝටනය වන භෂ්ම

Weak electrolyte:  දුර්වල විද්‍යුත් විච්ඡේද
ජලීය මාධ්‍යයේ දියකලවිට ස්වල්ප වශයෙන් විද්‍යුතය සන්නයනය කරන ද්‍රව්‍ය

  Weight:  බර
ගුරුත්වය මඟින් යම් වස්තුවක් මත ඇති කරනු ලබන බලය

  Wet test:  තෙත් පරීක්ෂාව

ගුණාත්මක විශ්ලේෂණයේදී ද්‍රවමය ප්‍රතිකාරක භාවිතා කරනු ලබන ඕනෑම පරික්ෂාවකි

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

X     


x-ray:    x- කිරණ;

අධික ශක්තියකින් යුතු විකිරණ වර්ගයකි.  ශරීරයේ අභ්‍යන්තරයේ ඡායා සටහන් ලබාගෙන රෝග හඳුනා ගැනීමට x- කිරණ කුඩා මාත්‍රා උපයෝගි කරගනු ලබන අතර, පිළිකා වලට ප්‍රතිකාර කිරීමේදී විශාල මාත්‍රා වලින් x- කිරණ භාවිතා කරනු ලැබේ.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

Z     


 law of thermodynamics:  ශුන්‍ය නියමය
A වස්තුව හා B වස්තුව අතර තාප ගතිකමය සමතුලිතතාවයක් පවතින්නේ නම් හා A වස්තුව හා C වස්තුව අතරද තාප ගතිකමය සමතුලිතතාවයක් පවතිනවා නම්, B වස්තුව හා C වස්තුව අතර තාප ගතිකමය සමතුලිතතාවයක් පවතින බව ශුන්‍ය නියමයෙන් කියවේ.

 

Zone of a flame:  දැල්ලක කලාප