Untitled Document




~ සුවහස් විදු ජාලය ~

පිළිකා ශබ්දකෝෂය / Cancer Dictionary

නිර්මාණය: විද්‍යා ව්‍යාප්ති අංශය - මූලික අධ්‍යන ආයතනය මහනුවර
Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

 A

[Ab]    [Ac]    [Ad]    [Al]   [An] [Ar]   [ As]   [At]    [ Au ]    [Ax]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAb

abdomen(AB-do-men):   

උදරය. ආමාශය, අක්මාව, බඩවැල, මුත්‍රාශය සහ වකුගඩු යන මේ අවයව සියල්ල උදරය තුල අන්තර්ගත වේ.

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAc

acute:  තීව්‍ර;

ක්ෂණිකව ඇතිවී ක්ෂණිකවම උග්‍ර අතට පත් වන රෝග ලක්ෂණ; මේවා බොහෝ කල් නොපවතී.


Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAd

adenocarcinoma(AD-in-o-KAR-sih-NOH-muh):   

ග්‍රන්ථි පටක තුල හටගන්නා පිළිකාවකි.  ආමාශය, ගර්භාෂය, අග්න්‍යාශය ආදී අවයව වල හටගත හැකි මෙය, ග්‍රන්ථි පටක වලින් ආරම්භ විය හැකි අතර ග්‍රන්ථිමය පෙනුමක්ද ඇත.

adenoma(ad-in-O-ma)ඇඩිනෝමාව;

ග්‍රන්ථි පටකයක හට ගන්නා හෝ ග්‍රන්ථියක හැඩය ආකාරය ගන්නා හෝ පිළිකා නොවන ගැටිත්තකි.

adjuvant treatment(AD-joo-vant):   උපවර්ධක ප්‍රතිකාර;

යම් ඖෂධයක ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට ලබා දෙන වෙනත් ප්‍රතිකාරයක්.  මේවා මුල් ප්‍රතිකාරයත් සමගම හෝ එම ප්‍රතිකාරය අවසන් වු විගසම හේ ලබාදෙනු ලැබේ. 

adrenal glands(uh-DREE-nul...):   අධි වෘක්ක ග්‍රන්ථි;

වකුගඩුවේ ඉහළ පෙදෙස ආවරණය කරන ත්‍රිකෝණාකාර හැඩැති  ග්‍රන්ථි විශේෂයකි.  මෙමඟින් ඇඩ්රිනලයින් සහ සමහර හෝර්මේන වර්ග නිපදවීම සිදුකෙරේ. 

advanced cancer:   

පැතිරී ඇති හා/හෝ සුව වීමේ හැකියාව අඩු මට්ටමක ඇති පිළිකාවක්. උග්‍ර පිළිකා.

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAl

allogeneic(Al-o-jen-AY-ik):   

එකම වර්ගයේ (same species) සරිලන දායකයින්ගෙන් ලබා ගන්නා ලද. උදා: පටක ආදිය

alopecia(al-oh-PEE-shuh):   ඇලොපීසියාව;

ශරීරයේ හෝ හිසේ හෝ රෝම/කෙස් ගැලවී යාම.  බොහෝ විට රසායනික චිකිත්සා (චහතමුටහතරැපය) හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙනවා.  මෙම ආකාරයට හිස කෙස් වැටුනද, ප්‍රතිකාර ක්‍රම සම්පුර්ණ වන විට යළිත් හිස කෙස් වර්ධනය වේ.

alveoli(al-VEE-oh-ly)  ගර්ත;

පෙනහළු වල ඇති, වාතය පිරැණු කුඩා කෝෂ;  වැඩිහිටි පුද්ගලයෙක් සතුව මෙම වාතය පිරැණු කෝෂ මිලියන තුන්සියයක් පමණ ඇත.  වාතය අභ්‍යන්තරයට ආශ්වාස කරන විට, එම වාතය,  වාත මාර්ග හරහා මෙම කෝෂ තුලට ඇතුල් වී එතුලින් ඔක්සිජන් ලබාගෙන රැධිර ප්‍රවාහයට එකතු වේ. 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAn

anaemia (adj. anaemic):   නිරක්තිය;

රක්ත හීනතාවය; රැධිරයේ ඔක්සිජන් පරිවහණය කරන හිමොග්ලොබින්  (haemoglobin) නම් ද්‍රව්‍යය අඩුවීම මෙසේ හඳුන්වනවා.  තෙහෙට්ටුව, හතිය, සුදුමැලි ගතිය, සහ ආසාත්මිකතා වලට ගොදුරැ වීමේ අවදානම වැඩිවීම මෙනිසා ඇති වේ.

 

analgesic:   නිර්වේදනික;

වේදනාව නොදැනීරීමට භාවිතා කරන ඖෂධ.  මෙයට aspirin, acetaminophen, සහ ibuprofen ආදී ඔෂධ වර්ග ඇතුලත් වේ.

androgens(AN-dro-jens):     

ද්විතීක ලිංගික ලක්ෂණ වලට හේතුවන හෝර්මෝන; ස්ත්‍රී පුරැෂ යන දෙපක්ෂය විසින්ම මෙය නිපදවේ.

anesthetic(an-es-THET-ik) :   නිර්වින්ධක;

රෝගියකුට වේදනාව නොදැනීමට(හිරි වැටීමට) ලබාදෙන ඖෂධයකි.  ස්ථානීය නිර්වින්ධක හෙවත් `local anesthetic` නමින් හැඳින්වෙන ඖෂධ ශරීරයේ කොටසක් පමණක් හිරි වැටීමකට ලක් කරන අතර, සාර්ව නිර්වින්ධක හෙවත් `general anesthetic` නමින් හැඳින්වෙන ඖෂධ වර්ග හේතුවෙන් තාවකාලිකව සිහිය නැති වීමකට /නිර්වින්ධනයකට  ලක් වේ.

 

angiogenesis(AN-jee-oh-JEN-eh-sis):    පේශීන්ගේ ආධාරයට නව රැධිර වාහිනීවල සැකසීම;

මේ හේතුවෙන් සිරැරේ හටගත හැකි ගැටිති වලට අවශ්‍ය රැධිර සැපයුම සපුරා ගැනීමට මෙමඟින් ඉඩකඩ සැලසෙන අතර එම ගැටිති පවත්වාගෙනයෑමට සහ වර්ධනය වීමට මෙම තත්ත්වය ඉවහල් වේ.  

angiogram/angiography(AN-jee-o-gram)/ (an-jee-AH-gra-fee):

රැධිරවාහිනී වල ගන්නා ලද X-කිරණ ඡායා.  වර්ණවත් සායමක් එන්නත් කිරීම මඟින් රැධිර නාල X-කිරණ ඡායා වල දිස්වෙන අතර, ඒවායේ අසාමාන්‍යතා මෙමඟින් හඳුනාගත හැකියි.

antibiotic(an-tih-by-AH-tik):    ප්‍රතිජීවක;

බැක්ටීරියා හෝ දිලීර මඟින් ඇතිවන ආසාදන වලට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඖෂධ.  උදා: පෙනිසිලින්.

antibody (AN-tih-BAH-dee):    ප්‍රතිදේහ;  මෙම ප්‍රෝටීන වර්ග , සිරැරට බාහිරින් ඇතුල් වී ඇති බැක්ටීරියා, වෛරස පරාග, දූවිලි වැනි දෑ විනාශ කිරීමට රැකුල් දීම සිදු කරනු ලැබේ.

anticoagulant:    ප්‍රතිකැටිකාරක;

රැධිරය කැටි ගැසීම වළක්වන;

antiemetic (AN-tee-eh-MEH-tik)

වමනය සහ ඔක්කාරය පාලනය කිරීමට ලබාදෙන ඖෂධ වර්ග.

antifungal:    දිලීර නාශක;

දිලීර නිසා හටගන්නා ආසාදන මර්දනය කිරීමට හෝ ඒවා ඇතිවීම වැළැක්විය හැකි හෝ ඖෂධ වර්ග.

antigen:   ප්‍රතිදේහජනක

ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිතුරැ දීමට මේවා බලපාන අතර, මේවාට ෛවරස, බැක්ටීරියා, පරාග, දූවිලි අංශු සහ බාහිරින් සපැමිණි සෛල අන්තර්ගත වේ.

anus  (AY-nus):   ගුදය

ආහාර ජීර්ණ පද්ධතිය අවසන්වන ස්ථානයේ ඇති, ජීර්ණය වු ආහාර ඉවත් වීමට ඇති විවරය.

apheresis:   

ශරීරයෙන් රැධිරය රැගෙන, ඉන් සංගටක එකක් හෝ කිහිපයක් ඉවත් කර නැවත එම රුධිරය ශරීරගත කිරීමේ ක්‍රියාවලිය.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAr

arterial embolisation arterial embolisation (ar-TEE-ree-al EM-bo-lih-ZAY-shun):

ගැටිත්තක් වර්ධනය වීම වැළැක්වීමට අවශ්‍ය අවස්ථාවක ධමනියක් හරහා එම ගැටිත්තට රැධිරය ගලායෑමේ මාර්ගය අවහිර කිරීම.

artery (AR-tuh-ree):    ධමනිය;

හෘදය වස්තුවෙන් පිටතට පිරිසිදු රුධිරය ගෙන යන නාලය.

asbestosis:   

ඇස්බැස්ටස් හේතුවෙන් පෙනහැලිවල සෙමින් වර්ධනය වන රෝගයකි.  මෙය පිළිකාවක් නොවේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAs

ascites (ah-SYE-teez):    ජලොරොදය;

උදර කුහරයේ ඇතිවන පිළිකාවක් හේතු කොටගෙන, උදරය තුල තරල රැස්වීම මේ නමින් හැඳින්වේ.  මෙසේ උදරයට තරල (බොහෝ විට ජලය) එකතු වු විට එය ඉදිමීමකට භාජනය වෙන අතර එමඟින් අපහසුතාවයක් ද ඇතිවේ.  මෙම තත්ත්වය මඟහරවා ගැනීමට උදර බිත්තිය හරහා යවන ලද සිහින් උල් තුඩකින්(needle)  මාර්ගයෙන් එම තරල ඉවත් කළ හැකිය. 

aspiration (as-per-AY-shun):  

සිරිංජයක හෝ සිහින් උල් තුඩක්(needle)  ආධාරයෙන් සිරැරෙන් තරල ඉවත් කිරීම.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAt

atrophy:   නිර්භරණය;

ක්ෂීණවීම; ස්නායු ක්‍රියාකාරිත්වය/රැධිර සැපයුම අඩාල වීමක් නිසා අවයවයක රෝගී තත්ත්වයක් ඇතිවීමෙන් හෝ  රෝගී තත්ත්වයක් නිසා හේ අක්‍රීය වීම නිසා අවයවයක් හෝ පටකයක් විනාශ වී යෑම.

atypical ductal hyperplasia (ADH):   

පියයුරැවල ක්ෂීර ප්‍රණාලවල ෛසල පෝරැවල(lining) හට ගන්නා පිළිකා නොවන තත්ත්වයකි.  මේ ෛසල අසාමාන්‍ය හැඩහුරුකම් සහිත වන අතර සංඛ්‍යාත්මකව වැඩි වීමකට ලක්වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAu

autologous (aw-TAHL-o-gus):   

එකම පුද්ගලයාගෙන්ම ගන්නා ලද පටකයක්.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut.gifAx

axilla (adj. axillary) (ak-SIL-a)/ (AK-sil-air-ee):    කක්ෂය;

කිහිල්ල

axillary clearance:   

පියයුරැ පිළිකා සැත්කමකදී, කිහිලිවල පිහිටා ඇති වසා ගැටිති ඉවත් කිරීම.

axillary dissection (AK-suh-LAIR-ee dis-EK-shun):   

පිළිකාව පැතිරී ඇත්දැයි සොයා බැලීමට කිහිලිවල පිහිටා ඇති වසා ගැටිති කිහිපයක් ඉවත් කිරීම.

axillary lymph nodes:    කක්ෂක වසා ගැටිති;

මෙම වසා ගැටිති කිහිලි වල හා ඒ අවට පිහිටා ඇත.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

B

[Ba]    [Bc]    [Be]    [Bi]   [Bl][Bo]   [ Br]


Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBa

bacteria (sing. bacterium) (bak-TEER-ee-uh):    බැක්ටීරියා;

පස, ජලය, වාතය, ශාක, සතුන් සහ මිනිසුන් තුල ජීවත් විය හැකි ඒක සෛලික ක්ෂුද්‍ර ජීවීන් වේ.  බැක්ටීරියා බොහෝමයක් අහිතකර නොවුවද, සමහර ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් රෝග ඇති වීම සිදුවේ.  එසේම සමහර බැක්ටීරියා වර්ග අපට ප්‍රයෝජනවත් වන අවස්ථාද තිබේ.

barium enema:   

මෙහිදී, ගුද මාර්ගය හරහා පහළ අන්ත්‍රය වෙත බේරියම් සල්ෆේට් යවනු ලබන අතර ලබා ගන්නා X කිරණ ඡායා මඟින් අන්ත්‍රවල අසාමාන්‍යතා තිබුණහොත් බේරියම් හේතුවෙන් පැහැදිලිව ඉස්මතු කර පෙන්වනු ලුබේ.

basal cell carcinoma (BCC) (BAY-sal sel KAR-sih-NOH-muh):   

සමේ පාදස්ථ සෛල වලට හානි පමුණුවන පිළිකාවකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBc

BCG:    Bacillus Calmette-Guérin

මුත්‍රාශයේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමට යොදා ගනු ලබන මෙම බැක්ටීරියාව ක්ෂය රෝගය ඇති කරවන බැක්ටීරියාවට සමාන කමක් දක්වනු ලබයි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBe

benign:   

පිළිකා නොවන සෛල විශේෂයකි.  මේවා පිළිකා ෛසල මෙන් පැතිරීමකට ලක් නොවේ.

benign fibrocystic changes:    පියයුරෙහි ඇති වන පිළිකා නොවන වෙනස්කම්; 

මේ හේතුවෙන් පියයුරෙහි මෘදු බවක්, තද බවක් හේ ගැටිතිමය ස්වාභාවයක් හෝ දක්නට ලැබිය හැකියි.

benign prostatic hyperplasia (BPH) (beh-NINE prah-STA-tik hy-per-PLAY-zhuh):   

මෙය පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන පිළිකා නොවන, ඉදිමුම් තත්ත්වයකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBi

bias:  

සායනික අත්හදාබලාගැනීම්වලදී ලබාදෙන ප්‍රතිකර්ම  වලට අමතරව, අදාල හැදෑරීම් වල ප්‍රතිඵලවලට බලපෑ හැකි අනෙකුත් සාධක මෙමඟින් අදහස් වේ.  උදා: පුද්ගල තීරණ ආදිය.  සායනික පරීක්ෂා වලදී මෙම තත්ත්වය මඟහැරීමට පියවර බොහෝමයක් ගනු ලබන අතර එයට හේතුව වන්නේ ප්‍රතිඵල වලට නිරවද්‍යතාවයට මෙම සාධක මඟින් බලපෑම් එල්ල වීමයි.

bilateral:    ද්වීපාර්ශ්වික;

පැති දෙකේම, දෙපසම, යන අදහස මෙමඟින් ලබාදේ; උදාහරණයක් ලෙස bilateral breast cancer යනු පැති දෙකේම හටගන්නා පියයුරු පිළිකා ලෙස හැඳින්විය හැක.

bilateral salpingo oophorectomy:   

සැත්කමකින් ඩිම්බ කෝෂ දෙකම සහ පැලෝපීය නාලය ඉවත් කිරීම.

bile:    පිත;

අක්මාවේ නිපදවා පිත්තාශයේ ගබඩා වී තිබෙන මෙම තරලය මේදය ජීර්ණය කිරීමට ඉවහල් වේ.

bile duct:    පිත්ත ප්‍රණාලය

අක්මාවේ පිත ග්‍රහණිය දක්වා ගමන් කරන නාලය.

biopsy (BY-op-see):   

අන්වීක්ෂය තුලින් පරීක්ෂා කර රෝගයක් සොයා ගැනීම පිණිස, කුඩා පටක නියැදියක් ශරීරයෙන් ඉවත් කර ගැනීම.

bisphosphonates:   

දුර්වල අස්ථි ශක්තිමත් කර, කැඩී බිඳීයාම අඩු කළ හැකි, අස්ථිවල හටගන්නා පිළිකා මඟින් වේදනාව සමනය කළ හැකි ඖෂධ වර්ග.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBl

bladder:    මුත්‍රාශය;

මුත්‍රා එක්රුස් වෙන අවයවය.

bladder reconstruction:   

අන්ත්‍රයේ කොටසක් භාවිතයෙන්, "නව" මුත්‍රාශයක් සැත්කම් මඟින් නිර්මාණය කිරීම.

blind study:   

ප්‍රතිකාර ක්‍රම අධ්‍යයනයේදී ඒවායේ ප්‍රතිඵලවලට බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති සාධක (bias) මඟහරවා ගැනීමේ ක්‍රමයකි.  Single blind study  නමින් හැඳින්වෙන ක්‍රමයේදී රෝගියා ගනු ලබන්නේ සම්මත ප්‍රතිකාර ක්‍රම ද, නැතහොත් අලුතින් අත්හදා බලන ප්‍රතිකාර ක්‍රම ද යන්න පිළිබඳව වෛද්‍යවරයාගේ පාර්ශවය  දැනුවත්වී සිටියද, රෝගියා මේ පිළිබඳව දැනුවත් නොකරනු ලබයි.  Double blind study නමින් හැඳින්වෙන ක්‍රමයේදී වෛද්‍යවරයා සහ රෝගියා යන දෙපාර්ශවයම, කුමන ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන්නේදැයි නිශ්චිතවම නොදනී.

blood:     රුධිරය;

රුධිරය, සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා යන කොටස් තුනකින් සමන්විත වී ඇති අතර, මේ සියල්ල රුධිර ප්ලාස්මාව නමින් හැඳින්වෙන තරලයක අවලම්බනය වී තිබේ.  රුධිරය, ධමනි සහ ශිරා තුලින් සිරුර පුරා සංසරණය වන තරලමය පටකයයි. රුධිරය විසින් සිරුරේ සෛල තුලට ඔක්සිජන්, පෝෂ්‍ය පදාර්ථ, හේර්මෝන සහ විවිධ රසායනික ද්‍රව්‍යයන් ගෙන යනු ලබනවා සේම, ෛසල වලින් නිකුත්වන අපද්‍රව්‍ය ඉවත් කිරීමටද දායක වේ.  ආසාදන මර්දනය පිණිස සටන් කිරීමටද රුධිරයේ අඩංගු සුදු රුධිරාණු ඉවහල් වේ. 

blood count:   

දෙන ලද රුධිර පරිමාවක අන්තර්ගත වන විවිධ වර්ගයේ රුධිර සෛල සංඛ්‍යාව ගණනය.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBo

bone cancer:   

අස්ථි වල දැඩි කොටස් වලින් ආරම්භ වන පිළිකාවකි. මේවා ඇට මිදුළු වල හට ගන්නා පිළිකාවලට වඩා වෙනස් වේ.

bone marrow:   

ඇට මිඳුලු.  විශාල අස්ථි මධ්‍යයේ අඩංගු මෙම මෘදු පටක මඟින් සුදු රුධිර ‍ෛ‍සල, රතු රුධිර සෛල සහ පට්ටිකා නිපදවේ. 

bone marrow biopsy:   

අන්වීක්ෂයෙන් නිරීක්ෂණය පිණිස ඇට මිදුලු ස්වල්ප ප්‍රමාණයක් ඉවත් කිරීම.

bone marrow transplantation (trans-plan-TAY-shun):    (see stem cell transplantation.)

bone scan:   

අස්ථි (ඇට) වල හට ගැනෙන පිළිකා, අසාමාන්‍යතා සහ ආසාදන ආදිය නිරෑපණය කරන ඡායා සටහන් ක්‍රමයකි.  ප්‍රබල නොවන විකිරණශීලී ද්‍රව්‍යයක් එන්නත් කර, ඉන්පසු විශේෂ කැමරාවකින් ගන්නා ලද ඡායා සටහන් මඟින් අස්ථි වල පිළිකා පැතිරී ඇති ස්ථාන හඳුනා ගැනීම මෙහිදී සිදු කරනු ලැබේ.  මෙසේ එන්නත් කරන ලද විකිරණශීලී ද්‍රව්‍යය බොහේ විට පැය කිහිපයක් ඇතුලත ශරීරයෙන් බැහැර වේ. 

bowel (BOW-ul):   

බඩවැල.  ආමාශයේ සිට ගුද මාර්ගය දක්වා පැතිරී ඇති, ආහාර ජීර්ණ පද්ධතියට අයත් කොටසකි.  මෙය කුඩා බඩවැල සහ මහා බඩවැල යන කොටස් දෙකින් සමන්විත වේ.

bowel cancer:   

බොහෝ විට මහ බඩවැලට හානි පමුණුවමින් බඩවැල්  බිත්තියෙන් ආරම්භ වන පිළිකාවකි.

 

 

 
Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifBr

brancytherapy (BRA-kee-THAYR-uh-pee):   

විකිරණශීලී චිකිත්සා ක්‍රමයක් වන අතර, අදාල විකිරණශීලී ප්‍රභවය තැන්පත් කර ඇත්තේ පිළිකා ගැටිත්ත තුලම හෝ ඒ අසලමය.  මෙය internal radiation, impland radiation හෝ interstitial radiation therapy  යන නම් වලින්ද හැඳින්වේ. 

brain tumour:   

මොළයේ හටගන්නා ගැටිත්තක් හෝ මස් දල්ලකි.  මේවා පිළිකා නොවන ගැටිති (බතනුගන) හෝ පිළිකා කාරක හැටිති (මිැලුගනැනට) හෝ විය හැකියි. 

breast:    පියයුර;

ගර්භණීත්වයෙන් පසුව, ස්ත්‍රීයකගෙන් කිරි නිපදවන ග්‍රන්ථිය වේ; පියයුරු දෙකම කිරි නිෂ්පාදනයට ඉවහල්වන, කිරි වලින් පිරුණු කෝෂ අඩංගු ඛණ්ඩිකා (lobes) වලින් සමන්විත වේ;  මේ ඛණ්ඩිකා මේදමය පටකයකින් වටවී ඇත; මෙම ඛණ්ඩිකා වලින් ඇරඹෙණ ක්ෂීර ප්‍රණාල(කුඩා නාල) මඟින් 15ක් 20ක් පමණ වන විශාල ප්‍රණාල සාදා තන පුඩු වෙත කිරි ගෙන යෑමට හැකි වන සේ සකස් වී ඇත.

breast cancer:    පියයුරු පිළිකා;

පියයුරු පටකයෙන් ආරම්භ වන පිළිකාවකි.  බොහෝ පියයුරු පිළිකා ක්ෂීර ප්‍රණාල වලින් ආරම්භ වන අතර මේ ආකාරයේ පිළිකා intraductal cancer නමින් හඳුන්වනු ලබනවා. ක්ෂීර කෝෂ වල සහ ඛණ්ඩිකා වල ආරම්භ වන lobular cancer නමින් හැඳින්වෙන පිළිකා වැළඳෙනුයේ අඩු වශයෙනි.

breast implant:   පියයුරු අධිරෝපණය;

පියයුරෙහි හැඩය යතා තත්ත්වයට ගෙන්වා ගැනීමට සිලිකෝන් හෝ saline පිරුණු කෝෂයක් පපු පේශිය(chest muscle)  යටින් රුඳවීමේ ක්‍රියාවලියයි. 

breast reconstruction:   

පියයුරක් ඉවත් කිරීමකට පසු (mastectomy) සැත්කම් ආධාරයෙන් එම පියයුර නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය.  මෙම නැවත ගොඩනැඟීම, මිැසටතචටුමිය සැත්කම කරනු ලබන අවස්ථාවේදීම හෝ ඉන් පසුව හෝ සිදු කරනු ලබයි.    

breast self-examination (BSE):    පියයුරු වල වෙනස්කම් හෝ ගැටිත්තක් හෝ හඳුනාගෙන පියයුරු පිළිකාවක් ඇත්දැයි තමාටම හඳුනාගැනීමට ස්ත්‍රීන්ට අනුගමනය කළහැකි සරල පියවර කිහිපයක් අඩංගු පරීක්ෂාවකි.

bronchioles (BRON-kee-ols):    අනුශ්වාසනාලිකා; පෙනහැළිවල බාහිර කොටස් වලට වාතය ගෙන යනු ලබන කුඩා නාල විශේෂයකි.

bronchiolo-alveolar cell carcinoma:    අනුශ්වාසනාලිකාවල හට ගන්නා පිළිකාවකි.

bronchoscopy (bron-KOS-koh-pee):    මුඛයෙන් හෝ නාසයෙන් නලයක් ඇතුල් කර එය පෙනහළු දක්වා යවා පෙනහළු වල රේගයක් ඇත්දැයි හඳුනාගැනීමේ පරීක්ෂාවකි.

bronchus (pl. bronchi):    ශ්වාසනාලිකාව; පෙනහළු වලට වාතය රුඟෙන යනු ලබන වඩා විශාල නාල වේ.
Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gif

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

C

[Ca]    [Ce]    [Ch]    [Ci]   [Cl] [Co]   [ Cr]   [Ct]    [ Cu ]    [Cy]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifCa

CA 125:   

ගැටිත්තක් මඟින් නිකුත් කරනු ලබන ද්‍රව්‍යයකි (a tumor marker).  රුධිරය තුල අඩංගු මෙම ද්‍රව්‍යයේ මට්ටම මඟින් ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ද නැත්ද යන්න හඳුනාගත හැකිය. 

calcification:    චුර්ණීභවනය;

mamogram නමින් හඳුන්වනු ලබන, විකිරණශීලී ද්‍රව්‍යයක සුළු මාත්‍රාවක් භාවිතයෙන් ගනු ලබන, පියයුරෙහි  X- කිරණ ඡායා සටහන් වල කුඩා තිත් ආකාරයෙන් දර්ශනය වන මේවා, මද වශයෙන් තැන්පත් වී ඇති කැල්සියම් වේ.

 

cancer:    පිළිකාව;

ජානමය විකෘතිතා හේතුවෙන් සිරුරේ ෛසල කිසිම පාලනයකින් තොරව වර්ධනය වීම මෙහිදී සිදුවේ.  මෙය සිරුරේ ෛසල වල හටගන්නා රෝගයක් ලෙස ද හැඳින්විය හැකිය.  මෙය ගැටිත්තක් ලෙස වර්ධනය වී අවට පටක වලට පැතිරීමකට ලක්වෙන අතර සිරුරේ අනෙකුත් ප්‍රදේශ වලට පවා පැතිරීගොස් තවත් ගැටිති ඇති කරවීමේ හැකියාව පිළිකා වලට ඇත.

 

carcinogen (adj. carcinogenic) (kar-SIN-o-jin):    පිළිකාකාරක ද්‍රව්‍යය;

පිළිකාවක් ඇති කළ හැකි ඕනෑම ද්‍රව්‍යයක් මේ නමින් හඳුන්වනවා.

 

carcinoma (KAR-sih-NOH-muh):     කාසිනෝමාව;

චර්මයේ පාදම සකස්කරන සහ සිරුර අභ්‍යන්තර පෘෂ්ඨයන් (පෙනහළු, අන්ත්‍රය, ප්‍රජනක අවයව ආදිය) ආවරණය කරනු ලබන epithelial tissue නමින් හඳුන්වනු ලබන පටකයේ හටගන්නා පිළිකාවකි.

carcinoma in situ (KAR-sih-NOH-muh in SYE-too):   

අසල පටක වලට පැතිරී නොගිය, පිළිකාව ආරම්භ වු ෛසල වලට පමණක් සීමාවී ඇති පිළිකාවකි.

cardiovascular system:    හෘත් සනාල පද්ධතිය;

රුධිරවාහිණී සහ හෘදයෙන් සමන්විත වේ.  පෝෂ්‍යය පදාර්ථ, ඔක්සිජන් ආදිය පටක වලට ගෙනයෑමට, බහිස්‍රාවී අපද්‍රව්‍යය ඉවත් කිරීමට ඉවහල් වන රුධිරය,  සිරුර පුරා පරිවහණය කිරීමේ ක්‍රියාවලිය මෙම පද්ධතියෙන් සිදු කරනු ලබයි.  රුධිර සංසරණ පද්ධතිය නමින් ද හැඳින්වේ.  

 

catheter  (KATH-i-ter):    කැතීටරය;

සිරුරේ පටු විවරයක් තුලට ඇතුල්කර, සිරුර තුලට තරල ඇතුලත් කළ හැකි හෝ සිරුරෙන් බැහැරට තරල ඉවත් කිරීමට හෝ උපයෝගී කරගනු ලබන, නැමෙනසුළු නලයකි.

cauterization (KAW-ter-ih-ZAY-shun):   

පිළිස්සීම මඟින් පටක විනාශ කිරීම.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut1.gifCe

cell:    සෛලය;

ශරීරයේ තැනුම් ඒකකය; මිනිස් සිරුරේ එක් එක් කෘත්‍යයන් ඉටු කිරීමට සැකසුණු සෛල මිලියන ගණනකින් සෑදී ඇත.

 

central line:   

පපුවේ ඇති ධමනියක් තුල තැන්පත් කර ඇත, catheter නමින් හැඳිනවෙන, සිරුරේ පටු විවරයක් තුලට ඇතුල්කර, සිරුර තුලට තරල ඇතුලත් කළ හැකි හෝ සිරුරෙන් බැහැරට තරල ඉවත් කිරීමට හෝ උපයෝගී කරගනු ලබන, නැමෙනසුළු නලයකි. මෙය venous access device නමින්ද හඳුන්වනු ලබයි.

 

central nervous system (CNS):    මධ්‍යය ස්නායු පද්ධතිය;

මෙයට මොළය සහ සූෂුම්නාව අයත් වේ.

cervical (SER-vih-kul):    ග්‍රෛවී;

ගැබ්ගෙලට (ගර්භාෂයේ ගෙල) අයත්.
cervical smear:    ගැබ් ගෙල අසල ෛසල වල අසාමාන්‍යතා හඳුනාගත හැකි පරීක්ෂණයකි.  මෙහිදී ගැබ්ගෙලින් ෛසල කිහිපයක් සූරා ඉවත් කරනු ලබන අතර ඒවා අන්වීක්ෂීය තත්ත්ව යටතේ පරීක්ෂා කරවාගැනීමට පර්යේෂණාගාර වලට යවනු ලුබේ.

 

cervix (SER-viks):    ගැබ්ගෙල;

යේනි මාර්ගය දක්වා විහිදෙන ගර්භාෂයේ පහළ කොටස.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCh

chemo-radiotherapy:   

රසායනික චිකිත්සා සහ විකිරණශීලී චිකිත්සා වල සංකලනයකි.

chemotherapy  (kee-moh-THAYR-uh-pee):   

සාමාන්‍ය ෛසල වලට සිදුවන හානිය හැකි තරම් අවම වන ලෙස, පිළිකා ෛසල විනාශ කිරීමට විශේෂිත වු ප්‍රති-පිළිකා ඖෂධ භාවිතය.

chronic (KRAHN-ik):   

නිදන්ගත; දිගු කලක් තිස්සේ පවත්නා, ඉතා සෙමින් රෝග ලක්ෂණ මතු කරවන රෝග, නිදන්ගත ආකාරයේ වේ.

chronic lymphoid leukamia (CLL) (KRAHN-ik lim-fo-BLAST-ik loo-KEE-mee-a):   

ලිම්ෆොසයිට වලට හානි පමුණුවනු ලබන ලියුකේමියා තත්ත්වයකි. තීව්‍ර ලිම්ෆොසයට ලියුකේමියාවට වඩා සෙමින් මෙම රෝගි තත්ත්වය ඇතිවේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCi

circulatory system   රුධිර සංසරණ පද්ධතිය;

ශරීරය පුරා රුධිරය සංසරණය කරවීමට දායක වන අවයව සහ රුධිර වාහිණී මෙම පද්ධතියට අයත් වේ. 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCl

clinical trials:    සායනික පරීක්ෂා;

මිනිසුන් සම්බන්ධ කරගනු ලබන පර්යේෂණාත්මක අධ්‍යයන; රෝග මර්දනය, ප්‍රතිකාරය සහ රෝග වැළැක්වීමේ වඩා උචිත පියවර වලට විද්‍යාත්මකව පිළිතුරු සෙවීම මෙම අධ්‍යයන මඟින් සිදු කෙරේ.

 

clitoris:    භගමණිය;

ස්ත්‍රීන් සතු මෙය පුරුෂයින්ගේ ලිඟුවට අනුරෑප වේ. බලවැඩීමකට ලක් වු විට මෙය සෘජු වීමකට ලක්වේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCo

colitis:   

මහා බඩවැලෙහි සහ අධේ මාර්ගයෙහි ඇති වන දැවිල්ල; උදරයේ පහළ භාගයේ ඇති වන වේදනාව සහ අතීසාරය මෙම තත්ත්වය හේතු විය හැකි රෝග ලක්ෂණ වේ.  ulcerative colitis නමින් හැඳින්වෙන තත්ත්වයේදී වණ ඇති වීමක්ද සිදුවේ.

colon (KO-lun):    මහා බඩවැල;

මහා අන්ත්‍රයෙහි කොටසකි.  ජීර්ණය නොවු ආහාර කොටස් වලින් ජලය සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කර ආහාර කුඩා අන්ත්‍රය කරා යවන මෙම අවයවය, දිරවු ආහාර (මළ ද්‍රව්‍ය) ගුද මාර්ගය කරා යොමු කරවයි.

colonoscopy:    අන්ත්‍ර පරීක්ෂා කිරීමට භාවිතා කරනු ලබන පරීක්ෂාවකි,  මෙහිදී දිගු, සිහින්, නම්‍යශීලී බටයකට ආලේක ප්‍රභවයක් සවිකර ගුද මාර්ගය තුලින් එය ඇතුල් කර අන්ත්‍රය පරීක්ෂා කරනු ලුබේ.

colorectal cancer (KOH-loh-REK-tul KAN-ser)

බොහෝ විට මහ බඩවැලට හානි පමුණුවමින් බඩවැල්  බිත්තියෙන් ආරම්භ වන පිළිකාවකි. 

 

colostomy (ko-LAHS-toe-mee):   

ශරීරයේ පිටත සිට මහා බඩවැලට විවෘත වන සේ සකස් කරනු ලබන විවරයකි.  මහ බඩවැල ඉවත් කිරීමකට ලක් කිරීමෙන් පසු මෙම විවරය මඟින් සිරුරෙන් බැහැර විය යුතු බහිස්‍රාවී අපද්‍රව්‍ය ඉවත් කිරීමට නව මාර්ගයක් සැකසේ.

 

colposcopy/colposcope (kol-POSS-koh-pee) /(KOL-puh-SKOPE):   

colposcope නමින් හඳුන්වනු ලබන විශාලනය කර බැලිය හැකි උපකරණයක් මඟින් යෝනිය සහ ගැබ්ගෙල පටක තුල තිබිය හැකි අසාමාන්‍ය සෛල ඇත්දැයි පරීක්ෂා කිරීම.

 

congenital:    සහජ;

උපතින්ම ඇතිවන යන්න මෙමඟින් අදහස් වේ.  සහජයෙන් පැමිණෙන රෝග හෝ විකෘතිතා ගර්භාෂය තුල සිටියදී ඇති විය හැකි අතර, දෙමාපියන්ගෙන් ජානමය ලෙසද මෙම රෝග උරුම විහ හැකිය.

control group:    පාලක කාණ්ඩය;

සායනික පරීක්ෂාවකදී පොදුවේ සම්මත යයි සලකනු ලබන ප්‍රතිකාර ක්‍රමය ලබ ගන්නා පුද්ගලයින් කාණ්ඩය මෙනමින් හඳුන්වනු ලැබේ.

 

core needle biopsy:   

අදාල ප්‍රදේශය හිරි වැටීමකට ලක් කර, අන්වීක්ෂය තුලින් නිරීක්ෂණය කිරීම පිණිස, සිහින් තුඩක් ඇති කටුවක්(needle)  භාවිතයෙන්, කුඩා පටක කැබලි ඉවත් කිරීමේ ක්‍රියාවලිය මෙනමින් හඳුන්වනු ලුබේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCr

craniectomy:   

ෛවද්‍යවරයාට පුද්ගලයකුගේ මොළය තුලට ප්‍රවේශය ලබා ගැනීම පිණිස, හිස් කබොලෙන් අස්ථි කොටසක් ඉවත් කිරීමේ සැත්කම් වර්ගයකි. මෙම ඉවත් කරනු ලබන අස්ථි කොටස නැවත එම ස්ථානයේ තබනු නොලුබේ.

craniotomy (kray-nee-AH-toe-mee)

හිස් කබොලෙන් කොටසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මය මෙනමින් හැඳින්වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCt

CT scan:     CT පරිලෝකනය;

සිරුරේ හරස්කඩ වල ඡායා සටහන් ලබා හැනීමේ තාක්ෂණ ක්‍රමයකි.  මෙහිදී සිරුරේ අදාල කොටස් X-කිරණ ඡායාවන් මඟින්, විවිධ කෝණ වලින් දිස්වන ආකාරයට පරිලෝකනය සිදුවේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCu

cure:    සමනය වීම/සුව වීම;

පිළිකා වලදී, මෙම පදයෙහි අර්ථය වනුයේ, පිළිකාවක් වැළඳී තිබූ යම් අයකු තුල පසුව පිළිකාව ඇති බවට කිසිම සංඥාවක් නොමැති විට සහ රෝගී තත්ත්වය මුළුමනින්ම පහ වී ඇත්නම් ය. පිළිකාවක් සුව වීමට ගතවන කාලය එකිනෙකින් වෙනස් වන  නමුත් පිළිකාවක්  ක්‍රමයෙන් මැඩ පැවැත්වීමට (remission)  අඩුම වශයෙන් වසර 5ක කාලයක් පමණක්වත් ගතවේ. 

cutaneous (kyoo-TAY-nee-us):   චෛර්මීය;

සමට අයත්.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifCy

cyst (sist):    කාෂ්ඨය;

ශරීරය තුල අර්ධ ඝණ මාධ්‍යයකින් හෝ තරලයකින් පිරී අති හෝ සාමාන්‍ය නොවන කෝෂයක් හෝ සංවෘත කුහරයක් හෝ මෙනමින් හඳුන්වයි.

 

cystectomy (sis-TEK-tuh-mee):   

සැත්කම් මාර්ගයෙන් මුත්‍රාශය ඉවත් කිරීම.

 

cystitis:   

මුත්‍රාශයේ ඇති වන දැවිල්ල.

 

cystoscope (SISS-toh-SKOPE):   

ෛවද්‍යවරයාට මුත්‍රාශයේ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබාදෙන උපකරණයකි.  මෙම උපකරණයට පටක නියැදි හෝ කුඩා ගැටිති ඉවත් කිරීමේ හැකියාවද ඇත.  මෙම ක්‍රියාවලිය, cystocopy නමින් හැඳින්වේ.

 

cytotoxic drugs:    සෛල වලට හානි පමුණුවන හෝ ෛසල විනාශ කරන ඖෂධ වර්ග;

මෙම ඖෂධ, පිළිකා වලට ප්‍රතිකාර කිරීමට යොදාගනු ලබන රසායනික චිකිත්සා වලට මෙම ඖෂධ වර්ග උපයෝගි කරගනු ලැබ්.

වකුගඩුවේ ඉහළ පෙදෙස ආවරණය කරන ත්‍රිකෝණාකාර හැඩැති  ග්‍රන්ථි විශේෂයකි.  මෙමඟින් ඇඩ්රිනලයින් සහ සමහර හෝර්මේන වර්ග නිපදවීම සිදුකෙරේ. 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

D

[De]  [Do]   [ Dr]   [ Du ]    [Dy]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDe

dermis (DER-mis):    චර්මය;

සම නිර්මාණය වී ඇති ප්‍රධාන ස්ථර දෙකෙන් දෙවැනි ස්ථරය මෙය වේ.  මෙම ස්ථරයේ කේෂ මුල, දහඩිය ග්‍රන්ථි, රුධිර සහ වසා වාහිණී සහ ස්නායු අඩංගු වේ.

 

detection:    නීර්ණය;

සිරුර තුල ඇති රෝගයක් හෝ අසාමාන්‍යතාවක් හඳුනාගැනීම; Early Detection යනු, සිරුරේ යම් අසාමාන්‍යතාවක් එහි මුල් අවදියේදීම හඳුනාගැනීමයි.  මේ අවස්ථාවේදී ප්‍රතිකර්ම ලබාදී රෝගය නිවාරණය කිරීමට වැඩි ඉඩකඩක් තිබේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut2.gifDi

diagnosis:   

යම් පුද්ගලයකු සතු රෝගයක් හඳුනාගෙන එය නම් කිරීම. (identification and naming)

 

diaphragm (DY-a-fram):    මහා ප්‍රාචීරය

පපු කුහරයත් උදරයත් එකිනෙකින් වෙන් කරනු ලබන අර්ධ ගෝලාකාර හැඩයකට ආසන්න පේශියකි.

 

digestive system (dye-JES-tiv):    ආහාර ජීර්ණ පද්ධතිය;

සිරුර තුලට සහ සිරුරෙන් පිටතට ආහාර ලබා ගැනීම සහ ඉවත් කිරීම සිදු කරනු ලබන අවයව සමුහය මෙම පද්ධතියට අයත් වේ.  උදා: ආමාශය, අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය, කුඩා අන්ත්‍රය, මහා අන්ත්‍රය සහ ගුදමාර්ගය .  

 

digital rectal examination (DRE) (DIH-jih-tul REK-tul eg-zam-ih-NAY-shun):   

පුරස්ථි ග්‍රන්ථි(prostrate gland)යේ හටගන්නා අසාමාන්‍යතා හඳුනාගැනිමේ පරීක්ෂාවකි.  ෛවද්‍යවරයා විසින් ගුද මාර්ගයට ඇඟිල්ලක් දමා මාර්ග බිත්තිය දිගේ පුරස්ථි ග්‍රන්ථිය ස්පර්ෂ කර එහි අසාමාන්‍යතාවක් ඇත්දැයි හඳුනාගනු ලබයි.

 

diuretic:    අධිමුත්‍රකය

නිපදවන මුත්‍රා පරිමාව වැඩිකරන ද්‍රව්‍යයකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDo

donor:    දායකයා;

පටක බද්ධ කිරීමේදී හෝ රුධිරය පාරවිලයනයේදී, ඒ සඳහා පටක හේ අවයව ලබාදෙන්නා දායකයා ලෙසද, ඒවා ලබාගන්නා පුද්ගලයා ප්‍රතිග්‍රාහකයා(host) ලෙසද හඳුන්වනු ලුබේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDr

dry orgasm:   

ශිශ්නයෙන් ශුක්‍රාණු මුදා නොහරිමින් ඇතිවන සුරතාන්තය(sexual climax).

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDu

duct (dukt):    ප්‍රණාලය;

සිරුරෙහි, ග්‍රන්ථි වලින් ස්‍රාවය වන විවිධ ද්‍රව්‍ය රුගෙන යනු ලබන කුඩා නාල විශේෂයකි.

ductal carcinoma:   

පියයුරු පිළිකා වල වඩාත්ම සුලබ පියයුරු පිළිකාව මෙය වන අතර පියයුරෙහි ක්ෂීර ප්‍රණාල ආවරණය වන ෛසල වලින් ආරම්භ වන පිළිකාවකි.  මෙය intraductal carcinoma යන නමින්ද හඳුන්වනු ලැබේ.
ductal carcinoma in situ (DCIS) (DUK-tal KAR-sih-NOH-muh in SYE-too):    පියයුරු ප්‍රණාලවල ඇති අසාමාන්‍ය ෛසල වන මේවා, කල් යත්ම පියයුරු පිළිකාවක් ලෙසට වර්ධනය විය හැකිය.

duodenum  (doo-ah-DEE-num):    ග්‍රහණිය;

කුඩා අන්ත්‍රයෙහි පලවන කොටස මෙය වේ.  එය, පිත්තාශයෙන් පිත ද, අග්න්‍යාශයෙන් අග්න්‍යාශයික යුෂද ලබාගනු ලුබේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifDy

dysplasia (dis-PLAY-zha):   

සාමාන්‍ය ෛසල වල හැඩය, ප්‍රමාණය සහ සැකැස්ම වෙනස්වීම.  මෙසේ වෙනස් වීම වලට බඳුන් වු ෛසල අසාමාන්‍ය නමුත් පිළිකාමය නොවේ.  මේවා පිළිකාවක් බවට වර්ධනය විය ද හැක.

dysplastic moles:   

mole නමින් හැඳින්වෙන සමෙහි තද පැහැ ගැන්වු මාංශල වර්ධනයක සාමාන්‍ය ආකාරයට වඩා වෙනස්ව දිස්වන වර්ධනයකි.

සිරුරේ පටු විවරයක් තුලට ඇතුල්කර, සිරුර තුලට තරල ඇතුලත් කළ හැකි හෝ සිරුරෙන් බැහැරට තරල ඉවත් කිරීමට හෝ උපයෝගී කරගනු ලබන, නැමෙනසුළු නලයකි.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

E

[Ea]    [Ej]    [El]    [Em]   [En] [Ep]   [ Es]   [Ex]    

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEa

early prostate cancer:   

ස්ථානගත පුරස්ථි පිළිකා යන නමින් ද හැඳින්වෙන මෙම පිළිකාව පුරස්ථියට සීමා වී ඇති අතර පැතිරීමට ලක්වීමට ආරම්භ වී නොමැත.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEj

ejaculation  (i-JAK-yoo-LAY-shun):   විසර්ජනය;

මුත්‍රා මාර්ගය හරහා, ශිශ්නයෙන් ඉවතට ශුක්‍රාණු පිටවීම.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEl

electrosurgery:   

ගැටිති වැනි රෝගාතුර වු පටක ඉවත් කිරීමට  විද්‍යුතය සන්නයනය කරනු ලබන කම්බි/ ඉලෙක්ට්‍රෝඩ ආධාර කරගැනීමේ සැත්කමකි.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEm

emphysema:   

පෙනහළු වල ඇති ගර්ත හානි වීමකට සහ විශාලනයට ලක්වී, පෙනහළු වල ක්ෂේත්‍රඵලය අඩු වීමේ තත්ත්වයකි.  මේ හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEn

endocrine tissue (EN-doh-krin):    අන්තරාසර්ගී පටක;

හෝර්මේන ස්‍රාවය කරනු ලබන පටක.

endocrinologist:   

හෝමෝන සම්බන්ධ රෝගාබාධ සහ ඒවාට ලබා දෙනු ලබන ප්‍රතිකාර පිළිබඳව විශේෂඥතාවයක් සතු වෛද්‍යවරයෙකි.

endocrinology:   

අන්තරාසර්ගී ග්‍රන්ථීන් සහ ඒවායින් ස්‍රාවය වන හෝර්මේන පිළිබඳ කරනු ලබන අධ්‍යයනය.

endometrial cancer (EN-doh-MEE-tree-ul KAN-ser):    ගර්භාෂයික පිළිකා;

එන්ඩොමේට්‍රියමේ හේ ගර්භාෂයෙහි පේශී ස්ථර වල හෝ හටගනු ලබන පිළිකාවකි.

endometrium (en-do-MEE-tree-um):    එන්ඩොමේට්රියම;

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමේන මඟින් උත්තේජනය වන, ගර්භාෂය ඇතුලත ආවරණය වී ඇති (a glandular lining) මෙය, සෑම මසකම "ඔසප්වීම" ලෙස ඉවත් වී යනු ලුබේ.

endoscopy/endoscope:   

සිහින් ආලේකමත් කරන ලද නලයක් සිරුරෙහි  විවරයක් තුලට ඇතුල් කර, සිරුර අභ්‍යන්තරයෙහි ඇති පටක නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියයි.  එම උපකරණය, endoscope නමින් හඳුන්වනු ලුබේ.  මෙම උපකරණ, කුඩා වර්ධනයන් ඉවත් කිරීමට සහ biopsy පරීක්ෂා වලට පටක නියැඳි ලබා ගැනීමට උපයෝගි කරගනු ලුබේ.

endoscopic retrograde cholangio-pancreatography (ERCP) (en-doh-SKAH-pik REH-troh-grayd koh-LAN-jee-oh-PAN-kree-uh-TAH-gruh-fee): වෛද්‍යවරයෙකු විසින්, අග්න්‍යාශය සහ පිත්තාශය  පරීක්ෂා කර බැලීම පිණිස එන්ඩොස්කෝප් නමින් හැඳින්වෙන  උපකරණය භාවිත කිරීමේ ක්‍රියා පිළිවෙත මෙනමින් හඳුන්වනු ලබයි.  මෙම අවයව වලට ඩයි වර්ගයක් එන්නත් කරනු ලබන අතර, එමඟින් X-කිරණ ඡායා සටහන් වල එම අවයව ඉස්මතු වී දක්නට ලුබේ.

enema:    වස්තිය;

මළබද්ධය ආදී අපහසුතා මඟහරවා ගැනීමට, ගුද මාර්ගය හරහා අන්ත්‍රයට දියරයක් හෝ තරලයක් ඇතුල් කිරීම.

engraft:   

 බද්ධ කරන ලද ඇට මිදුළු මඟින් රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා ආරම්භවීම.

enzyme  එන්සයිම; සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට මුලිකව අවශ්‍ය වන ප්‍රෝටීන.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut3.gifEp

epidermis (ep-i-DER-mis):    අපිචර්මය;

සම සෑදී ඇති ප්‍රධාන ස්ථර දෙකින් එකකි.  මෙය මතුපිට ස්ථරය වන අතර පාදස්ත සෛඅපිචර්මය; සම සෑදී ඇති ප්‍රධාන ස්ථර දෙකින් එකකි.  මෙය මතුපිට ස්ථරය වන අතර පාදස්ත සෛල සහ කෙරටීන් අඩංගු වන squamous cells නමින් හැදින්වෙන සෛල සහ කෙරටින් නිපදවනු ලබන මෙලනොසයිට අඩංගු වේ. (තාපයෙන්, ශීතලෙන් සහ රසායනික ද්‍රව්‍ය වලින් සම ආරක්ෂා කරනු ලබන ද්‍රව්‍යයකි කෙරටීන්.)

epidural anesthetic:    නිරවින්දික;

රෝගියකුට වේදනාව නොදැනීම(හිරිවැට්ටීමට) ලබාදෙන ඖෂධයකි.  "ස්ථානීය නිර්වින්ධක" හෙවත්   `local anesthetic` නමින් හැඳින්වෙන ඖෂධ ශරීරයේ කොටසක් පමණක් හිරි වැටීමකට ලක් කරන අතර, "සාර්ව නිර්වින්ධක" හෙවත් `general anesthetic ` නමින් හැඳින්වෙන මෙම වර්ගයේ ඖෂධ හේතුවෙන් තාවකාලිකව සිහිය නැති වීමකට /නිර්වින්ධනයකට  ලක් වේ. 

epithelium:    අපිච්ඡදය;

මුඛය, උගුර සහ  සිරුරෙහි අනෙකුත් කුහර වටකරනු ලබන තුනි සෛල ස්ථරය.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifEs

esophagus (ee-SOF-uh-gus)  අන්නශ්‍රෝත්‍රය;

ග්‍රසණිකාවේ සිට ආමාශය වෙත ආහාර රැගෙන යනු ලබන නාලය මෙය වේ.  මෙය ගලනාලය යනුවෙන් ද හඳුන්වනු ලුබේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifEx

excision:    විකෘන්තනය;

සිරුරේ ඇති පටකයක්, අවයවයක් හෝ ගැටිත්තක් කැපීම.


exocrine:    බහිරාසර්ග;

බහිරාසර්ගී ග්‍රන්ථීන් මඟින් නාලයක් ඔස්සේ තවත් අවයවයකට හෝ පටකයකට තම ශ්‍රාවය එක් කිරීමෙහි ක්‍රියාමාර්ගය මෙමඟින් අදහස් කෙරේ.  බාහිරාසර්ග අග්න්‍යාශය මඟින් ආහාර ජීර්ණයට අදාල එන්සයිම ශ්‍රාවය කරනු ලබයි.

 

 

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

F

[Fa]    [Fe]    [Fi]    [Fr]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFa

Fallopian tube (fa-LO-pee-in):    පැලෝපීය නාලය;

ඩිම්බ කෝෂයේ සිට ගර්භාෂය වෙතට ඩිම්බ රැඟෙන යනු ලබන නාලය.  ඩිම්බ කෝෂයකට එක බැගින් පැලෝපීය නාල දෙකක් ඇත.

 

false positive:   

යම්කිසි රෝග තත්ත්වයක් වැළඳී ඇති බවට වැරදියට පෙන්වන පරීක්ෂණ ප්‍රතිඵලයක් මෙනමින් හඳුන්වනු ලුබේ.

 

familial adenomatous polyposis (FAP) (ad-in-O-mut-us pah-li-PO-sis):   

මෙම ප්‍රවේණික තත්ත්වයක් වන අතර මෙහිදී අදාල පුද්ගලයාගේ අන්ත්‍රයේ කුඩා වැඩීම් (polyps) සිය ගණනක් පමණ සිදුවේ.  මෙයට පිළියම් නොකළහොත් මෙම තත්ත්වය සෑම විටකම අන්ත්‍රයේ පිළිකාවක් බවට පෙරැළේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFe

fertility (fer-TIL-i-tee):    සරුබව;

ස්වාභාවිකව ගැබ් ගැනීමේ හැකියාව; ජනනය කිරීමේ හැකියාව.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFi

fibroadenoma:   

දෘඨ, පිළිකා නොවන ගැටිත්තකි (lump).   

 

fibrocystic breast disease:    පියයුරෙහි ඇති වන පිළිකා නොවන වෙනස්කම්; 

මේ හේතුවෙන් පියයුරෙහි මෘදු බවක්, තද බවක් හේ ගැටිති ස්වාභාවයක් හෝ දක්නට ලැබිය හැකියි.

 

fibroma:   

සම්බන්ධක පටකයෙහි ඇති වන්නා වු පිළිකා නොවන ගැටිත්තකි.

 

fibrosarcoma:   

සම්බන්ධක පටකයෙහි ඇති වන්නා වු පිළිකාමය ගැටිත්තකි.

 

fine needle aspiration (as-per-AY-shun):   

කුඩා පටක නියැදියක් ශරීරයෙන් ඉවත් කර ගෙන අන්වීක්ෂය තුලින් පරීක්ෂා කර රෝගයක් සොයා ගැනීම පිණිස (biopsy), පිරිසිදු සිහින් කටුවකින්(needle) ගැටිත්තක් තුලින් සෛල කිහිපයක් චුෂණය(suck) කිරීමේ ක්‍රියා පිළිවෙත.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifFr

frozen section:   

කොටස් වලට කැපීමට හැකි වන තරමට දැඩි වීමට, නැවුම් පටක නියැඳියක් එකවරම අධික ලෙස සිසිල් කිරීම.  ඉක්මනින් පරීක්ෂාවකට ලක් කිරීමට අවශ්‍ය අවස්ථාවකදී මෙම ක්‍රමය භාවිතා කරනු ලැබේ.

 

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

G

[Ga]    [Ge]    [Gl]    [Gr]   

Ga

gall bladder (GAWL-blad-er):    පිත්තාශය;

අක්මාවෙහි යටි පෙදෙසට වන්න පිහිටා ඇති මෙම අවයවයෙහි පිත ගබඩා වී ඇත.  මෙම පිත, පිත්තාශයේ සිට පිත්ත ප්‍රණාලය හරහා ග්‍රහණියට හුවමාරු වේ.

 

gamma rays:   

ගැමා කිරණ.  විකිරණශීලිතාවයේ එක් ආකාරයකි, X-කිරණ වලින් වෙනස් වේ.  බොහෝ විට විකිරණශීලී චිකිත්සා සඳහාත් පිළිකා ප්‍රතිකාර ක්‍රම වලදී විකිරණශීලී සමස්ථානික පරිලෝකන( radioisotope scan) වලදීත් භාවිතයට යොදා ගැනේ.  

 

gastrectomy (gas-TREK-tuh-mee):   

ආමාශයේ කොටස් සියල්ලම ඉවත් කිරීමේ සැත්කමකි.

 

gastrointestinal tract (GAS-tro-in-TES-tih-nul):    බඩවැල් මාර්ගය;

එය ආමාශයෙන් ආරම්භ වන අතර, බඩවැලට මහා අන්ත්‍රය සහ කුඩා අන්ත්‍රය ඇතුලත් වේ. (large bowerl and small bowel)

 

gastroscope (GASS-troh-SKOPE):   

ආමාශයේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදාගනු ලබන  උපකරණයකි.  එය, ආලෝක ප්‍රභවයක් සවි කොට ඇති දිගු කුහර නලයකි.  එයට ආමාශය අභ්‍යන්තරය දිස්වන ආකාරය විශාලනය කොට දක්වන ලද ඡායා ආකාරයෙන් ප්‍රක්ෂේපනය කළ හැකි සේම, අවශ්‍ය විටක නලය තුලින් වෙනත් උපකරණ ද ආමාශය තුලට ඇතුල් කළ හැක. 

 

 

 

Ge

genes:    ජාන;

සිරුරෙහි සෛල වල හැසිරීම, සහ ඒවා වර්ධනය වන ආකාරය ආදී සියලුම දෑ පාලනය කරනු ලබන ඉතා කුඩා සාධක ජාන වේ.  ජාන දහස් ගණනක කාණ්ඩය බැගින් පියා සහ මව යන දෙදෙනාගෙන් සෑම පුද්ගලයකුටම උරුම වී ඇත.  සිරුරේ ඇති සෑම සෛලයකම මෙම ජාන අන්තර්ගතය.

 

genitals:   

ලිංගික අවයව/ඉන්ද්‍රියයන්

 

 

 

Gl

gland (adj. glandular):   

සිරුරෙන් ස්‍රාවය වන නිශ්චිත තරල වර්ග නිපදවන සෛල කාණ්ඩයක් හෝ අවයව.  මෙම තරල වලට ඛේටය, හෝර්මෝන සහ දහඩිය අයත් වේ. 

 

Gleason score (GLEE-sun...):   

පුරස්ථි ග්‍රන්ථියේ හටගනු ලබන පිළිකාවල මට්ටම එහි ප්‍රමාණය සහ ත්‍රීව්‍රතාවය අනුව නීර්ණය කිරීමට යොදා ගනු ලබන ක්‍රමයකි. අන්වීක්ෂීය තත්ත්ව යටතේ අදාල ගැටිති සෛල දර්ශනය වෙන ආකාරය මත මෙම මට්ටම නීර්ණය කිරීමේ ක්‍රමය රඳා පවතිනවා.

 

glioblastoma (glee-o-blas-TOE-ma):   

මොළයේ හටගන්නා පිළිකාමය ගැටිත්තකි.

 

glioma (glee-O-ma):   

ස්නායු පද්ධතියෙහි සම්බන්ධක පටකයේ (the glia) හටගනු ලබන ගැටිත්තකි.

 

 

 

Gr

graft:    පටක බද්ධ කිරීම;

නිරෝගී පටකයකින්, හානි වු හෝ රෝගී වු හෝ පටකයක්  කිරීම.  මෙය රෝගියාගේ සිරුරෙන්ම ගන්නා ලද පටකයක් හෝ වෙනත් පුද්ගලයකුගෙන් ගන්නා ලද පටකයක් විය හැකිය.

 

granulocyte (GRAN-yoo-lo-site):   

කණිකාමය සුදු රුධිරාණු; සුදු රුධිරාණු වර්ගයකි. මේවා ඇට මිදුළු වල නිපදවෙන අතර, ආසාත්මිකතා වලට එරෙහිව සටන් කිරීමට ඉවහල්වේ.

 

granulocyte-colony stimulating factor (G-CSF):   

granulocytes නමින් හැඳින්වෙන කණිකාමය සුදු රුධිරාණු වර්ගයෙහි පරිණත බව සහ වර්ධනය වීම යන ක්‍රියාවලි සිදුකිරීමට පොළඹවන ද්‍රව්‍යයකි.

 

growth factor: වර්ධක සාධක;

සෛල නැවත ජනනය කරන සහ වේගයෙන් බෝ කරන ද්‍රව්‍යයකි.

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

H

[Ha]    [He]    [Hi]    [Ho]   [Hu] [Hy]      

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut4.gifHa

Haematology: ‍

වෛද්‍ය විද්‍යාවේ රුධිරය පිළිබඳ හැදෑරීම් කරනු ලබන අංශය මෙනමින් හැඳින්වේ.  රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා නමින් haematologist හඳුන්වනු ලුබේ.

haematoma:    රක්තමාව;

කැටි ගැසී ඝණ ඉදිමුමක් සාදන රුධිර එකතුවකි.

haematuria:   

මුත්‍රා තුල රුධිරය තිබීම.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHe

helicobacter pylori:   

ආමාශයේ වණ සහ දැවිල්ල ඇති කරවන බැක්ටීරියා වර්ගයකි.

hereditary non-polyposis colorectal cancer (HNPCC):   

පරම්පරාවෙන් සමහර පවුල් වලට උරුම වී ඇති අන්ත්‍රයේ පිළිකා ඇතිවීමේ තත්ත්වයකි.  අන්ත්‍රයේ හටගනු ලබන පිළිකා වලින් 1% පමණ මෙම තත්ත්වය නිසා හට ගනී.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHi

histology:   

අන්වීක්ෂය භාවිතයෙන් සෛල සහ පටක පිළිබඳව හැදෑරීම.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHo

Hodgkin's disease (HOJ-kinz...):   

වසාවාහිනී පටකයෙන් ආරම්භ වන ඕනෑම ආකාරයක පිළිකාවකි.

hormone (adj. hormonal):   

හො; හෝර්මෝන ග්‍රන්ථි වලින් නිපදවනු ලබන ද්‍රව්‍යයක් වන අතර මේවා රුධිර මාර්ග තුලින් ගමන් කරනු ලබයි.  හෝර්මෝන මඟින් සිරුරේ වර්ධනය, පරිවෘත්තීය ක්‍රියා සහ ප්‍රජනන ක්‍රියාවන් යාමනය කිරීම සහ නියාමනය කිරීම සිදුවේ. (regulating and coordinating)

hormone receptors

හෝර්මෝන ප්‍රතිග්‍රාහක සෛල මතුපිට ඇති ප්‍රෝටීනයකි.  මෙය එක් එක් හෝර්මෝනයට විශේෂ වන අතර ඒවාට අදාල හෝර්මෝන සමග බැඳේ.

hormone replacement therapy (HRT):    හෝර්මෝන ප්‍රතිස්ථාපන චිකිත්සා;

ආර්තවාභාවයේදී ඇති වන විවිධ ලක්ෂණ සමනය කිරීමට හෝර්මෝන ලබාගැනීම.  බොහෝ අවස්ථාවලදී ඊස්ට්‍රජන් සහ පේ‍රාජෙස්ටරෝන් හෝර්මෝන වර්ග දෙකම එකවර හෝ මාරුවෙන් මාරුවට ගන්නා අතර, සමහර අවස්ථාවලදී ටෙස්ටොස්ටරෝන් සමගද ගනු ලැබේ.

hormone therapy:     හෝර්මෝන චිකිත්සා;

හෝර්මෝන මට්ටම වෙනස් කිරීමට කරනු ලබන ප්‍රතිකර්ම.

hospice (HOS-pis):      

සුව කළ නොහැකි රෝග වලින් පෙළෙන රෝගින් සියලු ආකාරයේ රැක බලා ගැනීමේ කටයුතු සිදු කරනු ලබන ස්ථානයකි.  මෙහිදී රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලිමත්, මිය යමින් සිටින පුද්ගලයින්ට  නිදහස් සිටිය හැකි ආකාරයෙන් ඔවුන් රැක බලා ගැනීම ආදිය සිදුවේ.

host:    දායකයා

පටක බද්ධ කිරීමේදී අදාල පුද්ගලයාට පටක ලබානෙනු ලබන පුද්ගලයා මේ නමින් හඳුන්වයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHu

Human Research Ethics Committees:    මානව පර්යේෂණ ආචාර ධර්මකමිටු;

රෝහල් වල පැවැත්වෙන සායනික පරීක්ෂා කටයුතු වලට සම්බන්ධ විද්‍යාඥ, වෛද්‍ය, නීතිමය වෘත්තිකයින්, ආගමික පුජකවරුන් ඇතුලත් පුද්ගලයින් සමුහයකි.  මෙම පරීක්ෂා වලට හවුල් වෙන රෝගීන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය උදෙසා කටයුතු කරන මෙම පුද්ගලයින් සියලු සායනික පරීක්ෂා සිදු කිරීමට ප්‍රථමව ඒවායේ නිරවද්‍යතාවය, සහ අවදානම් නොමැති බව ආදිය  පිළිබඳව සොයා බලා ඒවා අනුමත කරනු ලබයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifHy

hydrocephalus (hye-dro-SEF-uh-lus):   

මොළය තුල ඇති කපාල-සුෂුම්නා තරල සැකැස්මකි. (cerebrospinal fluid)

hypercalcaemia (hye-per-kal-SEE-mee-a):   

අසාමාන්‍ය ලෙස රුධිරයේ අන්තර්ගත කැල්සියම් මට්ටම ඉහළ යෑම.

hyperplasia  (hye-per-PLAY-zha):   

ශරීරයයේ යම් කොටසක ඇති සාමාන්‍ය සෛල නිපදවීම වැඩිවීම.

hyperthermia (HY-per-THER-mee-uh):   

1.ශරීර උෂ්ණත්වය විශාල ලෙස ඉහළ නැඟීම; 2. පිළිකා සෛල විනාශ කිරීමට තාපය උපයෝගි කරගැනීම.

hysterectomy (hiss-ter-EK-toe-mee):   

ගැබ්ගෙල සහ ගර්භාෂය සැත්කම් මාර්ගයෙන් ඉවත් කිරීම.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

I

[Il]    [Im]    [In]    [Ir]   [Iv

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIl

ileal conduit:    ශේෂාන්ත්‍රක ප්‍රණාලිය;

මුත්‍රා එකතුවී තැබීමට, මුත්‍රාශය වෙනුවට එම ස්ථානය අත්කරගනු ලබන, අන්ත්‍ර කොටසකින් සාදන ලද කුඩා පැසක් (pouch) මෙනමින් හඳුන්වන අතර, stoma නම් වන අන්ත්‍රයේ සකස් කරන ලද විවරයක් තුලින් මෙම පැසට එකතු වු මුත්‍රා වෙනත් ආවරණයකට උදා:මල්ලකට ගලායාමට සකසයි.

ileostomy:   

colostomy නමින් හැඳින්වෙන සැත්කමට සමාන කමක් දක්වන නමුත්, මෙම සැත්කමේදී කුඩා අන්ත්‍රයෙහි කොටසක් උදරයේ විවරයක් කරා ගෙන එනු ලැබේ.

ileum:    ශේෂාන්ත්‍රකය;

කුඩා අන්ත්‍රය බෙදී ඇති කොටස් තුනෙන් පහළින්ම පිහිටා ඇති කොටස.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIm

immune system (im-YOON):    ප්‍රතිශක්තිකරණ පද්ධතිය;

ආසාදන වැනි සිරුර ආක්‍රමය කරන දෑ වලට එරෙහිව සටන් කරනු ලබන, සෛල සහ අවයව වලින් සෑදුනු සංකීර්ණ පද්ධතියකි.  මෙම පද්ධතියට සාමාන්‍ය සෛල සහ පිළිකා සෛල අතර වෙනස හඳුනා ගැනීමට හැකියාව ඇති අතර පිළිකා සෛල හඳුනාගත් පසු ඒවා මර්දනය කිරීමට කටයුතු කරනු ලබයි.

immunocompromised:   

සමහර රෝග සහ ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.

immunosuppression:   

ඖෂධීයව උත්තේජනය කරන ලද හෝ කිසියම් රෝගයක් ආශ්‍රිත හේතුවක් නිසා හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන දුර්වලවීමකි.

immunotherapy:    ප්‍රතිශක්ති චිකිත්සාව;

ආසාත්මිකතා, රෝග සහ ආගන්තුක පටක වලට එරෙහිව සටන් කිරීම පිණිස සිරුර උත්තේජනය කිරීමට ප්‍රතිකාර ක්‍රම භාවිතය.

impotence:   

බෙලහීනතාවය.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIn

incidence:   

නිශ්චිත ජනහහන සමුහයක, දී ඇති කාල පරාසයක් තුල (බොහෝ විට වසරක්),  යම් රෝගයක් සෑදී ඇති බවට හමුවු නව වාර්තා සංඛ්‍යාව.

incontinence (in-KAHN-tih-nens):    අසංයමය;

මුත්‍රාශයේ හේ අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය පාලනය කරගත නොහැකි වීම.

indolent (IN-doe-lint):   

සෙමින් වර්ධනය වන පිළිකාවක් හැඳින්වීමට මෙම වචනය යොදාගනු ලැබේ.

infertility:    වඳ භාවය;

කාන්තාවකගේ නම් ඩිම්බ සංසේචනය නොවීම සහ පුරුෂයකුගේ නම් ශුක්‍රාණු මඟින් ඩිම්බයක් සංසේචනය කළ නොහැකි වීම වඳ භාවය නමින් හැඳින්වේ.

inflammatory carcinoma:   

පියයුරු පිළිකා වර්ගයකි. පියයුරු සමෙහි රත් පැහැ වීමක් සහ පියයුරෙහි රත්වු ස්වාභාවයක් සහිතව මෙම පිළිකාව මතුවේ.  මෙහිදී පියයුර ඉදිමීමක් හෝ රැලි ගැසීමක් හෝ ද දක්නට ලැබේ.

informed consent:   

සායනික පරීක්ෂාවකට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීම හෝ සම්බන්ධ නොවීම පිණිස, එම පරීක්ෂාව හෝ පර්යේෂණාත්මක අධ්‍යයනය පිළිබඳවත්, ඒවාට අදාල වෛද්‍ය පිළිවෙත් පිළිබඳවත් මුලික කරුණු දැන ගැනීමෙහි ක්‍රියා පටිපාටිය මෙනමින් හඳුන්වනු ලබයි.  මෙහිදී අදාල පුද්ගලයා සායනික පරීක්ෂාවට සහභාහි වීමට තීරණය කරන්නේ නම්, අදාල පරීක්ෂාවෙන් අත්විය හැකි ප්‍රතිලාභ මෙන්ම අවදානම්ද විස්තර කර ඇති පෝරමයක් ද අත්සන් කිරීම මෙම ක්‍රියා පටිපාටියට ඇතුලත්ය.

infusaport:   

හෘදය වස්තුව අසල ඇති ශිරාවකට කෙලින්ම ඖෂධ ලබා දීමේ ක්‍රියාවලිය ඉටු කරනු ලබන උපකරණයකි.  මෙය රසායනික චිකිත්සක ඖෂධ ලබා දීම, රුධිරය සහ පෝෂ්‍ය ද්‍රව්‍ය ලබාදීම ආදියට යොදා ගැනෙන  අතර, රුධිර නියැඳි ලබා ගැනීමටද මෙම ක්‍රමය උපයෝගි කරගනු ලැබේ.  Cook's catheter සහ Hichman's catheter යනු මෙවැනි උපකරණ වර්ග දෙකක් වන අතර, Porta cath යනුවෙන් හඳුන්වනු ලබන්නේ රෝගියාගේ ශරීරයේ ගෙන යා හැකි  ආකාරයේ මෙවන් උපකරණ වර්ගයක වෙළඳ නාමයකි.  මෙම උපකරණයන් drug delivery system, central venous catheter, central line යන නම්වලින් ද හඳුන්වනු ලැබේ.

infusion:   

ශිරාවකට හෝ පටකයකට ඉතා සෙමින් යම් ද්‍රව්‍යයක් එන්නත් කිරීම.

insulin (IN-su-lin):    ඉන්සියුලින්;

රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය යාමනය කරනු ලබන, අග්න්‍යාශයෙහි ඇති ද්‍රව්‍යයකි.  අවශ්‍ය තරමට සිරුරෙහි ඉන්සියුලින් නිපදවන්නේ නැති විට දියවැඩියා තත්ත්වයක් ඇතිවේ.

interferons (in-ter-FEER-on):   

පිළිකා වලට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට දායක වන, සිරුරෙන් නිපදවනු ලබන ද්‍රව්‍යයකි.  මෙම ද්‍රව්‍යයට, පිළිකා සෛල වල වර්ධන වේගය අඩාල කොට එම සෛලද සාමාන්‍ය සෛල ලෙස හැසිරීමකට ලක් කළ හැකිය.  මේවා පර්යේෂණාගාරවල නිපදවිය හැකි වන අතර ප්‍රතිශක්තිකරණ චිකිත්සාවලට භාවිතා කළ හැකිය.

interleukins (in-ter-LOO-kins)
:   

සිරුර මඟින් නිපදවනු ලබන ද්‍රව්‍යයකික් වන අතර පිළිකා වලට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට උපකාරී වේ. පිළිකා වලට එරෙහිව සටන් කිරීමට.  පිළිකා සෛල මර්දනය කළ හැකි සුදු රුධිර සෛල වල වර්ධනය උත්තේජනය කිරීම මෙමඟින් ඉටු කරනු ලබනවා.  මේවා ප්‍රතිශක්තික චිකිත්සා වලට භාවිතා කරනු ලබන අතර පර්යේෂණාගාර තුලද නිපදවිය හැක.

internal radiation (ray-dee-AY-shun):   

විකිරණශීලී චිකිත්සා ක්‍රමයකි.  මෙහිදී විකිරණශීලී ද්‍රව්‍යය සහිත බහාලැමක් පිළිකාව මත හෝ අසල තබනු ලැබේ.

intestine (in-TES-tin):   

බඩවැල.  ආමාශයේ සිට ගුද මාර්ගය දක්වා පැතිරී ඇති, ආහාර ජීර්ණ පද්ධතියට අයත් කොටසකි.  මෙය කුඩා බඩවැල සහ මහා බඩවැල යන කොටස් දෙකින් සමන්විත වේ.

intraductal carcinoma (IN-truh-DUK-tul KAR-sih-NOH-muh):   

පියයුරෙහි ක්ෂීර ප්‍රණාල ආවරණය කරනු ලබන සෛල වලින් ආරම්භ වන මෙම පියයුරු පිළිකා වර්ගය, පියයුරු පිළිකා අතරින් වඩාත් දැකිය හැකි පිළිකා වර්ගයයි. මෙය ductal carcinoma නමින් ද හඳුන්වනු ලැබේ.  

intravenous (IV) (IN-truh-VEE-nus):   

ශිරාවක් තුලට. මේ ආකාරයේ intravenous වෑහුමක් තුලින් තරල හෝ ඖෂධ සෘජුවම ශිරාවක් තුලට යැවිය හැකිය.

intravenous access device:   

හෘදය වස්තුව අසල ඇති ශිරාවකට කෙලින්ම ඖෂධ ලබා දීමේ ක්‍රියාවලිය ඉටු කරනු ලබන උපකරණයකි.  මෙය රසායනික චිකිත්සක ඖෂධ ලබා දීමේදි ද, රුධිරය සහ පෝෂ්‍ය ද්‍රව්‍ය ලබාදීමේදී ද යොදා ගන්නා අතර, රුධිර නියැඳි ලබා ගැනීමටද මෙම ක්‍රමය උපයෝගි කරගනු ලැබේ.  Cook's catheter සහ Hichman's catheter යනු මෙවැනි උපකරණ වර්ග දෙකක් වන අතර, Porta cath යනුවෙන් හඳුන්වනු ලබන්නේ රෝගියාගේ ශරීරයේ ගෙන යා හැකි  ආකාරයේ මෙවන් උපකරණ වර්ගයක වෙළඳ නාමයකි.  මෙම උපකරණයන් drug delivery system, central venous catheter, central line යන නම්වලින් ද හඳුන්වනු ලැබේ.

intravesical chemotherapy  (IN-truh-VES-ih-kal):   

තරල ආකාරයේ චිකිත්සාවකි.  මෙය මුත්‍රා මාර්ගය තුලින් නලයක් හරහා මුත්‍රාශයට ඇතුල් කරනු ලැබේ.

invasive cancer:   

අවට පටක ආක්‍රමණය කිරීමට ආරම්භ වී ඇති පිළිකාවකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut5.gifIr

irradiation (ih-RAY-dee-AY-shun):   ප්‍රවිකිරණය;

රෝග වලට ප්‍රතිකාර කිරීමට විකිරණශීලතාවය භාවිතා කිරීම.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifIv

IV:    intravenous(IN-truh-VEE-nus)

ශිරාවක් තුලට. මේ ආකාරයේ intravenous වෑහුමක් (drip)  තුලින් තරල හෝ ඖෂධ සෘජුවම ශිරාවක් තුලට යැවිය හැකිය.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

J

[Ja]    [Je]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifJa

jaundice(JAWN-dis):    කහ උණ

රැධිරය තුල පිත ප්‍රමාණය ඉහළ නැඟීමෙන් ඇති වන රෝගයකි.  මෙහිදී සම සහ ඇස් කහ පැහැයට හැරෙන අතර, තෙහෙට්ටුව සහ ආහාර අරුචිය මෙම රෝගී තත්ත්වය නිසා ඇතිවේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifJe

jejunum:    ශුන්‍යාන්ත්‍රිකය;

කුඩා අන්ත්‍රයෙහි කොටසක් වන මෙය, ග්‍රහණියට පහළින් ඇති අතර ශේෂාන්ත්‍රකය නමින් හැඳින්වෙන කුඩා අන්ත්‍රයේ පහළතම කොටස දක්වා විහිදේ.  

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

K

[Ka]    [Ki]    [Kl]    

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKa

Kaposi's sarcoma(KAP-o-seez sar-KO-ma):   

සම්බන්ධක පටකයෙහි වර්ධනය වන පිළිකාවක් වන මෙය හේතුවෙන් සම යට පටක සහ සෙම් පටල තුල ගැටිති වර්ධනයවේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKi

kidney cancer(KID-nee):   

වකුගඩුවක කොටසක හට ගන්නා පිළිකාවකි.

kidneys(KID-nees):    වකුගඩු;

උදරයෙහි ඇති මෙම අවයව දෙක මඟින් රැධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරයි. (උදා: මුත්‍රා)

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifKl

Klinefelter's syndrome:   

ජානමය විකෘතිතාවයකි.  සාමාන්‍ය පුරුෂයකුගේ ලිංගික ක්රෝමසෝම (XX) දෙකක් තිබුණද මෙම සහලක්ෂණයේදී ලිංගික ක්රෝමසෝම (XXY) තුනක් පවතී.  

 

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

L

[La]    [Le]    [Li]    [Lo]   [Lu]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLa

laparoscopy/laparoscope(LA-puh-ruh-SKOPE):   

laparascope නමින් හඳුන්වනු ලබන උපකරණය භාවිතා කිරීම; උදරය තුලට ඇතුලැ කර, එහි අවයව නිරීක්ෂණය කිරීමට සහ අවශ්‍ය විටක පටක නියැදි ලබා ගැනීමට සකස් කර ඇති ආලෝකනය කරන ලද සිහින් නලයක් සහිත උපකරණයකි.  

laparotomy(lap-a-RAH-toe-mee):   

උදරය අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීම පිණිස උදරයේ දිගු කැපීමක් සිදු කරනු ලබන ක්‍රියාවලියයි. මෙය exploratory operation නමින් ද හඳුන්වනු ලබයි.

large bowel:    මහා අන්ත්‍රය

ආහාර ජීර්ණ පද්ධතියෙහි පහළ කොටස මෙය වේ.  මෙයට මහ බඩවැල සහ ගුද මාර්ගය අයත් වේ.  මහා අන්ත්‍රය large intestine  යන නමින් හඳුන්වයි.

large cell carcinoma (...KAR-sih-NOH-muh):   

පෙනහල්ලේ ාත මාර්ග තුල වර්ධනය වනු ලබන මෙම පෙනහළු පිළිකා වර්ගය, විශාල වටකුරු සෛල මඟින් පිළිකාවට ආවේණික ලක්ෂණ පෙන්වුම් කරනු ලබයි.

laryngeal carcinoma(luh-RIN-jee-ul):   

ස්වරාලයේ හටන්නා පිළිකාවකි.

laryngectomy(LAIR-in-JEK-tuh-mee):  

ස්වරාලය ඉවත් කිරීමේ සැත්කම; මෙම සැත්කමකින් පසු, tracheostomy නමින් හැඳින්වෙන, ගෙලෙහි පහළ භාගයෙහි විවරයක් සකස් කිරීමේ සැත්කමක් සිදු කරන අතර, එම සාදන විවරය මඟින් අදාල පුද්කගලයා ස්වසනය කරනු ලැබේ.  පාර්ශ්වික laryngectomy සැත්කමකදී නම් ස්වරාලයෙහි කොටසක් පමණක් ඉවත් කිරීමකට ලක් කරනු ලැබේ.

larynx(LAIR-inks):    ස්වරාලය;

ගෙලෙහි ඉදිරිපස පිහිටා ඇති ස්වරාලය voice box යන නමින්ද හැඳින්වෙන අතර ස්වර තන්ත්‍රී (vocal  chords) මෙහි පිහිටා ඇත.  ආහාර ගිලින ස්වසන නලයට ආහාර සහ ඛේටය ඇතුල් වීම වැළැක්වීමට මෙම ස්වර තන්ත්‍රී වැසීමකට ලක්වේ.  එසේම කටහඩ ඇති කිරීමටද මෙම  ස්වර තන්ත්‍රී උපයෝගි වේ.

laser (LAY-zer):    ලේසර් උපකරණය;

සැත්කම් වලදී භාවිතයට ගනු ලබන තීව්‍ර ආලෝක කදම්බ නිකුත් කළ හැකි උපකරණයකි.  අවට පටක වලට හානියක් නොවන පරිදි ඉතා කුඩා නිශ්චිත ප්‍රදේශකට පවා භාවිතා කළ හැකිය.
laser surgery:    ලේසර් සැත්කම්; ඉහළ ශක්තීන්ගෙන් සාන්ද්‍රිත ඉතා සිහින් ආලෝක කදම්බයක් නිකුත් කරන උපකරණයක් භාවිත කිරීමෙන් පටකයක යම් කොටසක් ඉවත් කිරීම.

 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLe

lesion(LEE-zhun):   

සිරුරෙහි පටක වල ඇති වන්නා වු ඕනෑම අසාමාන්‍යතාවයක් මෙනමින් හැඳින්වේ.

leucocyte (or leukocyte) (LOO-ko-site):   

සුදු රුධිරාණු හඳුන්වන තවත් නමකි. රෝග වලින් සිරුර ආරක්ෂා කරවීමට මෙම සුදු රුධිරාණු  වලින් වැදගත් කාර්යභාරයක් ඉටුකෙරේ.

leucopoenia/leukopenia(LOO-ko-PEE-nya):   

රුධිරයේ ඇති සුදු රුධිරාණු සෛල සංඛ්‍යාත්මකව අඩුවීම.

leukaemia (loo-KEE-mee-a):    ලියුකේමියාව;

රුධිරය ඇති කරවන ෛසලවල හට ගන්නා පිළිකාවකි.  මේ හේතුවෙන් සුදු රුධිරාණු විශාල ලෙස නිෂ්පාදනය වීමක් සිදුවේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLi

libido(lih-BEE-doh):   

ලිංගික ප්‍රේරණය.

 liposarcoma:   

මේද සෛල තුල හටගන්නා පිළිකාවකි.

liver:    අක්මාව

උදරයෙහි දකුණු පෙදෙසෙහි ඇති විශාල අවයවයකි.  ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීම, දිරවීම, විෂ නැසීම සහ ඒවාට අදාල සැකැස්මන් සහ බිඳවැටීම් වලදී වැදගත් කර්තව්‍යයක් අක්මාව මඟින් සිදුකෙරේ.  

liver cancer:   

අක්මාවේ හටගනු ලබන පිළිකාවකි.

liver scan:    අක්මා පරිලෝකනය;

අක්මාවක් තුල හටගනු ලබන ගැටිති ඇතුලැ අනෙකුත් අසාමාන්‍යතා පෙන්වුම කරන ඡායා සටහන්.  මෙහිදී විකිරණශීලී
ද්‍රව්‍යයක් එන්නත් කරනු ලබන අතර, එය අක්මාව දක්වා ගමන් කර, විශේෂිත කැමරාවක් මඟින් අක්මාව තුල යම් අසාමාන්‍යතාවක් ඇත්නම් එය ඉස්මතු කර දක්වනු ලැබේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut6.gifLo

lobe:    ඛණ්ඩිකාව;

අවයවයක කොටසක් වන අතර බොහෝ විට අනෙකුත් ඛණ්ඩිකා වලින් වෙන්වී ඇත.

lobectomy:   

ඛණ්ඩිකාවක් ඉවත් කිරීමේ සැත්කමකි.

lobular carcinoma in situ (LCIS):   

පියයුරෙහි ඛණ්ඩිකා වල ඇති අසාමාන්‍ය සෛල.

local invasion:    

අසල පටක සහ අවයව වලට පිළිකාවක් පැතිරී යාම.

localised prostate cancer:    ස්ථානගත පුරස්ථි ග්‍රන්ථික පිළිකා;

අවට පැතිරී නොගිය පුරස්ථියේ හටගත් පිළිකාවකි.  මෙය මුල් අවධියේ පුරස්ථි පිළිකා හෙවත් early prostate cancer යනුවෙන් ද හඳුන්වනු ලබනවා.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifLu

lumbar puncture:    කටී වේදනය; 

ශල්‍යකර්ම සඳහා භාවිතා කරන කටුවක් සුෂුම්නාවට ආසන්න ප්‍රදේශයට ඇතුල්කර, එහි තරලය ඉවතට ගෙන අන්වීක්ෂයක් යටතෙහි පරීක්ෂා කිරීමේ හෝ ප්‍රති-පිළිකා ඖෂධ ඇතුලත් කිරීමට අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙතකි.  

lungs:    පෙනහළු;

පපු කුහරය තුල  පිහිටා ඇති, කුඩා වාත කෝෂ අති විශාල සංඛ්‍යාවක් ඇති අවයව දෙකකි.

lung cancer(lung KAN-ser):    පෙනහළු පිළිකා;

පෙනහළු වල හෝ පෙනහළු දක්වා වාතය ගමන් කරනු ලබන ගමන් මාර්ගයෙහි ඇති වන පිළිකා වේ.

lung function tests:   

පුප්ඵුසීය කෘත්‍ය පරීක්ෂණ; pulmonary function tests යන නමින්ද හඳුන්වනු ලබන මෙම පරීක්ෂණ මඟින් ස්වසනය කරන අවස්ථාවලදී පෙනහළු තුලට සහ ඉවතට කොපමණ වාත ප්‍රමාණයක් ඇතුල් / පිට වේදැයි පරීක්ෂා කරනු ලබයි.  එසේම, පුද්ගලයෙක් හට වාතයෙන් රුධිරයට ඔක්සිජන් ලබාගැනීමේ හැකියාව පරීක්ෂා කිරීමද මෙහිදී සිදුවේ.  වාතාශ්‍ර මාර්ග වල අවහිර වීමක් තිබේදැයි පෙන්වුම් කිරීමටද මෙම පරීක්ෂා වලට හැකියාව ඇත.

 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifLy

lymph(limf):    වසා තරලය;

වසාවාහී පද්ධතිය හරහා ගමන් කරන පැහැදිලි තරලයක් වන වසා තරලය, රෝග සහ ආසාදන වලට එරෙහිව සටන් කරන ෛසල රැගෙන යනු ලබයි.

lymph glands:    වසා ග්‍රන්ථි/ගැටිති;

වසාවාහිනී පද්ධතියට අයත් වන වසා ගැටිති, කුඩා, බෝංචි හැඩැති ව්‍යූහ වේ.  වසා තරලයේ අඩංගු විය හැකි බැක්ටීරියා, පිළිකා සෛල ආදී අනෙකුත් හානිකර ද්‍රව්‍ය මෙම වසා ගැටිති මඟින්, පෙරා ඉවත් කිරීම සිදුවේ.  වසාවාහිනී පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් වන අතර එය ඉතා සිහින් වසා වාහිනීන්ගෙන් සම්බන්ධ වු වසා ගැටිති වල ජාලයකි.  මේවා සිරුරේ සෑම පෙසෙකටම බෙදී ගොස් ඇත.

lymph nodes(limf nodes):    වසා ගැටිති;

වසාවාහි පද්ධතියට අයත් වන වසා ගැටිති, කුඩා, බෝංචි හැඩැති ව්‍යූහ වේ.  වසා තරලයේ අඩංගු විය හැකි බැක්ටීරියා, පිළිකා ෛසල ආදී අනෙකුත් හානිකර ද්‍රව්‍ය මෙම වසා ගැටිති මඟින්, පෙරා ඉවත් කිරීම සිදුවේ.  වසාවාහී පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් වන අතර එය ඉතා සිහින් වසා වාහිනීන්ගෙන් සම්බන්ධ වු වසා ගැටිති වල ජාලයකි.  මේවා සිරුරේ සෑම පෙසෙකටම බෙදී ගොස් ඇත.

lymph node dissection(limf node dis-EK-shun):    වසා ගැටිති විච්ඡේදනය;

පිළිකාවක් සෑදී ඇති පෙදෙසක් අසල ඇති වසා ග්‍රන්ථි වල පිළිකා සෛල අන්තර්ගත දැයි සොයා බලා ගැනීමට, එම වසා ග්‍රන්ථි කිහිපයක් සැත්කම් මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ.  මෙය lymphadanectomy නමින් ද හැඳින්වේ.

lymphatic system (lim-FAT-ik SIS-tem):    වසාවාහී පද්ධතිය;

මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් කොටසක් වන අතර, සිරුර ආක්‍රමණය කරනු ලබන බැක්ටීරියා සහ පරපෝෂිතයින් ආදීන්ගෙන් සිරුර ආරක්ෂා කරනු ලබයි.  වසාවාහී පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් වන අතර එය ඉතා සිහින් වසා වාහිනීන්ගෙන් සම්බන්ධ වු වසා ගැටිති වල ජාලයකි.  මේවා සිරුරේ සෑම පෙසෙකටම බෙදී ගොස් ඇත.

lymphocyte(LIM-fo-site):    ලිම්ෆොසයිට;

වසාවාහි පටකයේ හටගනු ලබන සුදු රුධිර සෛල වර්ගයකි.  මෙම සෛල වර්ගය ප්‍රතිශක්ති ප්‍රතික්‍රියාවලට සහභාගි වේ.

lymphoedema:   

වසා තරල ගොඩනැඟුමක් නිසා හටගනු ලබන ඉදිමුමකි.  වසා වාහිනී හෝ වසා ගැටිති වල ප්‍රමාණවත් නොවන තරමට පෙරී යාම සිදුවන විට මෙම තත්ත්වය ඇති විය හැකි අතර   සමහර  පිළිකා සඳහා ලබාදෙන ප්‍රතිකාර නිසාද මෙය ඇති වීය හැක.

lymphoma(lim-FO-ma):   

වසාවාහි පටකයෙන් ආරම්භ වන ඕනෑම ආකාරයක පිළිකාවක් හැඳින්වීමට ව්‍යවහාර කරනු ලබන පදයකි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

M

[Ma]    [Me]    [Mi]    [Mo]   [Mp]  [Mr]  [Mu]  [My]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMa

magnetic resonance imaging (MRI) (mag-NET-ik REZ-o-nans IM-a-jing):    චුම්බක අනුනාද ඡායා සටහන් ක්‍රමය;

පුද්ගලයකුගේ සිරුරෙහි හරස්කඩ වල විස්තරාත්මක ඡායා සටහන් හෝ  රූපමය සටහන් ලබාගෙන රෝග හඳුනා ගැනීමෙහි ක්‍රමයක් වන මෙය, චුම්බක සහ රේඩියෝ තරංග වල සංකලනයක් උපයෝගි කරගනු ලබයි.  මෙම පරීක්ෂණයේදී, විශාල චුම්බකයක් නිර්මාණය වන පරිදි සාදා ඇති දෙපසම විවෘත ලෝහමය සිලින්ඩරයක් තුල ඇති ආසනයක පුද්ගලයා වැතිරී සිටිය යුතු වන අතර මුළු ක්‍රියාවලියම සම්පුර්ණ වීමට  පැයක පමණ කාලයක් ගතවේ.  නමුත් මෙම ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම වේදනාවෙන් තොර පරීක්ෂාවකි.

malignant (ma-LIG-nant):    පිළිකාමය;

මේ ආකාරයේ ගැටිති පිළිකාවකට සමානය. මේවා පැතිරීයාමට හැකියාවක් ඇති අතර නිසි ප්‍රතිකාර නොලැබුණහොත් කාලයත් සමඟ මරණය පවා සිදුවිය හැකිය.

mammogram (MAM-o-gram):   

විකිරණශීලී ද්‍රව්‍යයක සුළු මාත්‍රාවක් භාවිතයෙන් ගනු ලබන, පියයුරෙහි  X- කිරණ ඡායා සටහනකි.  පියයුරු පිළිකාවක් ඇතිබව දැනීමට(felt)  පෙර හෝ රෝග විනිශ්චයට පෙර මෙමඟින් පියයුරු පිළිකාවක් හඳුනාගැනීමට මෙය භාවිතා කළ හැක.

mastectomy:   

පියයුරු පිළිකා වලට ප්‍රතිකාර කිරීමට සම්පුර්ණ පියයුර හෝ ඉන් කොටසක් හෝ ඉවත් කිරීමේ සැත්කමකි. වර්තමානයේ Radical mastectomy නමින් සම්පුර්ණ පියයුර ඉවත්කිරීමේ සැත්කම සිදුකරන්නේ ඉතාමත් කලාතුරකිනි.  බොහෝ අවස්ථාවලදී සිදුකරනු ලබන සැත්කම වන්නේ වෙනස්කරන ලද mastectomy සැත්කමයි.  එහිදී සම්පුර්ණ පියයුර හා අත්යට ඇති සමහර වසාගැටිති ඉවත කරන නමුදු පේශීන් ඉවත් නොකරයි.  උප-චර්ම මැස්ටෙක්ටමිය (subcutaneous mastectomy) සිදු කිරීමේදී තන පුඩුව සහ චර්මය ඉතිරි වන පරිදි පියයුරු පටකය ඉවත් කරනු ලබන අතර, මෙය පියයුර නැවත ගොඩනැගීමට ඉවහල් වේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMe

mediastinum (mee-dee-a-STYE-num):   

පපු කුහරයේ පිහිටා ඇති පෙනහළු අතර ඇති ප්‍රදේශය. එහි, හෘදය වස්තුව සහ විශාල රුධිරවාහිනී ආදියත්, ගලනාලය, ශ්වාසනාලය සහ වසාගැටිති විශාල ප්‍රමාණයකුත් අඩංගු වේ.

melanin (MEL-a-nin):    මෙලනින්;

සමට වර්ණය ලබාදෙන දුඹුරු වර්ණකය වන මෙහි කාර්යභාරය වනුයේ සූර්යාලෝකයේ ඇති පාරජම්බුල කිරණ මඟින් සමට හානියක් ඇතිවීම වැළුක්වීමයි. 

melanocytes (mel-AN-o-sites):   මෙලනොසයිට;

අපිචර්මයෙහි සහ මෙලනින් වර්ණකය නිපදවන අනෙකුත් ස්ථාන වල අන්තර්ගත මෙලනින් නිපදවන සෛල.

melanoma (MEH-luh-NOH-muh):   

මෙලනොසසයිට වල හටගන්නා පිළිකාවකි.  මෙම පිළිකාව සාමාන්‍යයෙන් සමේ ඇති වුවද, සෙම් සහ අක්ෂි පටලවලට ද හානි සිදුවිය හැකිය. පාරජම්බුල විකිරණවලට අධික ලෙස නිරාවරණය වී සිටීම මෙම තත්ත්වය වර්ධනය කිරීමට ඉවහල් වේ.

membrane:    පටලය;

තුනී පටක ස්ථර වන මෙම පටල මඟින්, පෘෂ්ඨයක් ආවරණය කිරීම, කුහරයක්, අවකාශයක් හෝ අවයවයක් ආවරණය කිරීම සිදුවේ.

meningioma (meh-nin-jee-O-ma):  

මස්තිෂ්ක සුෂුම්නා පටලය හෙවත් මොළය සහ කොඳු ඇට පෙල ආවරණය කරනු ලබන පටල වල මතුවන, සෙමින් වර්ධනය වීමකට ලක්වන ගැටිත්තකි.  මින් සමහරක් පිළිකාමය වේ.

menopause (MEN-uh-pawz):    ආර්තාවාභාවය; ඔසප්වීමේ ක්‍රියාලිය අවසන් වීම;

සාමාන්‍යයෙන් බටහිර රටවල නීරෝගි කාන්තාවකගේ ඔසප් චක්‍රය අවසන් වන්නේ වයස අවුරුදු පණහේදී පමණ වුවද, සමහර රෝගී තත්ත්ව සහ ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් ඔසප් චක්‍රය නැවතීම ඊට පෙර වුවද සිදුවිය හැකිය.

metastases:   

මෙය "ද්විතීකයන්" ලෙසද හඳුන්වනු ලුබේ.  මුලික හෝ ප්‍රාථමික පිළිකවෙන් පිළිකා ෛසල කැඩී වෙන්වී ගොස් වසා තරලය හෝ රුධිරය මඟින් ප්‍රාචාරණය වී, සිරුරේ අනෙකුත් පෙදෙස්වල වර්ධනය ගැටිති හෝ ෛසල ගොනුවක් මෙනමින් හඳුන්වයි.

metastasise:   

විස්තර සඳහා metastases බලන්න.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMi

microcalcifications (MY-krow-kal-si-fi-KAY-shun):    ක්ෂුද්‍ර චුර්ණීභවනය;

මැමේග්‍රෑම් සටහනක දිස්විය හැකි, පියයුර තුල තිබිය හැකි කුඩා කැල්සියම් කැබලි.  මේ කුඩා කැල්සියම් කැබලි සමුහයක් මඟින් පියයුරු පිළිකාවක් තිබිය හැකි බවට අනාවැකි පලකළ හැකිය.

milk ducts/milk sac:    ක්ෂීර ප්‍රණාල;

තන පුඩුව වෙත කිරි ගෙනයනු ලබන නාලාකාර ව්‍යූහ.

milk lobules:    ක්ෂීර අනුඛණ්ඩිකා;

පියයුරෙන් කිරි නිපදවනු ලබන  ග්‍රන්ථීන්.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMo

mole (mohl):   

සමෙහි ඇති වන තද පැහැ මාංශල වර්ධනයක් මෙම පදයෙන් අර්ථ දැක්වේ.  මෙය ඉන්නන් ආකාරයේ හෝ ලපයක් ආකාරයේ හෝ විය හැකිය.

monocyte:    මොනොසයිට;

රෝග වලට එරෙහිව සටන් කිරීමට සහාය වන සුදු රුධිරාණු වර්ගයකි.

morbidity:   

රෝගී බව. (Sickness)

morphine:     

සාර්ථක, ප්‍රබල වේදනා නාශකයක් වන මෙය පිළිකා නිසා ඇති වන වේදනාව සමනය කිරීමට ගන්නා ඖෂධයකි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMp

M-protein:   

ඒකක්ලෝනික ප්‍රෝටීන (මෙය මයිලෝමා පේ‍රා්ටීන නමින්ද හඳුන්වයි.)  බහු මයිලෝමා තත්ත්වයකදී මෙන් ප්ලාස්මා සෛල අස්වාභාවික ලෙස වර්ධනය වන විට නිපදවෙන පැරාප්‍රෝටීනයකි.  ඉහළ මට්ටම් වලදී, මෙය රුධිරයේ සහ මුත්‍රා වල තිබෙණු හඳුනාගත හැක.  වෛද්‍යවරුන් මේ පැරාප්‍රෝටීන මට්ටම් විමර්ෂණය කිරීම මඟින් ප්‍රතිකාර ක්‍රම සාර්ථකව සිදුවේද යන්න සොයා බලති.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMr

MRI:    චුම්බක අනුනාද ඡායා සටහන් ක්‍රමය;

පුද්ගලයකුගේ සිරුරෙහි හරස්කඩ වල විස්තරාත්මක ඡායා සටහන් හෝ  රූපමය සටහන් ලබාගෙන රෝග හඳුනා ගැනීමෙහි ක්‍රමයක් වන මෙය, චුම්බක සහ රේඩියෝ තරංග වල සංකලනයක් උපයෝගි කරගනු ලබයි.  මෙම පරීක්ෂණයේදී, විශාල චුම්බකයක් නිර්මාණය වන පරිදි සාදා ඇති දෙපසම විවෘත ලෝහමය සිලින්ඩරයක් තුල ඇති ආසනයක පුද්ගලයා වැතිරී සිටිය යුතු වන අතර මුළු ක්‍රියාවලියම සම්පුර්ණ වීමට  පැයක පමණ කාලයක් ගතවේ.  නමුත් මෙම ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම වේදනාවෙන් තොර පරීක්ෂාවකි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMu

mucosa  (myoo-KOH-suh):    ශ්ලේෂ්මලකය;

1. සිරුරේ ව්‍යූහ බොහෝමයක් ආවරණය කරනු ලබන තෙත පටලයකි.         2. ආමාශයෙහි ස්ථර 5න් අභ්‍යන්තරයෙන්ම  පිහිටා ඇති ස්ථරයයි.  මෙය ආහාර දිරවීමට අවශ්‍ය ආමාශයික යුෂ සහ ජීරණ එන්සයිම සාදයි.  

mucositis:   

මුඛය තුල ඇති ශ්ලේෂ්මල පටලය ඉදිමුමකට ලක්වීම සහ වණ ඇති වීමේ තත්ත්වය.


multiple myeloma:   

ප්ලාස්ම සෛල වල හට ගන්නා පිළිකාවකි.

mutation:   විකෘතිතාවය;

සෛලයක ජානමය ද්‍රව්‍යවල සිදුවන වෙනස්වීම.  මෙම විකෘතිතාවයන් ඉබේම හෝ සෛලයෙන් බැහැර ද්‍රව්‍යයක්(mutagen) මඟින් ඇතිවිය හැකිය.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut7.gifMy

myeloid:   

ඇට මිදුළු වලට අයත්.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

N

    [Ne]       [No]     

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNe

nebuliser:   

මෙම උපකරණය මඟින් දියර කුඩා බිඳිති වලට හරවනු ලබන අතර, හුස්ම ගැනීමේ අපහසුතා මඟහරවාගැනීමට ලබාදෙන ඖෂධ ලබාදීමට බොහෝවිට භාවිතයට ගනී. හුස්ම ගැනීමේ අපහසුතා මඟහරවා ගැනීමට ලබාදෙන  ඖෂධ ලබාදීමට බොහෝවිට භාවිතයට ගන්නා

neck dissection (dye-SEK-shun):   

ගෙලෙහි පිහිටා ඇති වසා ගැටිති සහ අවට ඇති සමහර ව්‍යූහ (පේශීන්ද ඇතුලත්ව) ඉවත්කර ඇති ස්ථානය.

nephrectomy  (neh-FREK-tuh-mee):   

සැත්කමකින් වකුගඩුවක් ඉවත් කිරීම.  වකුගඩුවක, පිළිකාව මඟින් හානියට පත්වු කොටසක් පමණක් ඉවත් කිරීම පාර්ශ්වික nephrectomy සැත්කමකින් සිදුවේ.  අධිවෘක්ක ග්‍රන්ථිය, අවට මේද පටක සහ වසා ගැටිති ආදියද පිළිකාවෙන් හානියට පත්වී ඇත්නම්  Radical nephrectomy සැත්කමක් මඟින් ඒවා ඉවත් කරනු ලබයි.

neoplasm:   

පිළිකා වන හෝ නොවන ගැටිති පටකයක් අලුතින් වර්ධනය වීම.

nerve block:   

local anaesthetic නමින් හඳුන්වන නිර්වින්ධකයක් එන්නත් කර එම ප්‍රදේශයෙන් මතුවන වේදනාව ඇතුලු ස්නායමය කැළඹීම්(nerve impulses) අවහිර කිරීම.

nerve sparing:   

ලිඟුව සෘජුකරණයට අදාලවන ස්නායුන් රැකගැනීම/බේරාගැනීම සඳහා සිදුකරනු ලබන ශල්‍යකර්මයකි.

nervous system:    ස්නායු පද්ධතිය

ශරීර කෘත්‍යයන් ඉටුකිරීමට අවශ්‍ය තොරතුරු හා සංඥා එක් ස්ථානයක සිට තවත් සථානයකට ගෙනයාම මෙම විශේෂිත ස්නායු සෛල ජාලය මඟින් සිදුවේ.  මෙම ස්නායු පද්ධතියට සියලුම ක්‍රියාවන් පාලනය කරන මධ්‍ය ස්නායු පද්ධතිය (මොළය සහ සුෂුම්නාව) සහ එයට පිටතින් පිහිටා ඇති අනෙකුත් සියලුම ස්නායුන් අන්තර්ගත පර්යන්ත ස්නායු පද්ධතිය ඇතුලත් වේ.

neuroblastoma:   

ළමුන්ගේ නොමේරෑ ස්නායු සෛල වලින් ආරම්භ වන පිළිකාවක් හෝ පිළිකාමය ගැටිත්තකි.

neurofibroma:   

ස්නායු ආවරණය කරනු ලබන සෛල සහ පටකවල හටගන්නා පිළිකා නොවන ගැටිත්තකි.

neurologist (noo-ROL-o-jist):    ස්නායු විශේෂඥ

ස්නායු පද්ධතියෙහි(මොළය, සූෂුම්නාව, සහ අනෙකුත් ස්නායු) ව්‍යූහය, ක්‍රියාකාරීත්වය සහ ඇතිවිය හැකි රෝගාබාධ පිළිබඳ විශේෂඥයකු මෙනමින් හැඳින්වේ.

neuroma (noo-RO-ma):   

ස්නායු සෛලයකින් හටගෙන සෙමින් වර්ධනය වන පිළිකා නොවන ගැටිත්තකි.

neurosurgeon (NOO-ro-SER-jun):    ස්නායු ශල්‍ය විශේෂඥ

ස්නායු පද්ධතියට අදාල සැත්කම් ආදිය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ශල්‍ය වෛද්‍යවරයා.

neurone:    නියුරෝන

විද්යුත් ස්නායු සංඥා සම්ප්‍රේශණය සඳහා විශේෂිත වු සෛලයකි.  මෙමඟින් සංඥාවක් සිරුරේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙනයාම සිදුවේ.  උපතේදී නියුරෝන බිලියන 40ක් පමණ අප සිරැරේ පිහිටා ඇත.  සිරැරේ අනෙකත් ෛසල මෙන් නොව ස්නායු සෛලයන්හි ප්‍රතිස්ථාපනයක් හෙවත් ස්නායු සෛල හිලව් වීමක් දක්නට නොලුබේ.

neutropenia:   

සංඛ්‍යාත්මකව, නියුට්‍රෝෆිල ගණන අසාමාන්‍ය ලෙස පහත වැටීම.

neutrophils (NOO-tro-fils)
:    නියුට්‍රෝෆීල;

සුදු රුධිරාණු වර්ගයකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifNo

nodule:  

පිළිකාවක් විය හැකි හෝ විය නොහැකි ගැටිත්තකි.

non-Hodgkin's lymphoma:   

වසාවාහිනී පද්ධතියේ හටගන්නා පිළිකාවකි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

O

[Oa]    [Oe]    [Om]    [On]   [Oo]  [Or]  [Os]  [Ov

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOa

oat cell carcinoma:   

දුම්බීමට උග්‍ර ලෙස හේතුවන පෙනහළු පිළිකාවකි.  එය මුල් අවදියේදීම පැතිරී යන අතර රෝග ලක්ෂණ ස්වල්පයක් දක්වයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOe

oedema:   

සිරුරේ පටක වල විශාල වශයෙන් තරල එක්රැස් වීම හේතුවෙන් ඇතිවන ඉදිමුම් තත්ත්වයකි.

oesophageal cancer:  

ගලනාලයේ හටගන්නා පිළිකාවකි.

oesophagus:    අන්නශ්‍රෝතය

ග්‍රසණිකාවේ සිට ආමාශය වෙත ආහාර රැගෙන යනු ලබන නාලය මෙය වේ.  මෙය ගලනාලය යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

oestrogen:    ඊස්ට්‍රජන්;

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ වැඩීම පාලනය කරනු ලබන හෝර්මෝන වලින් එකකි.  මෙය ප්‍රධාන වශයෙන් ඩිම්බ කෝෂ තුල නිපදවේ.

oestrogen receptor:    ඊස්ට්‍රජන් ග්‍රාහකය

පිළිකා සෛල මතුපිට පිහිටි ප්‍රෝටීනයක් වන මෙය, පිළිකාව වර්ධනය වීමට ඊස්ට්‍රජන් පදනම් වීමට අනුබල දෙනවා.  එනිසා පිළිකාව, හෝර්මෝන චිකිත්සාවට පිළිතුරු දීමේ නැඹුරුතාවය වැඩිය.

oestrogen receptor test:    ඊස්ට්‍රජන් ග්‍රාහක පරීක්ෂාව;

පිළිකා සෛල ඊස්ට්‍රජන් හෝර්මෝනය මත පදනම්ම වර්ධනය වන්නක්දැයි හඳුනාගැනීමට සිදුකරනු ලබන පරීක්ෂාවකි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOm

omentum:    වපාව;

උදර කුහරයේ ඇති අවයවයන්හි ආරක්ෂාවට ඒවා වටා ඇති මේදමය ආවරණය මෙනමින් හඳුන්වයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOn

oncologist (on-KOL-o-jist):   

පිළිකා පිළිබඳ සහ ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම ආදිය ගැන විශේෂඥතාවයක් ඇති වෛද්‍යවරයෙකු මෙනමින් හඳුන්වනු ලබයි.

Oncology: වෛද්‍ය වෛද්‍ය විද්‍යාවේ, පිළිකා පිළිබඳ හැදෑරීම් සහ ප්‍රතිකාර ක්‍රම ගැන අධ්‍යයනය වන අංශය.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOo

oophorectomy (o-o-for-EK-toe-mee):   

ඩිම්බ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීම.

opiates:   

කෝඩේන් සහ මේෆීන් ඇතුලත්, පොපි ශාකයෙන් සකස් කරන ලද, සුලබව භාවිතා කරනු ලබන සාර්ථක වේදනා නාශකයකි.  මේවා වේදනාව සමනය කරනු ලබන අතර, කැස්ස ද සමනය කරනු ලබයි.  මෙමඟින් ඔක්කාරය සහ මළ බද්ධය වැනි අතුරු ආබාධ ඇති විය හැකි අතර ඒවා ප්‍රති-ඔක්කාර ඖෂධ මඟින් අඩු කළ හැකිය.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOr

orchidectomy:   

වෘෂණ කෝෂ එකක් හෝ දෙකම ඉවත් කිරීමේ සැත්කම. මෙය orchiectomy යන නමින්ද හැඳින්වේ.

organ:    ඉන්ද්‍රියය;

සිරුරේ යම් කෘත්‍යයක් ඉටු කිරීමට හේතු වන ව්‍යුහයකි.  මෙයට, හෘදය වස්තුව, පෙනහළු, අක්මාව, ඩිම්බකෝෂ ආදිය ඇතුලත් වේ.

orgasm:   

සුරතාන්තය.

oropharynx:   

ග්‍රසනිකාවෙහි කොටසක් වන මෙය, මුඛයට පිටුපසින් පිහිටා ඇත.

orthopaedic surgeon:   

අස්ථි, සන්ධි සහ මාංශ පේශීන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා මෙනමින් හඳුන්වයි.

osteoma:   

පිළිකා නොවන, අස්ථි වල හටගත් ගැටිත්තකි.  වැඩි වශයෙන් කපාලයේ , හනුවල සහ බාහු අස්ථි වල දැකිය හැකි අස්ථීමය ගෙඩියක් හෝ ඉදිමුමකි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOs

osteoporosis:    ඔස්ටියෝපොරෝසිස්;

අස්ථි වලට හානිකර තත්ත්වයක් වන මෙහිදී සාමාන්‍ය අස්ථි වලට වඩා අස්ථි සිහින් වීමකට සහ දුර්වල වීමකට ලක්වේ.  එසේම අස්ථි පළුදු වීමකට සහ බිඳී යාමකට ලක්වීමටද ඉඩ ඇත.

osteosarcoma:   

අස්ථිවල හට ගන්නා පිළිකාවක් වන මෙය අතේ හෝ පයේ අස්ථියක වර්ධනය වේ.  මෙම පිළිකාව යන osteogeneic sarcoma නමින්ද හඳුන්වනු ලැබේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut8.gifOv

ovarian cancer:   

ඩිම්බකෝෂයක හටගන්නා පිළිකාවකි.

ovarian cyst:    ඩිම්බාධාර කෝෂ්ඨය;

ඩිම්බකෝෂය පිහිටා ඇති පෙදෙසෙහි, තරලයක් අන්තර්ගතව ඇතිවන ඉදිමුමකි.  මේවා බොහෝමයක් පිළිකා නොවන නමුත්  සමහර ඒවා පිළිකාමය විය හැකිය.  මෙම ඉදිමුම් හේතුවෙන් ඇතිවෙන අපහසුතාවයන් හෝ රෝග ලක්ෂණ ඉස්මතු කිරීමට ප්‍රථමව, එය දොඩම් ගෙඩියක ප්‍රමාණය වන තුරු පමණ විශාල විය හැක.

ovaries (O-va-ree):    ඩිම්බකෝෂය;

විශේෂ ස්ත්‍රී ලිංගික හෝර්මෝන ස්‍රාවය කරවන, ඩිම්බ අඩංගු වන ස්ත්‍රී ලිංගික අවයවයන් වේ.

ovulation (ov-yoo-LA-shun):    ඩිම්බනීහරණය;

ඩිම්බ මේචනය; ඔසප් චක්‍රයෙහි ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වන කාලය.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

P

[Pa]    [Pe]    [Ph]    [Pl]   [Pn]  [Po]  [Pr]  [Ps] [Pu]

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPa

Paget's disease:   

පැජට් රෝගය (1)වයස්ගත උදවියගේ අස්ථීන්හි අස්ථි විකලතාව නම්වු නිදන්ගත රෝගයකි.  මෙය පිළිකාවක් නොවන නමුත් මෙය osteosarcoma නම් වු අස්ථි පිළිකාව ඇති කිරීමට රුකුල් දිය හැකිය.    (2)පියයුරු වල පුඩුවලට බලපාන තත්ත්වයකි.  මෙය දදයක ආකාරයකින් දිස්වන අතර නිතර ක්ෂීර ප්‍රණාලවල හටගන්නා පිළිකා හා බැඳී පවතී.

palate:    තල්ල;

මුඛයේ ඉහල කොටස ආවරණය කරන උඩු තල්ල නමින් හැඳින්වෙන කොටස;  මෙය ඉදිරිපස ඇති අස්ථීමය දෘඨ තල්ලකින් සහ පිටුපස මාංශ පේශීවලින් සමන්විත පිටුපස පිහිටි මෘදු තල්ලකින් සමන්විතය.

palliative treatment:   

සම්පුර්ණ වශයෙන් සුවකිරීමට අපොහොසත් විටකදී, ජීවත්ව සිටීම පහසුකරවීම, රෝග ලක්ෂණ සමනය, සහ ජීවන මට්ටම උසස් කිරීම ආදී කරුණු ඉලක්ක කරගත් ප්‍රතිකර්මයකි.

pancreas:    අග්න්‍යාශය;

ආහාර ජීර්ණ පද්ධතියෙහි කොටසකි. මෙය ඉන්සියුලින් සහ ආහාර දිරවීමට ඉවහල් වන අනෙකුත් එන්සයිම නිපදවයි.

pancreatectomy  (pan-kree-a-TEK-toe-mee):   

සැත්කම් මාර්ගයෙන් අග්න්‍යාශයේ කොටසක් හෝ සම්පුර්ණ අග්න්‍යාශයම හෝ ඉවත් කිරීම.

pancreatic cancer:   

අග්න්‍යාශයේ හට ගනු ලබන පිළිකා.

pancreatitis:   

අග්න්‍යාශයේ ඇති වන නිදන්ගත දැවිල්ල.

papilloma:    පැපිලෝමාව;

පිළිකා නොවන මෘදු ගැටිත්තක් වන මෙය ශ්ලේෂ්මල පටලයක හෝ සමේ හටගත හැකිය.  මේවා මුත්‍රාශයේ සහ පියයුරෙහි ක්ෂීර ප්‍රණාල වලද මේ තත්ත්වය ඇතිවිය හැකිය.  ඉන්නන් ද පැපිලෝමා වර්ගයකි.

Pap test:   

ගැබ් ගෙල අසල සෛල වල  අසාමාන්‍යතා හඳුනාගත හැකි පරීක්ෂණයකි.  මෙහිදී ගැබ්ගෙලින් සෛල කිහිපයක් සූරා ඉවත් කරනු ලබන අතර ඒවා අන්වීක්ෂීය තත්ත්ව යටතේ පරීක්ෂා කරවාගැනීමට පර්යේෂණාගාර වලට යවනු ලැබේ.  

parotid gland:   

කර්ණයේ ඉදිරිපස පිහිටා ඇති, මුඛයට ඛේටය නිකුත් කරනු ලබන ග්‍රන්ථිය.

partial cystectomy (sis-TEK-to-mee):   

සැත්කම් මාර්ගයෙන් මුත්‍රාශයේ කොටසක් ඉවත් කිරීම.

partial nephrectomy (neh-FREK-tuh-mee):   

සැත්කම් මාර්ගයෙන් වකුගඩුවක කොටසක් ඉවත් කිරීම.

pathologist:   

අන්වීක්ෂීය තත්ත්ව යටතේ සෛල සහ පටක නිරීක්ෂණයට ලක් කර රෝග හඳුනා ගැනීමේ විශේෂඥ පුද්ගලයා.

pathology:   

රෝගයක ස්වාභාවය, ඇති වීමට හේතුව, සහ එහි වර්ධනය පිළිබඳ හැදෑරීම.

paraprotein:   

ප්ලාස්මා සෛල අස්වාභාවික ලෙස බෝවෙමින් වර්ධනය වන විට නිපදවන ද්‍රව්‍යයකි.  මෙම පැරාප්‍රෝටීන මට්ටම ඉහළ ගිය විට රුධිරය සහ මුත්‍රාවලද දැකිය හැකි වන අතර එම මට්ටම මැනීම මඟින් යම්කිසි ප්‍රතිකාරයක් නිසි ආකාරයට ක්‍රියාත්මක වන්නේදැයි කියා වෛද්‍යවරයින්ට සොයා නිගමනය කළ හැකිය.

patient-controlled analgesic (PCA):   

රෝගීන්ට තමා විසින්ම පාලනය කරගත හැකි වේදනා මර්දනය කිරීමේ ක්‍රමයකි.  කුඩා උපකරණයක් ක්‍රියාත්මක කිරීම මඟින් වේදනා මර්දනයට අවශ්‍ය නියමිත ඖෂධ මාත්‍රාව අන්තර් ශිරා මාර්ගයෙන්(intravenous) ශරීරගත කරනු ලැබේ.

PEG:    Percutaneous endoscopic gastrostomy;

මෙය සරලව ගැස්ට්‍රොස්ටොමි නමින්ද හඳුන්වයි.  සම සහ උදර බිත්තිය හරහා ආහාර කෙලින්ම ආමාශයට ඇතුල්කිරීම සඳහා වන නාලයකි.  මෙමඟින් දියරමය ආහාර කෙලින්ම ආමාශයට ඇතුල් කළ හැක.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPe

pelvic examination: වෛද්‍ය වෛද්‍යවරයකු විසින් ශ්‍රෝණි පරීක්ෂාව;

යෝනි මාර්ගය සහ/හෝ අධෝ මාර්ගය තුලට ඇඟිල්ලක් ඇතුල් කර, ශ්‍රෝණිය තුල ඇති අවයව පරීක්ෂා කිරීම.

peripherally inserted central catheter (PICC):   

අතෙහි ශිරාවක් තුලට ඇතුල් කරන ලද catheter නමින් හඳුන්වනු ලබන නැමෙනසුළු නලයකි.

peritoneum (adj. peritoneal) (PAYR-ih-toh-NEE-ul):    උදරච්ඡදය;

උදර බිත්තිය වටකර ඇති පටලය වන මෙමඟින් උදරය ඇතුලත ඇති අවයව ද ආවරණය කරනු ලබයි.

PET (positron emission tomography) scan

සිරුරේ පැහැදිලි සහ විස්තරාත්මක ඡායා සටහන් ලබාගැනීමට භාවිතා කරන තාක්ෂණ ක්‍රමයකි.  මෙහිදී ඉතා කුඩා ප්‍රමාණයක් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ග්ලූකෝස් ද්‍රාවණයක් පානය කිරීමට ලබාදේ.  පරිලෝකන(scan) යන්ත්‍රයක ට මෙම විකිරණශීලී ද්‍රව්‍ය ඇති ස්ථාන දැකගත හැකිය.  හානි වු සහ පිළිකා සෛල, ග්ලූකෝස් භාවිතාවන ස්ථාන ලෙස මෙම යන්ත්‍රය මඟින් දැකගත හැක.

 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPh

pharynx (FAIR-inks):    ග්‍රසනිකාව;

උගුරේ කෙළවර කොටස වන මෙය සෙන්ටි මීටර දහයක් පමණ දිගු, පේශීමය බිත්ති වලින් සමන්විතය.  මෙය, නාසයේ පිටුපස සිට, ස්වරාලය සහ අන්නනාලිකාව දක්වා විහිදේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPl

plasma (PLAS-ma):    ප්ලාස්මාව;

රුධිර සෛල සහ රුධිර පට්ටිකා අවලම්බනය වී ඇති රුධිරයේ තරලමය කොටස.

plasma exchange:    ප්ලාස්මා හුවමාරුව;

පැරාප්‍රෝටීන් මට්ටම ඉහළ ගොස් රුධිර සංසරණයට බාධා පමුණුවන විට, රුධිරයෙන් සමහර සංගටක ඉවත් කිරීමේ ක්‍රියා පිළිවෙත.

plasmapheresis  (plas-ma-fer-EE-sis):   

සමහර රෝග වලට ප්‍රතිකාර කිරීම පිණිස, රුධිර ප්ලාස්මාවේ සමහර සෛල වර්ග වෙන් කිරීමේ ක්‍රියාවලිය.

plastic surgery:    ප්ලාස්ටික් සැත්කම්;

හානියක් සිදුවු හේ වෙනස්කම් ඇතිවු ශරීර කොටසක් නැවත ව්‍යූහගත කිරීමේ හෝ අහිමි වු ශරීර කොටසක් නැවත සකස් කිරීමේ සැත්කම් ක්‍රමයකි.  වැඩි විස්තර සඳහා reconstructive surgery පදය බලන්න.

platelets (PLATE-lets):      රුධිර පට්ටිකා;

රුධිරය කැටි ගැසීමට දායක වන රුධිරයේ සංගටකයකි.

pleura  (PLOOR-a):    ප්ලූරාව;

පපු බිත්තිය සහ පෙනහළු ආවරණය කරනු ලබන පටල.

pleural cavity:    ප්ලූරා කුහරය;

ප්ලූරා ස්ථර දෙකක් අතර ඇති සාමාන්‍යයෙන් හිස්ව පවතින අවකාශය.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPn

pneumonectomy (noo-moh-NEK-toh-mee):   

සැත්කම් මාර්ගයෙන් පෙනහැල්ලක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමේ ක්‍රියාවලිය.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPo

polyp (POL-ip):    බහුබාවා;

බොහෝවිට පිළිකා නොවන ගැටිති වන, සෙම් පටලයක වර්ධනය වන අසාමාන්‍ය වර්ධනයක් මේ නමින් හැඳින්වේ.

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPr

precancerous (pre-KAN-ser-us):    පුර්ව පිළිකාමය;

ප්‍රතිකාර නොකළහොත් පිළිකාවක් බවට පත්විය හැකි තත්ත්වයකි.

premature ejaculation:   

විසර්ජනය වීමේ මොහොත ප්‍රමාද කිරීමේ නොහැකියාව.

primary tumour:    ප්‍රාථමික ගැටිත්ත;

සිරුරේ එක් ස්ථානයකින් ආරම්භ වන පිළිකාවක් මෙනමින් හැඳින්වේ.  පසුකලකදී අදාල පිළිකා සෛල වෙන්වී බෙදී ගොස් සිරුරේ අනෙක් ස්ථානවලට ද පිළිකාව රැගෙන යනු ලබයි. ඉන්පසු මෙම ස්ථාන වලින් ද්විතීක පිළිකා ආරම්භ විය හැකි සේම රෝගය වෙනත් ස්ථානයක් කරා මාරු වීමක් (metastases) සිදුවිය හැක.

progesterone (pro-JES-ter-own):    ප්රොජෙස්ටරෝන්;

ඩිම්බ කෝෂ වල නිපදවනු ලබන, ගර්භාෂයේ ඇතුලත ආවරණ ගර්භණීත්වය සඳහා සකස් කරවනු ලබන හෝර්මෝනයකි.


progesterone receptor (proh-JES-tuh-rone rih-SEP-ter ):    ප්‍රොපජෙස්ටරෝන් ග්‍රාහකය;

පිළිකා සෛලයක මතුපිට පෘෂ්ඨය මත ඇති, පිළිකාවක් වර්ධනය කරවීමට ප්‍රොජෙස්ටරෝන් වලට අනුබල දෙනු ලබන පේ‍රා්ටීන වේ.  එනම්, හෝර්මෝන චිකිත්සා පිළිකා වලට වැඩිපුර පිළිතුරු දෙන බව මින් අදහස් කෙරේ.

progesterone receptor test:    ප්‍රොජෙස්ටරෝන් ග්‍රාහක පරීක්ෂාව;

ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය මත පදනම් වී වර්ධනය වන පිළිකා හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණයකි.

prognosis:   

රෝගියකුගේ රෝගී තත්ත්වයට අදාලව ඉදිරියට සිදුවිය හැකි දේ සහ අවසාන ප්‍රතිඵලය තක්සේරු කිරීමෙහි ක්‍රියාවලියකි.

prostate gland (PROS-tayt):    පුරස්ථි ග්‍රන්ථිය;

  මුත්‍ර මාර්ගයට විවෘත වන, මුත්‍රාශයට පහළින් පිහිටා ඇති ග්‍රන්ථියකි.  ශුක්‍රාණු වල කොටසක් වන එක්තරා තරලයක් මෙම ග්‍රන්ථිය මඟින් නිපදවනු ලැබේ.

prostate cancer (prah-state KAN-ser):   

පුරස්ථි ග්‍රන්ථියේ හටගනු ලබන පිළිකාවකි.

prostatectomy (prah-sta-TEK-toh-mee):   

පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමකි.

prostate-specific antigen (PSA):   

පුරස්ථි සෛල වලින් නිපදවනු ලබන ප්‍රෝටීනයකි.  මෙම PSA මට්ටම් මඟින් පුරස්ථියේ හටගන්නා රෝග ඇත්දැයි හඳුනාගත හැක.  

prosthesis (pros-THEE-sis):  

අතක්, පයක්, පියයුරක්, ඇසක් හේ දතක් වැනි ශරීර අවයවයක් කෘතිමව බද්ධ කිරීම.

prosthodontist:   

prosthesis  නමින් හඳුන්වනු ලබන, දතක් කෘතිමව බද්ධ කිරීමේ ක්‍රියාවලියක් සඳහා විශේෂඥ පුහුණුවක් ඇති දන්ත වෛද්‍යවරයෙකි.  මෙම ක්‍රියාවලිය, මුහුණ සහ උඩු හනුව සම්බන්ධ කාර්මිකයකු විසින් මුඛයේ හෝ මුහුණින් ඉවත් කරන ලද පටකයක් ප්‍රතිස්ථාපනය සඳහා නියමිත ක්‍රියාවලියකි.


Protein: ප්‍රෝටීන;

සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇති අණුවකි.  සම, රෝම ආදී ශරීර සැකිලිවල සහ එන්සයිම වල මුලික පදනම මෙම ප්‍රෝටීන වේ.

protocol:   

එක හා සමාන රෝගී තත්ත්වයකින් පෙලෙන රෝගීන් සමුහයක් සඳහා භාවිතා කරන නියමිත විස්තරාත්මක ප්‍රතිකර්ම මාලාවකි. වෛද්‍යවරු රෝගීන් සඳහා විවිධ ප්‍රතිකර්ම මාලා භාවිතා කරයි.  මෙමඟින්  භාවිතාවන ප්‍රතිකර්ම මාලා සංසන්දනය කළ හැකි වන අතර ස්වාභාවිකව රෝගය සෑදෙන ආකාරය මනාව අවබෝධ කරගැනීමට ද අවස්ථාව ලැබේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPs

PSA:     prostate-specific antigen (PSA)

පුරස්ථි සෛල වලින් නිපදවනු ලබන ප්‍රෝටීනයකි.  මෙම PSA මට්ටම් මඟින් පුරස්ථියේ හටගන්නා රෝග ඇත්දැයි හඳුනාගත හැක.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifPu

 
pulmonary:   

පෙනහළු වලට අයත්.

pulmonary function tests:    පුප්ඵුසීය කෘත්‍ය පරීක්ෂණ;

lung function tests යන නමින්ද හඳුන්වනු ලබන මෙම පරීක්ෂණ මඟින් ස්වසනය කරන අවස්ථාවලදී පෙනහළු තුලට සහ ඉවතට කොපමණ වාත ප්‍රමාණයක් ඇතුල් / පිට වේදැයි පරීක්ෂා කරනු ලබයි.  එසේම, පුද්ගලයෙක් හට වාතයෙන් රුධිරයට ඔක්සිජන් ලබාගැනීමේ හැකියාව පරීක්ෂා කිරීමද මෙහිදී සිදුවේ.  වාතාශ්‍ර මාර්ග වල අවහිර වීමක් තිබේදැයි පෙන්වුම් කිරීමටද මෙම පරීක්ෂා වලට හැකියාව ඇත.

pump (pump):    පොම්පය;

ලබා දෙන ඖෂධයක් සිරුරට ඇතුල් වන වේගය යාමනය කරනු ලබන උපකරණයකි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

R

[Ra]    [Re]    [Ri]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut9.gifRa

radiation:    විකිරණශීලතාවය

X- කිරණ, ගැමා කිරණ සහ පාරජම්බුල කිරණ අන්තර්ගත වන, තරංගමය හෝ අංශුමය ලෙසින් පැවතෙන ශක්තිය.  මෙම ශක්තියට සෛලවල ජානමය ද්‍රව්‍යවලට හානි සිදුකිරීම මඟින් ඒවා විනාශ කළ හැක. 

radiation oncologist (ray-dee-AY-shun on-KOL-o-jist):   

x- කිරණ භාවිතය සහ පිළිකා ප්‍රතිකාර ක්‍රම සහ අනෙකුත් තත්ත්ව සඳහාත් විකිරණශීලතාවය භාවිතය  පිළිබඳ විශේෂඥ පුහුණුවක් ඇති වෛද්‍යවරයෙකි.

radiation therapist:   

විකිරණශීලී චිකිත්සා සම්බන්ධව කටයුතු කරනු ලබන වෛද්‍යවරයකු නොවන වෘත්තිකයෙකි.

radiation therapy:   

විකිරණශීලී චිකිත්සා. X- කිරණ, ගැමා කිරණ ආදී ඉහළ ශක්තීන්ගෙන් යුක්ත වු විකිරණ භාවිතයෙන් පිළිකා සෛල විනාශ කිරීම හෝ එම සෛල වර්ධනයට බාධා පමුණුවම්න් ඒවාට හානි කිරීම මෙම විකිරණශීලී චිකිත්සා මඟින් සිදු කරනු ලබනවා.  මෙම චිකිත්සා මඟින් සාමාන්‍ය සෛල වලටද හානි සිදුවිය හැකි නමුත්, තමන් විසින්ම එම සෛල නැවතත් යතා තත්ත්වයට පත්කරවාගත හැකිය. මෙම විකිරණශීලී චිකිත්සා radio therapy යන නමින් ද හඳුන්වනු ලැබේ.

radical cystectomy:   

මුත්‍රාශයෙහි පිළිකා ඇති පුද්ගලයින්ට සිදුකරනු ලබන සැත්කමකි.  ස්ත්‍රීන්ට මෙම සැත්කම සිදුකරන විටදී මුත්‍රාශය මෙන්ම, ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ, යෝනි මාර්ගයෙහි ඉදිරිපස සහ මුත්‍රා මාර්ගය ඉවත් කිරීම සිදුකරන අතර පුරුෂයින්ගේ මෙම සැත්කම සිදුකරන විට මුත්‍රාශය, පුරස්ථි ග්‍රන්ථිය සහ මුත්‍රා මාර්ගය ඉවත් කරනු ලබයි.

radical mastectomy:   

සම්පුර්ණ පියයුර, එය යටතේ ඇති වසා ගැටිති සහ පපු පේශීන් ඉවත් කරනු ලබන ශල්‍යකර්මයකි.  දශකයකට පමණ පෙර, මෙම ශල්‍යකර්මය සිදුකිරීම සුලබව අනුමත වු එකක් වුවද වර්තමානයේ මෙය ඉතාමත් කලාතුරකින් සිදු කරනු ලැබේ.

radical nephrectomy:   

වකුගඩු පිළිකා සඳහා ලබාදෙන ප්‍රධානම ප්‍රතිකාරයයි.  මෙහිදී ආසාදිත වකුගඩුව, අධිවෘක්ක ග්‍රන්ථි ආසාදනය වී ඇත්නම් ඒවාද, වකුගඩු ආශ්‍රිත මේදමය පටක සහ ඒ අවට ඇති වසා ගැටිති ඉවත් කිරීම සිදුකරනු ලැබේ.

radical prostatectomy:   

පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් කොටස් වන පුරස්ථි ග්‍රන්ථිය, ශුක්‍ර නාලයෙහි (vas deferens) කුඩා කොටසක් සහ seminal vesicles හෙවත් ශුක්‍ර ප්‍රසේවකය සහ මුත්‍රා මාර්ග නාල ඉවත් කරන ශල්‍යකර්මයකි.  මෙය සාමාන්‍යයෙන් පහළ උදරයේ කැපුමක් තුලින් කරනු ලැබේ.
 
radical surgery:   

ගැටිත්තක් සහ ඒ අවට ඇති පටක සහ වසා ගැටිති ඉවත් කිරීමට සිදු කරන සැත්කමකි.  මෙම පදය සම්පුර්ණ සුවය උදෙසා සිදුකරන ශල්‍යකර්ම මෙසේ හඳුන්වයි.


radioactive implant:   

විකිරණශීලී ප්‍රභවයක්, පිළිකාව මත හෝ ඒ ආසන්නයේ තැන්පත් කිරීමෙන් සහ එමඟින් ව්‍යාප්ත වන විකිරණ මඟින් පිළිකා සෛල විනාශ කිරීම.  මේවා ශ්‍රෝණියේ, ගර්භාශයේ, පියයුරු වල, මුඛයේ සහ පුරස්ථි ග්‍රන්ථි වල පිළිකා සඳහා භාවිතා කරයි.

radioactive iodine(RAY-dee-o-AK-tiv EYE-uh-dine):   

විකිරණශීලී අයඩින්.

radiographer:   

සිරුරේ විවිධ ස්ථාන වල x- කිරණ ඡායාරූප ගැනීමේ තාක්ෂණික පුහුණුව ලද කාර්මික ශිල්පියා.

radiologist:   

X- කිරණ ඡායාරූප සහ අනෙකුත් CT scan යන්ත්‍ර ආදී උපකරණ භාවිතා කරන හා ඒවා ප්‍රයෝජනය කොටගෙන රෝග හා ආබාධ හඳුනාගන්නා විශේෂඥ වෛද්‍යවරයා.    

radiology:   

රෝග හඳුනාගැනීමට සහ ඒවාට පිළියම් කිරීමට විකිරණශීලතාවය සහ අදාල අනෙකුත් තාක්ෂණයන් භාවිතා කිරීම.

radiotherapy(RAY-dee-oh-THAYR-uh-pee):   

විකිරණශීලී චිකිත්සා. X- කිරණ, ගැමා කිරණ ආදී ඉහළ ශක්තීන්ගෙන් යුක්ත වු විකිරණ භාවිතයෙන් පිළිකා සෛල විනාශ කිරීම හෝ එම සෛල වර්ධනයට බාධා පමුණුවම්න් ඒවාට හානි කිරීම මෙම විකිරණශීලී චිකිත්සා මඟින් සිදු කරනු ලබනවා.  මෙම චිකිත්සා මඟින් සාමාන්‍ය සෛල වලටද හානි සිදුවිය හැකි නමුත්, තමන් විසින්ම එම සෛල නැවතත් යතා තත්ත්වයට පත්කරවාගත හැකිය. මෙම විකිරණශීලී චිකිත්සා radiation therapy යන නමින් ද හඳුන්වනු ලැබේ.

randomisation:   

චිකිත්සක අත්හදාබැලීම් වලදී පක්ෂපාතී වීම (bias) වැළුක්වීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගයකි.  මෙහිදී පුද්ගලයින් අහඹු ලෙස පරීක්ෂණ කණ්ඩායමකට හෝ පාලක කණ්ඩායමකට අනියුක්ත කෙරේ.

 

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRe

reconstructive surgery:   

උදාහරණයක් ලෙස, කලින් සිදු කරන ලද සැත්කමකදී ඉවත් කරන ලද හෝ වෙනසක් ඇති කරන ලද හෝ ශරීර කොටසක් නැවත සකස් කිරීමේ සැත්කමකි.

rectum:    ගුද මාර්ගය; අධෝමාර්ගය;

මහා අන්ත්‍රයෙහි අවසාන සෙන්ටි මීටර දොලහත් පහලොවත් අතර පමණ වන, ගුදයට විවෘත වන කොටස.  මළ
ව්‍ය පහකිරීමට පෙර, ඒවා මෙම අධේ මාර්ගයට එකතු වේ.

recurrent/recurring cancer:   

ප්‍රතිකර්ම වලින් මිදුණු ප්‍රාථමික පිළිකා සෛල මඟින් නැවතත් වර්ධනය වන පිළිකාවකි.  මෙවැනි පිළිකා පලමු පිළිකාව ඇතිවී අවුරුදු 20 ක පමණ කාලයකට පසුවද ඒ ඒ පිළිකා වර්ගය අනුව නැවත මතුවිය හැක.

red blood cells:    රතු රුධිරාණු;

රුධිරයේ ඔක්සිජන් පරිවහණය කරනු ලබන, හිමොග්ලොබින් අඩංගු රුධිර සෛල වේ.

regional involvement:   

ආරම්භ වු ස්ථානයේ සිට අවට ප්‍රදේශ වලට පිළිකාවක් පැතිරී යාම.
registrar:   රෙජිස්ට්‍රාර්වරයා; රෝහලක, කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ සහය ඇතිව රෝගීන් පිළිබඳව වගකියන පළපුරුදු වෛද්‍යවරයෙකි.  රෙජස්ට්‍රාර් වරයකු ජේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරු, කායික වෛද්‍යවරු හෝ උපදේශකවරු කිහිපදෙනෙක් සමග කටයුතු කරයි.

rehabilitation:    පුනරුත්තාපනය; 

රෝගී තත්ත්වයක් ශෝ ශරීර හානියකින් පසුව, පුද්ගලයින්ට පුර්ණ, එලදාය සහ නිදහස් ජීවිතයක් ගතකිරීමට උපකාරවීම පිණිස සකස් කර ඇති වැඩසටහන් වේ.  මේ සඳහා කායික ප්‍රකෘතිමත් කිරීම, කායික චිකිත්සාවන්, වෘත්තිමය චිකිත්සාවන්, උච්චාරණ පිළිබඳ speech pathology චිකිත්සාවන්, උපදේශනය, මානසික සහනය සැලසීම සහ රැකියා නැවත පුහුණු කිරීම පවා අන්තර්ගතවේ.  

relapse:    පුනර්පතනය;

රෝගයක් සුවවී යම් කාලයකට පසු හෝ රෝග ලක්ෂණ අඩුවී/නැතිවී ගිය අවස්ථාවක රෝගය නැවතත් මතුවීම.

remission:   

රෝගයක, රේග ලක්ෂණ ක්‍රමයෙන් අඩුවීම හෝ නැතිවී යාම. රෝගියා තුල රෝගය ඇති බවට කිසිම සාක්ෂියක් නොමැතිනම්, මෙම පුද්ගලයා complete remission යන තත්ත්වයේ පසුවන්නේ යයි කියනු ලැබේ.

renal cell carcinoma:   

වකුගඩු පිළිකා අතර වඩාත් සුලබම පිළිකාව මෙය වේ.  මෙහිදී වකුගඩුව ආවරණය කරමින් පිහිටා ඇති, අපද්‍රව්‍ය සංචරණය කරනු ලබන සිහින් නාලිකා තුල පිළිකාමය සෛල වර්ධනය වේ.

renal sarcoma:   

වකුගඩුවල සම්බන්ධක පටකයේ හටගනු ලබන දුර්ලබ ආකාරයේ පිළිකාවකි.

renal tissue:   

වකුගඩු පටකය. 

resection:   

අවයවයක කොටසක් හෝ වෙනත් ව්‍යුහයක් සැත්කම් මාර්ගයෙන් ඉවත් කිරීම.

respiratory system(RES-pih-ra-tor-ee):    ස්වසන පද්ධතිය;

ආශ්වාස, ප්‍රාශ්වාස කිරීමේ ක්‍රියාවලියට අදාල මුඛය, නාසය, උගුර, ශ්වාසනාලය සහ පෙනහැළි ආදී අවයව අයත් පද්ධතියයි.  මෙම පද්ධතියෙහි අරමුණ වන්නේ වාතයෙන් ඔක්සිජන් රුධිරවාහිණි සහ සිරුරේ පටක වලට ලබාගැනීම සහ අපද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifRi

risk factors:   

අවදානම් සාධක;  පුද්ගලයෙක් තුල රෝගයක් වර්ධනය වීමේ හැකියාව වැඩිකරවන හේතුවක් මෙනමින් හඳුන්වයි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

S

[Sa]    [Sc]    [Se]    [Si]   [Sk]  [Sm]  [So]  [Sq]   [St]    [Su]    [Sy

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSa

salivary glands(SAL-ih-vair-ee):    ඛේට ග්‍රන්ථි;

මුඛයට ඛේටය නිකුත් කරනු ලබන ග්‍රන්ථීන්.

salivary gland cancer (SA-lih-VAYR-ee gland KAN-ser):  

මුඛයට ඛේටය නිකුත් කරනු ලබන ග්‍රන්ථීන් වල හට ගනු ලබන පිළිකාවකි.  එක් එක් කර්ණයේ ඉදිරිපස පිහිටා ඇති, මුඛයට ඛේටය නිකුත් කරනු ලබන ග්‍රන්ථිවල (parotid glands) බොහෝ විට මෙම පිළිකා ඇතිවේ.

sarcoma:   

සම්බන්ධක පටකයෙහි (connective tissue) හට ගන්නා පිළිකාමය වර්ධනයකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSc

scan:    පරිලෝකනය;

රෝග හඳුනාගැනීම, රෝග මට්ටම නීර්ණය කිරීම ආදියට උපයෝගි වන සිරුරේ ව්‍යුහවල ගන්නා ලද ඡායා මෙනමින් හඳුන්වයි.

screening:   

කිසියම් රෝගයකට අදාල රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන පුද්ගලයින් විශාල පිරිසක් අධ්‍යයනය සහ/හෝ පරීක්ෂණවලට ලක් කිරීම මඟින් එම රෝගය තිබිය හැකි අය හඳුනාගැනීම.  මෙමඟින් රෝගයක් මුල් කාලයේදීම ප්‍රතිකර්ම වලට භාජනය කළ හැකි වන අතර මෙමඟින් සම්පුර්ණ සුවයද ලබාගත හැකිය.  උදාහරණ ලෙස ගැබ්ගෙල ආශ්‍රිත මුලික පිළිකා වර්ධනය හඳුනාගැනීමට ඇති පැප් පරීක්ෂණ (pap tests) සහ කාන්තාවන්ගේ පියයුරු පිළිකා කල්තබා හඳුනාගැනීමට ඇති mamography පරීක්ෂා ගතහැකිය.

scrotum(SKRO-tum):    අණ්ඩකෝෂය;

වෘෂණ කේෂ අන්තර්ගත වු බාහිර චර්ම පැසකි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSe

secondary tumour

metastases බලන්න.

semen:    ශුක්‍රය;

ශුක්‍රාණු අඩංගු වන වෘෂණයෙන් ස්‍රාවය වන තරලයකි.

seminoma(sem-in-O-ma):   

වෘෂණ කෝෂවල හට ගන්නා පිළිකාවකි.

sentinel node:   

වසා පද්ධතිය මඟින්, පිළිකා නොවන ගැටිත්තකින් කාන්දු වු වසා ගැටිත්තකි.

serum:    මස්තු;

රුධිරයෙන්, සෛල, රුධිර පට්ටිකා සහ ෆයිබ්‍රනෝජන් වැනි කැටිගැසීම් සිදුකරන ද්‍රව්‍ය ආදිය ඉවත්කළ විට ලැබෙන පැහැදිලි තරලය.  කැටිගැසීමට දායකව ද්‍රව්‍ය ඉවත් නොකළ විට ලැබෙන තරලය රුධිර ප්ලාස්මාව ලෙස හඳුන්වයි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSi

side effects:    අතුරු ආබාධ

බොහෝ අවස්ථාවලදී රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාර හෝ ඔෟෂධ මඟින් බලාපොරොත්තු වන ප්‍රතිඵල වලට අමතරව වෙනත් ආකාර වලින්ද රෝගියාට බලපෑම් ඇතිවේ.  මේවා අතුරු ආබාධ නමින් හඳුන්වනු ලැබේ.  සමහර අතුරු ආබාධ ගැටළු සහගත නොවන නමුත් සමහර අතුරු ආබාධවලට මුහුණ දීමට රෝගියාට අපහසුතාවයක් ඇතිවේ.  උදාහරණයක් ලෙස රසායනික චිකිත්සා වලින් හිසකෙස් වැටීම ඇතිවන අතර, විකිරණශීලී සහ රසායනික ප්‍රතික්‍රියා මඟින් සමහර අවස්ථාවලදී ඔක්කාරය ඇති වීමද සිදුවේ.

simulator:   

විකිරණශීලී චිකිත්සාව එල්ල විය යුතු ස්ථානය නිශ්චිතව දැක්වීමට උපකාරීවන, X-කිරණ සටහන් ගනු ලබන යන්ත්‍රයකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSk

skin:    සම;

සිරුරේ බාහිර ආවරණය මෙය වේ.  මෙය ස්ථර දෙකකින් යුක්ත වන අතර, අපිචර්මය(epidermis)  මඟින් පරපෝෂිත ආක්‍රමණ සහ අනතුරු මඟින් සිරුර ආරක්ෂා කරදෙනු ලැබේ.  එසේම චර්මය(dermis) හෙවත් අභ්‍යන්තර ස්ථරයේ කේෂමුල සහ තෙල් සහ  දහඩිය නිපදවන ග්‍රන්ථි, රුධිරය, වසා වාහිනී සහ ස්නායු අන්තර්ගතවේ.

skin cancer:    චර්ම පිළිකා

ඕනෑම වයස් කාණ්ඩයකට ඇතිවිය හැකි අතර චර්ම පිළිකා කාණ්ඩ 3ක් ඇත. මේ සියල්ලම සමේ බාහිර ස්ථරයෙන් ආරම්භ වන පිළිකා වේ.  ඒවා නම්, basal cell carcinoma(BCC), squamous cell carcinoma(SCC) සහ melanoma  වේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSm

small bowel:    කුඩා අන්ත්‍රය;

බඩවැලෙහි කොටසක් වන මෙය ආමාශය සහ මහා බඩවැල අතර පිහිටයි. මෙය small intestine නමින්ද හඳුන්වනු ලබයි.

small cell carcinoma:   

දුම්බීම දැඩි ලෙස හේතුවක් වන පෙනහළු පිළිකාවකි.  එය මුල් අවදියේදීම පැතිරී යන අතර රෝග ලක්ෂණ ස්වල්පයක් දක්වයි.

smear test:   

ගැබ් ගෙල අසල සෛල වල හටගනු ලබන අසාමාන්‍යතා හඳුනාගත හැකි පරීක්ෂණයකි.  මෙහිදී ගැබ්ගෙලින් සෛල කිහිපයක් සූරා ඉවත් කරනු ලබන අතර ඒවා අන්වීක්ෂීය තත්ත්ව යටතේ පරීක්ෂා කරවාගැනීමට පර්යේෂණාගාර වලට යවනු ලැබේ.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSo

 

solar keratoses:   

හිරු එළියට සම නිරාවරණය වීම නිසා මතුවිය හැකි රතු සහ දුඹුරු පැහැ ශල්කමය පෙදෙස් වන මේවා sunspots යන නමින් හඳුන්වයි.

speech pathologist(pa-THOL-o-jist):   

කථා කිරීමේ අපහසුතා සහ ගිලීමේ අපහසුතා මඟහරවා ගැනීමට උදව් කරන වෛද්‍ය වෘත්තිකයකු මෙනමින් හඳුන්වයි.

sperm:    ශුක්‍රාණු;

පුරුෂ ලිංගික සෛල වර්ගය වන මෙය වෘෂණ කෝෂ වල නිපදවේ.

spinal column(SPY-nul KAH-lum):    කශේරුව;

සුෂුම්නාව වට කරනු ලබන අස්ථිය.

spinal cord:    කොඳු ඇට පෙළ;

මධ්‍ය ස්නායු පද්ධතියේ කොටසකි.  සිරුරේ සියලු පෙදෙස් මොළයට සම්බන්ධ වන පරිදි ස්නායු පොදි සහ ස්නායු සෛල මෙහි අන්තර්ගත වේ.

spinal cord tumours:   

කොඳු ඇට පෙළින් ආරම්භ වන ගැටිති.

spleen:    ප්ලීහාව

උදරයේ ඉහළ භාගයෙහි වම්පස පිහිටා ඇති අවයවයක් වන මෙය, ආමාශයෙහි යටි පෙදෙසෙහි එයට පිටුපසින් පිහිටා ඇත.  ප්ලීහාව මඟින් ලිම්ෆොසයට නිපදවීම, රුධිරය පෙරීමකට ලක්කිරීම සහ මහළු වීමට ලක්වන සෛල විනාශ කිරීම ආදිය සිදු කරනු ලැබේ.

splenectomy(splen-EK-toe-mee):   

ප්ලීහාව  ඉවත් කිරීමේ සැත්කම.

sputum(SPYOO-tum):    සෙම

කැස්සේදී පෙනහළු වලින් ඉවතට පිටවන තරලයකි.  phlegm යනුවෙන්ද මෙය හඳුන්වනු ලබයි.

sputum cytology test:   

පිළිකා සෛල ඇත්දැයි හඳුනා ගැනීමට අන්වීක්ෂය තුලින් සෙම (sputum) නියැඳි පරීක්ෂා කිරීමේ පරීක්ෂාවකි.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut10.gifSq

squamous cell carcinoma(SKWAY-mus):   

squamous cells නමින් හැඳින්වෙන මේ ශල්කමය සෛල, සිරුරේ අභ්‍යන්තර සහ බාහිර පෘෂ්ඨ ආවරණය කරනු ලබන සෛල වලට හානි පමුණුවන පිළිකාවකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSt

staging(STAY-jing):   

පිළිකාවක් කොතරම් දුරට වර්ධනය වී ඇත්දැයි සෝදිසි කිරීමේ ක්‍රියාවලිය.  මෙය, රෝගියාට යෝග්‍යතම ප්‍රතිකාරය තීරණය කිරීමට වැදගත් වේ.

standard treatment:    සම්මත ප්‍රතිකාරය/පිළියම;

පෙර කරන ලද පර්යේෂණ වලට අනුකූලව වර්තාමානයේ පිළිකාවක් සඳහා දැනට ඇති හොඳම ප්‍රතිකාරය.

stem cells:     පියවි සෛල;

රුධිරය ඇති වන්නාවු, ඇට මිදුළු වල වර්ධනය වන්නා වු නොමේරූ සෛල විශේෂයකි.

stem cell transplantation:   

රසායනික චිකිත්සා සහ/හෝ විකිරණශීලී චිකිත්සා ඉහළ මාත්‍ර්‍රාවන්ට මුහුණ දීම නිසා විනාශ වී ඇති පියවි සෛල   කිරීමේ ක්‍රියාවලිය.  ප්‍රතිකර්ම වලට පසුව ඇට මිඳුළු යතා තත්ත්වයට පත්කරවීමට සහ හොඳ රුධිර සෛල නිපදවීමට මෙම පියවි සෛල ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

stent:   

රුධිර වාහිනියක් හෝ මාර්ගයක්, පීඩනයක් යටතේ පවත්නා අවස්ථාවක, එම මාර්ගය අවහිර නොකර විවෘතව තබාගැනීමට ඇතුල් කරනු ලබන ලෝහමය හෝ ප්ලාස්ටික් නලයකි.

steroids(STAIR-oyds):   

රෝග වලට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන හෝර්මෝන.

stoma(STO-ma):   

කෘතිමව අන්ත්‍රයේ සකස් කරන ලද ආමාශයෙන් මතුවන විවරයකි. (පුටිකාවකි)

stomach:    ආමාශය

ආහාර ජීර්ණ පද්ධතිටය අයත් කොටසකි.  ආහාර ගිලින විට, ඒවා පලමුව ආමාශයට ගමන් කරන අතර එහිදී එම ආහාර, ආමාශයික යුෂ මඟින් ජීර්ණය වීමට ආරම්භ වේ.  පැයක පමණ කාලයකට පසු අර්ධ වශයෙන් ජීර්ණය වී ඇති ආහාර, කුඩා අන්ත්‍ර කරා ගමන් කරනු ලැබේ.

stomach cancer(STUH-muk KAN-ser):   

ආමාශයේ සෛල වල වර්ධනය වන පිළිකාවකි.

stomal therapist:  

stoma  නමින් හැඳින්වෙන කෘතිමව අන්ත්‍රයේ සකස් කරන ලද ආමාශයෙන් මතුවන විවරයක් සතු පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ආදිය පිළිබඳව කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ලියාපදිංචි වු හෙද නිලධාරියෙකි.

stomatitis:    මුඛදාහය;

මුඛය තුල ඇති ශ්ලේෂ්මල පටලය ඉදිමුමකට ලක්වීම සහ වණ ඇති වීමේ තත්ත්වය.


subcutaneous mastectomy:   

සම යටින් ඇති පියයුරු පටක ඉවත් කිරීමේ සැත්කම් ක්‍රමයකි.  මෙහිදී සම සහ පුඩුව එම ස්ථානවලම පිහිටා ඇත.  වැඩි විස්තර සඳහා mastectomy පදය බලන්න.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSu

suppository(suh-POZ-ih-TOR-ee):    උපස්ථාපිතය;

යෝනි මාර්ගයට හෝ අධේ මාර්ගයට ඇතුල් කරනු ලබන ඖෂධ අඩංගු පේනුවකි.

surgery(SER-juh-ree):   

ශල්‍යකර්මයක් ඇතුලත්වන ප්‍රතිකර්මය.  මේ සඳහා පටක ඉවත් කිරීම, ව්‍යුහ වෙනස් කිරීම ආදිය ඇතුල්වේ.

survival rate:   

දෙන ලද කාල පරාසයක් තුල, යම් රෝගයක් හඳුනාගෙන, උදාහරණයක් ලෙස අවුරුදු පහක කාලයක් ඇතුලත, එම රෝගය සතුව තවදුරටත් ජීවත්වන පුද්ගලයින්ගේ ප්‍රතිශත දැක්විය  හැකිය.  මෙය පිළිකා ප්‍රතිකර්මයන්හි සාර්ථකත්වය මැනීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන මිනුමකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifSy

syringe driver:   

Palliative care නමින් හැඳින්වෙන අවස්ථාවකදී, වේදනා නාශක සහ අනෙකුත් ඖෂධ ලබාදීම   සඳහා භාවිතා කරනු ලබන තැනින් තැනට රැගෙන යා හැකි පොම්පයක් සහිත කුඩා උපකරණයකි.  මෙම සම්පුර්ණ පොම්පයම කුඩා පැසක ඇසිරිය හැකි වන අතර දිනකට අවශ්‍ය වන ඖෂධ සියල්ලම මෙහි රඳවාගත හැක.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

T

[Ta]    [Te]    [Th]   [Ti] [To]   [Tr]  [Tu]   

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTa

tamoxifen(tuh-MOK-sih-FEN):   

ඊස්ට්‍රජන් ග්‍රාහක සහ ප්‍රොජෙස්ටරෝන් ග්‍රාහක පිළිකා වලින් පෙළෙන කාන්තාවන් තුල, පිළිකා සෛල වලට ඊස්ට්‍රජන් වලින් සිදුවන බලපෑම අවහිර කිරීමට ගනු ලබන ඖෂධයකි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTe
terminal:   

පිළියම් කළ නොහැකි, මරණයට හේතු වන රෝග මෙනමින් හඳුන්වනු ලබයි.

testes(TES-tis):    වෘෂණ කෝෂ;

ශුක්‍රාණු සහ ලිංගික හෝර්මෝන නිපදවනු ලබන ග්‍රන්ථි දෙකකි.

testicular cancer:   

වෘෂණ කෝෂවල හටගන්නා පිළිකාවකි.   

testosterone(tes-TOS-ter-own):    ටෙස්ටොස්ටරෝන්;

පුරුෂයින්ගේ වෘෂණ කෝෂ තුල නිපදවනු ලබන ප්‍රධානතම ලිංගික හෝර්මෝනය මෙය වේ.  මේවා androgen යන නමින් හැඳින්වෙන හෝර්මෝන වර්ගයක් වනවා සේම කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ තුලද නිපදවනු ලබන වැදගත් හෝර්මෝනයකි.  මේවා පුරුෂ ලිංගික ලක්ෂණ වර්ධනය කිරීමට රුකුල් දෙනු ලැබේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTh
thalidomide(tha-LIH-doh-MIDE):    තැලිඩොමයිට්; 

බයු-මයිලෝමු සහ අනෙකුත්  රෝග සඳහා අත්හදා බලන ඖෂධයකි.  මෙමඟින් දැඩි ලෙස උපතින් ඇතිවන විකෘතිතා ඇතිකළ හැකි බැවින් ගර්භණී අවස්ථාවන්හීදී හෝ ගර්භනීත්වය බලාපොරොත්තු වන්නන්ට මෙම ඖෂධය සුදුසු නොවේ.  (මේ හේතුවෙන් සරු පුරුෂයින් සහ ස්ත්‍රින්ට තැලිඩොමයිට් භාවිතාකරන විට උපත් පාලන ක්‍රම භාවිතා කරන ලෙසට උපදෙස් ලබාදේ.)  මෙමඟින් නිදිමත ගතිය, ස්නායු ආබාධ ඇතූලැ තවත් අතුරු ආබාධ ඇති කරනු ලබයි.

thrombocytopenia(THROM-boh-sy-toh-PEE-nee-uh):   

රුධිරයේ ඇති රුධිර පට්ටිකා ගණන සංඛ්‍යාත්මකව අඩුවීම.  මේ හේතුවෙන් රුධිරය ගැලීමකදී රුධිරය කැටි ගැසීමට ගන්නා කාලය සාමාන්‍ය කාලයට වඩා වැඩි වේ.

thyroid gland(THY-royd):    තයිරොයිඩ් ග්‍රන්ථිය

ගෙලෙහි පහළ කොටසෙහි පිහිටා ඇති ග්‍රන්ථියකි.  එම ග්‍රන්ථිය මඟින් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය පාලනය කරනු ලබන හෝර්මෝන ස්‍රාවය කරනු ලබයි.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTi
tissue (TISH-oo):    පටකය

සමාන සෛල කිහිපයක එකතුවකි.

tissue expander:   

mastectomy සැත්කමකින් පසු පියයුරු නැවත ගොඩනැගීම සඳහා භාවිතා කරනු ලබන උපකරණයකි.  මෙය, කාන්තාවන්ගේ පියයුරු රෝපණය කිරීමේදී එය ආවරණය කිරීම සඳහා අවශ්‍ය පමණ සම ඉතිරිව නැති නම් මෙය භාවිතා කරනු ලැබේ.  

tissue typing:   

මෙය ඇට මිදුළු හෝ අවයව බද්ධ කිරීමක් සැලසුම් කිරීමේදී සිදුකරනු ලබන අතර ප්‍රතිග්‍රාහකයාගේ පටකය සහ දායකයාගෙන් ලබාගන්නා පටකය කෙතරම් දුරට ගැලපේ දැයි යන්න සොයා බැලීම මෙහිදී සිදුකෙරේ.  

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTo
tolerance:   

පුද්ගලයකු කිසියම් ඖෂධයක් කාලාන්තරයක් තිස්සෙහි භාවිතා කරන විට එම ඖෂධයට සිරුරෙන් ප්‍රතිචාර දැක්වීම අඩුවී, එහි ක්‍රියාකාරීත්වයද අඩුවීම මෙසේ හැඳින්වේ.  මෙවන් අවස්ථාවකදී, ඖෂධ මාත්‍රාව වැඩිකිරීම හෝ ඖෂධ වර්ගය මාරු කිරීම සිදු කරනු ලබයි.

total body irradiation:   

මුළු සිරුරම විකිරණශීලි චිකිත්සාවකට භාවිතා කිරීම.  ඉන් බලාපොරොත්තු වනුයේ සිරුරේ සෑම සෛලයකටම එකම ප්‍රමාණයෙන් විකිරණශීලතා මාත්‍රාවක් ලබා දීමයි.  

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTr
trachea(TRAY-kee-uh):    ශ්වාසනාලය

උගුරෙහි ඉහළ කොටසෙහි (larynx) සිට පෙනහළු දක්වා මෙම නාලය ගමන් කරයි.

tracheostomy(TRAY-kee-AHS-toe-mee):   

බෙල්ලෙහි  පහළ   කොටසෙහි ස්වාසනාලයට විවෘතවන සිදුරක් සැකසීමෙහි සැත්කම් ක්‍රමයයි.  මෙහි අරමුණ වන්නේ අවහිර නොවු වාත මාර්ගයක් සැලැස්වීමයි.

transurethral prostatectomy:   

පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමකි. 

transrectal ultrasound (TRUS) (TRANZ-REK-tul...):   

ගුද මාර්ගයට ඇතුල් කරන ලද අති ධ්වනිත තරංග නිකුත් කරන උපාංගයක් මඟින් පුරස්ථිය පරිලේකනය(scan) කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත.

transurethral resection (TUR) (TRANZ-yoo-REE-thral...):   

මුත්‍රා වාහිනි සහ ප්‍රණාල වල සිදුවන සිරවීම් ඉවත් කිරීමට මුත්‍රා මාර්ගය හරහා සිදු කරනු ලබන සැත්කමකි.

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifTu
tumour(TOO-mer):    ගැටිත්ත

සිරුරෙහි හේ පටකයක ඇතිවන අලැත් හෝ අසාමාන්‍ය වර්ධනය වීමකි. (මස් දල්ලක් හෝ විය හැකිය.) 

tumour marker:   

ගැටිත්තක් මඟින් නිකුත් කරනු ලබන ද්‍රව්‍යයකි.  රුධිරය තුල අඩංගු මෙම ද්‍රව්‍යයේ මට්ටම මඟින් ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ද නැත්ද යන්න හඳුනාගත හැකිය.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

U

[Ul]  [Ur]   [ Ut]      

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut11.gifUl

ulcerative colitis(UHL-ser......):

මහා බඩවැලෙහි සහ අධේ මාර්ගයෙහි ඇති වන දැවිල්ල; උදරයේ පහළ භාගයේ ඇති වන වේදනාව සහ අතීසාරය මෙම තත්ත්වය හේතු විය හැකි රෝග ලක්ෂණ වේ.  ulcerative colitis නමින් හැඳින්වෙන තත්ත්වයේදී වණ ඇති වීමක්ද සිදුවේ.

ultrasound, ultrasound scan:   අති ධ්වනිත තරංග/පරිලෝකනය;

මිනිස් කණට ශ්‍රවණය කල නොහැකි තරම් වන අධික සංඛ්‍යාත වලින් යුක්ත වු ශබ්ද තරංග.  සිරුර අභ්‍යන්තරයෙහි ඇති ව්‍යූහ පරීක්ෂා කර බැලීමට අති ධ්වනිත ශබ්ද තරංග උපයෝගි කරනු ලබන්නේ, අති ධ්වනිත පරිලෝකන යන්ත්‍රයකිනි.  මෙම ශබ්ද තරංග සිරුරට සෘජුවම යොමු කරන විට, විවිධ පටක වලින් එකිනෙකට වෙනස් ආකාරයට පරාවර්තනය වේ.  මෙම පරිලෝකන යන්ත්‍රයෙන් සිරුර තුලට යොමු කළ ශබ්ද තරංග මඟින් ඇතිකරනු ලබන විවිධ පරාවර්තන අතර වෙනස්කම් මැන, ඒවා රෑපමය ආකාරයකට පරිවර්තනය කරනු ලැබේ.  මෙම අති ධ්වනිත ශබ්ද තරංග පරිලෝකන ක්‍රියාවලිය,  පිළිකා හඳුනාගැනීමට උපකාරී වේ.

ultraviolet (UV) radiation (ul-tra-VYE-o-let ray-dee-AY-shun):   

පාරජම්බුල කිරණ විකිරණය.  සම පිළිස්සීමකට ලක් කරමින් සමට හානි පමුණුවන මෙම විකිරණ වර්ගය සූර්යාලෝකයේ කොටසකි.  මෙම UV විකිරණ මඟින් සමට උණුසුමක් නොදැනෙන අතර මේවා අපේ ඇස්වලට දෘශ්‍ය නොවේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifUr

ureter(yoo-REE-ter):   

වකුගඩු වලින් මුත්‍රාශය දක්වා මුත්‍ර රැගෙන යනු ලබන නාලය.


urethra(yoo-REE-thra):    මුත්‍රා මාර්ගය;

සිරුරෙන් මුත්‍රා බැහැර වන නලය වන මෙමඟින් මුත්‍රාශයෙන් මුත්‍රා ඉවත් කිරීම සිදු වේ.

urinary incontinence(YOOR-in-air-ee in-KAHN-tih-nens):   

මුත්‍රාශයේ පාලනය නැති වීම හෝ මුත්‍රා කාන්දු වීමක් සිදුවීම.

urinary tract(YOOR-in-air-ee):   

වකුගඩු වල සිට, සිරුරේ පිටතට මුත්‍රා රැඟෙන යනු ලබන ප්‍රණාල සහ නාල එකතුවකි.  මෙයට ගර්භාෂය, මුත්‍රාශය, සහ මුත්‍රා මාර්ගය ඇතුලත් වේ.

urine(YOOR-in):    මුත්‍රා;

ජලය සහ බහිස්‍රාවී අපද්‍රව්‍ය අඩංගු තරලයකි.  මුත්‍රා වකුගඩු වල නිපදවෙන අතර, මුත්‍රාශයේ ගබඩා කර තබා, මුත්‍රාවාහිනිය තුලින් සිරුරෙන් පිටතට ඉවත් වේ.

urologist(yoo-RAHL-o-jist):   

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම මුත්‍රා මාර්ග වල හටගනු ලබන විවිධ රෝග සහ පුරුෂ ලිංගික අවයව වල හටගන්නා රෝග පිළිබඳ විශේෂඥ දැනුමැති වෛද්‍යවරයකු මෙනමින් හඳුන්වයි.

urostomy(yoo-RAHS-toe-mee):   

සිරුරේ අභ්‍යන්තරයේ සිට පිටතට විවරයක් සාදා, මුත්‍රා පිටකිරීමට නව මාර්ගයක් සකස් කිරීමේ සැත්කමකි.

urothelium(yoo-roh-THEE-lee-um):   

මුත්‍රාශය ආවරණය වී ඇති පටලය මෙය වේ.

 

 

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifUt

uterine cancer(YOO-teh-rin KAN-ser):    ගර්භාෂයික පිළිකා;

එන්ඩොමේට්‍රියමේ හේ ගර්භාෂයෙහි පේශී ස්ථර වල හෝ හටගනු ලබන පිළිකාවකි.

uterus (adj. uterine) (YOO-ter-us)  :   

ගර්භාෂය නමින් හැඳින්වෙන මෙම කුහරමය සහ පේශීමට අවයවය තුල සරු ඩිම්බයක් වර්ධනය කරවා උපදින තුරු දරුවකු පෝෂණය කිරීම සිදුවේ.


UVA, UVB:    

පාරජම්බුල කිරණවල විවිධ ආකාර දෙකකි.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

V

[Va]    [Ve]    [Vo]    [Vu]  

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVa

vaginal cancer:    යෝනි මාර්ගයේ හටගනු ලබන පිළිකා

මෙය දුර්ලභ පිළිකාවක් වන නමුත් ගර්භණී කාලය අතර තුල තම මව විසින් diethylstilboestrol (DES)  නම් ඖෂධය භාවිතා කළ කාන්තාවන් තුල මෙම තත්ත්වය දැකිය හැක.  

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVe

vein:    ශිරාව;

හෘදය වස්තුව කරා රුධිරය රැඟෙන යනු ලබන රුධිර වාහිණිය.

venous access device (VAD):   

ප්‍රතිකාර ලබාදෙන කාලය අතරතුර ධමනියක තැන්පත් කරන ලද catheter යන නමින් හැඳින්වෙන  නැමෙනසුළු නලයකි.  මෙම නලය හරහා ඖෂධ වර්ග ශරීරගත කිරීම සහ රුධිරය පිටතට ගැනීම සිදු කළ හැකිය.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVo

vocal cords(VOH-kul kords):   ස්වර තන්ත්‍රී;

ගෙලෙහි ඉදිරිපස පිහිටා ඇති ස්වරාලයේ ස්වර තන්ත්‍රී පිහිටා ඇත.  ආහාර ගිලින ස්වසන නලයට ආහාර සහ ඛේටය ඇතුල් වීම වැළැක්වීමට මෙම ස්වර තන්ත්‍රී වැසීමකට ලක්වේ.  එසේම කටහඬ ඇති කිරීමටද මෙම  ස්වර තන්ත්‍රී උපයෝගි වේ.

voice box:    ස්වරාලය; ගෙලෙහි ඉදිරිපස පිහිටා ඇති ස්වරාලය larynx යන නමින්ද හැඳින්වෙන අතර ස්වර තන්ත්‍රී (vocal  chords) මෙහි පිහිටා ඇත.  ආහාර ගිලින ස්වසන නලයට ආහාර සහ ඛේටය ඇතුල් වීම වැළැක්වීමට මෙම ස්වර තන්ත්‍රී වැසීමකට ලක්වේ.  එසේම කටහඩ ඇති කිරීමටද මෙම  ස්වර තන්ත්‍රී උපයෝගි වේ.

 

 

Description: F:\web document\cancer dic converterd and corrected\images\upbut12.gifVu

vulva:    බහිර්භගය;

කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව. මෙයට අභ්‍යන්තර සහ බාහිර අධරය, භගමණිය යෝනි මුඛය අයත්වේ.


vulvectomy:

යෝනි මුඛය කොටසක් හෝ සම්පුර්ණයෙන්ම හෝ ඉවත් කිරීම.

 

 



Untitled Document [A] [B] [C] [D] [E] [F] [G] [H] [I] [J] [K] [L] [M] [N] [O] [P] [Q] [R] [S] [T] [U] [V] [W] [X] [Y] [Z]
Untitled Document

X     


x-ray:    x- කිරණ;

අධික ශක්තියකින් යුතු විකිරණ වර්ගයකි.  ශරීරයේ අභ්‍යන්තරයේ ඡායා සටහන් ලබාගෙන රෝග හඳුනා ගැනීමට x- කිරණ කුඩා මාත්‍රා උපයෝගි කරගනු ලබන අතර, පිළිකා වලට ප්‍රතිකාර කිරීමේදී විශාල මාත්‍රා වලින් x- කිරණ භාවිතා කරනු ලැබේ.